Thursday, May 12, 2016

දස්සනෙන සම්පන්නො...

දස්සනෙන සම්පන්නො... ^^^^^^^^^^^^^^^
දර්ශනයට පත්වීම ... යන්නෙන් කුමක් අදහස්වේද යන්න බෞද්ධ දර්ණය තුළින්ම විමසීම මාගේ අදහසයි. යම්කිසි න්‍යායාත්මක .. ක්‍රමයකට අනුගත වීමක් .... පිළිපැදීම් මාලාවක්.. මෙයින් අදහස් නොවේ. අදුර පලවා හැර ප්‍රඥා ආලෝකයෙන් තම දහම් ඇස පුබුදුවා ඥානය ලැබීමේ මගක් ලෙස මා දකිමි. “ තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධො එතං සතිං අදිට්ඨෙය්ය බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු ,, හිදිමින්.. ඇවිදිම්න් .. වාඩිවෙමින් .. නිදාගනිමින්.. යන සතර ඉරියව් තුළ සිහිය පවත්වා ගනිම්න් මෙත්තා .. කරුණා .. මුදිතා .. උපෙක්ඛා ... යන සතර බ්‍රහ්ම විහරණ වැඩීමෙන් පසුවෙන අයවෙත්.මේ අය දර්ශනයට පත්වීද?............... බුදුහු ඊට පිළිවදන් දෙන්නේ ... දිට්ඨිංච අනුපගම්ම ශීලවා .... දස්සනේන සම්පන්නෝ .... නහිජාතු ගබ්බසෙය්යං පුනරේතිථි... ශීල.. ව්‍රත .. හා වෙනත් දෘෂ්ඨි වලට නොපැමිණ .... දර්ශනකට පත්වේද එවැන්නන්ට පුනර්භව නැති බවයි. ( දීඝ නිකාය බ්‍රහ්මජාල සූත්‍රය) මට හොදක් වේවා! හෝ අනුනට හොදක් වේවා! ... කියමින් හෝ සිතමින් සිතුවිල්ලකක නිමග්නව සිටියාට සිදුවන කිසිදු යහපතක් අයහපතක් නැත. සිත දෙස බලමින් .. සුඛ .. දුක්ඛ .. අදුක්ඛම සුඛ .. වශයෙන් සිතට නැගෙන සිතුවිලි වර්ගකරමින් චින්තනයේ යෙදීම අද සතිපට්ඨානය වශයෙන් පුරුදු පුහුණු කරනු ලැබෙත්.මෙම බෞද්ධ භාවනාව කුමක් සදහාද ඇසුවොත් සිත විපිළිසර වේ. මෙයයි විමසිය යුත්තේ.. සිහියට පැමිණිය යුතු තැන... නැතිව එකී සිතුවිල්ලේම එල්බ සිටීම නොවේ. විමසන ඔබට සිත යන ධර්මතාව දක්නට හැක. ඇතිවෙමින් .. ඒ හා ම බිදෙමින් යන චිත්ත පරම්පරාව දකින්න.. සියලු දිට්ඨි.. මත .. ආගම් .. ලෞකික මාර්ග .. හුදෙක් සිත පදනම්ව ගොඩනැංවුණු සංකල්පනාවෝ බව දකින්න.. පුද්ගලාර්ථයක් එහි නැත. ඇත්තේ අනිත්‍යයට පත්වන ලෝක දහමකි. ඒ අද ... ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස විස්තර කෙරේ... මෙයද දහම් මගට පිවිසීමට මිස අල්ලාගෙන සිටින්න නොවන බවත් මතකයේ රදවා ගන්න. එබදු දැක්මකට පැමිණියාට පසු මිත්‍යා දෘෂ්ඨි යනු හුදෙක් ලෝකීය දේවල් බව පෙනේ. හොද .. නරක .. පිං .. පවු .. වත් පිළිවෙත් සිතුවිළි දහරාවේමය. දිව්‍ය .. බ්‍රහ්ම .. භූත .. පෙරේත .. කෙනෙක් සිටී .. යන සිතුවිල්ල පදනම්ව බව පෙනේ. මේ ජීවත්වන ලෝකයම තමා මවා ගත්තක් මිස හැබවක් නොවන බව දකී. එවිට .... අපාය .. දිව්‍ය ලෝක .. බ්‍රහ්මලෝක ... තිබේ ද නැතිද යන්න සිතා ගැන්ම ඔබටම භාරකරමි. අමු අඹයක් කෑ කෙනා දත් හිරිවැටී තිබිය දීම රසවත් කෙසෙල් ගෙඩියක් කයි.. දැන් ඔබට පැණිරසත් නැති.. ඇඹුල් රසත් නැති මොකක් දෝ රසක් දැනෙනු ඇති. සැබෑ ස්වභාවික රස විමසන්න නම් ..... අමු අඹ කෑ කෙනා දත් මැද ඇඹුල් ගතිය නැතිකොට ගෙන කෙසෙල් වල රස විදිය යුතුය.එවිට කෙසෙල් වල සොබාවික රස දැනේ. කුරුවල් වුණු සිතෙන් දහම් රස විදින්නත් සිතෙන් ඔබ අල්වාගෙන සිටින සියලු දෘෂ්ඨි .. මාන .. දැනුම් ... එතැන (එලොව) මෙතැන ... (මෙලොව) ... අද .. දැන් .. හෙට .. පෙර .. පසු .. මැද .. සිල්ලම හලාදැමිය යුතුය... කද බිම දැමිය යුතුය.. දැන් දහම් පහුරට නැගීමට සුදුසුකම් ඇත. කෙමෙන් ලෝකාර්ථයෙන් මිදෙනු ඇත. තවත් පහුරේම ඉන්නේ නම් ඔබ දකින ලෝකාර්ථයක් නැත.... එයද චින්තනයක්ම පමණි. කැණිමඩල බිද දැමීම යනුවෙන් දම්සක් සුතුරේ දක්වන්නේ ලෝකාර්ථය ද ඉක්මවීමයි. ලෝකය බිද දැමීමයි... යෝනිසෝ මනසිකාරය .. යනු සිතුවිල්ලේම ප්‍රවාහමට අසුවීමක් නම් එයද වැඩක් නැත. රූප .. වේදනා ... සංඥා .. සංඛාර ... විඤ්ඤාන .. ඉදුරන් හා එක්ව මවන සිතුවිලි ක්‍රියා දාමයක් බවම වටහා ගන්න. පංචූපාධානස්කන්ධා දුක්ඛා... ? දුක්ඛ ... යනුද මේ ක්‍රියාවලියමයි.. ඉපදීම .. ජරාව .. ව්‍යාධිය .. මරණය .. මිනිසාට දුකක් තමයි... පටිච්ඡ සමුප්පාද ධර්මය යනු ද මේ ලෝකීය දුක හටගන්නා ක්‍රමවේදය මිස.... යථාර්තය දැක ... පරමාර්ථයට මගක් පෙන්වීමක් නොවේ. සමුප්පාද ක්‍රියාවලිය බිද හෙලා මනසින් නික්මීම ... නිවීමේ මගයි.. ගෞතම දර්ශනයයි... එසේ නැතිව සම්මා දිට්ඨි ... සම්මා සංකප්ප .. මග වඩ වඩා සිටියොත් ඔබ තව තවත් හිරවේ. දිට්ඨි දක්නා සිත ... ලෝකය මවන සිත... මායාවකි. මනසින් නික්ම මේ මායාව දුරලන්න.. සිත .. යනු ධර්මතාවක් මිස ... එය ඔබේ හෝ මගේ නොවන බව වටහා ගන්න. හුදෙක් ධර්මතාවක්ම පමණක් බව වටහා ගන්න.දැක්මකට එන්න. එයට අයිතිකාරයෙක් නැත.. ඒ විශ්ව ගාමක බලවේගයකි.. විද්‍යනුකූලව සිත දක්නේ රසායනික ක්‍රියාවලියක් ලෙසයි.... විඤ්ඤානය යනු සිතේ මතක ගබඩාවයි. මතක නැති සොබාවට සිත පත්කොට ශල්‍ය කර්ම කරනු පෙනේ. ගැඹුරු නින්දේදී ද සිත අවදිව නොපවතී. සිහිය තුළ ගැඹුරු නින්දේ පවතින නොඇලුනු .. නොගැටෙන සිතක් ඇති කරගන්න හැකි නම් කෙතරම් ආශ්චර්යමත් වේද? මනස .. යනු සිතම ලෙස දකිතත් එය සිතේ අරමුණු වඩා තිව්‍ර කරවන්නක් බවයි පිළිගැන්ම.හනිසා මනසින් සිතක් දක්නට කැස කැවීම අණුවන ක්‍රියාවකි... සිතුවිල්ලෙන් තොරව සිතේ සොබාව දකින්න.එය ද අල්ලා නොගන්න... ක්ෂනයක අත්දැකීමක් කරගෙන වැඩෙන්න හරින්න.කරන්න නොයන්න. අරමුණු අල්ලා ගෙන හිරවන්න එපා... අරමුණ හුදෙක් ඉනිමගකි.නැග්ග පසු හලන්න. අරමුණු තුළ මිනිසා නොමිනිසා වෙන හැටි ඔබ දනී.... දරුණු ගණයේ අපරාධ ... විෂමාචාර ... එතුළිනි. බුද්ධ ... සම්මා සම්බුද්ධ ... අරමුණු නිසා සිත සසලවීම නිවා දමන්නකි. මේ දහම දැක්කා .... දහමත් අතහරී... සබ්බදානං ධම්ම දානං ජිනාති... සියලුම දානයන් ( අතහැරීම් වලට ) ට වඩා ධර්මය අතහැරීම ... උතුම් වන්නේ එබැවිනි. එවිට ලෝකීය උභය අන්තයන් ගෙන් හේ මිදුනාවෙයි.නිවුනා වෙයි. ----------------------------- @@@@@@@@@@@@ ----------------------------------- ආනන්ද විජයරත්න ( දර්ශනයට පත්වූ විටෙක ප්‍රශ්ණ හා පිළිතුරු තමා වෙතිනි. ) විමසත්වා! නිවත්වා!

No comments:

Post a Comment