Saturday, June 25, 2016

මොනවාද මේ විකාර ධ්‍යාන... ===================?


දැඩි භාවනා කොට ධ්‍යාන ලබා ගන්න බමුණන් මග පෙන්වත්.
ඒ සදහා විවිද ක්‍රම ශිල්ප හදුන්වත්...
ඒ ක්‍රම තුළ ගිය අය ලැබූ දෙයක් නැත... 
මමත්වයක් .... තරවූවා මිස මිදුනාහු නොවෙති.
බුදුන් පිරිනිවීමට ඔන්න මෙන්න කියා තිබියදී ....
ප්‍රථම ධ්‍යානයට සමවැද ...
අනතුරුව ද්විතීය... ධ්‍යානයට සමවැද ඇත..
( ඉහළ ධ්‍යාන තලවලට යන්න සැම විටකම ආපසු 1ට එන්න ඕනෑ යන නියමය අනුව)...
නැවත එකට පැමිණ 3ට 4ට ගොස් ඇත.
මෙසේ 4 සිට 1ට ආපසු එනවිට පිරිනිවන් පෑවේලු.( පරිනිබ්බාන සූත්‍රය)
........... දැන් ගැටලුව බුදුන් පිරිනිවන් පෑවාද බ්‍රහ්මතලයට ගියාද යන්නය.
අනෙක... පිරිනිවන් මංචකයේ සමාධි සිතින් වැඩ හිද ඔය ආකාරයට 1ට 2ට 3ට
යමින් එමින් සිටියායැයි නිගමනය කළේ කවුද?
මේවා බමුණන්ගේ හොර උප්පැන්නය....
භාවනා කියා ජාතියක් බුදු හිමි වදාරා නැත....ඒවා අත්හැර පැමිණ බුදුවූ පසු
බමුණෝ බාවනාකොට බුදුවූ බව පැවසූහ..
මේ මෝඩකතා කවුරු කොයිකාලේ හදපුවාද?

Thursday, June 23, 2016

භාවනාවක් නොවන විදර්ශනා ඥානය....දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති .


අරමුණු ... භාවමය හැගීම්.... අප ගමනේ යවයි.
සුවෙන් යන ගමන .. සුගතිගාමී... වන අතර
අමාරුවෙන් යන ගමන... දුගති ගාමී වේ.
මේ දෙකම යන්නේ තමාය.....
රෝද ( රෝන්දෙ) ගසයි.... නිරෝධ වන විට රෝන්දේ නවතී...
නවතාලන ආකාරය ... සංසිද්ධියම... එකට දැක්මය.
((සං+සිද්ධි = සිද්ධි දාමයක එකතුවයි..))
එකතු කරගත් දේ වර්තමානයට ගලපා ...
ඒ තුළ නොසැලී ඉන්න ඔබට හැකියාව දෙන්නේ
විදර්ශනය.... හෙවත් බුද්ධියෙන් විනිවිද දැක්මෙන්..
මොහොතේ අරමුණ... බාහිර ලස්සන රුවක් නම්?
පිළිකුල වැඩුවාට හරියයිද?... නැහ.
තමා තුළම වන පරිවර්තනය දකින්න.පරිවෘත්තීය වේගය දකින්න...
අසහනකාරී සිතුවිලි බලන්න...
ඇසේ නිරෝදය ඇස තුළමය.. ඇස ඉවතට ගන්න.
සිත ක්ෂණික වෙනසකට බදුන් කර බලන්න...
(ඇය වෙනත් හාදයෙකු සමග පිටව යයි...)
එවිට .... භව ( සංඛත= ආයතන 6 යේ එකතුව )...
පුනර්භව වේ.... ( අරමුණ ස්ථාන මාරු )
මේ පිළිවෙත .... සසර... වශයෙන් හදුනාගමු...
ඒත් සසර... නතර වුණාද?නැත.....
සිතුවිලි ඇතිතාක් එකිනෙක .. භව .. පුනර්භව වෙමින්
රෝන්දේ ගසයි....
ඒ ... සිත....යන ධර්මතාවයේ උපන් ගතියයි ... අමු ගතියයි.....
බලෙන් ගමන නතර කළොත් ?
බැම්ම කඩා ගෙන යන ජල ධාරාවක්ව තුමූව ම විනාශ කරගෙන ගමන යයි.
එසේනම් නතර කරන්න වෙරවීරිය කිරීම නොව ... කළයුත්තේ වැටහීමෙන් ... නො ඇලී හෝ නො ගැටී...අරමුණින්
එලැඹි සිහියෙන්...ඉවත් වීමයි.... මනසින් අතහැරීමයි.
දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති ....
මේ සසර ගමන නවතාලන ආකාරයයි.


beautiful and ugly in your mind.

දහමයනු කුමක්ද?



මිනිසාට විමුක්තිය ලබාගැන්මට මග පෙන්වන සොබාදහමේ න්‍යායයන් දහම වශයෙන් හැදින්විය හැක.මෙය ඉදහිට වරක් දෙවරක් කාගෙන් හෝ අසා දැනගැනීමෙන් ධර්මාවබෝධයක් ලැබිය හැකිද?
එසේ කවුරු හෝ කියන්නේ නම් මුලාවෙනි.
ධර්මය අඛණ්ඩව ගලායන එකකි.එය පොතපතකට දෙසුමකට සීමාවන්නක් නොව අප එදිනෙදා ගතකරන ජීවිතයේ ගැඹුරු විවරණයකි.
සම්ප්‍රදායක බණ ආකෘතියකට, පොත්පත්වල අච්චු අකුරු සමූහයකට අප කොටු වී සිටින නිසා අප සිටින්නේ මාර නින්දකය. එනිසා සජීවී දහම අප නොදකිමු.
සජීවී දහම හැම තැනකම ඇත.උදාහරණයකට ආහාර ගන්නා වෙලාවක් ගැන සිතන්න....... ආහාර කියන්නේ මොනවාද? ආහාර ගන්නේ මොකටද? රසවත් කර ඇසට ප්‍රියමනාප ලෙස සකසන්නේ ඇයි?....... අප්‍රිය කර කෑවොත් වමනේ යන්න ... නොදිරවන්න හැක.
ආහාර සැකසෙන පොළොව ... සකසන කෙනා ගේ ජීවිතයේ ගැටලු ... අතර මැදි ගසාකෑම්.. මිල අඩු වැඩිවීම්...මේ සියල්ල විනිවිද පෙනේ.
එනිසා ලෝක සොබාවය වැටහෙන නීති රීතිමය .. න්‍යායාත්මක බන්ධන නැති තැන දහම මතුවේ.
එනිසා මෙය එක්වරක් නොව ජීවිතය පුරාවට වටහා ගන්නකි.බුද්ධිය ... ප්‍රඥාව .. මෛත්‍රිය ... කරා යාහැකි දොර කවුලු විවෘත තැනකි . තමාම වටහා ගන්නකි.

Wednesday, June 22, 2016

සංතතික දහම..................


මිනිසා ඇතුලු සියලු සත්ව සමූහයන්ම එකිනෙකාට හේතු භූතවෙමින් සොබා දහමතුල පැවැත්මේ හැකියාව සංතතික දහම වේ.
එවිට තනිව පවත්නා සතෙක් ඒකකයන් නොදකී...ගණ වශයෙන් හදුනා ගැනේ.
ආහාර දාම... සොබාවික ජලචක්‍රය... නයිට්‍රජන් චක්‍රය...ඒ තුළ ප්‍රකටවේ.
සියල්ල එකිනෙකා මත යැපීම සුවිශේෂී ලක්ෂනය වේ.
මිනිසා තනි පුද්ගලයෙක් හෝ මම වශයෙන් ඊටබැරකිරීමක් නොවේ. දාමයක පුරුකකි. සිත්පරම්පරාවක එකතුවකි.
එසේම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ...යේ. දැනුම
සම්ප්‍රේෂණය කළ හැකි නිසා පියා නැවතූ තැනින් අරඹා
ව්‍යාපෘතියක් පූරණය කළ හැක........
සතුනට මේ හැකියාව අඩු වීම මිනිසාට වාසි දායක විනි.
එනිසා මානවයා අග්‍රගණ්‍ය විය.
මතුපිටින් හතුරු මිතුරු වශයෙන් පුද්ගලයන් දකිතත්...
සැබව එය නොවේ.සැම එකම මූලයකට ගැටගැසී ඇත.මේ මූලයට පහර එල්ලකළොත් සැම වැනසේ..එකෙකුට එන බිය සැමවෙත බෙදී යයි.
කූඹි/මීමැස්සෝ වැනි සාමාජීය සත්තු පෙරමෝන ..වැනි රසායනිකයන්ට ප්‍රතිචාර චක්වමින් චර්යා රටා වෙනස් කරනු පෙනේ.
මිනිසාද ඉහලින් එන සොබා දහමේ අණට / සාමාජීය අණට අනුරූපීව චර්යා රටා වෙනස් කරත්.
උණුසුම /ශීතල වැනි සාධක මත හැසිරීම් රටා වෙනස්වේ..
දිවා රෑ.. වෙනසද ජීවයට බලපෑම් කරයි.
සතුන් ගන්ධයට දක්වන ආකර්ශණයම ....
මිනිසුන්ද සමාජ සබදතා වලදී ප්‍ර යෝජනයට ගනිත්.
මේ නිසා අප සොබාදහම් දාමයේ පුරුක් මිස.....
තනි පුද්ගල ඒකක නොවෙමු....
තනි තනිව නිවන් දකින්න බැරි එම හේතුව නිසාමය.

Wednesday, June 15, 2016

සං+සුං ...වීම

ප්‍රශ්ණයට උත්තරයක්.... සං+සුං ...වීම.. ( එකතු වීම නැතිකර දැමීම)
============================================
ප්‍ර.. මම සිතුවිල්ලෙන් තොරව ඉදීම අත් දකිමි....
ඒත් ඒ දැනගන්නේ මගේම සිතුවිල්ලකින් නේද?
උ... අරමුණකට යොමුවීම... සිතුවිල්ලේ උපතයි...
1.සිතුවිල් ඊලගට වැඩේ...
2.උච්චතම අවස්ථාවට පැමිණේ..
3.කෙමෙන් දුර්වල වේ...
( කෙනෙක් මිය ගිය විට ඒ... මොහොතේ... පසුව.. පසුව.. පීඩාව අඩු වැඩි හා මිලාන වන අයුරු අත් දැක තිබේද?)
සිතුවිල්ල උච්ඡ වන්නේ එකින් එකට ඈදීමෙනි.....
එකකින් එකකට අප නොදැනුවත්වම පනී...
දෙක අතර පරතරය තත්පරයෙන් 1% කටත් වඩා අඩු නිසා අල්ලන්න අමාරුය.
එසේ පරතරය දැක ඊගලග එකට පනින්නේ නැකිව ඔබට ඉන්න හැකියාවක් වේද?.....
එසේ හැකිනම් ඊලග එක නොඒ...
එතැන no mind ... නො මනස වේ...
නිරෝධය .. යනු පැමිණි සිතුවිල්ල ඉවරකර ඒ දුර්වලව යන්න ඉඩ හැරීමයි...
සිතුවිල්ලක් නැති බව දකින්නේ ... මම ...ය.
සිතුවිල්ලක් නැති තැන .. මම ... පහව ගොසිනි....
ඇත්තේ ශුද්ධ අවකාශයම බව අත් දකින්න.
සොබා දහමට එක්වන්න...
ප්‍රශ්ණය:--
සිතුවිල්ලක් නැති තැන ... මම ... උයන්නේ පිහින්නේ ...
වැඩපල කරගන්නේ ... කෙසේද?
පිළිතුර:--
කෑම උයන පිහන ... වැඩපලකරන.. විට බුද්ධියෙන් සිහියෙන් කකරන්න..
එතැන ඇත්තේ අඩු සිතුවිල්ලක් බව දකින්න...
ක්ෂණ මාත්‍රිකව ඒ තලයේ ඉන්න...
කෙමෙන් මම... හෙවත් ... මමායනය දියව යනු ඇත..
මමායනය සම්පූර්ණයෙන් ඉවත් වන්නේ රහත් හෝ බුද්ධ තත්වයේදීය..
මම.. සිතුවිලි නතර කරගෙන සිටිනවා ...යන්න ... වැරැදි ලෙස දකින්න.
සිතුවිල්ලටම .. සිතුවිල්ලේ නිශ්ඵල බව දැක මිදෙන්න දෙන්න..
එය ඔබ කරනවා නොවේ... සිදුවන දෙයකි.
පහසු නැති නිසා එහි වටිනාකමක් ඇත..
( ඔබ ඉතාමත්ම කැමැති කෑම එක දිගටම කන කොට පසුව අප්‍රියවේ.
මෙයයි න්‍යාය......
විවාහ වූ පසුව උනන්දුව අඩුවේ.. වයසට යනවිට ඇත්තේම නැති තරම්ය)
ජීවිතාව බෝධයම ඊට මුල පුරයි.

Monday, May 23, 2016

සිතිවිලි ඇතිවන්නේ ස්වභාවධර්මයට අනුකුලවූ හේතුඵල න්‍යායට අනුවය. නතරකල නොහැක. බුද්ධ දේශනාව වන පටිච්චසමුප්පාදය යනු මෙම සිතිවිලි පිළිබඳවූ දේශනාවයි.

“අකුප්පාමේ චේතෝ විමුක්තියා” යනු අටලෝ දහමට නොසැලෙන සිතක් එනම් මනසක් හෙවත් විඥානයක්  ඇතිකර ගැනීම මිස  සිතිවිලි හැදෙන ක්‍රමය  සුනු විසුනු කිරීම නොවේ.
සිතිවිලි ඇතිවන්නේ ස්වභාවධර්මයට අනුකුලවූ හේතුඵල න්‍යායට අනුවය. නතරකල නොහැක. බුද්ධ දේශනාව වන පටිච්චසමුප්පාදය යනු මෙම සිතිවිලි පිළිබඳවූ දේශනාවයි.  “සසර දුක නිවීම” යනුවෙන් බොහෝ දේශකයින්  දේශනා කරන්නේ  ඉපදෙමින්  මියයමින් නැවත ඉපදෙමින් යන සසරක් පිලිබඳවය. බුද්ධ දර්ශණයේ එවැනි  සසරක් ගැන ද  විග්‍රහනොවේ. එවැනි දීර්ඝකාලයක් ගැන හෝ දීර්ඝකාලයකට පසු ලබන විමුක්තියක් පිලිබඳ විග්‍රහ නොකරයි. එවිට බුදුදහම අකාලික දහමක් නොවනු ඇත.ඇතැම් දේශකයින් දේශනා කරන පරිදි  මනසින් සිතිවිලි මකාදැමීම හෝ ශරීරයෙන් මනස එනම් සිත හෙවත් විඥානය වෙන්කිරීම කල  නොහැක.  බුද්ධදර්ශනය පදනම්වී ඇත්තේ සිතිවිල්ලක් ජනිතවන “ක්‍ෂණය” නම්වූ ගණනයකළ නොහැකි තරම් ඉතාකුඩා කාල සීමාවකට සීමාවූ “අකාලික” සංසිද්ධියක් තුලය. නිවන්දැකීම හෝ සතර අපායට යාම සිදුවන්නේ  මෙම ගණනය කල නොහැකි තරම්වූ කුඩාකාලය තුලදීය. එනම් “ක්‍ෂණය” තුලදී  ජනිතවන “සිතිවිල්ල” තුලය. සිතිවිල්ලේ  නිවීම හෝ එම සිතිවිල්ල නිසා සිත විපිලිසරවිම හෙවත්  අපායට යාම  සිදුවන්නේ ද  මෙම “ක්‍ෂණය” නම්වූ ඉතා කුඩා කාලය තුලදීය. මෙහිදී  සම්මතයේ ඇති වචනය වන “අපාය” යන වචනය භාවිතා කරනු ලැබුවත් නිවැරදි වචනය  විය යුත්තේ විපිලිසරවිම හෝ වික්ෂිප්තවීමයි.  මොහොතක්(ක්‍ෂණයක්) මෛතී‍්‍ර භාවනාව  කිරීම බුදුපාමොක් මහාසංඝරත්නයට දෙන සාංගික දානයට වඩා ආනිසංස යයි  යනුවෙන් දේශනා කර ඇත්තේ  ක්‍ෂණයක්  තුල ඇතිවන එක සිතිවිල්ලක් නිවීමය. එනම් එම සිතිවිල්ල ඇලීමෙන් හෝ ගැටීමෙන් තොරව මිත්‍රත්වයෙන් අසුරු කිරීමයි. එනම් එක “සත්වයෙක්”  එනම් “සිතිවිල්ලක්” නිවාගැනීමයි. මෙහි “සත්ව” යනු සිතිවිල්ලේ  නිතැතින්ම සිදුවන සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ ඇලීම සහ බැඳීමේ ස්වභාවයයි. සියලු සත්වයෝ යනු සියලු සිතිවිලිය. සියලු සත්වයෝ නිදුක්විම යනු සියලු සිතිවිලි නිවීමයි. බුදුන්වහන්සේ පෙන්වාදී ඇති පරිදි අවබෝධ කලයුත්තේ  බඹයක් පමණවූ  ශරීරය තුල සිදුවන “ලෝක” නම්වූ සිතේ පෙරලිය පිළිබඳවයි. භාහිරවූ  භෞතිකවූ ලෝක ගැන නොවේ.බාහිරවූ  භෞතිකවූ  වස්තුන් ජීවින් හෝ ද්‍රව්‍ය ගැන සාකච්චා කිරීම කාලය නස්තිකිරීමකි.  පටිච්චසමුප්පාදය  මගින් විග්‍රහ වන්නේ  “ලෝක” එනම් සිතේ පෙරලිය  ගැන මිස  ජීවියකු ගැන හෝ ද්‍රව්‍ය ගැන  නොවේ. මනස එනම්  සිත හෙවත්  විඥානය  ශරීරයේ සියලුම ජීවී සෛල හා සම්බන්ධ ජාලයකි(Net Work) . සියලු ජීවී සෛල වලට තනිවම ක්‍රියාකාරී වියහැකි අතර සෛල එකිනෙක අතරද සම්බන්ධතාවය පවත්වයි(interact). එමෙන්ම සියලු ජීවී සෛල එකිනෙක සම්බන්ධීකරණය කිරීම සහ පාලනය කිරීම සිත එනම් මනස හෙවත් විඥානය මගින් සිදුවේ. තත්පරයක් තුලදී එක ජීවීසෛලයක් තුල ක්‍රියාකාරකම් සියගණනක් සිදුවිය හැක.  බොහෝ ක්‍රියාකාරකම්  සිත එනම් මනස හෙවත් විඥානය මගින් සම්බන්ධීකරණය හෝ පාලනය සිදුකරයි. මිනිසකූ මියයාමේදී  සියලු ජීවී සෛල මියයන නිසා සිත එනම් මනස හෙවත් විඥානයේ නම්වූ  ජාලයේ  (Net Work) ක්‍රියාකාරිත්වය  අවසන්වේ. පැවතීමට මාධ්‍යයක් නොමැතිවූ විට සිත,මනස එනම්වූ විඥානයේ පැවැත්ම අවසන්වේ. පණඇති මිනිසකුගේ බඹයක් පමණවූ ශරීරය තුල “ලෝක” නම්වූ සිතේ පෙරලිය  සිදුවන අතර එනම් සිත මනස හෙවත් විඥානය  ක්‍රියාකාරීව පවතී.  සිතේ මනසේ එනම් විඥානයේ  ක්‍රියාකාරීත්වය  නතරවීමට  නම් ශරීරයේ  සෛල මියයාම සිදුවිය යුතුය. මියගිය පුද්ගලයකු තුල  සිත,මනස හෙවත් විඥානය නොපවතී. සිත එනම් මනස හෙවත් විඥානය  මිනිසාගේ ශරීරය තුල පවතින අතිශය අධිවේගී ජාලයකි very high speed network. වෙන්කළ නොහැක.  දේශකයාණන් පවසන අන්දමට භෞතිකවූ ජීවී සෛල වලින් සමන්විත ශරීරයෙන් සිත එනම් මනස හෙවත් විඥානය වෙන්කළ නොහැක. මිනිසාගේ  ශරීරය තුලැති  ජීවී සෛල සියල්ල හා සම්බන්ධ තාවය සහ පාලනය(coordination & control)  පවත්වන සිත  එනම් මනස හෙවත් විඥානය ශරීරයෙන් වෙන්කළ නොහැක. එසේ වීමට නම් සෛල සියල්ල මියයාම සිදුවිය යුතුය. මොලය Brain ප්‍රධාන දත්ත ගබඩාව වුවත්  බොහෝ සෛල තුල අවුරුදු  මිලියන ගණනක් සිට පැවතෙන  ජානමය මතකයන් ඇත. අපහට ගෝචර නොවන එවැනි මතකයන් කිසිසේත් ඉවත්කළ නොහැක.  එමනිසා කිසිදිනක ජිවත්වන මිනිසකුගේ සිත, මනස එනම්වූ  විඥානය  ශරීරයෙන්  වෙන්කළ නොහැක.  සිත,මනස හෙවත් විඥානය  නැතිකළ නොහැක. සිත නැතිකිරීමක් හෝ සිත ශරීරයෙන් වෙන්කිරීමක් ගැන කිසිවෙක් දේශනා කරයිනම්  එය සිදුවිය නොහැක. ඔහු සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ හැසිරීම  හෙවත් බුදුන්වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදය  නොදනී. පටිච්චසමුප්පාදය  නොදන්නා කිසිවෙකු  බුද්ධදර්ශනය  නොදන්නා බුදුසසුනට ඇතුලුනොවූ  අය ලෙස සැලකිය හැක. සිත,මනස එනම්වූ විඥාණය  ගැන අවබෝධයක් නොමැතිව  බුදුරජානන්වහන්සේ දේශනාකළ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන සිදුවන “ලෝක” නම්වූ  “සිතේ පෙරලිය”  අවබෝධ කල නොහැක. සිතේ පෙරලිය  අවබෝධ නොකර  “නිවන්දැකීම” කල නොහැක. බුදුරජානන්වහන්සේ  “පටිච්චසමුප්පාදය “ යනුවෙන් දේශනා කර ඇත්තේ මෙමෙ “සිතේ පෙරලිය”  එනම්වූ   “ලෝක” පිළිබඳවයි. දැනට විග්‍රහ කරන සම්ප්‍රදායික පටිච්චසමුප්පාදය නොවේ. නිවැරදි  පටිච්චසමුප්පාදය “සිතේ පෙරලිය” ගැනවූ විග්‍රහයක් පමණි. දුක ගැන හෝ ජීවියකු ගැන හෝ ජීවියකුගේ නැවත ඉපදීමක් ගැන නොවේ.     පංචෙන්ද්‍රිය නිසා ඇතිවන සිත්  සංස්කරණය වී සිතිවිලි එනම් හුදු සටහන් වශයෙන් හෝ  “සංඛාර” වී සිතේ හෙවත්  මනසේ එනම් විඥානයේ ඇලීම,බැඳීම එනම්  සටහන්වීම සිදුවේ. මෙම මනසේ,සිතේ එනම් විඥානයේ  සටහන්වූ සිතිවිලි  නැවත නැවත එනම් පුන පුනා ජනිතවේ. මෙම පංච උපාදාන ස්ඛන්ධ  සහ සතරමහා භූත ක්‍රියාවලිය නතරකල නොහැක. මෙසේ සිතිවිලි  පුන පුනා  ජනිතවීම නිසා  සිත පිඩාවට පත්වීම  නතරකල හැක. සිතිවිලි සමනය කලහැක. සිත නිවීම හෙවත් නිවන්දැකීම කලහැක. බුද්ධදර්ශනය යනු නිවන පිළිබඳවූ දර්ශනයයි. දේශකයාණන් පවසන  “භව” යනු  සිතිවිල්ලක ජනිතවීම යන්න සහ “පුනර්භව” යනු සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ  ඇලුණු එනම් සටහන්වුනු සිතිවිලි පුන පුනා ජනිතවීම යන්න  නිවැරදිය.  බුදුන්වහන්සේ  අනන්තවූ ජාතිවල ඉපදීම  එනම් සාර අසංකේය කල්ප ලක්‍ෂයක් ජාතිවල  ඉපදීම යනු මනසේ ජනිතවූ සිතිවිලි ලෙස පෙන්වාදීම නිවැරදිය. උන්වහන්සේ  මෙතරම් “සිත” පිලිබඳ  අවබෝධ කලේ එම සිතිවිලි විශ්ලේෂනය  කිරීමෙනි. “අනේකජාති  සංසාරං” යනු එම අනන්තවූ  සිතිවිලිය.එනම් නොයෙකුත් ජාතියේ අනන්තවත්වූ  සිතිවිලිය. “නිවන් දැකීම” යනු   මනසේ ඇති සිත පිඩාවට පත්කරන  සිතිවිලි හෙවත් “සංඛාර”  පුන පුනා  ජනිතවීම නතරවිමයි. නතර කිරීමක් නොවේ. එසේනම් මනසේ ඇති “සංඛාර” හෙවත් “කෙලෙස්” මනසින් ඉවත්විය යුතුය. සිතිවිලි හෙවත් මනසේ සටහන් සියල්ල සිතෙන් එනම් මනසින් ඉවත්නොවේ. ඉවත්කළ නොහැක.තද බැදීමෙන් තොරවූ සිතිවිලි මනසේ එනම් සිතේ තිබීම නිසා කිසිදු හානියන් සිදුනොවේ. බුදුරජානන්වහන්සේ  “සංඛාර” හෙවත් “කෙලෙස්” යනුවෙන් හැදින්වුයේ  නැවත  ජනිතවී සිත විපිළිසර වීමට සමත් සිතිවිලිය. මැදුම් පිළිවෙතට අනුව සිත එනම් මනස පවත්වා ගැනීමෙන් මනසේ සිතිවිලි සමනය වීම සිදුවේ. එනම් සමනයවූ නිවුණු සිතිවිලි වලින් යුතු මනුෂ්‍යයා යනු ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ජනිතවන සියලු සිතිවිලි ආයාසයකින් තොරව නිවීමට කුසලතාවය ඇති ක්‍ෂණයක්  පාසා “නිවන්දකින” පුද්ගලයාය. අවබෝධ වූ “ක්‍ෂණයේ” සිට මියයන “ක්‍ෂණය” දක්වා නිවීමෙන් සැනසීමෙන් ජිවත්වන පුද්ගලයාය.  නිවන්දැකීම යනු මෙම සංසිද්ධියයි. එනම් “බුද්ධසාසනය  හස්න හෙවත් බුදුන්වහන්සේගේ පණිවුඩයයි. පොත්පත් ලිවීමෙන්  ඒ  අනුව දේශනා කිරීමෙන්  ඉතා සරලවූ මෙම දර්ශණය විකෘතිවී  ඇති බවනම්  පැහැදිලි සත්‍යයකි.  “නිවන්දැකීම” කල යුත්තේ  “විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ජගා”  යන මධ්‍යම ප්‍රතිපදාවට අනුව තණ්හාව ක්‍ෂය කිරීමෙනි. මෙහි විසංඛාර ගතවූ සිතක් ඇතිවීම යනු “සංඛාර” හෙවත් “කෙලෙස්” ප්‍රහාණය කල සිත,මනස එනම් විඥානයයි. සමනයවූ සිතිවිලි සහිත සිතකි එනම් මනසකි හෙවත් විඥානයකි. බුදුන්වහන්සේ මහා සමන විය. නිවන්දැකීමට ඇත්තේ එකම මාර්ගයක් පමණි. එනම් සිදුහත් තවුසා ,සුනීත ,සෝපාක, අංගුලිමාල, චුල්ලපන්ථක,දාරුචීරිය, පුක්කුසාති බමුණා,විශාකාව,පටාචාරා ,කිසාගෝතමිය යන සියලු දෙනාම නිවන්දැක්කේ  සරලවූ බුදුදහමට අනුකූලවය.  බුදුවී ප්‍රකාශකළ උදාන වාක්‍යයේ අවසාන පදයට අනුකූලවය. එනම් “විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ජගා”  යන මධ්‍යම ප්‍රතිපදාවට අනුව තණ්හාව ක්‍ෂය කිරීමෙනි. මෙහි විසංඛාර ගතවූ සිතක් ඇතිවීම යනු “සංඛාර” හෙවත් “කෙලෙස්” ප්‍රහාණය කල සිත,මනස එනම් විඥානයයි. එවිට නැවත ජනිතවී  සිත විපිලිසරවීමට සමත්  “සංඛාර” හෙවත් “කෙලෙස්” සිත තුල නොපවතී. එනම් සමනයවූ සිතකි. බුදුන්දවස බොහෝදෙනා  බුදුදහම අවබෝධ කලේ වචන කිහිපයක් ඇසීමෙන් හෝ සරල  ක්‍රියාකරකම් මගිනි. සුනීත හට බුදුන්වහන්සේ පැවසුවේ  “සුනීත ඔය කද  බිම තබනු”  යන වචන කිහිපය පමණි. බුදුන්වහන්සේ අදහස්කලේ  කුලවතෙකු  දුටුවිට බියවීමට, සිත විපිළිසර වීමට  සමත්වූ  “හීනමාන” නම්වූ “මාන” හෙවත් “කෙලෙස්” නම්වූ  කද  බිමතබනු  යන්නයි. සුනීත හීනමානය නම්වූ කෙලෙස්කද බිමතබා සිත සැහැල්ලු කරගන්නා ලදී.  බුදුන්වහන්සේ අංගුලිමාල හට පැවසුවේ  “අහිංසක  නවතිනු” යන්න පමණි. ගුරුවරයාට තිබූ තද බැඳීම නිසා ගුරුපුජාවට  ඇඟිලි  රැස්කිරීමට ඇතිකරගත් තදබල ආවේගය නැවැත්වීමෙන්  අහිංසක නැවතුණි. ගුරුවරයා කෙරෙහි තිබූ තද බැඳීම  නම්වූ “කෙලෙස්”  ප්‍රහාණය කරනු ලැබිය. සිත සැහැල්ලු කරගන්නා ලදී. කිසගෝතමියට දෙනලද සරල ක්‍රියාකාරකම එනම්   නොමල ගෙයකින් අබ සෙවීමට යාමේදී  ඔවුන් කිසිවෙකු ඇය තරම් තදින් බැඳුනු අය නොවනබවත්  සිතට වද වේදනා දීමට හේතුව ඇය තුලතිබු දරුවා කෙරෙහි තදින්බැඳීම නම්වූ “ක්ලේශය” බව අවබෝධ කරගත් ඇය කෙලෙස් සංසිඳවා  සිත සැහැල්ලු කරගන්නා ලදී. චුල්ලපන්ථක හට  දෙනලද ක්‍රියාකාරකම මගින් රෙදිකඩ කිලිටිවූ සේම කෙලෙස් නිසා සිත කිලිටිවන බව අවබෝධ කරන  ලදී. ගාථා පාඩම් කිරීමට හෝ මතකතබා ගැනීමට අවශ්‍ය නොවිය.මනස තුලවූ සියලු කෙලෙස්ද ප්‍රහාණය කිරීමට සමත්වී  අරහත් බවට පත්විය. දාරුචීරිය හට උපදෙස් ලැබුනේ  බාහිර රුප්පනයන් නිසා ඇතිවන සිත් නිසා ජනිතවන “සිතිවිලි”  ප්‍රභල මාන  හෙවත් “සංඛාර” වශයෙන් නොව සිත විපිළිසර වීමට සමත් නොවන  හුදු සරල සිතිවිලි  වශයෙන් මනසේ  සටහන් වීමට ඉඩහරින ලෙසය. එමගින් “කෙලෙස්” රහිත නිවුණු සිතක් ඇතිවීමෙන් දාරුචීරිය  අරහත් භාවයට පත්විය. මෙසේ සලකා  බලනවිට  බුදුදහම යනු  නිවන් දැකීම හෙවත් සිතේ නිවීම හෝ සිත විපිළිසර වීම හෙවත් අපායට යාම  “ක්‍ෂණයක්” තුලදී සිදුවන සංසිද්ධියක් ලෙස පෙන්වාදෙන   එක “ක්‍ෂණයක්” හෝ අතහැරීමට නොහැකි  “අකලික”වූ “එහිපස්සික”වූ  දහමකි. බොහෝ දේශනා “ක්‍ෂණය” මත පදනම්වූ දේශනා නොවේ. එම දේශනා මගින් නිවන අවබෝධ කිරීම සැකසහිතය. එවැනි දේශකයින්  නිවන පිලිබඳ අවබෝධයක් ඇති අයසේ සැලකීමට අපහසුය.   

Sunday, May 22, 2016

අපි වයසට යනවාද ... වයස අපි ලගට එනවාද?



ඔවු...  මේ දෙකම සිදුවන්නේ එකටමය.උපන් මොහොතේ සිටම සිදුවන මෙම අඛණ්ඩ ක්‍රියාදාමය අප දකින්නේ එක්තරා මට්ටමක් දක්වා වැඩී.. පසුව අනුක්‍රමයෙන් දිරායන බවක්ය....
mature ... හෙවත් මේරීම ... තවත් ජනිතයෙක් මේ ලොවට දායාද කරන්න ඇතිවන හැකියාවයි... ගසක .. වැලක මේරීමද එසේම දකිමු.
නමුත් මෙය අපට හොරා අපේ සිරුර තුළම ඇතිවන රසායනික සංයෝගයන්ගෙන් ලැබෙන දෑවැද්දක් බව දන්නෝ කීයෙන් කී දෙනෙක් ද?එය වචනවලින් ලියන්න බැහ.
ලියන විටත් පටන්ගත් තැනින් බොහෝ දුරට පියඹා ඇති බැවිනි... rapidly changing ...අති ධාවනකාරී වෙනස්වීම ..
අනිත්‍යතාවය...
මෙය මිනිස් සිරුරට පමණක් සීමාවේද ?.. ජීව අජීව .. සැමට පොදු සාධකයකි.
මෙය තේරුම් ගන්නේ කෙසේද?....
ඔබ පහනක් දල්වයි..
අනු ක්‍රමික ක්‍රියාකාරිත්වය බලන්න.
1. පහන දල්වයි...
2. තෙල් රත්වෙයි.
3. තිරයේ පත්තුවන කොණට ජ්වලන අංකයට පත්වූ තෙල් පැමිණ ගිනි ගනී.
4. මේ ක්‍රියා දෙක සමගම තිරය ද දැවී කෙටිවෙයි...
මේවා එකක් පස අනෙක සිදුවේ යැයි ... කිව හැකිද?
නැහ. සියල්ල එකටම සිදුවේ... උප්පාද ... වය ධම්මිනො ...
කීවේ එයයි ... මේ ද්විත්වය එක්වරම සිදුවේ.
ලියන අපි වචන සොයන කොටම නික්මී හමාර බැවින් මේ දහම ලියන්න .. කියන්න .. දෙසන්න .. බැරි බව දන්නේ කීයෙන් කී දෙනාද?
ඒ අසන .. කියන .. ලියන .. දකින .. මොහොතේ ඔබ ඉන්නේ කොතැනද?
ඒ රැදී සිට්න්න හැකි තැනක් නොවේ.
මේ සියල්ල තථාගත දහමයි.උන්වහන්සේට මිස අපිට දකින්න බැරි දෙයක්.
පෘතග්ජනයා .. යනු තම කොටස .. මම .. මාගේ .. කියා වෙන්කරගත් අයයි... ඒ හින්දා අපිට මේ දහම ලියන්න පිළිවන.. අහන්න පිළිවන
ප්‍රත්‍යක්ෂ කරගන්න පිළිවන .. කියා සිතයි..
මේ නිසයි බුදුවරයෙක් පහළවෙන්න ඕන.උන්වහන්සේට මේ සියල්ල ආලෝකයේ වේගයට වැඩි වේගයකින් එකක් පස අනෙක වශයෙන් නොගෙන ඉතිරි නැතිවම ඒ ඒ ක්ෂණයේ දැකිය හැක.
(මෙය ඔබට මට හිතාගන්නවත් බැරිදෙයකි)
භූරිපඤ්ඤ තථාගත ... වන්නේ එබැවිනි.
පෘතග්ජන අපි තම තමා ගේ දෘෂ්ඨිකෝණවලින් දකිමින් නානා අරුත් සපයත්.
අන්ධයන් රැල අලියා වර්ණනා කළ විලසිනි.