Wednesday, August 7, 2013

සත්වයා ආවේ කොහිසිටද? .... මරණින් පසු යන්නේ කොහාටද?



සත්වයා ආවේ කොහිසිටද? .... මරණින් පසු යන්නේ කොහාටද?( හිනිදුම ශීලවිමල විමිපාණෝ )
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

ගසින් ගසට ඉගිලී යන කුරුල්ලකු මෙන් ශරීරය අතහැර ගොස් වෙනත් ශරීරයක් කරා යන ආත්මයක් බුදු දහමේ නැත. ඇත්තේ නාම,රූප,පරම්පරාවකි. අපට කයේ වෙනස්වීම ප්‍රකටව දකින්න හැකි වුවත් එහි පරමාර්ථ වූ පඨවි ආදී රූප ධාතුවල වෙනස්වීම ශුද්ධ විදර්ශන නුවණින් පමණයි දැකිය හැක්කේ. එය දැකීමට කයේ වෙනස්වීම දැකීම මහෝපකාරී වේ.
සිත හා චෛතසික හෙවත් නාමයද පරම්පරාවකි. මෙහි සත්වයෙක් , පුද්ගලයෙක්, ආත්මයක්,ඇත්තේය යන දෘෂ්ඨිය වැරදිය.

වෙනස්වන ධර්මතාවක එබදු නොවෙනස්වන ස්ථිර දෙයක් පෙන්වීමට නොහැකිය.ගංගාවේ ජලය උපමා කොට ඒ දකිමු. එහි ඇත්තේ වේගයෙන් ගලායන ජල ප්‍රවාහයකි. එක තැනකදී ස්පර්ශ කළ එම ජලයම නැවත එම තැනම සිට ස්පර්ශ කළ නොහැකිය. ඇයි? මුලින් ස්පර්ශ කළ ජලය ඒ වනවිට පහළට ගලා ගොස් ඉහළින් අලුත් ජලය එතැනට පැමිණ ඇති බැවිනි.
එලෙසම “ නාම“ හා “රූප “ යෝද ඇති වෙමින් නැති වෙමින් යන ප්‍රවාහයකි.
එහි මේ වේදනාව ..... මමය....
මේ සිත ...............   මමය .....
මේ සංඥාව ............   මමය....
මේ සංඛාරා ...........   මමය .....
මේ රූපය ............    මමය....
යනුවෙන් ගත හැකි ස්ථිර දෙයක් නැත.

හේතු නිසා ඇති වූ එම වේදනා... සංඥා .... සංකාර...... රූප.... ආදිය හේතු නැතිකළ විට නිරුද්ධවේ. වරක් ඇල්ලූ ගංගා ජල ප්‍රවාහයේ ජලය නැවත අල්ලන්න බැරිවූවා සේම එම.... වේදනා... සංඥා.... සංකාර .... රූප... ආදිය නිරැද්ධ වී නැවත නව වේදනා... සංඥා.... සංකාර.....රූප ආදිය පහළවෙමින් නව පරම්පරාවක්.... ප්‍රවාහයක් සේ ..... දිගින් දිගටම නිවන් දකින තුරු පවතී.


( හිනිදුම ශීලවිමල හිමියන් “නිහඩ සිත“ පෝස්ට් එකක් සදහා කළ පැහදිළ කිරීමකි.උන්වහන්සේට හේතු නිරුද්ධ කළ අම නිවනම සාක්ෂාත් වේවා! )

No comments:

Post a Comment