Thursday, August 22, 2013

කලල රුවකට විඤ්ඤානය ඇතුලුවේද?

කලල රුවකට විඤ්ඤානය ඇතුලුවේද?
^^^^^^^^^^^^^^^^^^^^^
පෙළදහමේ සදහන්වන්නේ මාතෘ/පීතෘ බීජ සංසේචනයෙන් වැඩෙන කලලයට නිසිවයස ඇරඹෙත්ම කල්යල් බලා සිටි විඤ්ඤාන ධාතුවක් ඇතුලුව එකී විඤ්ඤානයේ පෙර, කුසල / අකුශල කර්ම මත ජීවියෙක් මෙලොවට බිහිවන බවකි.
නමුත් මේ සංසිද්ධිය විද්‍යානුකූලව විග්‍රහ කළොත්, පුරුස බීජයට තනිව හැසිරීමේ හැකියාවක් ඇත. ස්ත්‍රී බීජයද එසේම හැසිරෙමින් තෝරා බේරාගන්නා ක්‍රමවේදයක් අනුගමනය කොට සංසේචන අවස්ථාවට එළැඹ, ස්ත්‍රී/පුරැෂ වර්ණදේහ ජානමය වශයෙන් සම්මිශ්‍රණය වී බිහිවන ජීවියා ගේ සියලු ලක්ෂණ තීරණය කරයි. ඉන් බැහැරව එන පුරුෂබීජ ප්‍රතික්ෂේප වේ.

මේවාටද ප්‍රාණය ඇත. සංසේචිත යුක්තානුව කෙමෙන් මවගේ ගර්භාෂය කරා එලැඹ ඒ හා බැදී මවගෙන්ම පෝෂණය ලබමින් ඉන්ද්‍රියයන් වර්ධනය නිමකොට මෙලොවට බිහිව උනුසුම/සිසිල/වර්ණ/ආලෝකය/හදුනාගනිමින් පසුව ලෝකය අල්ලා ගනී. දැනුම ලබාගනී.මමායනය ඇතිකර ගනී.
ජීව විවිධත්වයට හේතුභූතවන්නේ පෙරකර්මය නම් වූ එකී ක්‍රියාදාමයයි. නොඑසේව ආත්ම දහමේ සදහන් පිං.පවු නොවේ. ගසක කොල සියල්ලම එකාකාර නොවන්නේද එපරිද්දෙනි. විවිද සත්වයන් වදවී යන අතර නව ජනිතයන් බිහිවන්නේද මෙම ක්‍රියාදාමය නිසයි.පාරිසරික ලක්ෂණ ද විවිධාංගීකරණයට හේතුවේ. 


www.youtube.com/watch?v=TP21PbSVBfI

1 comment:

  1. මෙහි සඳහන් විදිහට කලලයට විඤ්ඤානයේ අතුලිවිමක් සිදු නොවෙන බවත් ශුක්‍රානුවට සහ ඩිම්බයට ජිවය ඇතිනිසා වෙනත් ජීවයක් පිටතින් අවශ්‍ය නොවන බවක් කියවෙයි. මෙය ධර්මානුකුල නොවන අතර ධර්මය විද්‍යාව හා සැසදීමට තරම් විද්‍යාව දියුණුවී නැති බව සඳහන් කලයුතුය. විද්‍යාව විසින් තවමත් බුදු දහමේ කරුණු පරික්ෂා කරමින් පවතින අතර විද්‍යාවට විෂය නොවන බොහෝ කරුණු බුදු කෙනෙකුන්ගේ ප්‍රඥාවට පමණක්ම විෂය වන බවත් අපිට එය ශ්‍රද්ධාවෙන් ධරාගන්නවා හැර ප්‍රඥාවෙන් අවබෝධ කරන තුරු වෙන කල හැකි දෙයක් නොමැති බවත් සඳහන් කල යුතුය. බුදුරජානන් වහන්සේ අභිධර්මයේ සහ සුත්‍ර කිහිපයකමත් පටිච්චසමුත්පාද විවරනයේදීත් මේ විඤ්ඤානයේ බැසගැනීම ගැන මොනවට විස්තර කර තිබේ.

    එනිසාවෙන්ම බුදු දහම ගැන ලිපි ලියද්දි බුද්ධ වචනය පමණක්ම ලියන හැටියටත් තමුන්ගේ මතය ලියා එය අන් යට කා වැද්දීමට උත්සාහ නොගන්නා හැටියටත් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙයද සාති භික්ෂුවගේ මිත්‍යාමතයට වැටෙනා කරුණකි.

    බොහෝ දෙනාගේ හිත සුව පිණිස බුද්ධ වචනයේ සිංහල පරිවර්තනය පමණක් මෙහි ලියමු. පාලි සිංහල "මහා තණ්හා සංඛය සූත්‍රය" පහත link එකෙන් කියවා ගන්න. ත්‍රිපිටකය - මජ්ඣිමනිකාය - මූලපණ්ණාසපාළි - මහායමකවග්ගො - මහා තණ්හා සංඛය සූත්‍රය [ https://pitaka.lk/main/?n=18138 ]


    408. “මහණෙනි, කරුණු තුනකගේ එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මේ ලෝකයෙහි මව්පිය දෙදෙනා එක්වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නොවූවාද, ගන්ධර්වයා (ගර්භයෙහි ඉපදිය යුතු තැනැත්තා) එළඹ නොසිටියේවේද ඒතාක් ගර්භය හටගැනීමක් නොවේ. මෙහි, මවුපිය දෙදෙනා එක්වූවාහු වෙත්ද, මවුතොමෝත් ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයා එළඹ නොසිටියේ නම් ඒතාක් ගර්භය හටගැණීම නොසිදු වෙයි.
    “මහණෙනි, යම් හෙයකින් මව්පිය දෙදෙන එක්වූවාහුද මව් තොමෝද ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයාත් එළඹ සිටියේ වේද, මේ කරුණු තුන එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි, මහණෙනි, මව්තොම නවමසක් හෝ දසමසක් හෝ මහත්වූ ජීවිත සැකයෙන් යුක්තවූ ඒ මේ ගැබ කුසින් පාලනය කරයි. මහණෙනි, නවමසක් ඇවෑමෙන් හෝ දසමසක් ඇවෑමෙන් හෝ මහත් සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි. මවුතොමෝ උපන්නාවූ මොහු සිය ලෙයින් පොෂ්‍ය කරයි. මහණෙනි, තනකිරිය යි යමක් වේද, එය මේ ශාසනයෙහි ‘ලේ’ යයි ව්‍යවහාර වෙයි.
    “මහණෙනි, ඒ මේ කුමාර තෙම වැඩීමට පැමිණ, ඉන්ද්‍රියයන්ගේ මේරීමට පැමිණ, කුමරුවන්ගේ යම් ක්‍රීඩා භාණ්ඩයෝ වෙත්ද, එයින් සෙල්ලම් කරයි. එනම්:- (ගම්දරුවන් සෙල්ලම් කරන) කුඩා නගුල්ය, ගුඩු ගැසීමය, රෝද ගැසීමය, හුළංපෙති කරකැවීමය, වැලි කෙළීමය, කුඩාරථ පැදීමය, කුඩා දුනුවලින් විදීමය (යන සෙල්ලම් කරයි.)
    “මහණෙනි, ඒ මේ කුමාරතෙම වැඩීමට පැමිණ, ඉන්ද්‍රියයන්ගේ මේරීමට පැමිණ, පංචකාම සම්පත්තියෙන් සම්පූර්ණ වූයේ, යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවයි. ඇසින් බලා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ රූපයන්ගෙන්ද, කණින් අසා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, ශබ්දයන් ගෙන්ද, නාසයෙන්ද විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ගන්ධයෙන්ද, දිවෙන් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, රසයෙන්ද, කයින් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ස්පර්ශයෙන්ද, (පස්කම් සැප විඳියි).........

    දීර්ඝ සුත්‍රයකි. ඉහතින් දිගුව[ලින්ක්-Link එක] දී ඇති බැවින් මුළු සුත්‍රයම කියවා ලබන දැනුම මහත් වටි. මන්ද එහි හේතු ඵල දහමට අනුව පටිච්චසමුත්පාදය යෙදෙන හැටි ඉතා මැනෙවින් පැහැදිලි කර දී ඇත.

    ReplyDelete