ලෝක ධම්මතාවය. [ Lokadhammathaawa. ]
“ උප්පාදෝ පඤ්ඤායති - වයෝ පඤ්ඤායති ඨිථත්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ,, උපතක් පනවමි… වයක් ( වැයවීමක් ) පනවමි – නිබද වෙනස්වීමක් ( සංස්කරණයක් ) පනවමි. ජීව අජීව සැමට එකලෙස බලපාන මෙම ධම්මතාව අප කෙනෙක් ඉපදුනා … කෙනෙක් මියගියා ලෙස දින යොදා ගෙන වයසත් ගණනය කරමු. උප්පාද + වය – ධර්මතාව තුළ යමක ඇතිවීම හා සමගම නැතිවීම ප්‍රකාශ වන අතර ඒ දෑ සංස්කරණය වෙමින් ගලායන සොබාවක් ද ඇත.
Tuesday, June 16, 2026
Saturday, October 7, 2023
නිවන අත ළග
අපි ජීවත්වෙන මානයක් තියෙනවා. ඒක තමයි කාලය සහ අවකාශය. තවත් විදියකින් කියනවා නම් ත්රිමාන ලෝකය (Three Dimension World). කාලයට සහ අවකාශයට සාපේක්ෂව තමයි අපේ ජීවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නේ. මේ අවකාශය තුළ පවතින දිග x පළල x උස කියන මානය තමයි අපිට අයිති මානය. මනුෂ්යයාගේ පෘථිවිය මත ජීවිතය වෙනත් මානයන් සඳහා පරිවර්තනයක් වීමට පවතින්නක්. නිවන කියන පරම නිෂ්ඨාව අරමුණු කරගෙන තමයි ඔබගේ ජීවිතය පවතින්නේ.
Monday, May 11, 2020
(කෙනා උපදින්නේවත් කෙනා මිය යන්නේවත් නැත. )
කවුද එතකොට මේ ඉන්න කෙනා... ?
" කෙනා " හදාගත්තේ අපමය.සොබාදහමේ පැවැත්මට අනුව ජීවයක් බිහි වේ...
එම ජීවය තම පුතා දුව කියා පළමු බන්ධනය දා ගනී.
ඊ ළගට උපන් දිනයක් නමක් ලියාපදිංචි කොට නීතියක් තුළ තමා ගේ කරගෙන ලෝකය තුළට සිංහල බෞද්ධ හෝ වෙන ඕනෑම ලේබලයක් අලවා රිංගවයි.
දැන් ඔහුට නමක් ඇත... වයසක් ඇත... ජාතියක් ඇත.. ආගමක් ඇත ... භාෂාවක් ඇත... සංස්කෘතියක් ඇත....
නැණ නුවණින් කල්පනා කරන විට මේ සියල්ල දැඩිව අල්ලා ( උපාදානය ) ගත් දේ මිස පැවතුන දේවල් නොවේ.
එසේනම් මායා මනස් මූලිකයකින් තනාගත් දේවල්ය.
මතකය හෙවත් විඥානය තුළ මම රෙජිස්ටර් වී සිටී.
ඒත් .. දුක ... වන්නේ මට කළ හැකි දෙයක් නොමැතිව සිද්ධවන දේ දෙස බලා ඉන්න වීමය...
මට ඕන විදිහට මම මගේ කය වටපිටාව පවතින්නේ නැත...
ඒ දෑ ඊට අයත් ගති ලක්ෂණ පහලකරමින් අනවරතව වෙනස් වෙමින් පැවතේ.
අප එය ජීවත්වීම ලෙස දකිමු... ඒ මදිවාට එහා ලෝකයකටත් ගොස් ජීවත්වන්න පාර සකසමින් සිටිමු.
මෙය වටහා ගත් විට ඔබ සොබා දහමේ ඉතා කුඩා අංශුවක් මිස වෙන කවරක්ද ?
Sunday, October 21, 2018
දැන ගියොත් කතරගම - නො දැන ගියොත් අතරමග.
~~~~~~~~~~~~~~~~~~~~~
පර්යාප්ති / ප්‍රතිපත්ති / ප්‍රතිවේද .... මේ තමා මාර්ගය.
බබාලට තේරෙන විදිහට නම් ... දැනුම / දැනුම භාවිතය / වැටහීම හෙවත් ප්‍රත්‍යක්ෂය...
( විභාග සමත් වන ක්‍රියා පිළිවෙත ... අමුතු දෙයක් නොවේ. )
මේ සම්මුතියයි.... සමාජ ගත ජන විඤ්ඤානයයි.
දැනුම හල තැන ප්‍රභාෂ්වරයයි.. බුද්ධත්වයයි.
ඒ පුද්ගල / කෙනා යන විදිහට දකින්නේ අවිද්‍යාව හෙවත් මුලාවෙන්.
ඒ නිසා ධර්මතාව අනුව දකින්න....
එකම ධර්මතාව .... උප්පාද පඤ්ඤායති ( උපතක් පනවමි)
වයෝ පඤ්ඤායති ( වැයක් / විනාශයක් පනවමි)
තිතත්ස අඤ්ඤතත්තං පඤ්ඤායති.( බිබද සංස්කරණය වීමක් පනවමි)
ඒ පහළ වන්නේ ද හේතුය...
හේතු නිසා ඵල ඇතිවේ...
මේ ඵලයන්ද නිබද සංස්කරණය වේ... ( අඤ්ඤතත්ථං )
පවත්නා ඵලයක් ද නැත....
උපදින එකා මැරෙනවා නොවේ...
උපදින කෙනා මියෙන්නේ බමුණු දහමෙහිය.
එහි උපන් දිනය ඇත.... මැද කෙනා ගේ ඡායාරූපයක් ඇත.
කෙනා මිය ගිය දිනයක් ඇත. ... වැළදූ ආයුෂ කාලයක් ඇත.
එසේම එය පුද්ගලිකව නොව සමස්ථ වශයෙන් දැකිය යුතුය.
සබ්බේ සංකාරා අනිච්චාති... වන්නේ එසේය.
සංකාරා යනු මනසේම මායාවන්ය..
ඒ නිසා දැනුම යනුද මනස් මායාවකි...
මේ කුණු සලා දැමීම කුසල වේ...
ඒ ගැන කම්පා විය යුතු නැහ..... හේතුව ?
මේ ටික දැන සිටියත් .... නොදැන සිටියත් සිදුවන්නේ ?
පොදු ධර්මතා ක්‍රියා පටිපාටිය ... මිස මට.... එකක් ....
ඔබට ... වෙනත් එකක් ලෙස නොවේ...,,,
මග වරද්දා ගන්න එපා කීවට එහෙම එකක්ද නැත....
ආනන්ද විජයරත්න.
Sunday, November 6, 2016
මහ සයුරින් දිය බිදක් ගත් ඔබ ඒ කෝප්පයක් / බාල්දියක් /බැරලයක් කර ගන්නේ නිතැතිනි..
සිතන්න මදක්?....
භාවනාවෙන් ... සිත එක් තැන් කළ හැකිද?
චිත්ත සමාධිය හෙවත් සමාපත්තිය ඉන් අත් දැකිය හැකිද?
භාවනාව හා සමාපත්තිය අතර ඇත්තේ ලොකු හිඩැසකි.
සමාධිය හෙවත් සමාපත්තිය හෙවත් චිත්ත ඒකාග්‍රතාව
දැක්මක් තුල නිතැතින් ඇති වන්නකි.
භාවනාව යන වචනය ඇසෙන විටම ...
එතැන භාවනා කරන්නෙක් සිටී.
දැඩි ආයාසයෙන් හා අධිෂ්ඨානයෙන් භාවනා කරන්න
ගුරුවරයා ගෙන් ද උපදෙස් ලැබේ.
එසේ අධිෂ්ඨාන කරනවිට ...
උත්සහ කරනවිට
මමායනය එතැන දැඩිව වැඩේ.
මනස ඝනවේ.
ප්‍රභාෂ්වර සිතක් ඇතිව උපදින අප
මනස නමැති ගොහොරුවට තල්ලු වේ.
සියලු මනෝ සංකාර හෙවත්
මනසින් ම නිපදවා ගත්
දැනුම ආකල්ප .. දෘෂ්ඨි ... ආගම් ..
මේ ගොහොරුව තුළ පවතී.
ඉන් මිදෙන්න නම් මනසේ උල්පත වූ
සිත හා සිතේ හැසිරීම හදුනාගත යුතුවේ.
සිතේ කාර්ය සිතීමයි.. එයයි උපන්ගෙයි ගති සොබාව..
සිතුවිලි ... යනු ඉන්ද්‍රියාරම්මණ ඔස්සේ සිත දුවවීමයි.
උපන් දා සිට මියෙන තුරු සැප සොයා යන මිනිසා
මම ... යන මංත්‍රය ජප කරමින්
එකී මිරිගුව ඔස්සේ එයැම සැපයැයි සිතා
වැළදගෙන හැල්මේ දුවයි..
අංගුලිමාලට ... මම නතරවී සිටිමි ... යැයි
බුදුන් වදාළේ එබැවිනි.
චිත්ත සමාධිය ... යනු අනෙකක් නොව
එම හැල්මේ දිවීම නතර වීමයි.
එය නැණ නුවණින් වටහා ගැන්ම තුළ ඉබේ වන්නෙකි.
එවිට ඔබ මද වේලාවකට විශ්ව ඥානය හා බැදේ....
භාවනාවේ නිශ්ඵලත්වය අත් දකී.
සිතුවිල්ලෙන් තොර
කොයියම්ම මොහොතක හෝ
මේ ඔබ අත්විද ඇත...
සාගරයක ජලයෙන් දිය බිදක් අත්ලට ගැනීමකි ඒ...
කෝප්පයක් / බාල්දියක් / බැරලයක් කර ගැන්ම
නිතැතින් එතනින් ම ඇරඹේ.
ඔබ දිය පහරට හසු වුණාවේ..... (සෝත ආපන්න වීමයි ඒ )
Saturday, July 30, 2016
දිරවා ගන්න බැරි සත්‍යය...
මෂ්තිෂ්කය හා මධ්‍ය ස්නායු පද්ධතිය හා සම්බන්ද සිත යනු රසායනිකයකි...
ඔබ පහළ කරන ආවේග මත මේ රසායනික යන්ගේ සංඝටක වෙනස් වේ.
ඒ ඒ ඉන්ද්‍රියයන්ට ආවේදන නිකුත් වේ.
ඉන්ද්‍රිය උත්තේජනය වේ..
සටන් කරනු ... නැත්නම් සැගවෙනු ...
ඒ නිසා බිය වූ විට චූ ..යයි... මල පහවෙයි... දහඩිය දමයි...
... රාග.. ද්වේෂ ... මෝහ ... කෙලෙස් මේ සියල්ල ..
උත්තේජන මතයි...දේශණා ... දෘෂ්ඨි ... ඒ මතය..
මෙයයි සැබෑ දැක්ම....
ඇසින් පෙන්වන රූප ( අකුරු) මත මොළයේ සංජානනයෙන් විකසනය වුනු දැනුම හරහාය..
ඔර්ලෝසුවකට මෙම ආවේදන වේගය මණින්න බැහ. එනිසා මොහොත කියන වචනයද සාවද්‍ය වේ...
ඒ ආලෝකයේ වේගය පරදවන එකකි...
මෙය ඇද බැද තැබිය හැකියැයි කවුරු හෝ කියයි නම් ...
ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුව ඇත..
දිරවා ගන්න බැරි අයට.....
මතුපිට බණ නැමැති සීනි තවරා දුන් විට .... සූප්පුකරනු ඇත...



