Sunday, November 6, 2016

මහ සයුරින් දිය බිදක් ගත් ඔබ ඒ කෝප්පයක් / බාල්දියක් /බැරලයක් කර ගන්නේ නිතැතිනි..


සිතන්න මදක්?....

භාවනාවෙන් ... සිත එක් තැන් කළ හැකිද?
චිත්ත සමාධිය හෙවත් සමාපත්තිය ඉන් අත් දැකිය හැකිද?

භාවනාව හා සමාපත්තිය අතර ඇත්තේ ලොකු හිඩැසකි.
සමාධිය හෙවත් සමාපත්තිය හෙවත් චිත්ත ඒකාග්‍රතාව
දැක්මක් තුල නිතැතින් ඇති වන්නකි.
භාවනාව යන වචනය ඇසෙන විටම ...
එතැන භාවනා කරන්නෙක් සිටී.
දැඩි ආයාසයෙන් හා අධිෂ්ඨානයෙන් භාවනා කරන්න
ගුරුවරයා ගෙන් ද උපදෙස් ලැබේ.
එසේ අධිෂ්ඨාන කරනවිට ...
උත්සහ කරනවිට
මමායනය එතැන දැඩිව වැඩේ.
මනස ඝනවේ.
ප්‍රභාෂ්වර සිතක් ඇතිව උපදින අප
මනස නමැති ගොහොරුවට තල්ලු වේ.
සියලු මනෝ සංකාර හෙවත්
මනසින් ම නිපදවා ගත්
දැනුම ආකල්ප .. දෘෂ්ඨි ... ආගම් ..
මේ ගොහොරුව තුළ පවතී.
ඉන් මිදෙන්න නම් මනසේ උල්පත වූ
සිත හා සිතේ හැසිරීම හදුනාගත යුතුවේ.
සිතේ කාර්ය සිතීමයි.. එයයි උපන්ගෙයි ගති සොබාව..
සිතුවිලි ... යනු ඉන්ද්‍රියාරම්මණ ඔස්සේ සිත දුවවීමයි.
උපන් දා සිට මියෙන තුරු සැප සොයා යන මිනිසා
මම ... යන මංත්‍රය ජප කරමින්
එකී මිරිගුව ඔස්සේ එයැම සැපයැයි සිතා
වැළදගෙන හැල්මේ දුවයි..
අංගුලිමාලට ... මම නතරවී සිටිමි ... යැයි
බුදුන් වදාළේ එබැවිනි.
චිත්ත සමාධිය ... යනු අනෙකක් නොව
එම හැල්මේ දිවීම නතර වීමයි.
එය නැණ නුවණින් වටහා ගැන්ම තුළ ඉබේ වන්නෙකි.
එවිට ඔබ මද වේලාවකට විශ්ව ඥානය හා බැදේ....
භාවනාවේ නිශ්ඵලත්වය අත් දකී.
සිතුවිල්ලෙන් තොර
කොයියම්ම මොහොතක හෝ
මේ ඔබ අත්විද ඇත...
සාගරයක ජලයෙන් දිය බිදක් අත්ලට ගැනීමකි ඒ...
කෝප්පයක් / බාල්දියක් / බැරලයක් කර ගැන්ම
නිතැතින් එතනින්  ම ඇරඹේ.
ඔබ දිය පහරට හසු වුණාවේ..... (සෝත ආපන්න වීමයි ඒ )

Saturday, July 30, 2016

දිරවා ගන්න බැරි සත්‍යය...


මෂ්තිෂ්කය හා මධ්‍ය ස්නායු පද්ධතිය හා සම්බන්ද සිත යනු රසායනිකයකි...
ඔබ පහළ කරන ආවේග මත මේ රසායනික යන්ගේ සංඝටක වෙනස් වේ.
ඒ ඒ ඉන්ද්‍රියයන්ට ආවේදන නිකුත් වේ.
ඉන්ද්‍රිය උත්තේජනය වේ.. 
සටන් කරනු ... නැත්නම් සැගවෙනු ...
ඒ නිසා බිය වූ විට චූ ..යයි... මල පහවෙයි... දහඩිය දමයි...
... රාග.. ද්වේෂ ... මෝහ ... කෙලෙස් මේ සියල්ල ..
උත්තේජන මතයි...දේශණා ... දෘෂ්ඨි ... ඒ මතය..
මෙයයි සැබෑ දැක්ම....
කෙනෙකු මීට පිළිතුරු දෙන්නේද ...
ඇසින් පෙන්වන රූප ( අකුරු) මත මොළයේ සංජානනයෙන් විකසනය වුනු දැනුම හරහාය..
ඔර්ලෝසුවකට මෙම ආවේදන වේගය මණින්න බැහ. එනිසා මොහොත කියන වචනයද සාවද්‍ය වේ...
ඒ ආලෝකයේ වේගය පරදවන එකකි...
මෙය ඇද බැද තැබිය හැකියැයි කවුරු හෝ කියයි නම් ...
ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුව ඇත..
දිරවා ගන්න බැරි අයට.....
මතුපිට බණ නැමැති සීනි තවරා දුන් විට .... සූප්පුකරනු ඇත...

Wednesday, July 27, 2016

අනිමිස ලෝචන පූජාව තවත් එක පූජාවක් ද ...... නැත්නම් ?


පරෝපකාරයක් ලෙස ... තමාට බුදු වෙන්න උදවු කළ බෝගස දෙස දින 7ක් තිස්සේ ඇසිපිය නොහෙලා බලා සිටීමක් ලෙස පෙළ දහමේ විවරණය වේ..
මේ මදක් විමසමු ?..
ඔබට යමක් සත්‍ය වශයෙන් දකින්න ප්‍රඥාව ඇවැසි බව අවිවාදිිිතයි...
ප්‍රඥාවෙන් බලන විට ගසක් දෙස දින 7ක් බලා සිටීමෙන් ගසට උපකාරයක් උපහාරයක්වේද? යන පැනය සිතට නැගේ.....
බෝ ගසක් ... යන සිතුවිල්ල සිතට එනවිට ඔබේ මනසේ කලින් දැක පුරුදු ගසක හැඩ රුවක් මැවේ...( දැක ඇත්නම්)
මෙහි යථාස්වරූපය දක්නට නම් .... බෝ .... යන්න ගසෙන් ඉවත් කර ගෙන ..
ගස ... යන රූප ධර්මයට එමු...
අපි දැන් මේ ගස දැකිය යුත්තේ මේ මොහොතට එළැඹය...
ඇස ගසක් දකිනවා .... ඒ ඇසේ කාර්යයි.
හිරු එලිය වේ නම් ගසට සෙවැනැල්ලක් ... උප සෙවැනැල්ලක් ද පෙනේ.
ගස ... ඔබ සිටින තැන වෙනස් කර .... ඉදිරියට හෝ පසු පසට ගොස් බලන්න...
පසු පසට ගියොත් ඡායාව බොද වේ..
සෙවනැල්ල නැතිවේ..
ප්‍රමාණය කුඩා වේ....
හොදයි .... ඉදිරියට ගොස් බලන්න ...
කොල / නැටි / / හැඩ/ රුව / පත්‍ර පාට වල විවිධත්වය සේම ...
මුලු ගසම නොව ගසේ කොටසක් පමණක් ඇසට අසුවේවි...
එසේ නම් එකම ගහක් වීද? තමා සිටි තැනට අනුරූපව දුටු ගහක් වේද?
හොදයි .. දැන් ගස අතගා බලමු...
කදේ රලුබවක් ... ලපැටි පත්‍ර වල මුදු බවක් වර්ණ වල හරිත පැහයේ විචිත්‍ර බවක් දැනේ පෙනේ...
ගසට සමාන්තරව ඔබ සිටින තැනින් පය ඔසවන විටම මක්වේද?...
මේ සියලු වෙනස් බාහිරව සිදුවේ ...
හිටපු තැනින් ඔබ ඈත් වෙත්ම ... ගසට සාපේක්ෂව ඔබ ලංවේ...
මේ දෙක වෙන වෙනම ද සිදුවන්නේ ? නැහ .. එකවරය...
ඔබ ග්‍රහණය කොට ගෙන සිටි ... දුර .. මිණුම්... ප්‍රමාණ වලට මොකද වෙන්නේ?
වර්ණ වලට මොකද වෙන්නේ..?
ගස ස්පර්ශ කොට තිබෙන බවට සහතික කරගන්නා ... අත ...
ගැන මොකද හිතෙන්නේ?... ඇස ගැන ඔබ තිබූ විශ්වාසය දැන් නැති කල ?
අත ... ගැන ? කියනුම කවරේද?
මේ සියලුම ඉන්ද්‍රියයන් ඔබව රවට්ටන බව නොවැටහේද?
ඔබ ඔබවම නේද මේ රවටා ගන්නේ යැයි නොසිතේද?
එහෙනම් මේ ඔබ දකින්නේ / ඉන්නේ / දවල් සිහිනයක බව ..
නොසිතේ ද? ... නොදකීද?
මේ සිහින අඩ නින්දේ දී ය.
සිතුවිලි නැති ගැඹුරු නින්දේ ... ඔබ නැත...
විඤ්ඤානය අවදි වීම තුල මිස වේලාව ගැන ඔබට හැගීමක් වීද?
සතියෙන් ( දින 7න් නොවේ ) මේ දැක්ම නොවේ නම් ???
කුමන අනිමිස ලෝචනයක් ද?
විදර්ශනයක් ද?
කුමන ... සම්මා දිට්ඨියක් ද?
( Ananda )

බුදුන් පහළ වීමෙන් වැඩක් නොවීද?.


" බුදුන් පහළ වූ දඹදිවු තලය දෘෂ්ඨි කෝෂ්ඨාගාරයක් වී."....
62 ක් පමණ වූ දෘෂ්ඨි සමාජ ගතව පැවැති බවක් බ්‍රහ්මජාල සූත්‍රයට අනුව
පෙනේ...
(#) ආත්මයක් ඇත.... කියා ගැනීම ශාස්වත දෘෂ්ඨිය...
(#) ආත්මයක් නැත කියා ගැනීම උච්ඡේද දෘෂ්ඨිය ...
(#) ආත්ම යක් ඇත හෝ නැත කියා ගැන්ම මිථ්‍යා දෘෂ්ඨිය...

(#) මම .. හෝ ආත්ම වශයෙන් ගතහැකි කිසිවක් නැත සම්ම්‍යක් දෘෂ්ඨිය..
(#) කෙනෙකුට මරණයෙන් පසු නැවත උපතක් ඇත .... ආත්ම දෘෂ්ඨිය.
(#) කෙනෙකුට මරණින් පසු නැවත උපතක් නැත... අනාත්ම දෘෂ්ඨිය...
(#) ජීවත්වන කෙනෙක් ඇත... කියා ගැන්ම ... සක්කාය දිට්ඨිය ...(අත්ත)
(#) ජීවත්වන කෙනෙක් කියා දැනටමත් ගතයුත්තෙක් නැත... අනත්ත
එතකොට මේවා අදටත් නැද්ද?....
බුදුන් පහළ වීමෙන් වැඩක් නොවීද?...
යන පැනය නැගේ..?

" දෘෂ්ඨි " ....යනු මොනවාදැයි පළමුව විමසමු...?
-----------------------------------------------------
පුද්ගලයෝ තම සිතුම් පැතුම් අනුව / දැනුම අනුව / ඥානය අනුව /
අත්දැකීම් අනුව / ප්‍රිය මනාප ගුරුවරුන් ගේ ආකල්ප පිළිගෙන ...
විවිධ මතිමතාන්තර දැඩිව අල්ලා ගෙන ...
ඒවා තමා ගේ කරගෙන එක තැනකට කොටුවී සිටීම....
දෘෂ්ඨි ගතවීමක් ලෙස පොදුවේ අදහමු........
එහි හරි වැරැද්ද විනිශ්චය කරගන්නේ ද තමා විසින්මය..
යමෙකු ඊට එරෙහිව අදහස් දක්වයි නම් ...
පිළිකුලෙන් බැහැර කිරීම ..
උපහාසයට ලක් කිරීම ....
විරෝධාකල්ප දැක්වීම ....
අවධානය නොදී සිටීම ...
තරමක් හෝ සමාන අදහසක් දෙයි නම් .... ඒ තම මතය තහවුරු කරන්න ඈදා ගැන්ම .... කරත්.
එක තැනක නතරවී සිටීම තුළ .... ඔබට ගමනක් වේද?
නැවුමු බවෙන් ඉවත්ව පල්වීමක් වේද?,
සජීවී වන්නේ ...  ඒ ඒ ක්ෂණය විමසීමයි..
ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස යමක් උපුටා දක්වයි නම් ...
කෙනෙකු ගේ ගුරුවදනක් එතනට ගලපයි නම් සජීවී බව රැදේද ?
දෘෂ්ඨි වල .... සම්‍යක් හෝ ... මිච්ඡා ... යැයි වර්ගී කරණ වේද?
---------------------------------------------------------------------------------
ඇයි? .. මේ දෙකම ( සම්‍යක් හෝ ... මිච්ඡා  )  දෘෂ්ඨි බැවිනි.... සියලු දෘෂ්ඨි හල තැන සම්මා දිට්ඨියයි...
සම්මා දිට්ඨි යනු තවත් එක් දෘෂ්ඨියක් නොව ... ඇත්ත ඇති ලෙස දැක්මයි...
සත්‍ය යේ මාවතයි....
මේ මාවත මදක් විමසමු.....
(!) සීල.... විනයයි ... අර මා මුලින් සදහන් කළ ( ව්‍රත සමාදාන නොවේ)
(!!) සමාධි ... සිතේ නැවුම් බවයි... අලුත් බවයි... සමථ බවයි...
(!!!) ප්‍රඥා ... ( ඉහත දෙකම ඇති තැන නිවැරැදිව යමක් දැක්මේ ප්‍රගුණ බවයි)
...................................................................................................
දැන් මෙතනට ඇවිත් ඊලග ආත්මයක් තිබේද? නැද්ද  යන්න .... ඔබටම බලා ගන්න හැක...

( ආනන්ද ගෙනි.)

Thursday, July 7, 2016

මම කවුද?... ######


තමන් වඩාත්ම නොදන්නේ තමා කවරේද යන්නය... කෙනෙකු කියන්න පිළිවන්
මේ සිතට අයිති කෙනා මම කියල.... එතකොට තවෙකෙක් අහන්න පිලිවන් සිත .... ඔබේද කියලා?....
ඔබේ සිත සිරුරේ කොතැනකද තියෙන්නේ කියලා.... 
ජීවය නමැති සාධකය සිරුරේ ඇති විටෙක එය බාහිර පරිසරයේ දේවලට විවිධ ඉදුරන් ඔස්සේ ප්‍රතිචාර දක්වන බවක් අපට දැනේ... ඒ නිසා එය ධර්මතාවයක් ලෙස විවරණය කෙරේ... එය සදා බැද තැබිය නොහැක..
සිත සමාධිගත කළ විට දැනෙන ගති සොබාව පහව යේද?
ඒ දැනෙන දෙය සිතද?......
සිරුර තුළ ඇතිවන කායික වේදනා...මම ... කියන පුද්ගලයාට දැනීමට සලස්වන්නේ කවරක් මගින්ද?
මේ සමස්ථ ක්‍රියාවලියම මෙහෙයවන්නේ මොළය ප්‍රධාන කොටගත් ස්නායු පද්ධතිය ඉදුරන් හා සමායෝජනයෙනි. ඒ හුදු රසායනික ක්‍රියා දාමයකි.
මොළය මිය ගියාම නෛතිකව පුද්ගලයා මිය ගියා සේ සැළකේ....
මිය ගියා යැයි තීරණය කොට කලක් ගතව නැවැත සිහියට පත්වූ අයත් විරලව සිට ඇත.....
සිතේ ක්‍රියාකාරිත්වය ගැන ආගම්වලින් විවිධ විවරණ සපයනු පෙනේ...
සිත .. ඉන්ද්‍රියයක් වශයෙන් සලකන විට එය සමස්ථ සිරුරේම පාලනයට හවුල්වන නිසා මුලු සිරුරම සිත ලෙස ගැනීම ද වරදෙක් නොවේ.
අප මෙම .... බව ගමන .... යන්නේ සිත පෙරටු කොට තබා ගෙනය.
හැගීම්.. දැනීම්... ප්‍රතිචාර ... සමස්ථ සිතෙනි...
මේ සිතේම විශේෂ හැකියාවක් නිසා ... මම .... ඇත.
ඒ කාලය සමග ගැලපීම තුළිනි... මතකාවර්ජනයයි.
ඒ මතකයද කාලය සමග කෙමෙන් වියකී යයි.. එසේ නොවන ඒවාද ඇත..
රහත් බවේදී වුවත් සිත .... මමංකාරයෙන් .... නොමිදුන අවස්ථා පිළිබද කතා පෙළ දහමේ ඇත....
බුද්ධත්වය ... බෝධිය .. ඥාන.. ප්‍රඥාව ... මේ සියල්ල සිත පෙරටු කොට ලබාගන්නා ඵලයන්ය..
අප හැම සසර යන බෝධිවන්දනාවක නිබදවම යන්නමෝ වෙමු...
එදිනෙදා තම ජීවිත සරිකරගන්නේ එම වන්දනා වෙනි.එම අවබෝධයෙනි.. එම ප්‍රත්‍යක්ෂයෙනි...එම බුද්ධියෙනි..
ධනයට ... බලයට .. නිලයට ... ලෝභී වී සැප සොයා යන අප නතරවන්ගැන නො සිතන්නනමෝ වෙමු...
ලබාගත් පුද්ගලයෝ උදම් අනති...
ප්‍රතිරූප ගොඩනගා ගනිති....
අනෙකා විවේචනය කරමින් තරගයට කැදවති..
තමා ප්‍රත්‍යක්ෂ කළේ යැයිද
මමත්වයෙන්ම දොඩවති...
මේ ගැන අප අනුකම්පා කළයුතුව ඇත...
ඇයි ඔහුද මෙම වන්දනාවේම යන්නෙක් බැවිනි.
නොහැකි වූවෝ ලතවෙත්.තව තව වෙරවීරිය කරමින් සිට කිසිවක්ම නොලබා ජීවිතයට සමුදෙත්..............
ජීවිතය ජයගත්තෝ .....
නිවී සැනසිල්ලේ තරගයෙන් ඉවත්ව සදහටම සමුගනිත්...
ඉන් එහා බලාපොරොත්තු නැත.

Wednesday, July 6, 2016

උප්පාද + වය ධම්මිනො ( සිත ඒ ඒ ක්ෂණයේ ඇතිව .. නැතිව .. යාම ධර්මතාවය වුවත්) ඊට පුද්ගලයෙක් ගේ උපත මරණය පටලවා ව්‍යාකූල කරගත් බුදු දහම... .


බුදු සමය විවරණය කරන්නේ බාහිර පරිසරය හා  බැදුන ඉදුරන් ... ඒවායේ හැසිරීම් විමසන ... සිතේ.... සිතුවිලි පහලවීම හා ඒම සිතුවිලි වල මරණයයි....
පුද්ගලත්වයට තැනදී මම මාගේ කියා මේ ගති සොබාව නොදැක දැඩිව අල්ලා ගැනීම තුළ සියල් දුක්ඛ දෝමනස්සයන් හටගනී.....
බුදු සමයේ ප්‍රකාශිත ... ( පහළවීම(ජාති) /අනිත්යතාව හෙවත් වෙනස්වීම (ජරා)
 / මරණ හෙවත් නිරෝධය  ).....
....කෙනෙකු ගේ උපතක්/.....  කෙනෙකු ගේ වයසට යාමක් / .....
කෙනෙකු ගේ මරණයක් ... ලෙස වරදවා වටහා ගැන්මත් ඊට අනුරූපව දැඩි මමත්වයක් පහළ කරගැනීමත් නිසා අසීමාන්තිකව තාප්ප වැට කඩොලු බැදගෙන  අසහනකාරිත්වයෙන් මිනිසා පෙළේ....
පටිච්ඡ සමුප්පාද ක්‍රියාවලියෙන් මෙය මනාව හේතු ප්‍රත්‍ය වශයෙන් සැමටම වටහා ගත හැක...
හරියටම තේරුම් ගත්තොත්.... භව / පුනර් භව / හා බැදුන ..... සසර ...ක්‍රියාකාරිත්වය මේ ජීවන මග තුළ මිස ...
එහාලෝක ගැන තර්ක විතර්ක පැන නොනගී...
මෙය පටලවා ඇත්තේ ආත්මීය සංකල්පය ... බමුනු දහමින් බුදු සමයට සම්ප්‍රේෂණය කිරීම තුළිනි....
එනිසා මරණින් මතු ......
ජීවිතය කම්මුතු නොකර ....
 තව තව ලෝකවලට රෝන්දේ ගසා...
අන්නතිමට මට ඕනෑ දවසක ... නිවන් දකින්න පුලුවන් වන බව
අද  වැඩි දෙනා අදහති.....

උදාහරණයක් ගනිමු...
1. තණ්හාවක් පහළවීම ( ජාති) හෝ  ( උපත) කියමු....
2. ඒ තණ්හාව  නිසා සිත තව තව අරමුණු හා බැදී ව්‍යාකූල වීම .. ( ජරා)
3. තණ්හාව හටගත් සිතෙන්ම  නැතිව යාම හෙවත් නිරෝධය .රෝදය නතරවීම හෙවත්  ( මරණය)
සිතුවිල්ලක උප්පත්තිය / සිතුවිල්ලක මරණය නිබද සිත්හි සිදුවේ...
සතිපට්ඨානයේ අරමුණ එය මනාව දැක ගරන්මයි....
එම සමස්ථ ක්‍රියාවලිය  .....
භව /පුනර් භව /(සසර) බව වටහා ගෙන නිවී සැනසෙන්නෝ ඥානමාර්ගයේ යන්නෝය...
 ##### වටහා නොගෙන මිය ගියා යැයි සිතමු....  ඔහු ජීවත්ව ඉන්දැද්දී පීඩාකාරිත්ව යෙන්  මිදුනෙක් නොවේ...)

Tuesday, July 5, 2016

තණ්හාය ජායති සොකෝ..... තණ්හාය ජායති භයං... තණ්හාය විප්ප මුත්තස්ස ..... නත්ථි සොකො කුතො භයං..

 Esani Dammi Samarasekera @( විමසීමට ලියූවක් )

(සාක්ශි අවශ්‍යයි.
සාඒවායේ බලය අනන්තයි.
සැනසුනාම දහමින් උපහාර පිදීම විනා අන් පිදීමක් ඇත්නම් නුවණ අනුවයි.
වැදීම අවශ්‍යයි දර්මය ලැබෙන්නේ ඒ ගැන ගෞරවය ඇත්තාටයි.)Esani Dammi Samarasekera .....
හොදම සාක්ෂිකරුවා ඔබමය.....
ධර්මය යනු පවතින දෙයක් මිස ලැබෙන එකක් නොවේ....
එසේම ධර්මයට අනුගත වන්නේ යමක් ලබාගන්නද නොවේ...
බුදුසමය.... සිත පිළිබද විවරණයක් මිස පුද්ගලයන් ගැන කතා කරන එකක් නොවේ....
Esani ... ඉපදුනා නොවේ...
ඔබ ජීවියෙක් ලෙස උපතක් ලැබුවා.... ඒ කෙනා ඒෂානි බවට රෙජිස්ටර් කළා. 
අවට පරිසරයෙන් .. නෑ හිතවතුනගෙන් භාෂාව... හොද නරක සංකල්ප ඉගෙන ගත්තා... ලෝකය තිරකොට ගත්තා....
Esani Dammi Samarasekera .....දැන් ලෝකය තුළ දුක/සැප විදගෙන /බෙදා හදාගෙන ඉන්නවා...

මෙසේ සෑම කෙනෙක්ම තමතමාට ලෝක හදාගෙන ඉන්නවා. ඒ නිසයි මේ විවිධත්වය...
එනිසා අප අල්ලාගත් දේ මනසින් අතහරින්න හරින්න..වඩා සුවයක් දැනේවි.
තණ්හාය ජායතී සොකෝ.... ( අහලා ඇති /දන්නවා ඇති)
තණ්හාව .... මම ... මගේ කරගැන්ම නිසයි මේ අවුල....
නැත්නම් මට සෝකයක් එන්න විදිහක් නැහ....
කෙනෙක් උපදිනවා ... කෙනෙක් ජීවත් වෙනවා... කෙනෙක් මිය යනවා...
යැයි අවිද්‍යාෙවන් අල්ලා ගැන්මයි දුකට මුල....
උපදිනවා ... කියන වචනයම වැරදියි....
බුදු සමයේ එන ජාති/ජරා/මරණ/...
පහළවීම/අනිත්‍යතාව/ නිරෝධය.... වශයෙන් ගෙන බලන්න.
අදහසක් පහළ වුනා.... ඒ අදහස අනුව තව තව අදහස් එක්ව තිරවුනා....
මරණය හෙවත් අත්හැරීම ඒ නිසා අමාරුවුනා...
Esani Dammi Samarasekera ....@
සාමාන්‍ය විදිහ බලමු... උප්පාද ( ඇතිවීම).... වය ( වැය වීම ... විනාශය )...
ධම්මිනො... ( ධර්මතාවය)
උපත හා විපත එකටම කැටිව පැමිණේ... මෙයයි ධර්මතාවය ... දහම....
මෙය තමා ගේ කරගෙන බැලීමයි වැරද්ද....
සිතුවිල්ලක් එනවා... ඒ ක්ෂණයේම අතීතයට යනවා..
එම විඤ්ඤානයේ නැවතීමක් නැහ.... ඒත් මනසින් මම ... මගේ කියල ඒක අල්ලාගන්නවා... එතකොට මම ඉන්නවා වගේ දැනෙනවා. හරියට චිත්‍රපටයක් රූප පෙලක් චලනය වන ආකාරයට .... දුවනවා ... පනිනවා...
මේ උපාදානයන් හෙවත් අල්ලා ගැනීම් තියෙන තුරු දුක්ඛ දොමනස්සයන් ඒ පසු පස එනවා...
මේක කෙනෙක් නුවණින් වටහා ගෙන ........ ඇත්තේ ..... මමෙක් .... නොව ලෝක ධර්මතාවයක් බව දැක ගනීද ...?
ඊට පස්සේ ඔහුට සියල්ල මනසේම මායාවන් මිස සැබැවට පවත්නා ලෝකයක් ලෙස තහවුරු නොවේ...
මේක දැක ගන්න ... ක්‍රම වේද ඕනෑතරම් ඇත...
සතර සති පට්ඨාන/ විදර්ශනා ඥානය... එවන් දෑය...
එවිට ඔහු බුද්ධ පවා දක්නේ .... පුද්ගලත්ව යෙන් තොරවයි....
මිනිස් මනසකින් ලෝකය ඉක්මවූ උත්තම තත්වයක් සේ බුද්ධ දකී.
දැන් ඔබ දකින්නේ ඇසෙනි... ඇසෙන් බැලුවාට බුද්ධ හමු නොවේ.... එය තම හදවත වෙතම ලගා කරගත යුතුය.
ප්‍රාර්ථනා නිශ්ඵලය... පුද පූජා ... තාවකාලිකව හිත රවටා ගන්නා ක්‍රම ලෙස වැටහේ...
තමාට තමා ගේ සරණවත් නැති නොට අන් සරණ පැතීම නිශ්ඵල සේ දැනේ...

Esani Dammi Samarasekera .
එක් සිතුවිල්ලකින් තවත් සිතුවිල්ලකට මාරුවීම බව ../ පුනර් බව ලෙස වැටහේ...
මේ සිතේ සමස්ථ ක්රියාවලියම ... සසර ... ලෙස වැටහේ....
පටිච්ඡ සමුප්පාද .. හේතු ඵල දහම වැටහේ.. තමා තුළම පැනවෙන්නක් බව දකී...
එවිට කර්ම කරන්නෙක් හෝ විදවන්නෙක් නැති බව වැටහේ..
( කම්මස්ස කාරකො නත්ථි විපාකස්සච වෙදකො)
(සුද්ධ ධම්මා පවත්තන්ති.... එවෙතං සම්ම දස්සනං......)
ශුද්ධ වූ ධර්මතාවයන් පමණක් පැවැත්වේ... මෙයයි සම්‍යක් දර්ශනය..
එහිලා කරන්නෙක් කරවන්නෙක් නැත....
ලෝක ධම්මතාවය පමණක් පවත්නේ වෙයි...
නිවන් දකින්නා අන්තිමට මෙම දහම පවා අත්හල යුතුය...
( දහම මාරයා ගේ බව පිළි ගනිමි. ඒත් මාරය .... නිවන තොපට අයිති නැත.-- පරිනිබ්බාන සූත්‍රය)
.කෙටියෙන් කියන්න ගියාම වැරදි වැටහීම් ඇතිවෙනවා.. 
මම ... නැති තැනක නිවන් යන කෙනෙක් ද නැත... බුදුවන කෙනෙක් ද නැත..
කෙනා ඇති තැන දහම නැත.... ලෝකය ඇත....
මේ දෙක අතර දෝලනය වෙමින් ඔබ ... මම... ප්‍රදර්ශනයවේ.
 Esani Dammi Samarasekera ...
ඔබ මාව උසාවියකට කැදවා සාක්ෂි විමසීම ගැන සතුටුවෙමි... ඒ නිසාම අපහසුව නොබලා කරුණු හැකිතරම් සරලව නිරවුල්ව .. ඉදිරිපත් කළෙමි...
පාතේගම සුමන රතන හිමියන් ගේ බොහෝ දේශණා.... සෝම හිමියන් ගේ ... ලෝක ධම්මතාව... දේශණය... තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන ගේ අභිධාර්මික විගුහයන් හා න්‍යායාත්මක දේශණා මේ අදහස සදහා පාදක කරගතිමි. තවත් ගැටලු වේ නම් අහන්න... දන්නා පට්ටමින් පිළිතුරු දෙන්නම්...

LikeReply24 mins

Saturday, June 25, 2016

මොනවාද මේ විකාර ධ්‍යාන... ===================?


දැඩි භාවනා කොට ධ්‍යාන ලබා ගන්න බමුණන් මග පෙන්වත්.
ඒ සදහා විවිද ක්‍රම ශිල්ප හදුන්වත්...
ඒ ක්‍රම තුළ ගිය අය ලැබූ දෙයක් නැත... 
මමත්වයක් .... තරවූවා මිස මිදුනාහු නොවෙති.
බුදුන් පිරිනිවීමට ඔන්න මෙන්න කියා තිබියදී ....
ප්‍රථම ධ්‍යානයට සමවැද ...
අනතුරුව ද්විතීය... ධ්‍යානයට සමවැද ඇත..
( ඉහළ ධ්‍යාන තලවලට යන්න සැම විටකම ආපසු 1ට එන්න ඕනෑ යන නියමය අනුව)...
නැවත එකට පැමිණ 3ට 4ට ගොස් ඇත.
මෙසේ 4 සිට 1ට ආපසු එනවිට පිරිනිවන් පෑවේලු.( පරිනිබ්බාන සූත්‍රය)
........... දැන් ගැටලුව බුදුන් පිරිනිවන් පෑවාද බ්‍රහ්මතලයට ගියාද යන්නය.
අනෙක... පිරිනිවන් මංචකයේ සමාධි සිතින් වැඩ හිද ඔය ආකාරයට 1ට 2ට 3ට
යමින් එමින් සිටියායැයි නිගමනය කළේ කවුද?
මේවා බමුණන්ගේ හොර උප්පැන්නය....
භාවනා කියා ජාතියක් බුදු හිමි වදාරා නැත....ඒවා අත්හැර පැමිණ බුදුවූ පසු
බමුණෝ බාවනාකොට බුදුවූ බව පැවසූහ..
මේ මෝඩකතා කවුරු කොයිකාලේ හදපුවාද?

Thursday, June 23, 2016

භාවනාවක් නොවන විදර්ශනා ඥානය....දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති .


අරමුණු ... භාවමය හැගීම්.... අප ගමනේ යවයි.
සුවෙන් යන ගමන .. සුගතිගාමී... වන අතර
අමාරුවෙන් යන ගමන... දුගති ගාමී වේ.
මේ දෙකම යන්නේ තමාය.....
රෝද ( රෝන්දෙ) ගසයි.... නිරෝධ වන විට රෝන්දේ නවතී...
නවතාලන ආකාරය ... සංසිද්ධියම... එකට දැක්මය.
((සං+සිද්ධි = සිද්ධි දාමයක එකතුවයි..))
එකතු කරගත් දේ වර්තමානයට ගලපා ...
ඒ තුළ නොසැලී ඉන්න ඔබට හැකියාව දෙන්නේ
විදර්ශනය.... හෙවත් බුද්ධියෙන් විනිවිද දැක්මෙන්..
මොහොතේ අරමුණ... බාහිර ලස්සන රුවක් නම්?
පිළිකුල වැඩුවාට හරියයිද?... නැහ.
තමා තුළම වන පරිවර්තනය දකින්න.පරිවෘත්තීය වේගය දකින්න...
අසහනකාරී සිතුවිලි බලන්න...
ඇසේ නිරෝදය ඇස තුළමය.. ඇස ඉවතට ගන්න.
සිත ක්ෂණික වෙනසකට බදුන් කර බලන්න...
(ඇය වෙනත් හාදයෙකු සමග පිටව යයි...)
එවිට .... භව ( සංඛත= ආයතන 6 යේ එකතුව )...
පුනර්භව වේ.... ( අරමුණ ස්ථාන මාරු )
මේ පිළිවෙත .... සසර... වශයෙන් හදුනාගමු...
ඒත් සසර... නතර වුණාද?නැත.....
සිතුවිලි ඇතිතාක් එකිනෙක .. භව .. පුනර්භව වෙමින්
රෝන්දේ ගසයි....
ඒ ... සිත....යන ධර්මතාවයේ උපන් ගතියයි ... අමු ගතියයි.....
බලෙන් ගමන නතර කළොත් ?
බැම්ම කඩා ගෙන යන ජල ධාරාවක්ව තුමූව ම විනාශ කරගෙන ගමන යයි.
එසේනම් නතර කරන්න වෙරවීරිය කිරීම නොව ... කළයුත්තේ වැටහීමෙන් ... නො ඇලී හෝ නො ගැටී...අරමුණින්
එලැඹි සිහියෙන්...ඉවත් වීමයි.... මනසින් අතහැරීමයි.
දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති ....
මේ සසර ගමන නවතාලන ආකාරයයි.


beautiful and ugly in your mind.

දහමයනු කුමක්ද?



මිනිසාට විමුක්තිය ලබාගැන්මට මග පෙන්වන සොබාදහමේ න්‍යායයන් දහම වශයෙන් හැදින්විය හැක.මෙය ඉදහිට වරක් දෙවරක් කාගෙන් හෝ අසා දැනගැනීමෙන් ධර්මාවබෝධයක් ලැබිය හැකිද?
එසේ කවුරු හෝ කියන්නේ නම් මුලාවෙනි.
ධර්මය අඛණ්ඩව ගලායන එකකි.එය පොතපතකට දෙසුමකට සීමාවන්නක් නොව අප එදිනෙදා ගතකරන ජීවිතයේ ගැඹුරු විවරණයකි.
සම්ප්‍රදායක බණ ආකෘතියකට, පොත්පත්වල අච්චු අකුරු සමූහයකට අප කොටු වී සිටින නිසා අප සිටින්නේ මාර නින්දකය. එනිසා සජීවී දහම අප නොදකිමු.
සජීවී දහම හැම තැනකම ඇත.උදාහරණයකට ආහාර ගන්නා වෙලාවක් ගැන සිතන්න....... ආහාර කියන්නේ මොනවාද? ආහාර ගන්නේ මොකටද? රසවත් කර ඇසට ප්‍රියමනාප ලෙස සකසන්නේ ඇයි?....... අප්‍රිය කර කෑවොත් වමනේ යන්න ... නොදිරවන්න හැක.
ආහාර සැකසෙන පොළොව ... සකසන කෙනා ගේ ජීවිතයේ ගැටලු ... අතර මැදි ගසාකෑම්.. මිල අඩු වැඩිවීම්...මේ සියල්ල විනිවිද පෙනේ.
එනිසා ලෝක සොබාවය වැටහෙන නීති රීතිමය .. න්‍යායාත්මක බන්ධන නැති තැන දහම මතුවේ.
එනිසා මෙය එක්වරක් නොව ජීවිතය පුරාවට වටහා ගන්නකි.බුද්ධිය ... ප්‍රඥාව .. මෛත්‍රිය ... කරා යාහැකි දොර කවුලු විවෘත තැනකි . තමාම වටහා ගන්නකි.

Wednesday, June 22, 2016

සංතතික දහම..................


මිනිසා ඇතුලු සියලු සත්ව සමූහයන්ම එකිනෙකාට හේතු භූතවෙමින් සොබා දහමතුල පැවැත්මේ හැකියාව සංතතික දහම වේ.
එවිට තනිව පවත්නා සතෙක් ඒකකයන් නොදකී...ගණ වශයෙන් හදුනා ගැනේ.
ආහාර දාම... සොබාවික ජලචක්‍රය... නයිට්‍රජන් චක්‍රය...ඒ තුළ ප්‍රකටවේ.
සියල්ල එකිනෙකා මත යැපීම සුවිශේෂී ලක්ෂනය වේ.
මිනිසා තනි පුද්ගලයෙක් හෝ මම වශයෙන් ඊටබැරකිරීමක් නොවේ. දාමයක පුරුකකි. සිත්පරම්පරාවක එකතුවකි.
එසේම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ...යේ. දැනුම
සම්ප්‍රේෂණය කළ හැකි නිසා පියා නැවතූ තැනින් අරඹා
ව්‍යාපෘතියක් පූරණය කළ හැක........
සතුනට මේ හැකියාව අඩු වීම මිනිසාට වාසි දායක විනි.
එනිසා මානවයා අග්‍රගණ්‍ය විය.
මතුපිටින් හතුරු මිතුරු වශයෙන් පුද්ගලයන් දකිතත්...
සැබව එය නොවේ.සැම එකම මූලයකට ගැටගැසී ඇත.මේ මූලයට පහර එල්ලකළොත් සැම වැනසේ..එකෙකුට එන බිය සැමවෙත බෙදී යයි.
කූඹි/මීමැස්සෝ වැනි සාමාජීය සත්තු පෙරමෝන ..වැනි රසායනිකයන්ට ප්‍රතිචාර චක්වමින් චර්යා රටා වෙනස් කරනු පෙනේ.
මිනිසාද ඉහලින් එන සොබා දහමේ අණට / සාමාජීය අණට අනුරූපීව චර්යා රටා වෙනස් කරත්.
උණුසුම /ශීතල වැනි සාධක මත හැසිරීම් රටා වෙනස්වේ..
දිවා රෑ.. වෙනසද ජීවයට බලපෑම් කරයි.
සතුන් ගන්ධයට දක්වන ආකර්ශණයම ....
මිනිසුන්ද සමාජ සබදතා වලදී ප්‍ර යෝජනයට ගනිත්.
මේ නිසා අප සොබාදහම් දාමයේ පුරුක් මිස.....
තනි පුද්ගල ඒකක නොවෙමු....
තනි තනිව නිවන් දකින්න බැරි එම හේතුව නිසාමය.

Wednesday, June 15, 2016

සං+සුං ...වීම

ප්‍රශ්ණයට උත්තරයක්.... සං+සුං ...වීම.. ( එකතු වීම නැතිකර දැමීම)
============================================
ප්‍ර.. මම සිතුවිල්ලෙන් තොරව ඉදීම අත් දකිමි....
ඒත් ඒ දැනගන්නේ මගේම සිතුවිල්ලකින් නේද?
උ... අරමුණකට යොමුවීම... සිතුවිල්ලේ උපතයි...
1.සිතුවිල් ඊලගට වැඩේ...
2.උච්චතම අවස්ථාවට පැමිණේ..
3.කෙමෙන් දුර්වල වේ...
( කෙනෙක් මිය ගිය විට ඒ... මොහොතේ... පසුව.. පසුව.. පීඩාව අඩු වැඩි හා මිලාන වන අයුරු අත් දැක තිබේද?)
සිතුවිල්ල උච්ඡ වන්නේ එකින් එකට ඈදීමෙනි.....
එකකින් එකකට අප නොදැනුවත්වම පනී...
දෙක අතර පරතරය තත්පරයෙන් 1% කටත් වඩා අඩු නිසා අල්ලන්න අමාරුය.
එසේ පරතරය දැක ඊගලග එකට පනින්නේ නැකිව ඔබට ඉන්න හැකියාවක් වේද?.....
එසේ හැකිනම් ඊලග එක නොඒ...
එතැන no mind ... නො මනස වේ...
නිරෝධය .. යනු පැමිණි සිතුවිල්ල ඉවරකර ඒ දුර්වලව යන්න ඉඩ හැරීමයි...
සිතුවිල්ලක් නැති බව දකින්නේ ... මම ...ය.
සිතුවිල්ලක් නැති තැන .. මම ... පහව ගොසිනි....
ඇත්තේ ශුද්ධ අවකාශයම බව අත් දකින්න.
සොබා දහමට එක්වන්න...
ප්‍රශ්ණය:--
සිතුවිල්ලක් නැති තැන ... මම ... උයන්නේ පිහින්නේ ...
වැඩපල කරගන්නේ ... කෙසේද?
පිළිතුර:--
කෑම උයන පිහන ... වැඩපලකරන.. විට බුද්ධියෙන් සිහියෙන් කකරන්න..
එතැන ඇත්තේ අඩු සිතුවිල්ලක් බව දකින්න...
ක්ෂණ මාත්‍රිකව ඒ තලයේ ඉන්න...
කෙමෙන් මම... හෙවත් ... මමායනය දියව යනු ඇත..
මමායනය සම්පූර්ණයෙන් ඉවත් වන්නේ රහත් හෝ බුද්ධ තත්වයේදීය..
මම.. සිතුවිලි නතර කරගෙන සිටිනවා ...යන්න ... වැරැදි ලෙස දකින්න.
සිතුවිල්ලටම .. සිතුවිල්ලේ නිශ්ඵල බව දැක මිදෙන්න දෙන්න..
එය ඔබ කරනවා නොවේ... සිදුවන දෙයකි.
පහසු නැති නිසා එහි වටිනාකමක් ඇත..
( ඔබ ඉතාමත්ම කැමැති කෑම එක දිගටම කන කොට පසුව අප්‍රියවේ.
මෙයයි න්‍යාය......
විවාහ වූ පසුව උනන්දුව අඩුවේ.. වයසට යනවිට ඇත්තේම නැති තරම්ය)
ජීවිතාව බෝධයම ඊට මුල පුරයි.

Monday, May 23, 2016

සිතිවිලි ඇතිවන්නේ ස්වභාවධර්මයට අනුකුලවූ හේතුඵල න්‍යායට අනුවය. නතරකල නොහැක. බුද්ධ දේශනාව වන පටිච්චසමුප්පාදය යනු මෙම සිතිවිලි පිළිබඳවූ දේශනාවයි.

“අකුප්පාමේ චේතෝ විමුක්තියා” යනු අටලෝ දහමට නොසැලෙන සිතක් එනම් මනසක් හෙවත් විඥානයක්  ඇතිකර ගැනීම මිස  සිතිවිලි හැදෙන ක්‍රමය  සුනු විසුනු කිරීම නොවේ.
සිතිවිලි ඇතිවන්නේ ස්වභාවධර්මයට අනුකුලවූ හේතුඵල න්‍යායට අනුවය. නතරකල නොහැක. බුද්ධ දේශනාව වන පටිච්චසමුප්පාදය යනු මෙම සිතිවිලි පිළිබඳවූ දේශනාවයි.  “සසර දුක නිවීම” යනුවෙන් බොහෝ දේශකයින්  දේශනා කරන්නේ  ඉපදෙමින්  මියයමින් නැවත ඉපදෙමින් යන සසරක් පිලිබඳවය. බුද්ධ දර්ශණයේ එවැනි  සසරක් ගැන ද  විග්‍රහනොවේ. එවැනි දීර්ඝකාලයක් ගැන හෝ දීර්ඝකාලයකට පසු ලබන විමුක්තියක් පිලිබඳ විග්‍රහ නොකරයි. එවිට බුදුදහම අකාලික දහමක් නොවනු ඇත.ඇතැම් දේශකයින් දේශනා කරන පරිදි  මනසින් සිතිවිලි මකාදැමීම හෝ ශරීරයෙන් මනස එනම් සිත හෙවත් විඥානය වෙන්කිරීම කල  නොහැක.  බුද්ධදර්ශනය පදනම්වී ඇත්තේ සිතිවිල්ලක් ජනිතවන “ක්‍ෂණය” නම්වූ ගණනයකළ නොහැකි තරම් ඉතාකුඩා කාල සීමාවකට සීමාවූ “අකාලික” සංසිද්ධියක් තුලය. නිවන්දැකීම හෝ සතර අපායට යාම සිදුවන්නේ  මෙම ගණනය කල නොහැකි තරම්වූ කුඩාකාලය තුලදීය. එනම් “ක්‍ෂණය” තුලදී  ජනිතවන “සිතිවිල්ල” තුලය. සිතිවිල්ලේ  නිවීම හෝ එම සිතිවිල්ල නිසා සිත විපිලිසරවිම හෙවත්  අපායට යාම  සිදුවන්නේ ද  මෙම “ක්‍ෂණය” නම්වූ ඉතා කුඩා කාලය තුලදීය. මෙහිදී  සම්මතයේ ඇති වචනය වන “අපාය” යන වචනය භාවිතා කරනු ලැබුවත් නිවැරදි වචනය  විය යුත්තේ විපිලිසරවිම හෝ වික්ෂිප්තවීමයි.  මොහොතක්(ක්‍ෂණයක්) මෛතී‍්‍ර භාවනාව  කිරීම බුදුපාමොක් මහාසංඝරත්නයට දෙන සාංගික දානයට වඩා ආනිසංස යයි  යනුවෙන් දේශනා කර ඇත්තේ  ක්‍ෂණයක්  තුල ඇතිවන එක සිතිවිල්ලක් නිවීමය. එනම් එම සිතිවිල්ල ඇලීමෙන් හෝ ගැටීමෙන් තොරව මිත්‍රත්වයෙන් අසුරු කිරීමයි. එනම් එක “සත්වයෙක්”  එනම් “සිතිවිල්ලක්” නිවාගැනීමයි. මෙහි “සත්ව” යනු සිතිවිල්ලේ  නිතැතින්ම සිදුවන සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ ඇලීම සහ බැඳීමේ ස්වභාවයයි. සියලු සත්වයෝ යනු සියලු සිතිවිලිය. සියලු සත්වයෝ නිදුක්විම යනු සියලු සිතිවිලි නිවීමයි. බුදුන්වහන්සේ පෙන්වාදී ඇති පරිදි අවබෝධ කලයුත්තේ  බඹයක් පමණවූ  ශරීරය තුල සිදුවන “ලෝක” නම්වූ සිතේ පෙරලිය පිළිබඳවයි. භාහිරවූ  භෞතිකවූ ලෝක ගැන නොවේ.බාහිරවූ  භෞතිකවූ  වස්තුන් ජීවින් හෝ ද්‍රව්‍ය ගැන සාකච්චා කිරීම කාලය නස්තිකිරීමකි.  පටිච්චසමුප්පාදය  මගින් විග්‍රහ වන්නේ  “ලෝක” එනම් සිතේ පෙරලිය  ගැන මිස  ජීවියකු ගැන හෝ ද්‍රව්‍ය ගැන  නොවේ. මනස එනම්  සිත හෙවත්  විඥානය  ශරීරයේ සියලුම ජීවී සෛල හා සම්බන්ධ ජාලයකි(Net Work) . සියලු ජීවී සෛල වලට තනිවම ක්‍රියාකාරී වියහැකි අතර සෛල එකිනෙක අතරද සම්බන්ධතාවය පවත්වයි(interact). එමෙන්ම සියලු ජීවී සෛල එකිනෙක සම්බන්ධීකරණය කිරීම සහ පාලනය කිරීම සිත එනම් මනස හෙවත් විඥානය මගින් සිදුවේ. තත්පරයක් තුලදී එක ජීවීසෛලයක් තුල ක්‍රියාකාරකම් සියගණනක් සිදුවිය හැක.  බොහෝ ක්‍රියාකාරකම්  සිත එනම් මනස හෙවත් විඥානය මගින් සම්බන්ධීකරණය හෝ පාලනය සිදුකරයි. මිනිසකූ මියයාමේදී  සියලු ජීවී සෛල මියයන නිසා සිත එනම් මනස හෙවත් විඥානයේ නම්වූ  ජාලයේ  (Net Work) ක්‍රියාකාරිත්වය  අවසන්වේ. පැවතීමට මාධ්‍යයක් නොමැතිවූ විට සිත,මනස එනම්වූ විඥානයේ පැවැත්ම අවසන්වේ. පණඇති මිනිසකුගේ බඹයක් පමණවූ ශරීරය තුල “ලෝක” නම්වූ සිතේ පෙරලිය  සිදුවන අතර එනම් සිත මනස හෙවත් විඥානය  ක්‍රියාකාරීව පවතී.  සිතේ මනසේ එනම් විඥානයේ  ක්‍රියාකාරීත්වය  නතරවීමට  නම් ශරීරයේ  සෛල මියයාම සිදුවිය යුතුය. මියගිය පුද්ගලයකු තුල  සිත,මනස හෙවත් විඥානය නොපවතී. සිත එනම් මනස හෙවත් විඥානය  මිනිසාගේ ශරීරය තුල පවතින අතිශය අධිවේගී ජාලයකි very high speed network. වෙන්කළ නොහැක.  දේශකයාණන් පවසන අන්දමට භෞතිකවූ ජීවී සෛල වලින් සමන්විත ශරීරයෙන් සිත එනම් මනස හෙවත් විඥානය වෙන්කළ නොහැක. මිනිසාගේ  ශරීරය තුලැති  ජීවී සෛල සියල්ල හා සම්බන්ධ තාවය සහ පාලනය(coordination & control)  පවත්වන සිත  එනම් මනස හෙවත් විඥානය ශරීරයෙන් වෙන්කළ නොහැක. එසේ වීමට නම් සෛල සියල්ල මියයාම සිදුවිය යුතුය. මොලය Brain ප්‍රධාන දත්ත ගබඩාව වුවත්  බොහෝ සෛල තුල අවුරුදු  මිලියන ගණනක් සිට පැවතෙන  ජානමය මතකයන් ඇත. අපහට ගෝචර නොවන එවැනි මතකයන් කිසිසේත් ඉවත්කළ නොහැක.  එමනිසා කිසිදිනක ජිවත්වන මිනිසකුගේ සිත, මනස එනම්වූ  විඥානය  ශරීරයෙන්  වෙන්කළ නොහැක.  සිත,මනස හෙවත් විඥානය  නැතිකළ නොහැක. සිත නැතිකිරීමක් හෝ සිත ශරීරයෙන් වෙන්කිරීමක් ගැන කිසිවෙක් දේශනා කරයිනම්  එය සිදුවිය නොහැක. ඔහු සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ හැසිරීම  හෙවත් බුදුන්වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදය  නොදනී. පටිච්චසමුප්පාදය  නොදන්නා කිසිවෙකු  බුද්ධදර්ශනය  නොදන්නා බුදුසසුනට ඇතුලුනොවූ  අය ලෙස සැලකිය හැක. සිත,මනස එනම්වූ විඥාණය  ගැන අවබෝධයක් නොමැතිව  බුදුරජානන්වහන්සේ දේශනාකළ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන සිදුවන “ලෝක” නම්වූ  “සිතේ පෙරලිය”  අවබෝධ කල නොහැක. සිතේ පෙරලිය  අවබෝධ නොකර  “නිවන්දැකීම” කල නොහැක. බුදුරජානන්වහන්සේ  “පටිච්චසමුප්පාදය “ යනුවෙන් දේශනා කර ඇත්තේ මෙමෙ “සිතේ පෙරලිය”  එනම්වූ   “ලෝක” පිළිබඳවයි. දැනට විග්‍රහ කරන සම්ප්‍රදායික පටිච්චසමුප්පාදය නොවේ. නිවැරදි  පටිච්චසමුප්පාදය “සිතේ පෙරලිය” ගැනවූ විග්‍රහයක් පමණි. දුක ගැන හෝ ජීවියකු ගැන හෝ ජීවියකුගේ නැවත ඉපදීමක් ගැන නොවේ.     පංචෙන්ද්‍රිය නිසා ඇතිවන සිත්  සංස්කරණය වී සිතිවිලි එනම් හුදු සටහන් වශයෙන් හෝ  “සංඛාර” වී සිතේ හෙවත්  මනසේ එනම් විඥානයේ ඇලීම,බැඳීම එනම්  සටහන්වීම සිදුවේ. මෙම මනසේ,සිතේ එනම් විඥානයේ  සටහන්වූ සිතිවිලි  නැවත නැවත එනම් පුන පුනා ජනිතවේ. මෙම පංච උපාදාන ස්ඛන්ධ  සහ සතරමහා භූත ක්‍රියාවලිය නතරකල නොහැක. මෙසේ සිතිවිලි  පුන පුනා  ජනිතවීම නිසා  සිත පිඩාවට පත්වීම  නතරකල හැක. සිතිවිලි සමනය කලහැක. සිත නිවීම හෙවත් නිවන්දැකීම කලහැක. බුද්ධදර්ශනය යනු නිවන පිළිබඳවූ දර්ශනයයි. දේශකයාණන් පවසන  “භව” යනු  සිතිවිල්ලක ජනිතවීම යන්න සහ “පුනර්භව” යනු සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ  ඇලුණු එනම් සටහන්වුනු සිතිවිලි පුන පුනා ජනිතවීම යන්න  නිවැරදිය.  බුදුන්වහන්සේ  අනන්තවූ ජාතිවල ඉපදීම  එනම් සාර අසංකේය කල්ප ලක්‍ෂයක් ජාතිවල  ඉපදීම යනු මනසේ ජනිතවූ සිතිවිලි ලෙස පෙන්වාදීම නිවැරදිය. උන්වහන්සේ  මෙතරම් “සිත” පිලිබඳ  අවබෝධ කලේ එම සිතිවිලි විශ්ලේෂනය  කිරීමෙනි. “අනේකජාති  සංසාරං” යනු එම අනන්තවූ  සිතිවිලිය.එනම් නොයෙකුත් ජාතියේ අනන්තවත්වූ  සිතිවිලිය. “නිවන් දැකීම” යනු   මනසේ ඇති සිත පිඩාවට පත්කරන  සිතිවිලි හෙවත් “සංඛාර”  පුන පුනා  ජනිතවීම නතරවිමයි. නතර කිරීමක් නොවේ. එසේනම් මනසේ ඇති “සංඛාර” හෙවත් “කෙලෙස්” මනසින් ඉවත්විය යුතුය. සිතිවිලි හෙවත් මනසේ සටහන් සියල්ල සිතෙන් එනම් මනසින් ඉවත්නොවේ. ඉවත්කළ නොහැක.තද බැදීමෙන් තොරවූ සිතිවිලි මනසේ එනම් සිතේ තිබීම නිසා කිසිදු හානියන් සිදුනොවේ. බුදුරජානන්වහන්සේ  “සංඛාර” හෙවත් “කෙලෙස්” යනුවෙන් හැදින්වුයේ  නැවත  ජනිතවී සිත විපිළිසර වීමට සමත් සිතිවිලිය. මැදුම් පිළිවෙතට අනුව සිත එනම් මනස පවත්වා ගැනීමෙන් මනසේ සිතිවිලි සමනය වීම සිදුවේ. එනම් සමනයවූ නිවුණු සිතිවිලි වලින් යුතු මනුෂ්‍යයා යනු ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ජනිතවන සියලු සිතිවිලි ආයාසයකින් තොරව නිවීමට කුසලතාවය ඇති ක්‍ෂණයක්  පාසා “නිවන්දකින” පුද්ගලයාය. අවබෝධ වූ “ක්‍ෂණයේ” සිට මියයන “ක්‍ෂණය” දක්වා නිවීමෙන් සැනසීමෙන් ජිවත්වන පුද්ගලයාය.  නිවන්දැකීම යනු මෙම සංසිද්ධියයි. එනම් “බුද්ධසාසනය  හස්න හෙවත් බුදුන්වහන්සේගේ පණිවුඩයයි. පොත්පත් ලිවීමෙන්  ඒ  අනුව දේශනා කිරීමෙන්  ඉතා සරලවූ මෙම දර්ශණය විකෘතිවී  ඇති බවනම්  පැහැදිලි සත්‍යයකි.  “නිවන්දැකීම” කල යුත්තේ  “විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ජගා”  යන මධ්‍යම ප්‍රතිපදාවට අනුව තණ්හාව ක්‍ෂය කිරීමෙනි. මෙහි විසංඛාර ගතවූ සිතක් ඇතිවීම යනු “සංඛාර” හෙවත් “කෙලෙස්” ප්‍රහාණය කල සිත,මනස එනම් විඥානයයි. සමනයවූ සිතිවිලි සහිත සිතකි එනම් මනසකි හෙවත් විඥානයකි. බුදුන්වහන්සේ මහා සමන විය. නිවන්දැකීමට ඇත්තේ එකම මාර්ගයක් පමණි. එනම් සිදුහත් තවුසා ,සුනීත ,සෝපාක, අංගුලිමාල, චුල්ලපන්ථක,දාරුචීරිය, පුක්කුසාති බමුණා,විශාකාව,පටාචාරා ,කිසාගෝතමිය යන සියලු දෙනාම නිවන්දැක්කේ  සරලවූ බුදුදහමට අනුකූලවය.  බුදුවී ප්‍රකාශකළ උදාන වාක්‍යයේ අවසාන පදයට අනුකූලවය. එනම් “විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ජගා”  යන මධ්‍යම ප්‍රතිපදාවට අනුව තණ්හාව ක්‍ෂය කිරීමෙනි. මෙහි විසංඛාර ගතවූ සිතක් ඇතිවීම යනු “සංඛාර” හෙවත් “කෙලෙස්” ප්‍රහාණය කල සිත,මනස එනම් විඥානයයි. එවිට නැවත ජනිතවී  සිත විපිලිසරවීමට සමත්  “සංඛාර” හෙවත් “කෙලෙස්” සිත තුල නොපවතී. එනම් සමනයවූ සිතකි. බුදුන්දවස බොහෝදෙනා  බුදුදහම අවබෝධ කලේ වචන කිහිපයක් ඇසීමෙන් හෝ සරල  ක්‍රියාකරකම් මගිනි. සුනීත හට බුදුන්වහන්සේ පැවසුවේ  “සුනීත ඔය කද  බිම තබනු”  යන වචන කිහිපය පමණි. බුදුන්වහන්සේ අදහස්කලේ  කුලවතෙකු  දුටුවිට බියවීමට, සිත විපිළිසර වීමට  සමත්වූ  “හීනමාන” නම්වූ “මාන” හෙවත් “කෙලෙස්” නම්වූ  කද  බිමතබනු  යන්නයි. සුනීත හීනමානය නම්වූ කෙලෙස්කද බිමතබා සිත සැහැල්ලු කරගන්නා ලදී.  බුදුන්වහන්සේ අංගුලිමාල හට පැවසුවේ  “අහිංසක  නවතිනු” යන්න පමණි. ගුරුවරයාට තිබූ තද බැඳීම නිසා ගුරුපුජාවට  ඇඟිලි  රැස්කිරීමට ඇතිකරගත් තදබල ආවේගය නැවැත්වීමෙන්  අහිංසක නැවතුණි. ගුරුවරයා කෙරෙහි තිබූ තද බැඳීම  නම්වූ “කෙලෙස්”  ප්‍රහාණය කරනු ලැබිය. සිත සැහැල්ලු කරගන්නා ලදී. කිසගෝතමියට දෙනලද සරල ක්‍රියාකාරකම එනම්   නොමල ගෙයකින් අබ සෙවීමට යාමේදී  ඔවුන් කිසිවෙකු ඇය තරම් තදින් බැඳුනු අය නොවනබවත්  සිතට වද වේදනා දීමට හේතුව ඇය තුලතිබු දරුවා කෙරෙහි තදින්බැඳීම නම්වූ “ක්ලේශය” බව අවබෝධ කරගත් ඇය කෙලෙස් සංසිඳවා  සිත සැහැල්ලු කරගන්නා ලදී. චුල්ලපන්ථක හට  දෙනලද ක්‍රියාකාරකම මගින් රෙදිකඩ කිලිටිවූ සේම කෙලෙස් නිසා සිත කිලිටිවන බව අවබෝධ කරන  ලදී. ගාථා පාඩම් කිරීමට හෝ මතකතබා ගැනීමට අවශ්‍ය නොවිය.මනස තුලවූ සියලු කෙලෙස්ද ප්‍රහාණය කිරීමට සමත්වී  අරහත් බවට පත්විය. දාරුචීරිය හට උපදෙස් ලැබුනේ  බාහිර රුප්පනයන් නිසා ඇතිවන සිත් නිසා ජනිතවන “සිතිවිලි”  ප්‍රභල මාන  හෙවත් “සංඛාර” වශයෙන් නොව සිත විපිළිසර වීමට සමත් නොවන  හුදු සරල සිතිවිලි  වශයෙන් මනසේ  සටහන් වීමට ඉඩහරින ලෙසය. එමගින් “කෙලෙස්” රහිත නිවුණු සිතක් ඇතිවීමෙන් දාරුචීරිය  අරහත් භාවයට පත්විය. මෙසේ සලකා  බලනවිට  බුදුදහම යනු  නිවන් දැකීම හෙවත් සිතේ නිවීම හෝ සිත විපිළිසර වීම හෙවත් අපායට යාම  “ක්‍ෂණයක්” තුලදී සිදුවන සංසිද්ධියක් ලෙස පෙන්වාදෙන   එක “ක්‍ෂණයක්” හෝ අතහැරීමට නොහැකි  “අකලික”වූ “එහිපස්සික”වූ  දහමකි. බොහෝ දේශනා “ක්‍ෂණය” මත පදනම්වූ දේශනා නොවේ. එම දේශනා මගින් නිවන අවබෝධ කිරීම සැකසහිතය. එවැනි දේශකයින්  නිවන පිලිබඳ අවබෝධයක් ඇති අයසේ සැලකීමට අපහසුය.   

Sunday, May 22, 2016

අපි වයසට යනවාද ... වයස අපි ලගට එනවාද?



ඔවු...  මේ දෙකම සිදුවන්නේ එකටමය.උපන් මොහොතේ සිටම සිදුවන මෙම අඛණ්ඩ ක්‍රියාදාමය අප දකින්නේ එක්තරා මට්ටමක් දක්වා වැඩී.. පසුව අනුක්‍රමයෙන් දිරායන බවක්ය....
mature ... හෙවත් මේරීම ... තවත් ජනිතයෙක් මේ ලොවට දායාද කරන්න ඇතිවන හැකියාවයි... ගසක .. වැලක මේරීමද එසේම දකිමු.
නමුත් මෙය අපට හොරා අපේ සිරුර තුළම ඇතිවන රසායනික සංයෝගයන්ගෙන් ලැබෙන දෑවැද්දක් බව දන්නෝ කීයෙන් කී දෙනෙක් ද?එය වචනවලින් ලියන්න බැහ.
ලියන විටත් පටන්ගත් තැනින් බොහෝ දුරට පියඹා ඇති බැවිනි... rapidly changing ...අති ධාවනකාරී වෙනස්වීම ..
අනිත්‍යතාවය...
මෙය මිනිස් සිරුරට පමණක් සීමාවේද ?.. ජීව අජීව .. සැමට පොදු සාධකයකි.
මෙය තේරුම් ගන්නේ කෙසේද?....
ඔබ පහනක් දල්වයි..
අනු ක්‍රමික ක්‍රියාකාරිත්වය බලන්න.
1. පහන දල්වයි...
2. තෙල් රත්වෙයි.
3. තිරයේ පත්තුවන කොණට ජ්වලන අංකයට පත්වූ තෙල් පැමිණ ගිනි ගනී.
4. මේ ක්‍රියා දෙක සමගම තිරය ද දැවී කෙටිවෙයි...
මේවා එකක් පස අනෙක සිදුවේ යැයි ... කිව හැකිද?
නැහ. සියල්ල එකටම සිදුවේ... උප්පාද ... වය ධම්මිනො ...
කීවේ එයයි ... මේ ද්විත්වය එක්වරම සිදුවේ.
ලියන අපි වචන සොයන කොටම නික්මී හමාර බැවින් මේ දහම ලියන්න .. කියන්න .. දෙසන්න .. බැරි බව දන්නේ කීයෙන් කී දෙනාද?
ඒ අසන .. කියන .. ලියන .. දකින .. මොහොතේ ඔබ ඉන්නේ කොතැනද?
ඒ රැදී සිට්න්න හැකි තැනක් නොවේ.
මේ සියල්ල තථාගත දහමයි.උන්වහන්සේට මිස අපිට දකින්න බැරි දෙයක්.
පෘතග්ජනයා .. යනු තම කොටස .. මම .. මාගේ .. කියා වෙන්කරගත් අයයි... ඒ හින්දා අපිට මේ දහම ලියන්න පිළිවන.. අහන්න පිළිවන
ප්‍රත්‍යක්ෂ කරගන්න පිළිවන .. කියා සිතයි..
මේ නිසයි බුදුවරයෙක් පහළවෙන්න ඕන.උන්වහන්සේට මේ සියල්ල ආලෝකයේ වේගයට වැඩි වේගයකින් එකක් පස අනෙක වශයෙන් නොගෙන ඉතිරි නැතිවම ඒ ඒ ක්ෂණයේ දැකිය හැක.
(මෙය ඔබට මට හිතාගන්නවත් බැරිදෙයකි)
භූරිපඤ්ඤ තථාගත ... වන්නේ එබැවිනි.
පෘතග්ජන අපි තම තමා ගේ දෘෂ්ඨිකෝණවලින් දකිමින් නානා අරුත් සපයත්.
අන්ධයන් රැල අලියා වර්ණනා කළ විලසිනි.
අපි නොදන්නා එහෙත් දැනගතයුතු දැනුම් මාර්ගය.
--------------------------------------------------
විඤ්ඤානය ... කියන්නේ අපේ මතක ගබඩාවට. අපි ජීවිතයේ පළමුවරට දකින .. අසන .. අත්දකින .. ඕනෑම දෙයක් ඒ ක්ෂණයේ රසායනිකව රූපයක් සේ මතකයට යවනවා.දිතු කාලීන මතක .. කෙටිකාලීන මතක ලෙසත් ඒවා විග්‍රහවෙනවා..
එම අරමුණු .. සිද්ධි ... ප්‍රබලවූ තරමට ....හා..... ඊට අප අවධානය ..... යෙදූ ප්‍රමාණයට.... මතකය ... තීව්‍ර වෙනවා.
ඉගෙන ගන්නා දරුවනට දිගුකාලීන මතකය වගේම විභාගයට උත්තර ලියනකන් මතක තබාගතයුතු දේත් තිබෙනවා.. උගන්වන ගුරුවරැ ඒ සදහා විවිධ ක්‍රම ශිල්ප ඒ ඒ වයස් මට්ටමේ දි අනුගමනය කරනවා.
මේවා දැනුම හෙවත් knowledge ලෙස වටහා ගැන්ම ප්‍රමාණවත්.අප යමකට ඇස යොමුකරනවිට .. කණ යොමුකරනවිට 100%ක්ම යොමුවේද?
බසයක් බලාපොරොත්තුව පාරේ සිටින ඔබ සිහිය යොදන්නේ ඒ ගැන පමණක් ද නොවේ.තවත් බොහෝ දෑ වෙත සිත නිතැතින්ම යැවේ.
ඒත් පංතිකාමරයකට කොටුවී සිටින ඔබ එතරම් අපහසු තත්වයකට නොවැටී අවධානය දෙයි.( විශේෂ හේතු නැත්නම්)
එහෙනම් විභාග පේල් වෙන්න හේතුකාරක මොනවාද?
පැහදිළිවම .... අනවධානය ... බව කීවොත් ඔබ මා හා උරණ නොවනු ඇත.
ඔබේ සිතේ ඒ ඒ මොහොතේ ඇතිවන වික්ෂිප්ත භාවයන් තුළ බාධක මතුවෙනු ඇත.පළමුව සවන් දෙන්න සූදානම්වන ඔබ තම සිත ඊට නැඹුරුකරගන්න සමත් විය යුතුවේ.
ඝෝෂාකාරී පරිසරයක ඒ දුෂ්කරවනු ඇත...
සිතේ සමථය .. සමනය... ඉගෙනගන්නා දේ දරාගැන්මට අත්‍යවශ්‍ය වේ.
කුඩා ළමුනට සිත එක්තැන් කරගන්න ගුරුවරියක විසින් ඔවුනට ... ටෙඩි බෙයාර්ස් .. ලා ලබාදී ඔවුන් උදරය මත තබාගෙන විනාඩි 5ක් පමණ හුස්ම ගැන්මේ දී ඇතිවන අදර උස්පහත්වීම් උපයෝගී කරගෙන ...
ටෙඩී ... ඉහළට ...
ටෙඩී පහලට ...
යන ලෙසින් විධාන කරමින් සිත සමෝධාන ගත කරවා..
ගණිත පාඩමට පිවිස ඇත....
ඇය ගේ උත්සහය අතිසාර්ථක විණි.
මේ කතාවෙන් ඔබට ගතයුතු යමක් වේද?
ඔබ පාඩම් කරන්නේ එවන් සමථයක් සිතේ ඇතිකොට ගෙනද?
උසස් පෙළ විභාග ලංවන ... මෙවන් සමයක ....
ඔබ සිත දැහන්ගතකොට මතකසටහන් රුවාගන්න.
ඔබේම ක්‍රමයක් ඔබම සොයා ගන්න.
ඒ වඩාත්ම ඵලදායීවේ.
ජයමාවත .. ඔබ තුළමය..
දිරිමත්ව පා නගන්න...

මොකක්ද මේ සිරාවට ගන්නා .... විඤ්ඤානය ....


1. බල්ලෙක්...
2. නායට යටවුන ගමේ බල්ලෙක්...
3. මේ බල්ලා උගේ අයිතිකාරයන් නැති සොවින් නිරාහාරව බලා සිටී.
4 . බලන්න බලු ආත්මයක් ලබල වුණත් මේ සතා ගේ ගුණය..
මේ එක එක තනි තනි ප්‍රවෘත්තිය දිගහැරෙන විට ....
ඔබ ගේ සිතේ මතුවන රෑපය කෙබදුවේද?
පළමු ප්‍රවෘත්තිය පමණක් දුටුවේ නම් ... එයා ආවා ... ගියා වගේ දැනේවි.
දෙවන ප්‍රවෘත්තිය ඇස ගැටෙත්ම ... කණින් අසත්ම ..ඔබ මදක් විපිළිසරවේ...
තෙවන ප්‍රවෘත්තිය යම් සංවේදී තත්වයකට ඔබව පත්කරයි....
සිවුවන ප්‍රවෘත්තිය ..ආගමක ... දැනුමකට .. ඔබව හිරකරයි.
..............................................................................
මේ සියල්ල ඔබ තුළ එකම සිද්ධියකට අදාළව මතුවුණ සිද්ධි දාමයන්ය.
වැඩි වැඩියෙන් විස්තර ඒ අදාළ සිද්ධියට ලැබෙන විට ඔබ මුසපත් වෙයි.
මාධ්‍යය අප විඤ්ඤානය වැඩ කරන හැටි හොදින් දනී...
කොම්පැණිකාරයෝ.. මාධ්‍ය හරහා .. තම නිෂ්පාදන අලෙවිය තහවුරු කරත්.
දේශපාලකයෝ ද ඊට දෙවෙනි නැත.
දේශකයන් වහන්සේලාද.. පෙර අපර ගලපා තැනේ හැටියට ඇණේ ගසත්.
හොද නරක දෙපැත්තටම මෙය මේ අයුරින්ම සිදුවේ. ජාතිවාදය ..ආගම්වාදය ... පතුරුවන්නෝ කරන ක්‍රියා දෙස බලන්න.සිටුවන බීජයට මැනවින් ජලය .. පෝර... යොදා සාත්තු කොට මහ කැළඹීමක් ඇතිකොට බොර දියේ තම සිතැගි ඉටුකර ගනිත්...
මේ උගුලට හැමෝම අසුකරගන්න අමාරුය.ඒ ගොනා හැරෙන්නේ පොල් පැලය දෙසට බව ඉගියෙන් දැන ගන්නෝය.ඔබට මේ සමාජයේ අපල උපද්‍රව වලින් බේරී ඉන්නට ... ස්වාක්ඛාත වූ මේ දහම ....
ප්‍රත්‍යක්ෂයෙන්ම වටහාගෙන සිටීම ප්‍රමාණවත්ය...

Wednesday, May 18, 2016

නිත්‍ය සංඥාවේ සිට අනිත්‍ය සංඥාව දකින්නේ කෙසේද?


නිත්‍ය සංඥාව යනු බාහිර ඉදුරන්ගෙන් මේ රූප ලෝකය පවතින්නක් සේ පිළිගන්නා මානසිකත්වයයි... ඒ නිසා පවතින දෙයක් ... ජීවත්වන පුද්ගලයෙක් ඔබ දකී.
ඒ තත්වය සත්‍යයක් නොවන බව වටහා ගන්නේ කෙසේද?....
ඔබ ඉදුරන්ගෙන් කොපමණ උත්සහ කළත් මෙය කළ නොහැක.
ඒ සදහා ප්‍රඥාව ඇවැසිවේ....
නිදසුනක් ලෙස දැල්වෙන විදුලි බුබුලක් දෙස බලන්න... ඔබේ ඇස කියන්නේ එය නොනැවැතී පත්තු වෙන බවය.... එය ඇත්තක්ද? නැත.
විදුලිය යනු +-+-+-+-+-+- (ධන .. සෘණ ) ලෙස ගලායන ඉලෙක්ට්‍රෝන ධාරාවකි... ඇති වීම නැතිවීම එහි ගති සොබාවයි.
නමුත් ඒ දෙක අතර කාල පරාසය ඇසින් දකින්න බැරිය.බැරි නිසාම ඇස ඒ දිගටම පත්තු වෙනවා යන මුලාවේම ගැලෙයි.
නමුත් ඩයිනමෝවක ක්‍රියාකාරිත්වය වටහා ගත් කෙනා ඇතිවන .. නැතිවන සොබාව දකී.
ගිනි පෙනෙල්ලක් කරකවනවිට ගිනි වලල්ලක් පෙනේ.එය ඇත්තක්ද?
ජීවිතය ද මෙබදු ඇතිවන නැතිවන එකකි.එසේ ඇතිවන නැතිවන සොබාව සිතේය.එහි වෙිිගය නිසාම අපට මම.. ඉන්නවා යන ගතිය දැනේ.
සසර ..... යනු ඒ සිතේ ඇතිවන .. නැතිවන ක්‍රියාවලියයි.
සිතුවිළි මදකට නතරකර ඥානයෙන් කය දෙස බලන්න.එවිට සැබැව දැකිය හැක.
එවිට මමායනය .. මොහොතකට නතරවේ.
මේ මනසිකාරය.... කරන්නයි පස්සනා... පුහුණුව
පස්සනා කර කර සිටීමක්..... මිස එතුළින් අවබෝධයට පත්වන අය විරලය.

Thursday, May 12, 2016

දස්සනෙන සම්පන්නො...

දස්සනෙන සම්පන්නො... ^^^^^^^^^^^^^^^
දර්ශනයට පත්වීම ... යන්නෙන් කුමක් අදහස්වේද යන්න බෞද්ධ දර්ණය තුළින්ම විමසීම මාගේ අදහසයි. යම්කිසි න්‍යායාත්මක .. ක්‍රමයකට අනුගත වීමක් .... පිළිපැදීම් මාලාවක්.. මෙයින් අදහස් නොවේ. අදුර පලවා හැර ප්‍රඥා ආලෝකයෙන් තම දහම් ඇස පුබුදුවා ඥානය ලැබීමේ මගක් ලෙස මා දකිමි. “ තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධො එතං සතිං අදිට්ඨෙය්ය බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු ,, හිදිමින්.. ඇවිදිම්න් .. වාඩිවෙමින් .. නිදාගනිමින්.. යන සතර ඉරියව් තුළ සිහිය පවත්වා ගනිම්න් මෙත්තා .. කරුණා .. මුදිතා .. උපෙක්ඛා ... යන සතර බ්‍රහ්ම විහරණ වැඩීමෙන් පසුවෙන අයවෙත්.මේ අය දර්ශනයට පත්වීද?............... බුදුහු ඊට පිළිවදන් දෙන්නේ ... දිට්ඨිංච අනුපගම්ම ශීලවා .... දස්සනේන සම්පන්නෝ .... නහිජාතු ගබ්බසෙය්යං පුනරේතිථි... ශීල.. ව්‍රත .. හා වෙනත් දෘෂ්ඨි වලට නොපැමිණ .... දර්ශනකට පත්වේද එවැන්නන්ට පුනර්භව නැති බවයි. ( දීඝ නිකාය බ්‍රහ්මජාල සූත්‍රය) මට හොදක් වේවා! හෝ අනුනට හොදක් වේවා! ... කියමින් හෝ සිතමින් සිතුවිල්ලකක නිමග්නව සිටියාට සිදුවන කිසිදු යහපතක් අයහපතක් නැත. සිත දෙස බලමින් .. සුඛ .. දුක්ඛ .. අදුක්ඛම සුඛ .. වශයෙන් සිතට නැගෙන සිතුවිලි වර්ගකරමින් චින්තනයේ යෙදීම අද සතිපට්ඨානය වශයෙන් පුරුදු පුහුණු කරනු ලැබෙත්.මෙම බෞද්ධ භාවනාව කුමක් සදහාද ඇසුවොත් සිත විපිළිසර වේ. මෙයයි විමසිය යුත්තේ.. සිහියට පැමිණිය යුතු තැන... නැතිව එකී සිතුවිල්ලේම එල්බ සිටීම නොවේ. විමසන ඔබට සිත යන ධර්මතාව දක්නට හැක. ඇතිවෙමින් .. ඒ හා ම බිදෙමින් යන චිත්ත පරම්පරාව දකින්න.. සියලු දිට්ඨි.. මත .. ආගම් .. ලෞකික මාර්ග .. හුදෙක් සිත පදනම්ව ගොඩනැංවුණු සංකල්පනාවෝ බව දකින්න.. පුද්ගලාර්ථයක් එහි නැත. ඇත්තේ අනිත්‍යයට පත්වන ලෝක දහමකි. ඒ අද ... ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස විස්තර කෙරේ... මෙයද දහම් මගට පිවිසීමට මිස අල්ලාගෙන සිටින්න නොවන බවත් මතකයේ රදවා ගන්න. එබදු දැක්මකට පැමිණියාට පසු මිත්‍යා දෘෂ්ඨි යනු හුදෙක් ලෝකීය දේවල් බව පෙනේ. හොද .. නරක .. පිං .. පවු .. වත් පිළිවෙත් සිතුවිළි දහරාවේමය. දිව්‍ය .. බ්‍රහ්ම .. භූත .. පෙරේත .. කෙනෙක් සිටී .. යන සිතුවිල්ල පදනම්ව බව පෙනේ. මේ ජීවත්වන ලෝකයම තමා මවා ගත්තක් මිස හැබවක් නොවන බව දකී. එවිට .... අපාය .. දිව්‍ය ලෝක .. බ්‍රහ්මලෝක ... තිබේ ද නැතිද යන්න සිතා ගැන්ම ඔබටම භාරකරමි. අමු අඹයක් කෑ කෙනා දත් හිරිවැටී තිබිය දීම රසවත් කෙසෙල් ගෙඩියක් කයි.. දැන් ඔබට පැණිරසත් නැති.. ඇඹුල් රසත් නැති මොකක් දෝ රසක් දැනෙනු ඇති. සැබෑ ස්වභාවික රස විමසන්න නම් ..... අමු අඹ කෑ කෙනා දත් මැද ඇඹුල් ගතිය නැතිකොට ගෙන කෙසෙල් වල රස විදිය යුතුය.එවිට කෙසෙල් වල සොබාවික රස දැනේ. කුරුවල් වුණු සිතෙන් දහම් රස විදින්නත් සිතෙන් ඔබ අල්වාගෙන සිටින සියලු දෘෂ්ඨි .. මාන .. දැනුම් ... එතැන (එලොව) මෙතැන ... (මෙලොව) ... අද .. දැන් .. හෙට .. පෙර .. පසු .. මැද .. සිල්ලම හලාදැමිය යුතුය... කද බිම දැමිය යුතුය.. දැන් දහම් පහුරට නැගීමට සුදුසුකම් ඇත. කෙමෙන් ලෝකාර්ථයෙන් මිදෙනු ඇත. තවත් පහුරේම ඉන්නේ නම් ඔබ දකින ලෝකාර්ථයක් නැත.... එයද චින්තනයක්ම පමණි. කැණිමඩල බිද දැමීම යනුවෙන් දම්සක් සුතුරේ දක්වන්නේ ලෝකාර්ථය ද ඉක්මවීමයි. ලෝකය බිද දැමීමයි... යෝනිසෝ මනසිකාරය .. යනු සිතුවිල්ලේම ප්‍රවාහමට අසුවීමක් නම් එයද වැඩක් නැත. රූප .. වේදනා ... සංඥා .. සංඛාර ... විඤ්ඤාන .. ඉදුරන් හා එක්ව මවන සිතුවිලි ක්‍රියා දාමයක් බවම වටහා ගන්න. පංචූපාධානස්කන්ධා දුක්ඛා... ? දුක්ඛ ... යනුද මේ ක්‍රියාවලියමයි.. ඉපදීම .. ජරාව .. ව්‍යාධිය .. මරණය .. මිනිසාට දුකක් තමයි... පටිච්ඡ සමුප්පාද ධර්මය යනු ද මේ ලෝකීය දුක හටගන්නා ක්‍රමවේදය මිස.... යථාර්තය දැක ... පරමාර්ථයට මගක් පෙන්වීමක් නොවේ. සමුප්පාද ක්‍රියාවලිය බිද හෙලා මනසින් නික්මීම ... නිවීමේ මගයි.. ගෞතම දර්ශනයයි... එසේ නැතිව සම්මා දිට්ඨි ... සම්මා සංකප්ප .. මග වඩ වඩා සිටියොත් ඔබ තව තවත් හිරවේ. දිට්ඨි දක්නා සිත ... ලෝකය මවන සිත... මායාවකි. මනසින් නික්ම මේ මායාව දුරලන්න.. සිත .. යනු ධර්මතාවක් මිස ... එය ඔබේ හෝ මගේ නොවන බව වටහා ගන්න. හුදෙක් ධර්මතාවක්ම පමණක් බව වටහා ගන්න.දැක්මකට එන්න. එයට අයිතිකාරයෙක් නැත.. ඒ විශ්ව ගාමක බලවේගයකි.. විද්‍යනුකූලව සිත දක්නේ රසායනික ක්‍රියාවලියක් ලෙසයි.... විඤ්ඤානය යනු සිතේ මතක ගබඩාවයි. මතක නැති සොබාවට සිත පත්කොට ශල්‍ය කර්ම කරනු පෙනේ. ගැඹුරු නින්දේදී ද සිත අවදිව නොපවතී. සිහිය තුළ ගැඹුරු නින්දේ පවතින නොඇලුනු .. නොගැටෙන සිතක් ඇති කරගන්න හැකි නම් කෙතරම් ආශ්චර්යමත් වේද? මනස .. යනු සිතම ලෙස දකිතත් එය සිතේ අරමුණු වඩා තිව්‍ර කරවන්නක් බවයි පිළිගැන්ම.හනිසා මනසින් සිතක් දක්නට කැස කැවීම අණුවන ක්‍රියාවකි... සිතුවිල්ලෙන් තොරව සිතේ සොබාව දකින්න.එය ද අල්ලා නොගන්න... ක්ෂනයක අත්දැකීමක් කරගෙන වැඩෙන්න හරින්න.කරන්න නොයන්න. අරමුණු අල්ලා ගෙන හිරවන්න එපා... අරමුණ හුදෙක් ඉනිමගකි.නැග්ග පසු හලන්න. අරමුණු තුළ මිනිසා නොමිනිසා වෙන හැටි ඔබ දනී.... දරුණු ගණයේ අපරාධ ... විෂමාචාර ... එතුළිනි. බුද්ධ ... සම්මා සම්බුද්ධ ... අරමුණු නිසා සිත සසලවීම නිවා දමන්නකි. මේ දහම දැක්කා .... දහමත් අතහරී... සබ්බදානං ධම්ම දානං ජිනාති... සියලුම දානයන් ( අතහැරීම් වලට ) ට වඩා ධර්මය අතහැරීම ... උතුම් වන්නේ එබැවිනි. එවිට ලෝකීය උභය අන්තයන් ගෙන් හේ මිදුනාවෙයි.නිවුනා වෙයි. ----------------------------- @@@@@@@@@@@@ ----------------------------------- ආනන්ද විජයරත්න ( දර්ශනයට පත්වූ විටෙක ප්‍රශ්ණ හා පිළිතුරු තමා වෙතිනි. ) විමසත්වා! නිවත්වා!

Wednesday, May 4, 2016

හදුනාගත්තොත් ඔබ මා....




    

Ananda Wijayaratna
හදුනාගත්තොත් ඔබ මා...
***************************
සිතුවිලි භ්‍රමණය වන්නේම කැරකෙන්නේම තමා .. මම.. මුල්කරගෙනය.
මම ... කුකුළෙක් ... දැක්කා.
මෙහි කර්තෘ හෙවත් උක්තය කවුද? ... මම .... ය.
කර්මය කුමක්ද ? .... කුකුළාය ....
උක්තයයි ... කර්මයයි... දෙකම නැති තැන .... දැක්කා... යන දම්මය ... (පැවැත්ම) පමණි.
කම්මස්ස කාරකො නත්ථි ( කර්ම කරන්නෙක් නැත) අකර්මක
විපාකස්සච වෙදකො... ( කරන්නෙක් නැති තැන)..... විදවන්නෙක් ද නැත )
ශුද්ධ ධම්මා පවත්තන්ති.... ( ශුද්ධ වූ ධර්මතා පමණක් වේ)
එවෙතං සම්ම දස්සනං... ( සම්‍යක් දර්ශනය යනු එයයි)
ඔන්න ඔබ සම්‍යක් දර්ශනයට
සම්බුද්ධ දර්ශනයට පත්වන හැටි.
මේ හරියටම ඉල්ලකයට වැදුනානම් .. සක්ඛාය දෘෂ්ඨිය හෙවත්
මමය ... මාගේය... යන මමායනයෙන් අස්මි මානයෙන් සදහටම මිදේ.
දැන් ඔබ සොවාන් වී හමාරය.
තව ඉතින් ශීලබ්බත පරාමාෂ... සිල්.. ව්‍රත සමාදානය .. සැකය .. මිථ්‍යාව .. විමසන්න.
නිරර්ථක බව එවිට ... පෙනේ. දැනේ.
 රූපය අල්ලා ගැනීම.
( වදාරා ඇත්තේ දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති - දුටුවොත් දුටුවා පමණි) කියාය


Monday, May 2, 2016

මනසින් නික්මීම ගෝතම ශාසනයයි
සචිත්ත පරියෝදපනං .. ඒතං බුද්ධානුශාසනං. .. මේ අනුශාසනය කියනවාට වඩා බුදු පණිවිඩය ලෙස ගැනීම අර්ථවත්වේ. ඇත්තෙන් ම මේ පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගතහැකි දහමක් ... ගැඹුරු බව කියන්නේ අපව අන්දවන්නයි. තථාගත දහම යනු පවත්නා ආකාරයයි.යථාර්තයයි... සැබවයි. ඇත්ත ඇති සැටියෙන්ම දැක්මයි... මොකක්ද මේ ඇත්ත. උපදින කොට මෙය සුදු රෙදි කඩක් මෙන් පිවිතුරුය.... ප්‍රභාස්වරය. මනසට කිසිම රූපයක්.. හැඩයක් ... පාටක්.. පැවත්මක් .... නැත. හැඩ වැඩ දමා ගන්නේ අප විසින්මයි. අප වටපිටාවෙන් මය. මෝඩ බූරුවා... කාලකන්නියා... තකතිරුවා... පෙරේතයා.. දක්ෂයා ... කාල කළමණාකරුවා ... ඥානවන්තයා ... නිර්ලෝභියා.. මේ හැම තැනම ඇති එක දෙයක් වේ.ඒ සිත හා බැදුන සිතුවිල්ලයි. මේ තියෙන සිතෙන්ම සිත විමසන්න්න.එවිට ඇති නැතිවන දහමක් මිස සැබෑ මමෙක් නැති බව පෙනේ. එවිට මතුවන ප්‍රඥාවෙන් ඔබට සියල්ල පැහදිළිවේ.. මග ඉබේම විවරවේ. නිවේ. ඒ සදහා උත්සහ කරන්න කරන්න ඥානමග දුරස්වේ. ප්‍රාර්ථනා.. පෙරුම් පිරීම .... දාන .. ශීල.. ව්‍රත සමාදානය ඇවැසි නොවේ. සෝත ආපන්න .... සෝතාපන්න යනු දිය පහරට වැටීමයි.එසේ වැටෙන්නේ මමෙක් නැති බව දැක්මෙන් ඉබේමයි.එසේ වැටුණ කෙනා ඉබේම කරදරවලින් තොරව නිදහසේ ගලා යයි. තමායැයි අල්ලා ගත් කෙනා ඉවුරුවල හැපී සුළියක් සාදාගෙන තමා වටා ඇති අන් සියල්ල ඇද ගෙන තමාත් භ්‍රමණයවේ.(භවෝඝය) නිරතුරුව උත්සහ කළත් මමායනය බිදෙන තුරු ගොඩට ඒමක්නම් නැත. මෙය ඔබේ ලෝකයයි .. මගේ ලෝකයයි.( චිත්තනෙ නියතී ලෝකෝ.. ලෝකය පනවා ගන්නේ සිතෙනි ) මේ ලෝකයෙන්... සිතෙන් ... සිතුවිල්ලෙන්.... මිදෙන්නේ කොහොමද?... මෙය අමාරුබව හැමෝම කියති. හොරා අල්ලන්න නම් පළමුව හොරා ගේ තොරතුරු නැතිව බැරිබව පොලීසිය දනී. එවගේම ඇතිවන බිදෙන සිත සිතෙන්ම දකින්නේ නැතිව.. නොදැක අපහසු වෙනවා. ඔබත් සිත පළමුව හදුනාගත යුතුම වේ. සිතුවිල්ල ..... හැම විටම තමා ..( මම ).. වටා කරකැවෙන්නෙකි.. (ගැඹුරු නින්දේදී හැර ) එසේ නැතිවූ විට ඊට පැවැත්මක් නැත. සිතුවිල්ලෙන් .. මම... ඉවත් කරගන්නා ක්‍රමවේදයක් බුදු පණිවිඩයේ ඇත. පහසුම විදිහ හා ක්ෂණිකවම පලදැරිය හැකි ඒ ක්‍රමය දාරුවිරියට දෙසූ ..... දැක්කොත් දැක්කා පමණි... ඇසුණොත් ඇසුනා පමණි... දැනුනොත් දැනුනා පමණි... වින්දොත් වින්දා පමණි.. ලෙසය. දළ අදහස උපාදානය නොකරන්න ... අල්ලා නොගන්න.. යන්නයි. ඔබ දවස තුළ දකින සියල්ල සිතේ රැදේද? එහෙමනම් ඉගෙන ගන්න අපට කොච්චර ලේසි වෙයිද? ඇයි අමතක? අල්ලා නොගත් නිසාවෙනි. (උපාදානය නොකළ බැවිනි.) මෙයයි බුද්ධ පණිවිඩය ... අතහැරීම... නික්මීම... අල්ලා ගන්න තරමට දිගහැරේ.. සංසාරවීම.. (ස්වයංසාර .... ඉබේම සවිවීම) යනු එයයි. අතහැරීම නිවනට මග බවයි බුදු පණිවිඩය. අපේ දේශකයෝ අපට වදාරන්නේම මා කියන බණ හොදින් අසාගෙන ...අල්ලාගෙන.... දරාගෙන සිතේ දාගෙන.... (සුනාථ .. ධාරෙත..) කනවෝ කනවෝ යැයි.කියන්නයි. බුදුබණ මනසින් නික්මෙන්නයි. (යෙ සුප්පයුත්තා මනසාදල්හේන නික්ඛාමිනො ගෝතම ශාසනම්හි) ඥාන පහළවන්නේ මනසින් නික්මෙන විටයි. ඒකට අරමුණු බාධා කරයි. ඒත් බමුණු දහමේ වදාරන්නේ අරමුණකට සිත එකග කරන ලෙසයි. අන්තිමට කියා දෙන ගුරුවරයත් අතරමං.. අසන්නාත් අතරමං... මම අතහැරීම කෙසේ වෙතත් මම තරවීමක් පමණක් සිදුවේ. සිතුවිල්ල තමා වටාම යන්නකි. * 1.මම... 2.මලක් ... 3.දැක්කා... (සිතුවිල්ල) 1. කරන්නෙක්... 2. අරමුණක්... 3. කර්මයක් (ක්‍රියාවක්) වශයෙන් පහසුව සදහා මේ මූලිකාංග 3 කට සරලව බෙදා ගමු. * පළමුව ... මම ... අත්හරින්න. * දෙවනුව ... මම මලක් .... යන දෙකම අත්හරින්න. දැන් ඉතිරිව ඇත්තේ..... දැක්කා .... යන සොබාදමේ ක්‍රියාවලිය පමණි. ... දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති ... දැක්කොත් දැක්කා පමණි--- බුදුහිමියන් දාරුවියට වදාල දේ..? අපේ දවසේ වැඩ තුළම නැද්ද? අපි හැම දෙයක්ම හිත හිතාමද කරන්නේ.. කන්නේ බොන්නේ සමහර වැඩ කරන්නේ ...වාහන එලවන්නේ? සිතුවිල්ල ... ගැන හරිහැටි නොදන්නා නිසාම එය නවතාගන්න බැරිබව ඔබ කියාවි. භාවනා කරන්නෝත් එක තැනම හිරවී ඉන්නේ එබැවිනි. මනස තුළම ඒකාග්‍රතාවයක් ඇති කරගැන්ම හින්දු භාවනාවයි... ධ්‍යානයි... බ්‍රහ්මත්වයට මගයි.. ඒත් ආපසු ඔහු (පුද්ගල සංකල්පය) සුගතියෙන් දුගතියටම වැටෙයි. සිදුහත් බෝසතුන් තමාම මෙය දැක අවුරුදු 6කට පසුව අත්හැරියා...ඒත් ඒක දැනගෙනත් අපි තාම ඒකම අල්ලාගෙන ඉන්න හදනවා...... ඒකම ප්‍රගුණ කරන්න උපදෙස් දෙනවා. ඒකයි අරුමය. අපි නැවත .... දැක්කා.... කියන තැනට එමු. මෙතන සිතුවිල්ලක් තිබේද? නැහ. හිස් අහස දෙස බලාසිටින්නාක් මෙනි.... අරමුණක් ගෙන ඒ දෙසට සිත යොදන්න ඔබට උගන්වා ඇත්නම් ..... එම අරමුණ දෙස බලා සිට ..... එම අරමුණත්..... ඔබත් ..... අතර හිස් අහසට නෙත යොමන්න.සිත යොමන්න ඒත් සිතුවිල්ල කියන සංසිද්ධිය එතැන නැති බව ඥානයෙන් දකින්න. ටික වෙලාවක් සිට අරමුණ බලන්න.... එවිට ඒ බොදවී ඇත්නම් ඔබ තරමක් සාර්ථකය. මෙලෙස වැඩිය උත්සහ නොකර.... විවේක විටෙක දින චරියාවේ කොටසක් ලෙස කෙමෙන් අත්දකින්න බලන්න.... ඔබ ටික දිනකින්ම සාර්ථකවේවි. හැබයි....ඔබතුළ ම ඇති දැනුම පොදි... මිථ්‍යා විශ්වාස මීට බාධාකරයි. (මාරපායාසයන්) ඒවා ගැන කලබල නොවන්න. සුනීත මෙන් අශූචි කද බිම දමන්න... ආයාසයෙන් තොරව දකින්න. ඔබ මෙය පිළිගත්තේද එතැන මම ඇත. ඔබ මෙය පිළිකෙව් කළේද ඒත් එතැනත් ... මම ...ඇත. තමා නැතිව ප්‍රථිඵල අත්විදින්න. ප්‍රාර්ථනා නිශ්ඵලය. කාටහෝ ප්‍රාර්ථනාවෙන් නිවන දිය නොහැක. මරණයට පසු පිං යවන ගිණුමක්ද ගිණුම් අංකයක්ද නැත... එසේ කියන්නෝ උදරපෝෂීහුය. ඒ ඒ ක්ෂණයේ නිවන අත්විදින්න. ඒ ඒ ක්ෂණයේ සිත විපිළිසර වීම අපාය ගාමී වීම මිස ස්ථානයක් නොවේ. ... බොරු සසර බිය.... අත්හරින්න. මමෙක් දැනටත් නැති නම් ( එහා ලොවකට .... අපායකට ..... දිව්‍ය ලෝකයකට යන කිසිවෙක්ම නැහ.... යන සත්‍ය යේ පිහිටන්න. එම සත්‍ය යේ පිහිටෙන් බව දුකෙන් මිදෙන්න...) බුද්ධ දර්ශනය බවරෝගයෙන් මිදෙන්න අදාළ වන්නක් මිස වෙනත් පුද්ගලාර්ථ පසුව.... බුද්ධාගම... ලෙස බමුණු දහමින් පැමිණි දේ ලෙස විමසා සැක නොකර අත්හැර දමන්න... ඒ මොහොතේම නිවන අත්විදින්න. එයට ඔය කියන මහා ප්‍රඥාවක් හෝ පෙර පිං මහිමයක් ඇවැසි නැත. ( අසාගත් දැනුම තුළ නොසිට හංසයා කිරිවලින් වතුර වෙන්කරගන්නා සේ දේශිත සැබෑ තථාගත දහම තුළින්ම යථාර්තය ...මතු කර තමාම දැක තමාම විමසා තිරකොට ගන්න. නත්ථිමෙ සරණං අඤ්ඤං....... මෙය අන් පිහිටක් තියා තමාට තමාවත් සරණ නැති දහමකි. ඥානයෙන් විමසත්වා.. ප්‍රඥාව පහළකොට ගෙන සෝතාපන්න වෙත්වා!!!.. ඉබේ ගලායන දිය පහරට එළැඹෙත්වා. (ආනන්ද විජයරත්න)......