Friday, February 1, 2013

දහම තහවුරැ වන " හොලෝ ග්‍රැ‍ෆි "


බුදු දහම තහවුරැ වන " හොලෝ ග්‍රැ‍ෆි " තාක්ෂණය


 TV එක තරම් අපට හුරැ නැතත් ප්‍රොජෙක්ටර් මගින් චිත්‍රපට ශාලාවල ත්‍රිමාණ දසුන් ප්‍රෙක්ෂකයා වෙත ගෙන එන මෙවලමක් මෙසේ හැදින්වේ.රෑප වාහිනියේ පැතලි තිරයක් මත දිස්වන රෑප කුමන කෝණයේ සිට නැරඹුවත් එහි වෙනසක් නැත.එහෙත් මෙහි විශේෂත්වය වන්නේ ඉදිරි පසින්,පසුපසින්,පැත්‍තෙන් සිට බලනවිට ස්වභාවිකවම බලන ලෙස දසුන් මැවීමයි. වින්දනය තවත් තීව්‍ර කිරීමට වාඩිවී සිටින අසුන මගින් දර්ශනයට අදාල චලනයන් , ගද, සුවද ආදිය මුසු කෙරේ. මේ තුළ ඔබට හැගීයන්නේ සැබවින්ම ඔබ එම දසුන් සමග සම්බන්ධ වී සිටින සෙයකි.රෑප අතගෑවාම නම් අතට හසු නොවේ.එයයි අඩුව. මම මේ ටික කියන්න අදහස් කෙළේ අප සිරැරේ ඉන්ද්‍රිය සමායෝජනයෙන් ද මොළය අපට මවා පෙන්වන්නේ මෙවන් නැති දෙයක් ඇති ලෙසටය. ඇසට එන ආලෝකය වර්ණ හා රෑප ලෙස කැමරාවේ සටහන් වන ලෙසට ඇසේ දෘෂ්ඨිවිතානයේ නාභිගතවේ.ඊට සම්බන්ධ ස්නායු මගින් ඒ ස්නායු ආවේදනයක් ලෙසට පරිවර්ථනය කොට මොළයේ දෘෂ්ඨික මධ්‍යස්ථානයට යැවේ.එහිදී පෙර මතකයන් හා විශ්ලේෂණය කරමින් එය "රතු රෝස මලක්" යැයි ඔබ ඉදිරියේ පවා පායි.හැබයි එම දසුන හොලෝ ග්‍රැෆි දසුන් හා අසමාන වන්නේ ඇල්ලූ විට පහස ද ගතට දැනෙන බැවිනි.මේ නිසා අප එය ඇත්තක් ලෙස දකිමු.හගිමු.



එකි ස්පර්ශය, ශ්‍රවණය, රසය, ගන්ධය, ගතට ලබාදෙන්නේ ද පෙර පරිදිම ස්නායු ආවේදන මගිනි.ඒවා තාවකාලිකව අඩපණ කොට(නිර්වින්දනය කොට) ශල්‍යකර්ම ආදිය කෙරේ. එසේ නම් මේ සියල්ල නැති දෙයක් ඇති ලෙසට පෙන්වන මායාවන් බව ඔබට වැටහෙනු ඇති.තම අතින් තමාගේම අත අල්ලන විට එය තිබෙන දෙයක් ලෙස දැනෙන්නේ ස්නායු විද්‍යුත් ගාමක බලය නිසාවෙනි. පුදුමය එය නොවේ තාක්ෂණික මෙවලම් නොදියුණු අවදියක තමාගේම දැක්මෙන්ම , අවබෝධයෙන්ම වටහාගෙන " සබ්බේ සංකාරා අනිච්ඡා" කීවේ අප සම්මුතියේ අදහන කාලය නමැති මායාව තුළ අදහන අදට අවුරැදු 2600කට පෙරවීමයි. එයයි බුද්ධත්වය.

 ආනන්ද විජයරත්න (Anadaw)

No comments:

Post a Comment