Thursday, August 22, 2013

විඤ්ඤානය නිසා නාම රූප පවතීද?......... නාමරූපනිසා විඤ්ඤානය පවතීද ?

විඤ්ඤානය නිසා නාම රූප පවතීද?
^^^^^^^^^^^^^^^^^^^
නාමරූපනිසා විඤ්ඤානය පවතීද ?
^^^^^^^^^^^^^^^^^^^
එකකට එකක් හේත්තුකොට තබා ඇති බටදඩු මිටි දෙකක් එකක් නිසා අනික නොවැටී පවතී. එකක් ඉවත් කරනවිට අනෙක බිමවැටේ. මේ අයුරිනුයි විඤ්ඤාන හා නාම/රූප පවත්නේ. එකක් නැති තැනක අනෙක නැත.
එනිසා කවුරු හෝ ආත්මයෙන් ආත්මයට ගමන් කරන විඤ්ඤානයක් ඇතැයි පැවසුවොත් “සාති“නම් භික්ෂුව බුදු හිමියන් විසින් එසේ ප්‍රකාශ කිරීම තුළ ගර්හාවට ලක් කළ සේ අප විසින්ද එසේ පවසන්නා ගර්හාවට ලක්කළ යුතුවේ.
අප ගෙවන මේ ජීවනගමන තුළම මිස මෙම සම්බන්ධය පරලෝකයකට බැදෙන හුයක් නොවේ.

No comments:

Post a Comment