Tuesday, July 5, 2016

තණ්හාය ජායති සොකෝ..... තණ්හාය ජායති භයං... තණ්හාය විප්ප මුත්තස්ස ..... නත්ථි සොකො කුතො භයං..

 Esani Dammi Samarasekera @( විමසීමට ලියූවක් )

(සාක්ශි අවශ්‍යයි.
සාඒවායේ බලය අනන්තයි.
සැනසුනාම දහමින් උපහාර පිදීම විනා අන් පිදීමක් ඇත්නම් නුවණ අනුවයි.
වැදීම අවශ්‍යයි දර්මය ලැබෙන්නේ ඒ ගැන ගෞරවය ඇත්තාටයි.)Esani Dammi Samarasekera .....
හොදම සාක්ෂිකරුවා ඔබමය.....
ධර්මය යනු පවතින දෙයක් මිස ලැබෙන එකක් නොවේ....
එසේම ධර්මයට අනුගත වන්නේ යමක් ලබාගන්නද නොවේ...
බුදුසමය.... සිත පිළිබද විවරණයක් මිස පුද්ගලයන් ගැන කතා කරන එකක් නොවේ....
Esani ... ඉපදුනා නොවේ...
ඔබ ජීවියෙක් ලෙස උපතක් ලැබුවා.... ඒ කෙනා ඒෂානි බවට රෙජිස්ටර් කළා. 
අවට පරිසරයෙන් .. නෑ හිතවතුනගෙන් භාෂාව... හොද නරක සංකල්ප ඉගෙන ගත්තා... ලෝකය තිරකොට ගත්තා....
Esani Dammi Samarasekera .....දැන් ලෝකය තුළ දුක/සැප විදගෙන /බෙදා හදාගෙන ඉන්නවා...

මෙසේ සෑම කෙනෙක්ම තමතමාට ලෝක හදාගෙන ඉන්නවා. ඒ නිසයි මේ විවිධත්වය...
එනිසා අප අල්ලාගත් දේ මනසින් අතහරින්න හරින්න..වඩා සුවයක් දැනේවි.
තණ්හාය ජායතී සොකෝ.... ( අහලා ඇති /දන්නවා ඇති)
තණ්හාව .... මම ... මගේ කරගැන්ම නිසයි මේ අවුල....
නැත්නම් මට සෝකයක් එන්න විදිහක් නැහ....
කෙනෙක් උපදිනවා ... කෙනෙක් ජීවත් වෙනවා... කෙනෙක් මිය යනවා...
යැයි අවිද්‍යාෙවන් අල්ලා ගැන්මයි දුකට මුල....
උපදිනවා ... කියන වචනයම වැරදියි....
බුදු සමයේ එන ජාති/ජරා/මරණ/...
පහළවීම/අනිත්‍යතාව/ නිරෝධය.... වශයෙන් ගෙන බලන්න.
අදහසක් පහළ වුනා.... ඒ අදහස අනුව තව තව අදහස් එක්ව තිරවුනා....
මරණය හෙවත් අත්හැරීම ඒ නිසා අමාරුවුනා...
Esani Dammi Samarasekera ....@
සාමාන්‍ය විදිහ බලමු... උප්පාද ( ඇතිවීම).... වය ( වැය වීම ... විනාශය )...
ධම්මිනො... ( ධර්මතාවය)
උපත හා විපත එකටම කැටිව පැමිණේ... මෙයයි ධර්මතාවය ... දහම....
මෙය තමා ගේ කරගෙන බැලීමයි වැරද්ද....
සිතුවිල්ලක් එනවා... ඒ ක්ෂණයේම අතීතයට යනවා..
එම විඤ්ඤානයේ නැවතීමක් නැහ.... ඒත් මනසින් මම ... මගේ කියල ඒක අල්ලාගන්නවා... එතකොට මම ඉන්නවා වගේ දැනෙනවා. හරියට චිත්‍රපටයක් රූප පෙලක් චලනය වන ආකාරයට .... දුවනවා ... පනිනවා...
මේ උපාදානයන් හෙවත් අල්ලා ගැනීම් තියෙන තුරු දුක්ඛ දොමනස්සයන් ඒ පසු පස එනවා...
මේක කෙනෙක් නුවණින් වටහා ගෙන ........ ඇත්තේ ..... මමෙක් .... නොව ලෝක ධර්මතාවයක් බව දැක ගනීද ...?
ඊට පස්සේ ඔහුට සියල්ල මනසේම මායාවන් මිස සැබැවට පවත්නා ලෝකයක් ලෙස තහවුරු නොවේ...
මේක දැක ගන්න ... ක්‍රම වේද ඕනෑතරම් ඇත...
සතර සති පට්ඨාන/ විදර්ශනා ඥානය... එවන් දෑය...
එවිට ඔහු බුද්ධ පවා දක්නේ .... පුද්ගලත්ව යෙන් තොරවයි....
මිනිස් මනසකින් ලෝකය ඉක්මවූ උත්තම තත්වයක් සේ බුද්ධ දකී.
දැන් ඔබ දකින්නේ ඇසෙනි... ඇසෙන් බැලුවාට බුද්ධ හමු නොවේ.... එය තම හදවත වෙතම ලගා කරගත යුතුය.
ප්‍රාර්ථනා නිශ්ඵලය... පුද පූජා ... තාවකාලිකව හිත රවටා ගන්නා ක්‍රම ලෙස වැටහේ...
තමාට තමා ගේ සරණවත් නැති නොට අන් සරණ පැතීම නිශ්ඵල සේ දැනේ...

Esani Dammi Samarasekera .
එක් සිතුවිල්ලකින් තවත් සිතුවිල්ලකට මාරුවීම බව ../ පුනර් බව ලෙස වැටහේ...
මේ සිතේ සමස්ථ ක්රියාවලියම ... සසර ... ලෙස වැටහේ....
පටිච්ඡ සමුප්පාද .. හේතු ඵල දහම වැටහේ.. තමා තුළම පැනවෙන්නක් බව දකී...
එවිට කර්ම කරන්නෙක් හෝ විදවන්නෙක් නැති බව වැටහේ..
( කම්මස්ස කාරකො නත්ථි විපාකස්සච වෙදකො)
(සුද්ධ ධම්මා පවත්තන්ති.... එවෙතං සම්ම දස්සනං......)
ශුද්ධ වූ ධර්මතාවයන් පමණක් පැවැත්වේ... මෙයයි සම්‍යක් දර්ශනය..
එහිලා කරන්නෙක් කරවන්නෙක් නැත....
ලෝක ධම්මතාවය පමණක් පවත්නේ වෙයි...
නිවන් දකින්නා අන්තිමට මෙම දහම පවා අත්හල යුතුය...
( දහම මාරයා ගේ බව පිළි ගනිමි. ඒත් මාරය .... නිවන තොපට අයිති නැත.-- පරිනිබ්බාන සූත්‍රය)
.කෙටියෙන් කියන්න ගියාම වැරදි වැටහීම් ඇතිවෙනවා.. 
මම ... නැති තැනක නිවන් යන කෙනෙක් ද නැත... බුදුවන කෙනෙක් ද නැත..
කෙනා ඇති තැන දහම නැත.... ලෝකය ඇත....
මේ දෙක අතර දෝලනය වෙමින් ඔබ ... මම... ප්‍රදර්ශනයවේ.
 Esani Dammi Samarasekera ...
ඔබ මාව උසාවියකට කැදවා සාක්ෂි විමසීම ගැන සතුටුවෙමි... ඒ නිසාම අපහසුව නොබලා කරුණු හැකිතරම් සරලව නිරවුල්ව .. ඉදිරිපත් කළෙමි...
පාතේගම සුමන රතන හිමියන් ගේ බොහෝ දේශණා.... සෝම හිමියන් ගේ ... ලෝක ධම්මතාව... දේශණය... තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන ගේ අභිධාර්මික විගුහයන් හා න්‍යායාත්මක දේශණා මේ අදහස සදහා පාදක කරගතිමි. තවත් ගැටලු වේ නම් අහන්න... දන්නා පට්ටමින් පිළිතුරු දෙන්නම්...

LikeReply24 mins

No comments:

Post a Comment