Saturday, October 7, 2023

නිවන අත ළග

 අපි ජීවත්වෙන මානයක් තියෙනවා. ඒක තමයි කාලය සහ අවකාශය. තවත් විදියකින් කියනවා නම් ත්රිමාන ලෝකය (Three Dimension World). කාලයට සහ අවකාශයට සාපේක්ෂව තමයි අපේ ජීවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නේ. මේ අවකාශය තුළ පවතින දිග x පළල x උස කියන මානය තමයි අපිට අයිති මානය. මනුෂ්යයාගේ පෘථිවිය මත ජීවිතය වෙනත් මානයන් සඳහා පරිවර්තනයක් වීමට පවතින්නක්. නිවන කියන පරම නිෂ්ඨාව අරමුණු කරගෙන තමයි ඔබගේ ජීවිතය පවතින්නේ.

නමුත් අපගේ සංස්කෘතිය තුළ මනුෂ්යාට මේ නිවන කියන මානය සඳහා පරිවර්තනය වීමේ මඟ අති දුෂ්කර කටයුත්තක් ලෙස හුවා දක්වා තිබෙනවා. එය එක්තරා කාලයකදී ක්රියාත්මක වෙච්ච සුවිසල් කුමන්ත්රණයක්. එම කුමන්ත්රණයේ ප්රතිඵලයක් ලෙස වර්තමාන බෞද්ධයාට නිවන කියන මානය සඳහා අවශ්ය පරිවර්තනයට කල්ප ගානක් ගානක් බලා සිටිය යුතු බව අඟවා තිබෙනවා. සමහර විට එය මෛත්රී බුදුන්ගේ ශාසනය දක්වා කල් දමා තිබෙනවා.
මම කලින් කිව්වා මනුෂ්යයා මෙම පෘථිවිය මත විඤ්ඤාණ පරිවර්තනයක් සඳහා, එහෙම නැතිනම් 3 වෙනි මානයෙන් 4-5 මානයන් සඳහා පරිවර්තනය වීමට ලද අවස්ථාවක් බව. මනුෂ්යයකු ලෙස අපගේ පරම වගකීම මෙම පරිවර්තනය උදෙසා කටයුතු කිරීමයි. බුදුවරැ ලෝකයට පහළ වෙන්නේ මේ බව ඔබට මතක් කර දෙන්න. අප එසේ පරිවර්තනය විය යුත්තේ මේ කාලය මත පදනම් වූ සිතිවිලි ලෝකය යථාර්ථයක් නොවන නිසයි.
කාලයට සහ අවකාශයට අයිති අපගේ මානයේ ප්රධාන දැනුම් ඒකකය සහ මාධ්යය වනුයේ සිතිවිලියි. අපි අපගේ ජීවිතය පවත්වාගෙන යන්නේ සිතිවිලි අනුසාරයෙන්. නමුත් අපිට අඛණ්ඩව ජීවිතයක් පවතිනවා කියල තේරුනාට ඒක යථාර්ථයක් නොවෙයි. එකක් පස එකක් එන සෑම සිතිවිල්ලක්ම ඇතිවූ තැනම ඉතිරි නැතිවම විනාශ වෙලා යනවා. නමුත් මෙි සිතිවිලි ධාරාව ගලනය වෙන වේගය අනුව අපිට හිතෙනවා ජීවිතය වැනි යමක් පවතිනවා කියලා. අපි පෞද්ගලිකව විඥානයක්, දැනුමක් නඩත්තු කරනවා අපි සහ ලෝකය පවතින බවට. නමුත් මේ විඤ්ඤාණය ද මායාවක් සහ වෙනස් වෙමින් පවතින්නක්. ඒ සකස් කර ගත් දේ සත්යයක් සේ අපි හඟින තුරැ අපි තුළ දුක නිර්මාණය වෙනවා. "සබිබෙි සංඛාරා අනිචිචාති" (සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය).
මේ පෘථිවිය මත මනුෂ්යයා උගුලකට හසුව තිබෙනවා. එය තමයි කාලය. සිතිවිල්ලක් කියලා කියන්නේ එක්තරා කාල පරාසයකට. මිනිස්සු හිතනවා කාලය කියන්නේ ඇත්තක් කියල. මිනිස්සුන්ට තවදුරටත් තේරෙන්නෙ නැහැ කාලය කියන්නේ මායාවක් කියලා. ඒ නිසා මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අතීතය කියන විඥාන ශේෂය මත පදනමිව අනාගතය මත යැපෙන්න. ඉතිමි මෙි ලෝකය නැමැති මනංකල්පිතය තුළ මනුෂ්යයා උත්සාහ දරා තිබෙනවා ජීවිතයේ සැබෑ සතුට, ජය, තෘප්තිය සහ සැනසීම සොයන්නට. නමුත් මෙි නිශ්චිත බවක් නොමැති නිසා, සියලු දේ වෙනස් වෙන නිසා, මනුෂ්යාගේ රාග ද්වේශ මෝහ ජීවන ක්රමය නිසා මනුෂ්යයාටම දරාගත නොහැකි අති දුක්ඛිත සංසාරය තුළ මිනිසා සිරවී සිටිනවා.
මෙම කරුණු නිසා හදිසි කාරණාවක් ලෙස මාන තුනක් සහිත මෙම මනුෂ්ය විඤ්ඤාණයෙන් ඉහළ මානයන් (නිවන) සඳහා පරිවර්තනයක් අත්යාවශ්යයි. අපි කාලය නැමති මානයෙන් මිදී අවකාශය බවට පත් විය යුතුයි. ඒ සඳහා කාලයට අයිති නැති "අකාලික" ධර්මය නොහොත් ස්වභාදහමෙි පැවැත්ම කරා දියවී යා යුතුයි.
අදහස, ප්රියන්ත විතානගේ
07/10/2023, 06:10

No comments:

Post a Comment