Friday, February 1, 2013

දහම බටහිරට ගෙනයායුත්තේ.....?......?


අප බුදු දහම බටහිරට ගෙනයායුත්තේ තවත් එක් ආගමක් වශයෙන්ද?


 අද භෞතික ලෝකය පාලනයට අතගසා ඇති විද්‍යාඥයා - පාලකයා, යන අයගේ මනසට බුදු සමයේ හරය ඉතා ඉක්මණින්ම ගලා යාමට අවකාශ සලසා දිය යුතුව ඇත.එසේ නොවන්නට මට, ඔබට,අප සැමට, මිහිමත ආයුකාලය කෙටිවනු ඇත. දැනටමත් පෙර නිමිති පහළව ඇත.එක්තරා කංඩායමක ව්‍යාපෘතියක් තුළ කරන පර්යේෂණයක් මගින් පෘථිවි ගුරැත්වාකර්ෂණයට එල්ල කරන අති සියුම් ධ්වනි තරංග මගින් පෘථිවි ගර්භයේ ඇති කරවන කැළඹවීම් තුළ මහා පරිමාන භූ චලන ඇති කිරීමේ හැකියාව සාර්ථකව අත්හදා බැලේ. දැනටමත් සාර්ථකව සතුරැ කලාප ඉලක්ක කොට හානි පමුණුවා ඇත.මෙය ඉතාම භයානක පියවරකි.

 බුදු සමය අගයන රටක් හැටියට අපට කළහැකි ඉතාම හරවත් දෙය කුරැවල් වූ මනසින් යුතුව කරන මේවා දහමින් යහමගට ගෙන නැවැත්වීමයි. මෙය කළ යුත්තේ තවත් එක් ආගමක් ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයෙන් නම් නොවේ.බෞද්ධ දර්ශණයේ හරපද්ධතියෙනි.මෙත්තාවෙනි. ලන්ඩන් විහාරාධිපති පූජ්‍ය දර්ශනපති කේ.සිරිධම්මානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ දැනටමත් එංගලන්තයේ දෙවන ආගම බුදු දහම බවයි. දහම් මධ්‍යස්ථාන 400 ක් ද එම මගට වැටුණු අය 2000ක් පමණ ද සිටින බවයි. ඇමෙරිකාවේ ද මධ්‍යස්ථාන 2000ක් ඇති බවයි.මා දන්නා පරිදි මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) ද බෞද්ධ මධ්‍යස්ථාන හා භාවනාමය වැඩ සටහන්ද වේ.එනිසා මෙය නොකළහැක්කක් නොවේ.

 විද්‍යාඥයාට ආගමක් තුළ සංයමයක් ඇවැසිවනවාක් මෙන්ම ආගමකටද විදෘත්මක පදනමක් නැතිවුව හොත් එය වියකී යයි.අද දේව විශ්වාසය වියකෙමින් තිබේ.මගුලට,මරණයට පල්ලිය සීමාව ඇතිබව පෙනේ.වියදම් ගෙවමින් පුද්ගලයන් නිවෙස් වලට යවා පත්‍රිකා බෙදමින් කරන දේශණ මම ද අසා ඇත්තෙමි. අප කවුරැත් දන්නා පරිදි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරක් කීවේ තමා ආගමක් තෝරා ගන්නේනම් ඒ බුදු සමය බවයි.විද්‍යාඥ ආතර් සී.ක්ලාර්ක් මහතාද බුදු සමයෙන් කළ හැකි දේ පිළිබදව අනාවැකි කියාඇත.එසේ නම් අප කළයුත්තේ කුමක්ද?


තවදුරටත් ඇදහිලි පුද පූජා ඇති ආගමකට නැඹුරැ වූ ස්වරෑපයක් ඇති බුදු සමයක් හදුන්වා දෙනවාද?එසේ නැතිව සැබෑ බුදු සමය "දර්ශණයක්" ලෙස ප්‍රචලිත කරනවාද? මේ සදහා අපට සම්පත් දායක වශයෙන් යොදාගත හැකි භික්ෂූන් වහන්සේලා ඕනෑ තරම් වැඩ සිටිති.

අද උන්වහන්සේලා දායක කාරකාදීන් ගේ මළගිය ප්‍රාණ කාරයන්ට පිංපෙත් පැමිණවිමේ දාන මාන වලට සීමාවී සිටිති. තම තමන් ගේ හැකියාව පෙන්වන්නට තරගයට කරන පිංකම් වලට උන්වහන්සේලා කැදවනු ලැබෙති.නැත්නම් දේශපාලක යන්ගේ එම හිතවතුන් ගේ ආසන පිරවීමට කැදවන්නන් බවට පත්ව සිටිති.

මේ තත්වය වහාම වෙනස් කොට හොද විදෙස් භාෂාමය හැකියාවන්ඇති භික්ෂු පරපුරක් බිහිකොට උන් වහන්සේලා රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෝ විදෙස්වලට ධර්ම ප්‍රචාරක කටයුතු සදහා යැවිය යුතුය. එම මාහැගි සත්‍ය දර්ශනය නොඅඩුව ලෝකයා වෙත ලබා දිය යුතුය.බුදු දහමේ සැබෑ සිසිලස වින්දනය කිරීමට සියලු සතවෙත මහා කරැණාවෙන්,මුදිතාවෙන් ඉඩකඩ මුදා හැරිය යුතුය.
 "සබ්බෙ සත්ථා භවන්තු සුඛිතත්ථා"


( ආනන්ද(Andaw) බටහිර ඕස්ට්‍රේලියාවේ සිට.)

No comments:

Post a Comment