Saturday, February 2, 2013

" සාමුක්කංසික දේශනා"


 " සාමුක්කංසික දේශනා"


බුදුරදුන් වදාළ පිළිවෙළ කතා දියට වන් පුද්ගලයාට දිය ගලා යන පහළට පිහිනීම පහසු කාර්යයකි. දියෙහි උඩු අතට පිහිනීමට නම් යම් වීර්යයක්, ආයාසයක්, වෙහෙසක් දැරිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පර්යාප්ති (පෙලදහම දැනගැනීම), ප්‍රතිපත්ති (දැනගත් දහම ක්‍රියාවට නැඟීම) හා ප්‍රතිවේධ (ක්‍රියාවට නැඟීම තුළින් ප්‍රත්‍යක්‍ෂ කිරීම,) වශයෙන් ත්‍රිවිධ වෙයි. එකී ධර්මය අවබෝධකර ගැනීමට නම් ඉහත කී පරිදි දියෙහි උඩට පිහිනීම වැනි යම් වීර්යයක් දැරිය යුතුය. මේ දහම ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත ‘පිළිවෙළ කතා’ වශයෙන් හැඳින්විය හැකිය.


සදහම් මෙගහි යෑමට ශ්‍රාවකයා තුළ කැමැත්තක්, අවබෝධයක් ඇතිකිරීමට බුදුරජාණන්වහන්සේ මේ පිළිවෙළ කතා ක්‍රමය බොහෝ විට අනුගමනය කළ බව ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ලෝක සම්මත ධර්මයට ගරු කරමින්ම පරමාර්ථ දහමට තම අනුගාමිකයා පොළඹවා ඇති බව මේ කතා මාර්ගයෙන් සනාථ වේ. ඒ වන විට දේවවාදි නා අදේවවාදි ආගම් තුළින් ජනයා පෙළ ගස්වා තිබුණේ දිව්‍ය ලෝක සම්පත් හා බ්‍රහ්ම ලෝක සම්පත් අනුභවය සඳහාය. ඔවුනගේ ‘නිවන’ ද ඒවාම විය.

එහෙයින් බුදුරජාණන් වහන්සේ තම ධර්මය තුළින්, දීමෙන් (දානයෙන්) මෙම දිව්‍යලෝක සම්පත්තිය ලැබිය හැකි බවත් සමාධි භාවනාවෙන් බ්‍රහ්ම සම්පත් ලැබිය හැකි බවත් දේශනා කරමින්ම කාම, රූප, අරූප භව සම්පත්තීන්හි ආදීනව දේශනා කළ සේක. ආදීනව දේශනාව මගින්, තම අනුගාමිකයා කාමයන්ගෙන් මුදවා ගැනීමට නෙක්ඛම්ම දේශනාව කළ සේක. කාම සම්පත්තින්හි ආදීනව දැක නික්මුණු ශ්‍රාවකයාගේ සිත සාමුක්තංසික (ගැඹුරු) දේශනාවට මෙහෙයවන ලදී. මේ එක් එකක් පෙළදහමෙහි හා අටුවාවන්හි එන අයුරු මෙසේ පෙළගැස්විය හැකිය. ඒ පිළිවෙළ කතා නම්, 1.11 දාන කතා 2., ශීල කතා 3., සග්ග කතා 4., ආදීනව කතා , නෙක්ඛම්ම කතා,   සාමුක්කංසික දේශනා වශයෙනි.
මෙම කතා ගැන අප අසා ඇත්තෙමු.සමහර අයට ඉන් බැහර බුදු දහමක් නැත. ඒ තරමටම හුදෙක් ප්‍රතිලාභ සදහාම ආගම විශ්වාස කිරීමෙනි.එනිසා ඉන් බැහර දර්ශනයක් ලෙස බුදු සමය දක්නා කෙනෙකුට " සාමුක්කංසික දේශනා" ම වැදගත් වන හෙයින් ඒ ගැන පමණක් පහතින් උපුටා දැක්වීමි............
 (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සහකාර ලේකම් කේ.කේ. සුගතපාල)
(පෙළ ගැස්ම ආ.වි.)

No comments:

Post a Comment