Sunday, August 4, 2013

ආස්ථිකවාදය(ඇත).... නාස්ථිකවාදය (නැත) යන ද්වතාවය

ආස්ථිකවාදය(ඇත)....    නාස්ථිකවාදය (නැත) යන ද්වතාවය


මෙය පුද්ගලයෙක් ඇත (සක්කාය දිට්ඨි)
පුද්ගලයෙක් ...... නැත ( උච්ඡේද දෘෂ්ඨි)

මේ දෙකම බුදු හිමියන් අනුදැන වදාරා නැත.උන්වහන්සේ ගේ දේශණාව වන්නේ කරන්නෙක් කරවන්නෙක් නොව හුදෙක් පවත්නේ ධර්මතාවයක් බවයි. ධම්මතාවය කුමක්දැයි විමසුවොත් එකකට එකක් හේතු ප්‍රත්‍ය වෙමින් සමුත්පන්නව පවත්නා තත්වයක් මිස අන් කෙනෙක් නොවේ.
මෙසේ ඇති / නැති.. අන්තවාදය වෙනුවට මේ දෙකට අතරින් යන මැද මාවතක් විවරකොට ඇත.
එහි පූර්වාංගය “සම්මා දිට්ඨියයි“... නිවැරැදි දැක්මයි. එතැන නිවරද කරගත්විට මේ ධර්මතාවය දැකීම අපහසු නොවේ.
     මෙය අපේ ඇසට, කණට, නැහයට, දිවට,කයට, සිතට දැනෙන දෙයට(සම්මුතියට) විරැද්ධව යන දෙයකි.එනිසා මෙය පෙර නොඇසූ විරූදහමක් විණි. ගිනිපෙනෙල්ල කරනවන විට ගිනිවලල්ලක් පෙනේ. බෙරයට තට්ටු කරනවිට පමණක් හඩක් නැගේ.එනිසාම මේ ඉන්ද්‍රිය මායාව මිරිගුවක් ලෙස දැකිය යුතුය.
නමුත් ඉන්ද්‍රිය අරමුණු තුළ හිරවි සිටින ජනයා ප්‍රශ්ණකරන්නේ ඇයි මේ පෙනෙන,දැනෙන,දෙය නෑ කියන්නේ. ඔල්මාදද? කියාය. ඉතින් ඒ ගැන අප කලබල නොවිය යුතුයි.බුදු හිමියන් අවු.45ක් දේශණාකොටත් වැඩි දෙනා තේරුම් නොගත්ත මේ දේ අද මෙසේ ලීවාටම පිළිගයිද? මෙය සත්‍ය යේ  දර්ශනයයි.දැක්මයි. හුදු ආගමික මතවාදයමක් නොවේ.
                         එනිසා ඇසෙන,පෙනෙන, දැනෙන දේ නැහැයි කීවාම මිනිසුන් කොහොම ප්‍රතිචාර දක්වයිද? තේරුම් ගනීවිද යන කුකුසක් බුදුන්වහන්සේට පවා ඇතිවීම සාධාරණය. ඊයේ,අද, හෙට, කියා කාලය පිළිගත් සමාජයකට “අකාලික“ දහමක් කොහොම තේරුම් කරන්නද?යන ගැටලුව උන්වහන්සේට ද  මතුවිණි. ඒ සදහා විවිධ ක්‍රමෝපායයන් ඒ ඒ පුද්ගල යන් අනුව යොදාගත් බවක් පෙණින. ඒ නිසා උපමා රූපක සමග සම්මුතික දේශණා වගේම පරමත්ත දේශණාද යොදාගැණින.
                                      නුවණැත්තෝ එහි හරයම ගත්හ. අනෙක් අය ගෙඩිය පිටින් ගත්හ. ගෙඩිය පිටින් ගත් අයට මේවා හිත නිවන කතා පමණක්ම විය. සාධුකාර දී  සත්‍යය බැහර කළහ. එදත් අදත් කවදත් මේ සත්‍ය යේ මාවත නුවණ ඇතියනටම සීමා විය. ඔවුන් වහ වහා හදුනාගත්හ. තව කෙනෙක් කළණමිතුරු ඇසුරෙන් මෙය පසුව වටහා ගත්හ. තවත් අයට මෙය කිසිදා දැක ගත නොහැකිවිය. ඔවුහු හණමිටි මිටි පිටින්ම ඔසවා ගෙන මේ ජීවන ගමන යෙත්.
                              දැනුම මනසින් අත්හැර නුවණින් සැබව වටහා ගත් අය එවෙලෙහිම නිවී සැනසී බෝධියට පත්වූහ. නිවුණහ. මෙය අත් නො හල අය නො අනුදත් සසරක බියක්, දුකක්, බරක්, ඔසවා ගෙන කසිකබල් ටින් බෙලෙක්ක ඔසවා ගෙන යන පිස්සන් මෙන් අතොරක් නැති ගමනක යෙත්. ඔවුනට මෙම ජීවිතයත් අහිමිය. ඊලග එක ද අහිමිය.
ආනන්ද විජයරත්න(andaw)

No comments:

Post a Comment