Thursday, August 1, 2013

දහම කොයිබටද?

දහම කොයිබටද?
^^^^^^^^^
අද බොහෝදෙනා බුද්ධාගම දෙස බලන්නේ දුකම උරුමකරගත් ඉන් බැහර බියකරැ සසරක් , අපායගාමී වීමක් සහිත නිෂේධාර්ථ පදනමකිනි. එයට හේතුව අපේ සමහර යතිවරයාණන් වහන්සේලා ගේ අන්තවාදී දේශණාබව.........
අද උදේ සිරස රූපවාහිනී නාලිකාවෙන් අතුරලියේ රතන හිමියන් වදාළහ. උන්වහන්සේට අනුව අද කාගෙන් හෝ දහම කුමක්දැයි
විමසුවොත් ලැබෙන උත්තරය චතුරාර්ය සත්‍යය, ත්‍රිපිටකය, වැනි දෙයක්ය. ඒ සිත මුල්කරගත් , සිත පිළිබද විවරණයක් කරන , සිතේ ඒ ඒ අවස්ථාවල ඇතිවන මනෝ භාවයන් ගැන කතාකරන එකක් බව ඔවුහු නොදකිති.
උදාහරණයක් හැටියට “සප්ත බෝජ්ජංග“  වල ප්‍රීතිය ගැන විමසමු. මේ ගැන අපේ වැඩි දෙනා ගේ ආකල්පය වන්නේ කා, බී, නටා,සාද පැවැත්වීම,චාරිකායාම , ආදී කරුණු ප්‍රීතිය බවයි. 
නමුත් බුදු දහමේ “ බෝධි අංග“ ලෙස දක්වන්නේ අවබෝධය සදහා මං පාදන විමසීමක් ලෙසයි.
                            ඉහතින් දැක්වූ ක්‍රියාකාරකම්වල ප්‍රීතිය තාවකාලික වන අතර අවසන ඇත්තේ වෙහෙසකාරී බවකි. නමුත් ප්‍රීතිය ඇත්තේ බැහරක නොව තමා තුළම බව දකින්නා  ප්‍ර මෝ දයට පත්වේ. තනිකමක තිබෙන සහනශීලී බව, මූදුවෙරළක,දිය ඇල්ලක සොබා සොදුරු බව, සද වළාකුලු අතරින් මෝදුවෙමින් පැමිණ ගහකොළ වසා පැතිරයමින් පතුරැවන සුන්දරත්වය, හිරු උදාව සමග උදය කාලයේ ඇති ලස්සණ ඇයි විදින්න බැරි.මුදල්ම අවශ්‍යද? 
 පොතපත දේශණාම කටපාඩම් කරගෙන එයම දහමයැයි පිළිගත් සමාජයකට උන්වහන්සේ ගේ මෙම හරවත් දේශණාව දෙනෙත් හරවන්නකි.
සැමට සම්බෝධියම වේවා!

No comments:

Post a Comment