Tuesday, August 6, 2013

අනාර්ය වූ වත් පිළිවෙත් මගින් බැහරට ගිය ආර්ය මාර්ගය.. මජ්ඣිමා පටිපදා.

බුදු හිමියන් බැහර කළ එවකට පැවතියාවූ “ආත්“ම දහම
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
ආත්මයක් ඇති තැන... කර්ම හෙවත් ක්‍රියා කරන්නෙක් ..... කරවන්නෙක් .... විදින්නෙක් ..... විදවන්නෙක්....හෙවත් පුද්ගලයෙක් / සත්වයෙක් /සිටී. එනිසාම සුර/අසුර/දිව්‍ය/බ්‍රහ්ම/මාර/ සිටී....... කාම ලෝක / රූප ලෝක / අරූප ලෝක ඇත. යථාර්ත වාදී නොවේ......... විඤ්ඤානවාදී වේ ..එනිසාම මිථ්‍යා දෘෂ්ඨික වේ..... සම්මුතික වේ.ජාති හෙවත් උත්පත්ති ඇත.... එනිසාම නාම/රූප ඇත. විදීම(වේදනා../ සුඛ/දුක්ඛ )ඇත... අතීත/අනතීත වූ කාලය පිළි ගැන්ම නිසා පැවත්ම හෙවත් තිථිය ඇත. ඒ තුළ දුක ඇත... ජරාව හෙවත් වයසට යාම ඇත.... සම්මුතික මරණයක් ඇත. කොටින්ම කියනවා ඉන්ද්‍රියමය දැනුමෙන් අල්ලාගත් .... භෞතිකමය වූ ලෝකයක් ඇත. භාෂාමය තර්ක විතර්ක ඇත. ඒ තුළ සංදේශණ / සංනිවේදන ඇත. ප්‍රතිපත්තිමය වු වැඩ පිළිවෙලවල් ඇත.
“බුද්ධ“ දේශිතයක් වූ “අනාත්ම “ දහම


ඉහත සදහන් වූ ලෝකීය දේවල් නැති හෙයින් “ ලොකෝත්තර වීය..... විඤ්ඤානවාදී නොව ඥාන දර්ශණයක්ම විය. දැනුම මත පදනම් වු චින්තනයට/දැනුමෙන් ලත් අවබෝධයට හසු නොවේ. එනිසාම ..... වාද/සංවාද, දෘෂ්ඨි නැති නිසාම සම්මා දිට්ඨිවීය. එනිසාම ද්වි අන්ත නැත. එනිසා භෞතිකමය සංකල්ප වලින් මිදි යථාර්ථවාදී දහමක් විණි. ලෝක ධම්මතාවය එතුළ ඇත. බුදුවරු ලොව පහළවුවත් නැතත් මෙම ධම්මතාවය පැවතේ. ඒ තුළ බුදුවරු පහලවෙත්.අන්තගාමිත්වයට පත්වූවනට මැද මාවතක් දැක භවය කෙළවර කොට දුක් වේදනා නිවාගෙන ගිනිගත් සසරින් එගොඩවීමට මාවත පැහදිළි කළහ. එය තේරුම් ගෙන නිවි සැනසෙන්න පිළිවන.

මැදමාවත හෙවත් අන්තගාමිත්වය හැරදා යන ඥානමය ආර්ය වූ මග

ලෝකය / පුද්ගලත්වය / කාලය / පිළිගැනීම නිසා ඇති කරගත් තණ්හා... දිට්ඨි .... මාන... දුරලා අවිද්‍යාවෙන් විද්‍යාවට පත්ව මැද මාවතේ පළමු පඩිය වූ “ සම්මාදිට්ඨියට “ පත්වේ. මෙය යටම පඩිය වුණාට තිබිය යුත්තේ ඉහළිනි. ඇයි ඉහළ සිට පහළ බලන විට සියල්ල මනාව දර්ශනය වන බැවිනි.
කදුමුදුනට නැග ගත් කෙනාට පහළ මිටියාවත යම් සේ පැහදිළිව පෙනේද එපරිද්දෙන් ආර්ය දිට්ඨියට අනුගත වූ විට එකිනෙකට සම්භුතවෙමින් පටිච්ඡ වෙමින් හේතුඵලවාදීව යන මේ ඥානදර්ණය දිස්වේ. එතුල අනෙක් සියලු ආර්යමය වූ සංකල්ප ජීවන දහම දැක පුද්ගලාර්යෙන් ඇති අනාර්ය පටිපදා හැරදමා ඒ හේතුවෙන්ම නිවෙන්න/ භව නිරෝධය කරන්න මග හසර විවරවෙයි.
නිරෝධ ධර්මය... 

ගිනිගත් ලෝකයට දෙසූ ගිනි නිවාගන්නා මගයි. භව නිරෝධය තුල පුද්ගලයෙක් පැවත්මක් නැත.
ඇත්තේ සම්බෝධියයි. (. මෙය දැනුමෙන් ලබන අවබෝධය නොවේ ..... දැනුම හැරපියා ලබන චිත්ත පාරිශුද්ධියයි.) චින්තනයෙන් බැහර වීමයි. කායික තත්වයක් නොවන නිසා සියල්ලෙන් මිදුනාවෙයි. 
“බුද්ධ“..... 

පරමාර්ථ ඇති තැන “බුද්ධ“ පහළවන්නේ නැත. 
යථාවබෝධය තුළ “බුද්ධ“ වැඩසිටී.“ 
“වක්කලී මාගේ බාහිර කය දෙස නොබලව. එය සැමගේ මෙන් ජරාවට / ලෙඩදුක්වලට/මරණයට 
ගොදුරු වන්නකි.“ එයට ලොල්වන්නේ නැතිව ඇත්ත ඇති සැටියෙන් දකින්න අප්‍රමාද වන ලෙසට අවවාද කෙරිණි.
බුදු සමය....

මෙය අධ්‍යාත්මය පිළිබද විමසන ඥානමාර්ගයකි. සිත නිවාගෙන දකින්නකි. සිතේ හැසීරීම පිලිබද විවරනයකි. සිතෙන් සිත දකින්නකි. “ මනෝපුබ්භංගමා ධම්මා ‘ .... මනස පූර්වාගමයක් කර ගත් දහමකි. සිත නමැති ඉන්ද්‍රිය.. මනස නැමති ශක්තිය කරා ගෙනියන ඥාන මාර්ගයකි. 
“සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං“.... ක්ෂණයක් පවා නොපවත්නා.... “උප්පාද“ .... සමග “වය“ හෙවත් වැනසුම එකෙනෙහිම ඇතිවන බව විද්‍යාඥයින්ට පෙර තුමූම ස්ව අවබෝධයෙන්ම දැක වදාල .... සිතේ හැසිරීමක් මිස ..... පුද්ගලාර්ථයෙන් මිදුන ආත්ම සංකල්පයෙන් බැහරට ගිය.... එනිසාම උප්පත්ති මරණ නැති යථාර්ථවාදී වූ ලෝකාර්ථය ඉක්මවූ ආර්ය මාර්ගයකි.
අද මේ මාර්ගයෙන් පිට පැන .... පුද/පූජා/ප්‍රතිපත්ති ඔස්සේ හැල්මේ දිවෙන ආත්ම සංකල්පයම ඉස්මතුකොට ගත් ආගමක් පසුපස යනුපෙනේ. ඥානමාර්ගය හැර දමා ඇත.ආර්ය වෙනුවට අනාර්ය මාවතවල් ඔස්සේ යනු පෙනේ. එයයි අවාසනාව.
සැමට ආර්ය මාවතම විවර වේවා!.........

(ආනන්ද විජයරත්න)
https://www.facebook.com/groups/mindcalm/

No comments:

Post a Comment