Sunday, November 6, 2016

මහ සයුරින් දිය බිදක් ගත් ඔබ ඒ කෝප්පයක් / බාල්දියක් /බැරලයක් කර ගන්නේ නිතැතිනි..


සිතන්න මදක්?....

භාවනාවෙන් ... සිත එක් තැන් කළ හැකිද?
චිත්ත සමාධිය හෙවත් සමාපත්තිය ඉන් අත් දැකිය හැකිද?

භාවනාව හා සමාපත්තිය අතර ඇත්තේ ලොකු හිඩැසකි.
සමාධිය හෙවත් සමාපත්තිය හෙවත් චිත්ත ඒකාග්‍රතාව
දැක්මක් තුල නිතැතින් ඇති වන්නකි.
භාවනාව යන වචනය ඇසෙන විටම ...
එතැන භාවනා කරන්නෙක් සිටී.
දැඩි ආයාසයෙන් හා අධිෂ්ඨානයෙන් භාවනා කරන්න
ගුරුවරයා ගෙන් ද උපදෙස් ලැබේ.
එසේ අධිෂ්ඨාන කරනවිට ...
උත්සහ කරනවිට
මමායනය එතැන දැඩිව වැඩේ.
මනස ඝනවේ.
ප්‍රභාෂ්වර සිතක් ඇතිව උපදින අප
මනස නමැති ගොහොරුවට තල්ලු වේ.
සියලු මනෝ සංකාර හෙවත්
මනසින් ම නිපදවා ගත්
දැනුම ආකල්ප .. දෘෂ්ඨි ... ආගම් ..
මේ ගොහොරුව තුළ පවතී.
ඉන් මිදෙන්න නම් මනසේ උල්පත වූ
සිත හා සිතේ හැසිරීම හදුනාගත යුතුවේ.
සිතේ කාර්ය සිතීමයි.. එයයි උපන්ගෙයි ගති සොබාව..
සිතුවිලි ... යනු ඉන්ද්‍රියාරම්මණ ඔස්සේ සිත දුවවීමයි.
උපන් දා සිට මියෙන තුරු සැප සොයා යන මිනිසා
මම ... යන මංත්‍රය ජප කරමින්
එකී මිරිගුව ඔස්සේ එයැම සැපයැයි සිතා
වැළදගෙන හැල්මේ දුවයි..
අංගුලිමාලට ... මම නතරවී සිටිමි ... යැයි
බුදුන් වදාළේ එබැවිනි.
චිත්ත සමාධිය ... යනු අනෙකක් නොව
එම හැල්මේ දිවීම නතර වීමයි.
එය නැණ නුවණින් වටහා ගැන්ම තුළ ඉබේ වන්නෙකි.
එවිට ඔබ මද වේලාවකට විශ්ව ඥානය හා බැදේ....
භාවනාවේ නිශ්ඵලත්වය අත් දකී.
සිතුවිල්ලෙන් තොර
කොයියම්ම මොහොතක හෝ
මේ ඔබ අත්විද ඇත...
සාගරයක ජලයෙන් දිය බිදක් අත්ලට ගැනීමකි ඒ...
කෝප්පයක් / බාල්දියක් / බැරලයක් කර ගැන්ම
නිතැතින් එතනින්  ම ඇරඹේ.
ඔබ දිය පහරට හසු වුණාවේ..... (සෝත ආපන්න වීමයි ඒ )

No comments:

Post a Comment