Wednesday, January 13, 2016



3 hrs
පුනර්භව තර්කයේ පුහු බව........

 මම ය මාගේ ය යනුවෙන් කිසිවක් නොමැති නම් යළි ඉපදීමක් ද විය නොහැකිය....
මිනිස් සත්ත්වයා අනෙකුත් සියලු සත්ත්ව ප්‍රභේදයන්ගෙන් වෙනස්ව, මානව පරිණාම මාවතේ ගමන් ඇරඹුමෙන් අනතුරුව තමා පිළිබඳවත්, තම සමීපතමයන් පිළිබඳවත්, සෙසු ස්වභාවධර්මය පිළිබඳවත් “සිතන්නට” පටන් ගනියි.
ඔවුන්ට තම සමීපතමයන්ගේ හෝ තම රංචුවේ, තම කණ්ඩායමේ කෙනකුගේ වියෝව නිසා ඇතිවන පාඩුව, හිඩැස පිළිබඳව සසලවීමක් වැනි හැඟීමක් ඇතිවන්නට ඇත. ඒ අය තවදුරටත් තමන් අතර සිටී නම් වැනි කැමැත්තක් එලෙසම ඇතිවන්නට ඇත.
අවුරුදු දස දහස් ගණනකට පෙ‍රාතුව (නියැන්ඩර්තාල් අවදියේදී පවා...) පැවති සොහොන් ආශ්‍රිතව, මිය ගිය අයගේ සිරුරු අසල ඔවුන් භාවිත කළ මෙවලම් හා වර්ණ ගැන්වූ යම් යම් දේ තැන්පත් කොට තිබූ අයුරු කැනීම්වලදී සොයාගෙන ඇත. එම චාරිත්‍රයේ ප්‍රකාශිත අභිප්‍රාය වන්නේ මියගිය අය හට ඒ දේවල් ඉතිරි කිරීමයි. එනම් මරණයෙන් ඔහු පිළිබඳ සියල්ල අවසන් නොවන බවයි, එනම් ආත්මීය අඛණ්ඩතාවය පිළිබඳ ප්‍රාර්ථනාවක්, විශ්වාසයක් පිළිබඳ සේයාවක් එම චාරිත්‍රය තුළින් ගම්‍ය වෙයි. මරණින් මතු පැවැත්මක් පිළිබඳ අනුරාගය ඉතා ප්‍රාග් යුගය තෙක් විහිදෙන බව ඒ අනුව අපට උපකල්පනය කළ හැක.
එනම් ආගම් බිහිවීමට ‍වසර දසදහස් ගණනකට පෙර ආත්මීය අඛණ්ඩතාවය පිළිබඳ ආශාව ප්‍රාථමික මට්ටමින් රෝපණයවී ක්‍රම ක්‍රමයෙන් එය වැඩෙන්නට ඇත. එය මිනිස් ශිෂ්ටාචාරයටම පොදු ප්‍රාර්ථනාවක්වී ඇත. මිනිස් ඉතිහාසය පුරා මානව වර්ගයා අතර, කණ්ඩායම් තුළ, කණ්ඩායම් අතර බැඳීම් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙත්ම ඔවුන් අතර වන වියෝව, මරණය හේතුවෙන් හටගන්නා සංවේගය, වියෝ වේදනාව ද ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට ඇත. එලෙස වියෝ වේදනාව වැඩි වර්ධනය වීමට සාපේක්ෂව, ඔවුන් මිය නොගොස් අප අතරම රැඳී සිටියා නම් යන හැඟීම ද බලවත් වන්නට ඇත. සංක්ෂිප්තව ගත් විට මරණයෙන් සියල්ල අවසන් වේය යන හැඟීම එදා පවා දරාගන්නට අසීරු විය. මීට සැනසිලිදායී විසැඳුමක් මානව ශිෂ්ටාචාරයට අවශ්‍ය විය. ඒ අනුව මරණින් මතු පැවැත්මක් පිළිබඳ ආශාව, ප්‍රාර්ථනාව ක්‍රමයෙන් විශ්වාසයක් බවටත්, ඊට අනුරූපී අභිචාර විධීන් හා චාරිත්‍ර ආදිය ද ගොඩනැඟීම සිදු විය.
අද පවතින සංවිධානාත්මක (ප්‍රධාන) ආගම් බිහිවනුයේ වසර 5000 කට මෙපිට වකවානුවේදීය. (මිනිසා කෘෂිකාර්මික යුගයට එළැඹී ජනාවාස බිහිකර ගැනීමත් සමඟ සමාජයේ පැවැත්ම සඳහා සදාචාර පද්ධතීන් ක්‍රම ක්‍රමයෙන් ගොඩනැංවීමේ ඉතිහාසය ආගම් බිහිවීමේ ඉතිහාසය වෙයි.) ආගම් බිහිවන යුගය වන විට ඉහත කී මරණින් මතු පැවැත්මක් පිළිබඳ විශ්වාසය මිනිස් සමාජය තුළ බලවත් ලෙස කිඳා බැස තිබූ පරිකල්පනයක් ව තිබුණා. ආගම් විසින් මෙකී විශ්වාසයට යම් යම් අර්ථ දැක්වීම්, නිර්ණායක හා ප්‍රමිතීන් එකතු කරනු ලැබීය. මරණින් මතු තවත් ආත්මයක් යන අදහස මුළුමනින් බැහැර කිරීමට ආගම්වලට අසීරු විය. (අනාත්මවාදී ඉදිරිපත් කිරීමක් වන බුදු දහම තුළ ද පුනරුත්පත්තිය බලවත් ලෙසින් පැලපදියම් ව තිබීම ඊට සාක්ෂියකි; මම ය මාගේ ය යනුවෙන් කිසිවක් නොමැති නම් යළි ඉපදීමක් ද විය නොහැකිය...)
අද අපි විඳින ජීවිතය හා මේ ලෝකය සමඟ/ මිනිස් සමාජය සමඟ පවත්නා සම්බන්ධතා ජාලය, අපගේ දරු මුණුපුරන්, සමීපතමයන් පිළිබඳ ප්‍රාර්ථනා, බලාපොරොත්තු ආදී සියල්ල මරණයත් සමඟ අතහැර යාම ඕනෑම අයකුට ආත්මීය අගාධයක් වැනි දරාගත නොහැකි එකකි; ආත්මීය කළු කුහරයක් (black hole) වැනි එකකි. එය ඇත්තෙන්ම මරණය පිළිබඳ වේදනාවට ද වඩා ඛේදවාචකයකි.
කෙසේමුත් පුනරුත්පත්තිය හෝ පුනර්භවය හෝ ස්වර්ගය ආදී කිසියම් නාමකරණයකින් වුව හැඳින්වෙන නැවත ඉපදීම හෝ ආත්මීය අඛණ්ඩතාවය පිළිබඳ විශ්වාසය පිළිබඳව යම් කිසි ආකාරයක තර්කානුකූල විග්‍රහයක් කර බැලීමට උනන්දු වන අයකු හට අවධානයට ලක්කළ යුතු මූලික කරුණු කීපයක් පෙළගැස්වීමට මෙහිදී අදහස් කරමි.
පරිණාමවාදය යන්න අද විද්‍යා දැනුම් සාගරයේ ඇති විශාල දැනුම් පද්ධතියකි. එය, අජීවී පදාර්ථ තුළින් (යම් අහඹු සිදුවීම් මාලාවක් තුළින්) සජීවී ව්‍යුහවල ප්‍රාථමික මට්ටම්වලින් ඇරඹී, සරල හා සංකීර්ණ ජීවීන් දක්වා විකාශනය වූ ආකාරය පිළිබඳ ඉතා වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත. අද වන විට එයට වැදගත් සාක්ෂි හා අලුත් දැනුම එකතු වී වැඩි වර්ධනය වෙමින් පවතිනවා. පරිණාමවාදය හුදෙක් න්‍යායාත්මක ප්‍රවාදයක් නොවේ; එය අනුභූතික සාධක හා සාක්ෂි රැස්කර ගනිමින් පෝෂණය වූ විද්‍යාවකි. එකී දැනුමට අනුව ජීවීන්ට, මානවයන්ට භෞතික ශරීරයට අමතරව පවතින ආත්මයක් හෝ “මන” නම් වූ දෙයක් ජනනය වීමට ඇති හැකියාවක් ඉතිරි නොකරයි. එවිට තවත් උපතක් ලැබීමට යමක් මරණින් පසු ඉතිරි නොවේ. පරිණාමයේ ඉතිහාසය තුළ අජීවී පදාර්ථ තුළින් ජීවී ව්‍යුහ බවට පරිණාමය වීමේ සිද්ධි දාමය තුළ ජීවී - අජීවී ලෙස පැහැදිලි බෙදුම් ලක්ෂයක් හෝ මොහොතක් පෙන්විය නොහැක. අජීවී පදාර්ථවලට පුනරුත්පත්තියක් හෝ මරණින් පසුව සැරිසරන ආත්මයක් නොමැති බැවින් ආත්මයක් හෝ විඥානයක් අත්කර ගන්නා ආරම්භක අවස්ථාවක් පෙන්විය නොහැක. ඒ අනුව පරිණාමවාදී දැනුම අනුව පුනරුත්පත්ති විශ්වාසය එහි පදනමින්ම අභියෝගයට ලක්කොට ඇත.
නූතන තාරකා විද්‍යාත්මක දැනුම අනුව විශ්වයේ ස්වාභාවය, සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම, පෘථිවියේ බිහිවීම හා පැවැත්ම ඇතුළු විශාල දැනුම් පද්ධතියක වර්ධනය අභිමුව අපි ජීවත් වන්නෙමු. පෘථිවිය, අපේ සූර්යයා ද අනෙක් අභ්‍යවකාශ වස්තූන් මෙන් කලෙකදී විනාශ වී යයි. එවිට සමස්ත ජීව සංහතියම කෙටි කාලයත් තුළ විනාශ වී යයි. එනම් සකලවිධ විශ්වයේ පැවැත්ම හා ඉරණම, විශ්වයේ භෞතික පැවැත්මට යටත් බවයි. ජීවීන්ට හෝ මානවයන්ට අදාළ ආත්මයක් වෙයි නම් එහි ඉරණම ද මීට යටත්ය. එනම් භෞතික ලෝකය ඉක්මවා ගිය යමක් නොපවතී. එකී සංදර්භයට යටත් වූ විට ආත්මයක් හෝ පුනරුත්පත්තියේ ආරම්භක මොහොත හෝ පිළිබඳ විශ්වාසය බිඳ වැටේ.
ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක නූතන දැනුම අනුව ශරීරය හා මනස ලෙස භෞතික වූ යමක් හා අභෞතික වූ යමක් වෙන් වෙන්ව නොපවතින බව දැන් අපි දනිමු. (පුනරුත්පත්තිය හෝ ආත්මය සම්බන්ධ කරන්නට උත්සාහ කළේ මේ අභෞතික මනස/සිත වැනි දෙයකටයි.) අපගේ සිතුවිලි, අදහස්, ආවේග, හැඟීම් එනම් ආදරය, කෝපය ආදී සියලු දේ අපගේ මොළය හා ස්නායු පද්ධතිය මත පදනම් වූ ජෛව - විද්‍යුත් - රසායනික - (සන්නිවේදන) ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එනම් මෙකී භෞතික නොවන යැයි අතීතයේ සිතූ මානසික කාරණා ද භෞතික/ රසායනික ක්‍රියාවලියකි. එවිට අභෞතික වූ කිසිවක් අපගේ ජීවිතයට අදාළව නොපවතී. සියල්ල භෞතික නම්, භෞතික සියල්ල මෙන් භෞතික ශරීරය ද මරණයේදී පරිසරයට විසංයෝජනය වෙයි නම් යළි උපතක් ලබන්නට කිසිවක් ඉතිරි නොවේ.
කෙසේ මුත් අපට යම් සැනසීමක් ඉතිරි වෙයි. අපගේ ජාන ඔස්සේ අපේ දරුවන් අපගේ අනුපිටපතක් ලෙසින් පරම්පරාවෙන් පරම්පරාවට අපව පුනර්ජනනය කරයි. ඒ අප මියගිය විට නොව අප ජීවත්ව සිටියදීමය.
මූලධාර්මිකව පුනරුත්පත්තිය හෝ පුනර්භවය හෝ ආත්මය පිළිබඳව තර්කානුකූල විග්‍රහය එසේ වුවද සාමාන්‍ය සමාජය අතර මෙවැනි විශ්වාසයන් කෙරෙහි ආසක්ත කරන්නා වූ පුවත් ජනමාධ්‍ය ඔස්සේ ඉඳහිට අපි දකිමු. වරින්වර පුනරුත්පත්ති පිළිබඳ කතා මාධ්‍ය ඔස්සේ රසවත් ලෙසින් විස්තර කෙරේ. එහෙත් මෙවැනි කතා පුවත් පිළිබඳව පසු විපරමක් කොට එහි යථා ස්වභාවය නිරාවරණය කරන්නට තරම් අප නිර්භීත වන්නේ නම් එවැනි කතා ප්‍රබන්ධ බවත්, කෙටි කලකින්ම පුනරුත්පත්ති විස්තර කී තැනැත්තා එය අත්හැර දැමූ ආකාරයත් සනාථ කරගත හැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙවැනි පුනරුත්පත්ති කතාවක් මාධ්‍ය ඔස්සේ පළවන්නේ මීට වසර 50 කට පමණ මෑත අතීතයේ ය. එය ද, මෙතරම් බෞද්ධ රටේ පුනරුත්පත්ති ප්‍රකාශ කිරීමේ අවස්ථා නොමැත්තේ ඇයිදැයි පුනරුත්පත්ති කතා පිළිබඳ විමර්ශන සිදු කළ අයකු ප්‍රසිද්ධියේ කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුවය.
මේ ආකාරයේ පුනරුත්පත්ති කතා පිළිබඳව ලොව පුරා පර්යේෂණ සිය ගණනක් සිදුකළ ලොකුම පර්යේෂකයා වන වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් පවා පුනරුත්පත්තිය තහවුරු කළ හැකි සාක්ෂි හමුවී යැයි ප්‍රකාශ කොට නැත. ඉයන් ස්ටීවන්සන් යනු පුනරුත්පත්තිය පිළිබඳව යම් විශ්වාසයක් ඇතිව එය තහවුරු කරන්නට සාක්ෂි සෙවූ පර්යේෂකයෙකි. එසේ නොමැතිව ඔහු ද අපක්ෂපාතී, ස්වාධීන පර්යේෂකයකු ද නොවේ. කෙසේ මුත් ශ්‍රී ලංකාවේ බොහෝ අය මෙන් සාක්ෂි නොමැතිව, පර්යේෂණයන්ගෙන් තමන්ගේ විශ්වාසය තහවුරු වූයේ යැයි ප්‍රකාශ කරන්නට ඉදිරිපත් නොවීමට තරම් ඔහු අවංක උගතකු බව ද මෙහිදී කිවමනා ය.
මෝහනය තුළින් (Hypnotic Regression) පෙර ආත්ම භවයන් ප්‍රකාශ කළ හැකි යැයි තවත් ජනප්‍රිය විශ්වාසයක් ජනතාව අතර පවතී. මෝහනය යනු මෝහනය කරවන පුද්ගලයාගේ ඇනවුම්, යෝජනා, හැඟවුම් අනුව අර්ධ නිද්‍රාවට පත් තැනැත්තාගේ මතකයේ ඇති දේවල් (අවිඥානිකව) උපුටා ගනිමින් ගෙන හැර පාන හීනයක් වැනි දෙයකි. “ඔබ දැන් සිටින්නේ මවගේ ගර්භාෂයේ, ඔබ දැන් පෙර ආත්මයේ...” ලෙසින් යෝජනා කරන්නේ මෝහන චිකිත්සකයා විසිනි. මෝහනයට අවනත වූ පුද්ගලයා ද පුනරුත්පත්තිය විශ්වාස කරන්නකු වූ විට “සාර්ථක” පුනරුත්පත්ති විස්තරයක් ගොතා/ ප්‍රබන්ධ කළ හැකිය. ස්වාධීන හා විෂයට අවංක මනෝ වෛද්‍ය විශේෂඥයන්ගෙන් විමසුවහොත්, එලෙස පුනරුත්පත්ති සිදුවීමක් මෝහන චිකිත්සාවකින් හෙළිකර ගත හැකි ද යන්නට වඩා හොඳ පිළිතුරක් ලබා දෙනු ඇත.
විශේෂ දක්ෂතා ඇති අය එසේ හැකියාවක් පෙන්නුම් කරන්නේ පෙර ආත්ම භවයකින් රැගෙන ආ දැනුමක් තුළින් යන්නද තවත් ප්‍රචලිත විශ්වාසයකි. ඇත්තෙන්ම මෙවැනි අය පිළිබඳ පර්යේෂණ තවම සිදුකෙරෙමින් පවතී. කෙසේ මුත් එවැනි අය බොහෝ දුරට deep narrow minded හෙවත් පටු සීමාවක් තුළ තීක්ෂණ දක්ෂතාවක් පෙන්නුම් කරන අය වෙයි. ඔවුනට බොහෝ විට එකී හැකියා පරාසයෙන් බැහැරව අනෙක් විෂයයන් සම්බන්ධයෙන් සාමාන්‍ය දක්ෂතා මට්ටමට හෝ ළඟාවීමට නොහැකි වනු ඇත. Savant Otism තත්ත්වයේ පසුවන අය ද සමහර විට මෙවැනි සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළ අවස්ථා ඇත. එනිසා එමඟින් පුනරුත්පත්ති විශ්වාසයට සාක්ෂි සපයන්නේ නැත.
අවසාන වශයෙන්, පුනරුත්පත්තිය පිළිබඳව ආශාවක් ඇතිවීම, ප්‍රාර්ථනාවක් තිබීම මනුෂ්‍ය ස්වභාවයයි. විශේෂයෙන් ලෝකය වේගයෙන් සංවර්ධනය වී අපගේ ජීවිත විශාල වන විට මේ ජීවිතයට මුළුමනින්ම නැවතීමේ තිත තැබීම යනු දරාගත නොහැකි යමකි. කෙසේ වුවත් යථාර්ථය තේරුම් ගත් විට අපගේත්, අනෙකාගේත් ජීවිතවල සැබෑ වටිනාකම තවත් ඉහළ යනු ඇත. එවිට මේ ලද ජීවිතයෙන් වඩාත් ඵලදායී යමක් අත්පත් කරගැනීමටත්, මිනිස් වර්ගයාටත්, එහි පැවැත්මටත් ඉවහල් වන පරිදි අප වඩාත් සාධාරණ ලෙසින් හා යුක්ති සහගත ලෙසින් ජීවිතය තීරණය කිරීමටත් පෙළඹෙනු ඇත.
Sarath Wimalasuriya මුහුණු පොතට එක්කළ ලිපියකි.

තාරක වරාපිටිය
ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

Sunday, November 1, 2015

මිනිසුන්ට මරණින් පසු පවතින ආත්මයක් තිබේද?

ඉපදුන සෑම මිනිසෙකු ම මැරෙනවා එය පරම සත්‍යයකි. එහෙත් කිසිවෙකු නැවත උපදින්නේ නැත. සැබෑ බුදු දහමේ ඉගැන්වීම අනාත්මය යි. එනම් හින්දූන් විසින් උගන්වන ලද පෙර භවය, මතු භවය ප්‍රතික්ෂේප කරයි. විකෘති කරන ලද බුදු දහමක් අදහන ලාංකිකයන් නැවත ඉපදීමක් ඉහලින් ම අදහයි. ලාංකික රූපවාහිනී සහ අනෙකුත් මාධ්‍යයත් මෙම මිත්‍යාව නිරන්තරයෙන් සමාජ ගත කරයි. පාසල් සිසුන් පවා එය විද්‍යාත්මක සත්‍යයක් යැයි කියන තරමට මාධ්‍ය විසින් මෙම බොරු සමාජ ගත කරමින් සිටියි. අනාත්ම දේශනාවක් දේශනා කර ඇති එකම දහම බුදු දහමයි. ලෝකයේ අනෙක් සෑම ආගමක් ම මරණින් මතු පැවැත්මක් පෙන්වමින් ආගම් භක්තිකයින් බිය වද්දමින් ඔවුන්ගෙන් ලාභ සත්කාර ලබා ගනී. නවීන විද්‍යාව අනුවත් මෙම ආත්ම සංකල්පය මිත්‍යාවක් බව පැහැදිලිවම ඔප්පු වේ. මිනිසා වර්තමානයේ සිටින දියුණු ජීවියා දක්වා පැමිණ ඇත්තේ ඒක සෛලික ජීවියාගේ සිට අවුරුදු මිලියන ගණනක ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට ය. අපට පරිසරයේ ඇති දෑ දැක ගත හැකි වන්නේත්, ශබ්ද ඇසිය හැකි වන්නේත් ඇස, කණ ආදී ඉන්ද්‍රියන් තුළ ආලෝකය හා ශබ්ද ගමන් කිරීමෙන් පසු ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව ය. අජීව ද්‍රව්‍ය වන පුටුවකට, මේසයකට, ගලා යන ජලයට හෝ හමා යන සුළගට අනෙක් වස්තූන් දැකීමේ හෝ ඇසීමේ හැකියාවක් නැත. ඒ සදහා මෙම අජීවී ද්‍රව්‍යවලට ඉන්ද්‍රියන් පිහිටා නැත. හෘදය වස්තුවේ කාර්යය රුධිරය සිරුර පුරා පොම්ප කිරීම යි. ඒ වාගේ ම මොළයේ කාර්ය සිතීමයි. සිතිවිලි යනු ශරීරයෙන් වියුක්තව පවතින දෙයක් නොවේ. අපට ඇති වන තරහ, දුක, සතුට වැනි හැගීම් පවා ඒවාට අදාළ මොළයේ ස්ථාන උත්තේජනය කිරීමෙන් කෘතීමව ඇති කළ හැක. මතකය යන්නත් එසේ ම ය. දිගු කාලීන මතකය හා කෙටි කාලීන මතකය මොළයේ ඒ ඒ ස්ථාන ආශ්‍රිතව පවතී. සමහර අනතුරු වලින් මොළයේ ඒ ස්ථාන වලට හානි පැමිණීමේ දී ඒ මිනිසුන්ගේ දිගු කාලීන මතයන් නැති වී ඇති බවට බොහෝ වාර්තා ඇත. මිනිසෙකු මිය ගිය පසු මොළයත් මිය යයි. ශරීරයෙන් වියුක්තව පැවතිය හැකි කිසිවක් ශරීරයේ ඉතුරු නොවේ. අන්ධ ආගමික භක්තිකයන් පවසන ආකාරයට ශරීරයෙන් පිටවන දුමකට හෝ ශක්තියකට මතකයන් රඳවා ගත නොහැක. මතකය යනු මොළයේ සංකීර්ණ ක්‍රියාවලියකි. දැනටත් 1% පමණ ක්‍රිස්තියානි බටහිර විද්‍යාඥයින් මරණින් මතු පැවැත්මක් පැවතිය හැකි බවට කිසිම විද්‍යාත්මක සාධකයක්, සාක්ෂියක් ඉදිරිපත් නොකර තර්ක ඉදිරිපත් කරයි. ඔවුන් එසේ කරන්නේ කුඩා කළ සිට දැඩි ලෙස මනසට කා වැදී ඇති ආගමික දෘෂ්ඨීන් හේතුවෙනි. එහෙත් එය කිසිදා ඔප්පු කළ නොහැකි හිතලුවක් පමණි. බොහෝ මිනිසුන් මතු ආත්මයක් විශ්වාස කිරීමට පෙළඹෙන අනෙක් කාරණය නම් ආශාවයි. ලාංකිකයන් බුදු දහම විකෘති කර නිවන යනු නැවත ඉපදීමක් නැති වීම යයි දැඩි ලෙස විශ්වාස කළ ද, නැවත ඉපදීමක් නැති බව විද්‍යාත්මකව පෙන්වා දීමේ දී බොහෝ මිනිසුන් තැති ගැනීමකට ලක් වේ. යථාර්ථය නම් නිවන් අරමුණු කරමින් පූජා තියන කිසිම ලාංකික බෞද්ධයෙක් ( බොරු බෞද්ධයන් ) නැවත ඉපදීමක් නැති වීමට කැමති නැත. සෑම ආගමකම පූජකයින් ( භික්ෂූන් ) මෙම ආශාව දඩමීමා කර ගෙන විවිධ පුද පූජා පවත්වා ඔවුන් සැපවත් ජීවිත ගත කරති. නිවන නම් කිසිවකට නොඇලී සිටීමයි. එය ඉතා සරල ලෙස පෙනුන ද, පහසුවෙන් කළ නොහැක්කකි. සැබෑ සතුට පවතින්නේ යාන වාහන හෝ වෙනත් දේපල මත නොවේ. එය පවතින්නේ තමන් ඒ ඒ දේ දෙස බලන ආකාර ය තුළයි. යමෙකුට තාවකාලිකව ටික වේලාවකට බාහිර දේට නො ඇලී සිටිය හැක. එහෙත් එය දිගට කළ නොහැක. කිසිදා වෙනස් නොවන ලෙස ඇලීම් ගැටීම් වලින් ඉවත් වීම නිවනයි.
මතු ආත්මයක් නැත්නම් ලෝකයේ අපරාධ වැඩි වෙයි ද?
--------------------------------------------------------------
අප මිනිසෙකුට උදව්වක් හෝ හානියක් කරන්නේ ලබන ආත්මකයක ලැබෙන දෙයක් සිතාගෙන නම් සැබවින් ම එය තමන්ගේ වාසියට වැඩ කිරීමකි. අපට ලබන ආත්මයක් නැත්නම් ඕනෑම පාහර වැඩක් කළ හැකි යැයි කියන මිනිසෙක් කිසිසේත් ම මිනිස් කමට නොගැලපෙයි. ලෝකයේ අපරාධ කරන අයගෙන් අති බහුතරයක් ලබන ආත්ම විශ්වාස කරන මිනිසුන් බව ඒ ගැන සමීක්ෂණ කර ඇති බොහෝ සංවිධාන හෙළි කර ඇත. ලෝකයේ භාවිතයේ ඇති සෑම ආගමකම මිනිසුන් ලබන ආත්මයක් විශ්වාස කරයි. ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම අනාත්මය වුවත්, මිනිසුන්ට ලබන ආත්මයක් පෙන්වා භය කර තමන්ට ලාභ සත්කාර ගැනීමට ක්‍රියා කළ භික්ෂූන් නිසා අද බෞද්ධයින් පවා ලබන ආත්මයක් විශ්වාස කරයි) සෑම ආගමකම ලබන ආත්මයක් විශ්වාස කර ද ඒ හේතුවෙන් අපරාධ අඩු විමක් සිදු වී නැත. බොහෝ විට ලබන ආත්මයක් විශ්වාස නොකරන්නේ කුඩා කළ සිට දෙමාපියන් සහ පූජ්‍ය පක්ෂය විසින් බලහත්කාරයෙන් තමාගේ සිතට ඇතලු කරන ලද විකාර අදහස් වලට වහල් නොවී සිතිය හැකි ඉතාමත් සුළු පිරිසකි. මේ පිරිස මිනිසුන්ට පෙනෙන්නට සුදු ඇද ගෙන පන්සල් යන පොහොයට සිල් සමාදන් වෙන ( ශීලය ඇත්තේ කහ රෙද්දක හෝ සුදු රෙද්දක යැයි සිතන ) මිනිසුන්ට වඩා සැබවින්ම සදාචාරවත් ජීවත ගත කරයි. මිනිසුන් යහමගට ගත හැක්කේ බොරු ආත්මයක් කියා දීමෙන් නොවේ. කුඩා කළ සිට ම තමාටත් අනුන්ටත් යහපතක් වන ආකාරයට සමාජයේ ජීවත් වන ආකාරය කියා දීමෙන් සහ අවංකත්වය සහ සත්‍යය සියල්ලට වඩා වටිනා බව අවබෝධ කර දීමෙනි.
Niyama Bawuddhaya..... ගේ ලිපියකි.

Wednesday, February 11, 2015

ගින්න ආවේ කොයින්ද?.... එය ගියේ කොහාටද?
++++++++++++++++++++++++++++++++
මේ පැනයට ඇති පිළිතුර වන්නේ එය අප ආශ්‍රිතවම ඇති බවත් හේතු සාධක පැන නැගි කල්හි එය ඇතිව නැතිව යන බවත්ය.
හේතු ඵල දහමක ගති සොබාව එයයි.... එය අල්ලා ගන්න හෝ අතහරින්න බැරි අනවරත ක්‍රියාදාමයකි.
ප්‍රාණයද එසේය.හේතු සාධක ඇතිව පැනපැගී.... එලෙසම විපරීතවී, උප්පාද.... වය...එකටම කැටිව යෙයි.

Monday, March 17, 2014

බුද්ධාගම බේරාගන්න පෙරට වරෙව්.

  • Ananda Wijayaratna විඤ්ඤාන පච්චයා නාම+රූප.....
    නාම සිත ගැන කියන අතර රූප හැඩතල දක්වයි.හැබැයි ඒ වෙන් වෙන්ව දැකිය නොහැක.දෙකම එකක්ද නොවේ.එකක් තුල අනෙක ගිලී පවතී.මේ දෙකම ශුද්ධ ධම්මතා හෙවත් මහභූත වලින් නිර්මිතවේ.ඒවා ද එකිනෙක ගුණ වෙන්කරගත නොහැකි සේ එකක් අනෙක මත ඇලී ගැලී වාසය කරයි.
  • Ananda Wijayaratna මේ වායේ යේ ක්‍රියාකාරිත්වය තුළ නිර්මිත යමක් වේද ඒ "ජාති" වශයෙන් මිස පුද්ගලයෙක් ඉපදුනා යැයි ගැනීම තුළ අපව නිරතුරු පටලැවේ.
    මෙසේ නිර්මාණ වූ දෙය තුළට විඥ්ඤානය ඇතුලුවන බවයි වැඩිදෙනා ගේ පිළි ගැනීම.
  • Ananda Wijayaratna නමුත් ඊට එහා ගිය දෙයක් අපට දක්නට හැකිය.මහභූත පවා නිර්මාණය වීම තුළ යම් කිසි සක්‍රිය රටාවන් අනුගමනය කරයි.ජලයේ ඊටම අදාළ හැසිරීම් රටාවක් ඇත.ආපෝ, තේජෝ, වායෝ, පඨවි,ගුණ සියල්ල ඒ තුල ඇත.
    ඒ නිසා ජීවයේ ඇරඹුම ජලය විණි.
    ඊලගට මේ සියල්ලද නාම ,රෑපවේ.
  • Ananda Wijayaratna විඤ්ඤාන පච්චයා නාම+රූප.....
    විඤ්ඤානය යනුද නාමයකි.එයටද රූපමය හැඩතලයක් ඇති බව අද දින විද්‍යානුකූලව දකිමු.
    සියලු මතකයන්... සිතුවිලි... රසායනික මෙවලම් නිසා ගොඩනැංවේ.
  • Ananda Wijayaratna සිරුරේ ක්‍රියාකාරී රසායන මෙවලම් වන හෝමෝන ඒ ඒ වයසේ දී ජෛව ක්‍රියාකාරිත්වයේ මූලික සාධක වේ.තණ්හාව / ආශාව, ක්‍රෝධය,වෛරය, ලිංගික ආකර්ෂණය. සෙනෙහස,ආදරය ... යන මේ සියල්ලේ ඇරඹුම මෙකී රසායනිකයෝ වෙත්.
  • Ananda Wijayaratna කෙනෙකු මිය ගියද මේවායේ ක්‍රියාකාරිත්වය තව දුරටත් සුලු වේලාවක් රදා පවත්නේ වෙයි. ඒ නිසා ඉන්ද්‍රිය බද්ධය ජනප්‍රියව ඇත.එසේ කළායැයි කියා දායකයා ගේ ගති ලක්ෂණ ධාරකයාට උරුම නොවීම ඊලග ආශ්චර්යයි.
  • Ananda Wijayaratna ඒ නිසා බුදු සමය තුල මේ සියල්ල එක්ව කැටි කොට ගෙන " සංකාරා" යන්න එළිදක්වා ඇත.ඒ යළි යළි සංස්කරණයවෙමින් නව ජනිතයන් , හැඩ රටාවන් ලොවට දායාද කරයි.ඒ ආ ගමන අවුරුදු බිලියන ගණනකි.මෙහි ඇති ගැඹුර නිසාම ලෝක විෂය අප සතු මනසින් දක්නට නොහැක.දක්නට අවශ්‍ය ද නැත.
  • Ananda Wijayaratna මේ ගිනිගත් ජීවන මග ඒ ඒ මොහොතේ දැල්වෙන ගිනි නිවාලන්න මේ ධර්මතාවය තේරුම්ගැනීම තුළ මායාව වැටහේ.අප ඉන්නා තැන, මා කවුද.යන්න වැටහේ.මෙහි ගතයුත්තක් නොමැති බව , එබන්දක් නැති බව සියුම් බැලීමෙන් පෙනේ.
  • Ananda Wijayaratna එය කරන්න වෙන්නේත් මේ සිතුවිලි හරහාම වීමයි විහිලුව.සිතෙන් සිත දකිනවා ඇරෙන්න වෙනත් සුපර් ඊගෝවක් වේද? පඤ්ඤාව යනු එයද?කෙලෙස් උපදනා සිතකින්ම නිවන් දැකිය හැක්කේද යන්න මහාචාර්ය වරයෙක් විමසා සිටීමේ වැරද්දක් ද නැති බව පෙනේ.
  • Ananda Wijayaratna සිතයනු පවතින්නක් නොව අරමුණු සමග හටගන්නා එකකි.එය ක්ෂණයකුදු රැදවිය හැක්කක් නොවේ.ඒ නිසා ඩම්දාගෙන භාවනා කිරීමද අර්ථ විරහිතය. මේ නිසාම පවතින්නක් නොව ඇත්තේ නිබද වෙනස් වන ධම්මතාවයන් බව අප අදහමු.
  • Ananda Wijayaratna උප්පාද , තිථි, භංග.. ලෙස අප උපතක් හෝ උපන් කෙනෙක් දකිමු.
    ඊලගට එම කෙනා උපන් දින ගෙවමින් වඩාවර්ධනය වී පසුව දිරාපත්ව යන බව තිථියෙන් පෙන්වා දෙමු.
    ක්‍රියාකාරිත්වයේ අවසානය ලෙස මරණය දකිමු.එය භංග... ලෙස විවරණය කරම්හ.
  • Ananda Wijayaratna මෙහි ඇත්තක් වේද?.....
    සංසේචනය වූ තැන් පටන් නොව ඊටත් පෙරසිටම මේ ජෛව ක්‍රියාවලිය සිදුවේ.ඒ සදා දායක වූ රසායනයන්ම ඉපදීමටත්, වැඩිවියපක්වීමටත්, දිරියාමටත්, මරණයටත් හේතු කාරක වේ.
  • Ananda Wijayaratna බුදු සමය මෙය දක්නේ උප්පාද + වය ලෙසයි.( උප්පාද වය ධම්මිනො)
    මෙතෙක් කල් විදෆාඥයින් පවා විශ්වයට වයසක් ඇතැයි ද ඔහි ඇරඹුමක් අවසානයක් වේයැයිද නිගමනය කළහ.ඒත් ඒ වැරැදි බව අද කවුරුනුත් පිළිගනිත්.උපතහාම, විපතද කැටුව එකටම එන බව .... එය විශ්වයේ සැමට සාධාරණ ධම්මතාවක් බවත්.... චක්‍රීයව අඛණ්ඩ මගක එය රවුමට නොනැවැත යන බව අවිවාදයෙන් පිළිගනිත්.
  • Ananda Wijayaratna නමුත් බුදුහිම්යන් මේ දැකවදාළේ උපකරණවලින් තොරව සම්බුදු ඥානයෙනි.එනිසා "බුද්ධ" යනු ප්‍රඥාවේ පුංජයක් මිස පුද්ගලයෙක් යැයි ගැනීම තුළද ගැටලු ඇති කරයි.එනිසා එක් ලේඛකයෙක් තම ලිපියකින් පුවත්පතකට එලිදක්වා තිබුණේ...." බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ බුද්ධ ... බවයි.
  • Ananda Wijayaratna ආදි කාලීන චිත්‍ර ශිල්පීන් ඒ මානව රෑපයක්සේ චිත්‍රණය කළ අතර ආගම්වාදීන් ඒ ඇදහිලි,පුදපූජා මාවතට ඇද දැමූහ.එදාපටන් බුද්ධාගමක් ඇතිවිනි.ඊට සරිලන වටපිටාව ගොඩනැංවිනි.
  • Ananda Wijayaratna අපේ සිංහ කොඩිය ලාංඡනයෙකි.එබදු සතෙක් නැත.ඒ පාගා දමන්න අප ඉඩ නොදෙමු..... වහසි බස් තෙපලමු...
    අපේ බුද්ධාගමද බේරාගන්න පෙරට වරෙව්....යැයි කියන්නෝද එමටය.

Saturday, December 21, 2013

ඔබට හතුරු හෝ මිතුරු කියා කෙනෙක් වේද?




ඔබට හතුරු හෝ මිතුරු කියා කෙනෙක් වේද?


ජීව, අජීව, ඈ සියල්ල මේ සංතතික දහමේ පුරුක් වේ. අප සැම එකිනෙකා මත යැපෙමු. මෙය සහජීවනය වශයෙන් හදුන්වමු.එක පුරුකක් බිදී ගියහොත් මේ සමබරතාවය නැතිව ගොස් එහි විපාක නොඅඩුව සැමට එක ලෙස විදින්න සිදුවේ.
සොබා දහම මැනවින් මෙම ක්‍රියාවලිය පාලනය කරමින් සමතුලිත බවක් ඇති කරයි. වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වුවහොත් ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මත යැපෙන සත්වයින් ඉදිරිකාලවල බිහිවනු ඇත.
ඩී.ඩී.ටී.නම් රසායනිකය යොදා කලක් මදුරුවන් හොදින් මර්ධනය කළත් පසුව එය උගහටවූයේ ඌ ඊට ප්‍රතිචාර දක්වමින් ඔරොත්තු දෙන්න හැකියාවක් ඇතිකරගැනීම නිසාවෙනි. ඊට පසුව මෙලතියන් ...... නම් ඖෂධය යොදාගන්න සිදුවිය. මේ වනවිට ඊටද ඔරොත්තු දෙමින් සිටී. ජීවයේ ස්වභාවය එයවේ.

ගිනිකදුවලින් පිටවන ලාවා තුළ පවා ක්ෂුද්‍රජීවීන් සිටින බවක් සොයාගෙන ඇත. ඌ එම පරිසරයට හැඩ ගැසී ඇත.
ඔබ හා මම ඇතුලු සැම සත්වයෙක්ම පරිසර සාධක උපයෝගී කොට ගෙන පවතින්නමෝ වෙමු. හුස්ම පොදක් නොගෙන එක මොහොතක් ඉන්න අපට බැරිය. බාහිර වශයෙන් ජාතීන් අනුව

ආගම් අනුව අප බෙදී සිටියත් හතුරු මිතුරු අප හැම ඇගිලි අත්ලට සම්බන්ධව පවත්නාක් මෙන් මේ දහමට අනුගතව සිටිමු.
සොබාදහමෙහි යම් විපර්යාසයක් වේද නොඅඩුව එහි විපාක සැමට පවු.. පිං.. නොබලා පල දෙනු ඇත. යම් යම් පුද්ගලයන් ගන්නා තීරණ මත ජනතාව වන අප නිති දුකට පත්වෙමු. ඒ තම තමාගේ කර්මයද?....... නැත.

ප්‍රභාකරන් නම් මාරයා අප සැමට බිය කැදවූ අයුරු තාම අමතක නැතැයි සිතමි.
සියලුම නියාම ධර්ම සොබා දහම තුළම මිස අටුවා ටීකා තුළ නොවේ.
ඔබ කවරේදැයි වටහා ගන්න.ඔබ නිවේ. ඔබ හතුරුකම් කරන්න කාට හෝ උත්සහ දරයිද එය ඔබටම කරගන්නා හතුරුකමක් බව වටහාගෙන මේ දහමට අනුගතව ජීවත් වන්න. අපාය බිය... සසර බිය.. මේ සියල්ල බහුභූතය. ඔබ කරන දේ විපාක ඒ මෙමාහොතේම ඔබ හඹා එනු ඇත.ඒ ඔබට හෘද සාක්ෂියක් ඇති බැවිනි. ආගමක් ඇවැසි නැත.

Tuesday, December 10, 2013

බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ ... බුද්ධ වේ.

“ලෝකය කාගේවත් මැවිල්ලක්‌ නොව ඉබේ සැකසුණු ද්‍රව්‍යයක්‌ බවට මතයක්‌ ක්‍රිස්‌තු පූර්ව යුගවල පැතිර තිබුණේය. ඊළඟට එය යම් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායකින් හටගත් බවට පිළිගැනීමක්‌ මතුවිය. පසුකාලීනව බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ මේ
මතයයි. එය ප්‍රකටව සඳහන් වන්නේ බුද්ධ දේශනාවලය.එකී දර්ශනය ආගමක් බවට සංවර්ධනය වීමේ දී පුද්ගලත්වය ඉස් මතුවිණි. බුද්ධ සංඥාව .... රුවකට... ප්‍රතිමාවකට යටවී ගොස් සම්මුතික කතා ගොන්නකක් ඒ වටා ගෙතිණි. පුද පූජා, වැදීම් පිදීම්, ප්‍රාර්ථනා , හා සම්මුතියේ බලාපොරොත්තු ඊටම ඈදිනි. අදටත් එයම වඩා හොදින් සිදුවෙනු මාධ්‍යමගින් ද පෙනේ.........“
=================================================================                            

බුද්ධ.... ප්‍රබුද්ධ.... බුද්ධිය... වැටහීම ( බෝධිය) ..... ස්වයං අවබෝධය (සම්මාසම් +බුද්ධ) ......
මේ අප අතර පවත්නා වචන හා දැනුම සම්භාරයයි.මේවාට කාලාන්තරයක් තිස්සේ එකිනෙකා තම තම දැනුම මත විවිධ අරුත් සපයා ඇත. අප අල්ලාගත් දෘෂ්ඨි මත හිද  ඒවායේ හරිවැරැද්ද දක්නට අප යුහුසුලු වෙමු. මැදිහත් මනසින් යමක් මේ ගැන විමසා බලමු.ඇයි....? නිවන් දකින්න බුදුන් දැකිය යුතු බැවිනි.බුදු හිමියන් තමා තමාවම හදුන්වා ගත්තේ ..... හැලිය යුතු දේ සියල්ල හැලූ... වැඩිය යුතු දේ සියල්ල වැඩූ....  තැන “ බුද්ධ “ පහළවූ බවයි. ඒ ලෝකාවබෝධය තුළය. ලෝකය යනු මේ සියල්ලය.අප අල්ලාගත් දේය.අප දැනුම් සම්භාරයය. ලෝකයට දැනුම ගෙනා ශාස්තෘෘහු /දාර්ශනිකයෝ/ විද්‍යාඥයෝ/ සමාජ සේවකයෝ.. යන මේ සියලු  දෙනාම මෙම ලෝකධම්මතාවයේ කොටස්කරුවෝය. පුරුක්ය.                                                                                          තැනුම් වාදය.... මැවුම්වාදය..... පරිනාම වාදය... සාපේක්ෂතා වාදය... ඈ සියල්ල මේ බුද්ධි මහිමයේ ප්‍රභාවෙනි. චින්තනයෙනි. එහෙත් මිනිස් මනස මෙහෙයවා අප අල්වා ගෙන ඇත්තේ ලොවෙන් බිදකි. තවතවත් සොයාගන්න ඇති දේ අපමණය. ඝර්ෂණය නිසා ගින්න හටගනී. ඒත් මේ ගින්න ගබඩා වී ඇති තැනකින් එනවා නොවේ.එය එන තැනක් , යන තැනක් අප නොදනිමු. අප දන්නේ ගින්නක් ඇති බව පමණය. ඒ අප අවටම ඇති බවද සිතමු.හේතු ඇති විට එය දැල්වේ. එසේම හේතු නැතිවිටෙක එය නොපෙනී යයි.විදුලිය ද එබදුය. එය සිරුර තුළ පවා ක්‍රියාත්මකය.සිතුවිලි , මනස, යනුද මෙම විද්‍යුතයේ ඵලයන්ය. අප කරන්නේ එය බැහරින් ලැබෙන දායාදයක් ලෙස සැලකීමය.                                     මිනිස් මනස ද විදුලිමය එකකි.එය මුලු සිරුර/බාහිර පරිසරය පිහිට කොට ක්‍රියාත්මක වේ.එය ඇගිල්ලෙන් ඇන මෙතැන වේ යැයි කාට හෝ කිව නොහැක.ජීවී දේ වගේම අජීවී දේ ද පාරිසරික සාධකවලට ප්‍රතිචාර දක්වත්.ඒ තුළ ඇතිවීම.. නැතිවීම .. සංස්කරණය වීම නිබදවම සිදුවේ. ඒ බලය විශ්වගාමක බලය ලෙස අප හදුන්වමු. එය කරන්නෙක් හෝ කරවන්නෙක් නැතිව නැවතීමකින් තොරව නිබදවම සිදුවේ. එහි ඵල විපාක වශයෙන් ජීව/අජීව දෑ පරිසරයට එක්ව ඇත. මේ විශ්වයේ ක්‍රියාත්මක බලය අප ගේ නුවණින් විමසා දැකිය නොහැක.ඒ සදහා බුද්ධ ඥානයම අවශ්‍ය වේ. ඒ නිසා අප ඊට බුද්ධ... කියමු. එයම දෙවියන් ලෙස , ඕම් ශතක්ති තව අය අදහත්. තී.. හෝ චී.. යනුවෙන්ද වහරනු පෙනේ.                                 විශ්වයේ ඇති චුම්බකත්ව බලය කාලය... අවකාශය මවයි. චක්‍රීය ගමනක යමින් කෙමෙන් අධිවේගයකින් නොනැවත ප්‍රසාරණය වෙයි. නිබද නොයෙක් හැලහැප්පීම් වලට ගොදුරුවෙමින් ලෝකයේ විවිධත්වය මවාපායි. ලෝකයේ සියලුම මානවයන් අතර සමාන DNA රටාවන් මෙතෙක් හදුනා නැත.ඒ තරම්ම විවිධය, විෂමය. අප ලබාගත් දැනුම තුළ විවිධ නව ප්‍රබේද අද එළිදක්වමින් සිටියද අලුතින් යමක් එක් කිරීමට හෝ තැනීමට මෙම විද්‍යාව අසමත් වේ.                                    මේ පවත්නා වූ තත්වය ලෝක ධම්මතාවයයි. යතාභූත ඥාන දර්ශනයයි. එය ලොවට පෙන්වා දුන් නිසාම උන්වහන්සේ “ තථාගත“ නම් වී. ඒ පුද්ගලයෙක් යන අරුතින් ගැනීම තුල අප විවිධ ගැටලු .. භේද  ඇතිකරගෙන මේ ශ්‍රීසත්ධර්මය .. බුදුන් ගේ අයිතියට යටකොට ආගමක් සකස්කර අද එහි අනිටු විපාක විදින්නමෝ වෙමු. මින්ස චින්තනයේ පහළ වූ එම අග්‍රගණ්‍ය බුද්ධි ප්‍රභාව ලඝු කොට ආගමකට.. ඇදහීමකට.. විශ්වාසයකට ඇද දමා ඇත්තෙමු.                                  තම තමාම මේ බුද්ධි ප්‍රභාව අවධිකරගත් විට “ බුද්ධ‘ තමා තුළම වැඩසිටිනු පෙනේ.චිත්ත සමාපත්තියට සම වැදුන තැන චින්තනයෙන් තොරය. එතැන බුද්ධ වැඩ සිටී. මරණය නැත. නිවීම ඇත.(මේ පිළිබදව විවිධ මතිමතාන්තර ඇතිවීම සොබාවිකය. අප සැම අල්ලා ගෙන සිටින චින්තන.. හෙවත් දෘෂ්ඨි එයට බලපායි.දෘෂ්ඨි වලින් යමෙක් මිදුනේද එතැන ඇත්තේ “සම්මා දිට්ඨිය“ යැයි කියන්නේද එබැවිනි. නුවණින්ම විමසා අවබෝධ කරත්වා!)    ප්‍රශ්ණොත්තර ඇත්තේ ද තමා තුළමය.ඇයි? අප සැම මේ සංතතික දහමේ ම කොටස් කරුවන් හෙයිනි. 
යමෙක් දහම දකීද හේ මා දකී. මෙයයි බුද්ධ වචනය
 
ආනන්ද විජයරත්න