Sunday, May 22, 2016

අපි නොදන්නා එහෙත් දැනගතයුතු දැනුම් මාර්ගය.
--------------------------------------------------
විඤ්ඤානය ... කියන්නේ අපේ මතක ගබඩාවට. අපි ජීවිතයේ පළමුවරට දකින .. අසන .. අත්දකින .. ඕනෑම දෙයක් ඒ ක්ෂණයේ රසායනිකව රූපයක් සේ මතකයට යවනවා.දිතු කාලීන මතක .. කෙටිකාලීන මතක ලෙසත් ඒවා විග්‍රහවෙනවා..
එම අරමුණු .. සිද්ධි ... ප්‍රබලවූ තරමට ....හා..... ඊට අප අවධානය ..... යෙදූ ප්‍රමාණයට.... මතකය ... තීව්‍ර වෙනවා.
ඉගෙන ගන්නා දරුවනට දිගුකාලීන මතකය වගේම විභාගයට උත්තර ලියනකන් මතක තබාගතයුතු දේත් තිබෙනවා.. උගන්වන ගුරුවරැ ඒ සදහා විවිධ ක්‍රම ශිල්ප ඒ ඒ වයස් මට්ටමේ දි අනුගමනය කරනවා.
මේවා දැනුම හෙවත් knowledge ලෙස වටහා ගැන්ම ප්‍රමාණවත්.අප යමකට ඇස යොමුකරනවිට .. කණ යොමුකරනවිට 100%ක්ම යොමුවේද?
බසයක් බලාපොරොත්තුව පාරේ සිටින ඔබ සිහිය යොදන්නේ ඒ ගැන පමණක් ද නොවේ.තවත් බොහෝ දෑ වෙත සිත නිතැතින්ම යැවේ.
ඒත් පංතිකාමරයකට කොටුවී සිටින ඔබ එතරම් අපහසු තත්වයකට නොවැටී අවධානය දෙයි.( විශේෂ හේතු නැත්නම්)
එහෙනම් විභාග පේල් වෙන්න හේතුකාරක මොනවාද?
පැහදිළිවම .... අනවධානය ... බව කීවොත් ඔබ මා හා උරණ නොවනු ඇත.
ඔබේ සිතේ ඒ ඒ මොහොතේ ඇතිවන වික්ෂිප්ත භාවයන් තුළ බාධක මතුවෙනු ඇත.පළමුව සවන් දෙන්න සූදානම්වන ඔබ තම සිත ඊට නැඹුරුකරගන්න සමත් විය යුතුවේ.
ඝෝෂාකාරී පරිසරයක ඒ දුෂ්කරවනු ඇත...
සිතේ සමථය .. සමනය... ඉගෙනගන්නා දේ දරාගැන්මට අත්‍යවශ්‍ය වේ.
කුඩා ළමුනට සිත එක්තැන් කරගන්න ගුරුවරියක විසින් ඔවුනට ... ටෙඩි බෙයාර්ස් .. ලා ලබාදී ඔවුන් උදරය මත තබාගෙන විනාඩි 5ක් පමණ හුස්ම ගැන්මේ දී ඇතිවන අදර උස්පහත්වීම් උපයෝගී කරගෙන ...
ටෙඩී ... ඉහළට ...
ටෙඩී පහලට ...
යන ලෙසින් විධාන කරමින් සිත සමෝධාන ගත කරවා..
ගණිත පාඩමට පිවිස ඇත....
ඇය ගේ උත්සහය අතිසාර්ථක විණි.
මේ කතාවෙන් ඔබට ගතයුතු යමක් වේද?
ඔබ පාඩම් කරන්නේ එවන් සමථයක් සිතේ ඇතිකොට ගෙනද?
උසස් පෙළ විභාග ලංවන ... මෙවන් සමයක ....
ඔබ සිත දැහන්ගතකොට මතකසටහන් රුවාගන්න.
ඔබේම ක්‍රමයක් ඔබම සොයා ගන්න.
ඒ වඩාත්ම ඵලදායීවේ.
ජයමාවත .. ඔබ තුළමය..
දිරිමත්ව පා නගන්න...

මොකක්ද මේ සිරාවට ගන්නා .... විඤ්ඤානය ....


1. බල්ලෙක්...
2. නායට යටවුන ගමේ බල්ලෙක්...
3. මේ බල්ලා උගේ අයිතිකාරයන් නැති සොවින් නිරාහාරව බලා සිටී.
4 . බලන්න බලු ආත්මයක් ලබල වුණත් මේ සතා ගේ ගුණය..
මේ එක එක තනි තනි ප්‍රවෘත්තිය දිගහැරෙන විට ....
ඔබ ගේ සිතේ මතුවන රෑපය කෙබදුවේද?
පළමු ප්‍රවෘත්තිය පමණක් දුටුවේ නම් ... එයා ආවා ... ගියා වගේ දැනේවි.
දෙවන ප්‍රවෘත්තිය ඇස ගැටෙත්ම ... කණින් අසත්ම ..ඔබ මදක් විපිළිසරවේ...
තෙවන ප්‍රවෘත්තිය යම් සංවේදී තත්වයකට ඔබව පත්කරයි....
සිවුවන ප්‍රවෘත්තිය ..ආගමක ... දැනුමකට .. ඔබව හිරකරයි.
..............................................................................
මේ සියල්ල ඔබ තුළ එකම සිද්ධියකට අදාළව මතුවුණ සිද්ධි දාමයන්ය.
වැඩි වැඩියෙන් විස්තර ඒ අදාළ සිද්ධියට ලැබෙන විට ඔබ මුසපත් වෙයි.
මාධ්‍යය අප විඤ්ඤානය වැඩ කරන හැටි හොදින් දනී...
කොම්පැණිකාරයෝ.. මාධ්‍ය හරහා .. තම නිෂ්පාදන අලෙවිය තහවුරු කරත්.
දේශපාලකයෝ ද ඊට දෙවෙනි නැත.
දේශකයන් වහන්සේලාද.. පෙර අපර ගලපා තැනේ හැටියට ඇණේ ගසත්.
හොද නරක දෙපැත්තටම මෙය මේ අයුරින්ම සිදුවේ. ජාතිවාදය ..ආගම්වාදය ... පතුරුවන්නෝ කරන ක්‍රියා දෙස බලන්න.සිටුවන බීජයට මැනවින් ජලය .. පෝර... යොදා සාත්තු කොට මහ කැළඹීමක් ඇතිකොට බොර දියේ තම සිතැගි ඉටුකර ගනිත්...
මේ උගුලට හැමෝම අසුකරගන්න අමාරුය.ඒ ගොනා හැරෙන්නේ පොල් පැලය දෙසට බව ඉගියෙන් දැන ගන්නෝය.ඔබට මේ සමාජයේ අපල උපද්‍රව වලින් බේරී ඉන්නට ... ස්වාක්ඛාත වූ මේ දහම ....
ප්‍රත්‍යක්ෂයෙන්ම වටහාගෙන සිටීම ප්‍රමාණවත්ය...

Wednesday, May 18, 2016

නිත්‍ය සංඥාවේ සිට අනිත්‍ය සංඥාව දකින්නේ කෙසේද?


නිත්‍ය සංඥාව යනු බාහිර ඉදුරන්ගෙන් මේ රූප ලෝකය පවතින්නක් සේ පිළිගන්නා මානසිකත්වයයි... ඒ නිසා පවතින දෙයක් ... ජීවත්වන පුද්ගලයෙක් ඔබ දකී.
ඒ තත්වය සත්‍යයක් නොවන බව වටහා ගන්නේ කෙසේද?....
ඔබ ඉදුරන්ගෙන් කොපමණ උත්සහ කළත් මෙය කළ නොහැක.
ඒ සදහා ප්‍රඥාව ඇවැසිවේ....
නිදසුනක් ලෙස දැල්වෙන විදුලි බුබුලක් දෙස බලන්න... ඔබේ ඇස කියන්නේ එය නොනැවැතී පත්තු වෙන බවය.... එය ඇත්තක්ද? නැත.
විදුලිය යනු +-+-+-+-+-+- (ධන .. සෘණ ) ලෙස ගලායන ඉලෙක්ට්‍රෝන ධාරාවකි... ඇති වීම නැතිවීම එහි ගති සොබාවයි.
නමුත් ඒ දෙක අතර කාල පරාසය ඇසින් දකින්න බැරිය.බැරි නිසාම ඇස ඒ දිගටම පත්තු වෙනවා යන මුලාවේම ගැලෙයි.
නමුත් ඩයිනමෝවක ක්‍රියාකාරිත්වය වටහා ගත් කෙනා ඇතිවන .. නැතිවන සොබාව දකී.
ගිනි පෙනෙල්ලක් කරකවනවිට ගිනි වලල්ලක් පෙනේ.එය ඇත්තක්ද?
ජීවිතය ද මෙබදු ඇතිවන නැතිවන එකකි.එසේ ඇතිවන නැතිවන සොබාව සිතේය.එහි වෙිිගය නිසාම අපට මම.. ඉන්නවා යන ගතිය දැනේ.
සසර ..... යනු ඒ සිතේ ඇතිවන .. නැතිවන ක්‍රියාවලියයි.
සිතුවිළි මදකට නතරකර ඥානයෙන් කය දෙස බලන්න.එවිට සැබැව දැකිය හැක.
එවිට මමායනය .. මොහොතකට නතරවේ.
මේ මනසිකාරය.... කරන්නයි පස්සනා... පුහුණුව
පස්සනා කර කර සිටීමක්..... මිස එතුළින් අවබෝධයට පත්වන අය විරලය.

Thursday, May 12, 2016

දස්සනෙන සම්පන්නො...

දස්සනෙන සම්පන්නො... ^^^^^^^^^^^^^^^
දර්ශනයට පත්වීම ... යන්නෙන් කුමක් අදහස්වේද යන්න බෞද්ධ දර්ණය තුළින්ම විමසීම මාගේ අදහසයි. යම්කිසි න්‍යායාත්මක .. ක්‍රමයකට අනුගත වීමක් .... පිළිපැදීම් මාලාවක්.. මෙයින් අදහස් නොවේ. අදුර පලවා හැර ප්‍රඥා ආලෝකයෙන් තම දහම් ඇස පුබුදුවා ඥානය ලැබීමේ මගක් ලෙස මා දකිමි. “ තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධො එතං සතිං අදිට්ඨෙය්ය බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු ,, හිදිමින්.. ඇවිදිම්න් .. වාඩිවෙමින් .. නිදාගනිමින්.. යන සතර ඉරියව් තුළ සිහිය පවත්වා ගනිම්න් මෙත්තා .. කරුණා .. මුදිතා .. උපෙක්ඛා ... යන සතර බ්‍රහ්ම විහරණ වැඩීමෙන් පසුවෙන අයවෙත්.මේ අය දර්ශනයට පත්වීද?............... බුදුහු ඊට පිළිවදන් දෙන්නේ ... දිට්ඨිංච අනුපගම්ම ශීලවා .... දස්සනේන සම්පන්නෝ .... නහිජාතු ගබ්බසෙය්යං පුනරේතිථි... ශීල.. ව්‍රත .. හා වෙනත් දෘෂ්ඨි වලට නොපැමිණ .... දර්ශනකට පත්වේද එවැන්නන්ට පුනර්භව නැති බවයි. ( දීඝ නිකාය බ්‍රහ්මජාල සූත්‍රය) මට හොදක් වේවා! හෝ අනුනට හොදක් වේවා! ... කියමින් හෝ සිතමින් සිතුවිල්ලකක නිමග්නව සිටියාට සිදුවන කිසිදු යහපතක් අයහපතක් නැත. සිත දෙස බලමින් .. සුඛ .. දුක්ඛ .. අදුක්ඛම සුඛ .. වශයෙන් සිතට නැගෙන සිතුවිලි වර්ගකරමින් චින්තනයේ යෙදීම අද සතිපට්ඨානය වශයෙන් පුරුදු පුහුණු කරනු ලැබෙත්.මෙම බෞද්ධ භාවනාව කුමක් සදහාද ඇසුවොත් සිත විපිළිසර වේ. මෙයයි විමසිය යුත්තේ.. සිහියට පැමිණිය යුතු තැන... නැතිව එකී සිතුවිල්ලේම එල්බ සිටීම නොවේ. විමසන ඔබට සිත යන ධර්මතාව දක්නට හැක. ඇතිවෙමින් .. ඒ හා ම බිදෙමින් යන චිත්ත පරම්පරාව දකින්න.. සියලු දිට්ඨි.. මත .. ආගම් .. ලෞකික මාර්ග .. හුදෙක් සිත පදනම්ව ගොඩනැංවුණු සංකල්පනාවෝ බව දකින්න.. පුද්ගලාර්ථයක් එහි නැත. ඇත්තේ අනිත්‍යයට පත්වන ලෝක දහමකි. ඒ අද ... ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස විස්තර කෙරේ... මෙයද දහම් මගට පිවිසීමට මිස අල්ලාගෙන සිටින්න නොවන බවත් මතකයේ රදවා ගන්න. එබදු දැක්මකට පැමිණියාට පසු මිත්‍යා දෘෂ්ඨි යනු හුදෙක් ලෝකීය දේවල් බව පෙනේ. හොද .. නරක .. පිං .. පවු .. වත් පිළිවෙත් සිතුවිළි දහරාවේමය. දිව්‍ය .. බ්‍රහ්ම .. භූත .. පෙරේත .. කෙනෙක් සිටී .. යන සිතුවිල්ල පදනම්ව බව පෙනේ. මේ ජීවත්වන ලෝකයම තමා මවා ගත්තක් මිස හැබවක් නොවන බව දකී. එවිට .... අපාය .. දිව්‍ය ලෝක .. බ්‍රහ්මලෝක ... තිබේ ද නැතිද යන්න සිතා ගැන්ම ඔබටම භාරකරමි. අමු අඹයක් කෑ කෙනා දත් හිරිවැටී තිබිය දීම රසවත් කෙසෙල් ගෙඩියක් කයි.. දැන් ඔබට පැණිරසත් නැති.. ඇඹුල් රසත් නැති මොකක් දෝ රසක් දැනෙනු ඇති. සැබෑ ස්වභාවික රස විමසන්න නම් ..... අමු අඹ කෑ කෙනා දත් මැද ඇඹුල් ගතිය නැතිකොට ගෙන කෙසෙල් වල රස විදිය යුතුය.එවිට කෙසෙල් වල සොබාවික රස දැනේ. කුරුවල් වුණු සිතෙන් දහම් රස විදින්නත් සිතෙන් ඔබ අල්වාගෙන සිටින සියලු දෘෂ්ඨි .. මාන .. දැනුම් ... එතැන (එලොව) මෙතැන ... (මෙලොව) ... අද .. දැන් .. හෙට .. පෙර .. පසු .. මැද .. සිල්ලම හලාදැමිය යුතුය... කද බිම දැමිය යුතුය.. දැන් දහම් පහුරට නැගීමට සුදුසුකම් ඇත. කෙමෙන් ලෝකාර්ථයෙන් මිදෙනු ඇත. තවත් පහුරේම ඉන්නේ නම් ඔබ දකින ලෝකාර්ථයක් නැත.... එයද චින්තනයක්ම පමණි. කැණිමඩල බිද දැමීම යනුවෙන් දම්සක් සුතුරේ දක්වන්නේ ලෝකාර්ථය ද ඉක්මවීමයි. ලෝකය බිද දැමීමයි... යෝනිසෝ මනසිකාරය .. යනු සිතුවිල්ලේම ප්‍රවාහමට අසුවීමක් නම් එයද වැඩක් නැත. රූප .. වේදනා ... සංඥා .. සංඛාර ... විඤ්ඤාන .. ඉදුරන් හා එක්ව මවන සිතුවිලි ක්‍රියා දාමයක් බවම වටහා ගන්න. පංචූපාධානස්කන්ධා දුක්ඛා... ? දුක්ඛ ... යනුද මේ ක්‍රියාවලියමයි.. ඉපදීම .. ජරාව .. ව්‍යාධිය .. මරණය .. මිනිසාට දුකක් තමයි... පටිච්ඡ සමුප්පාද ධර්මය යනු ද මේ ලෝකීය දුක හටගන්නා ක්‍රමවේදය මිස.... යථාර්තය දැක ... පරමාර්ථයට මගක් පෙන්වීමක් නොවේ. සමුප්පාද ක්‍රියාවලිය බිද හෙලා මනසින් නික්මීම ... නිවීමේ මගයි.. ගෞතම දර්ශනයයි... එසේ නැතිව සම්මා දිට්ඨි ... සම්මා සංකප්ප .. මග වඩ වඩා සිටියොත් ඔබ තව තවත් හිරවේ. දිට්ඨි දක්නා සිත ... ලෝකය මවන සිත... මායාවකි. මනසින් නික්ම මේ මායාව දුරලන්න.. සිත .. යනු ධර්මතාවක් මිස ... එය ඔබේ හෝ මගේ නොවන බව වටහා ගන්න. හුදෙක් ධර්මතාවක්ම පමණක් බව වටහා ගන්න.දැක්මකට එන්න. එයට අයිතිකාරයෙක් නැත.. ඒ විශ්ව ගාමක බලවේගයකි.. විද්‍යනුකූලව සිත දක්නේ රසායනික ක්‍රියාවලියක් ලෙසයි.... විඤ්ඤානය යනු සිතේ මතක ගබඩාවයි. මතක නැති සොබාවට සිත පත්කොට ශල්‍ය කර්ම කරනු පෙනේ. ගැඹුරු නින්දේදී ද සිත අවදිව නොපවතී. සිහිය තුළ ගැඹුරු නින්දේ පවතින නොඇලුනු .. නොගැටෙන සිතක් ඇති කරගන්න හැකි නම් කෙතරම් ආශ්චර්යමත් වේද? මනස .. යනු සිතම ලෙස දකිතත් එය සිතේ අරමුණු වඩා තිව්‍ර කරවන්නක් බවයි පිළිගැන්ම.හනිසා මනසින් සිතක් දක්නට කැස කැවීම අණුවන ක්‍රියාවකි... සිතුවිල්ලෙන් තොරව සිතේ සොබාව දකින්න.එය ද අල්ලා නොගන්න... ක්ෂනයක අත්දැකීමක් කරගෙන වැඩෙන්න හරින්න.කරන්න නොයන්න. අරමුණු අල්ලා ගෙන හිරවන්න එපා... අරමුණ හුදෙක් ඉනිමගකි.නැග්ග පසු හලන්න. අරමුණු තුළ මිනිසා නොමිනිසා වෙන හැටි ඔබ දනී.... දරුණු ගණයේ අපරාධ ... විෂමාචාර ... එතුළිනි. බුද්ධ ... සම්මා සම්බුද්ධ ... අරමුණු නිසා සිත සසලවීම නිවා දමන්නකි. මේ දහම දැක්කා .... දහමත් අතහරී... සබ්බදානං ධම්ම දානං ජිනාති... සියලුම දානයන් ( අතහැරීම් වලට ) ට වඩා ධර්මය අතහැරීම ... උතුම් වන්නේ එබැවිනි. එවිට ලෝකීය උභය අන්තයන් ගෙන් හේ මිදුනාවෙයි.නිවුනා වෙයි. ----------------------------- @@@@@@@@@@@@ ----------------------------------- ආනන්ද විජයරත්න ( දර්ශනයට පත්වූ විටෙක ප්‍රශ්ණ හා පිළිතුරු තමා වෙතිනි. ) විමසත්වා! නිවත්වා!

Wednesday, May 4, 2016

හදුනාගත්තොත් ඔබ මා....




    

Ananda Wijayaratna
හදුනාගත්තොත් ඔබ මා...
***************************
සිතුවිලි භ්‍රමණය වන්නේම කැරකෙන්නේම තමා .. මම.. මුල්කරගෙනය.
මම ... කුකුළෙක් ... දැක්කා.
මෙහි කර්තෘ හෙවත් උක්තය කවුද? ... මම .... ය.
කර්මය කුමක්ද ? .... කුකුළාය ....
උක්තයයි ... කර්මයයි... දෙකම නැති තැන .... දැක්කා... යන දම්මය ... (පැවැත්ම) පමණි.
කම්මස්ස කාරකො නත්ථි ( කර්ම කරන්නෙක් නැත) අකර්මක
විපාකස්සච වෙදකො... ( කරන්නෙක් නැති තැන)..... විදවන්නෙක් ද නැත )
ශුද්ධ ධම්මා පවත්තන්ති.... ( ශුද්ධ වූ ධර්මතා පමණක් වේ)
එවෙතං සම්ම දස්සනං... ( සම්‍යක් දර්ශනය යනු එයයි)
ඔන්න ඔබ සම්‍යක් දර්ශනයට
සම්බුද්ධ දර්ශනයට පත්වන හැටි.
මේ හරියටම ඉල්ලකයට වැදුනානම් .. සක්ඛාය දෘෂ්ඨිය හෙවත්
මමය ... මාගේය... යන මමායනයෙන් අස්මි මානයෙන් සදහටම මිදේ.
දැන් ඔබ සොවාන් වී හමාරය.
තව ඉතින් ශීලබ්බත පරාමාෂ... සිල්.. ව්‍රත සමාදානය .. සැකය .. මිථ්‍යාව .. විමසන්න.
නිරර්ථක බව එවිට ... පෙනේ. දැනේ.
 රූපය අල්ලා ගැනීම.
( වදාරා ඇත්තේ දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති - දුටුවොත් දුටුවා පමණි) කියාය


Monday, May 2, 2016

මනසින් නික්මීම ගෝතම ශාසනයයි
සචිත්ත පරියෝදපනං .. ඒතං බුද්ධානුශාසනං. .. මේ අනුශාසනය කියනවාට වඩා බුදු පණිවිඩය ලෙස ගැනීම අර්ථවත්වේ. ඇත්තෙන් ම මේ පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගතහැකි දහමක් ... ගැඹුරු බව කියන්නේ අපව අන්දවන්නයි. තථාගත දහම යනු පවත්නා ආකාරයයි.යථාර්තයයි... සැබවයි. ඇත්ත ඇති සැටියෙන්ම දැක්මයි... මොකක්ද මේ ඇත්ත. උපදින කොට මෙය සුදු රෙදි කඩක් මෙන් පිවිතුරුය.... ප්‍රභාස්වරය. මනසට කිසිම රූපයක්.. හැඩයක් ... පාටක්.. පැවත්මක් .... නැත. හැඩ වැඩ දමා ගන්නේ අප විසින්මයි. අප වටපිටාවෙන් මය. මෝඩ බූරුවා... කාලකන්නියා... තකතිරුවා... පෙරේතයා.. දක්ෂයා ... කාල කළමණාකරුවා ... ඥානවන්තයා ... නිර්ලෝභියා.. මේ හැම තැනම ඇති එක දෙයක් වේ.ඒ සිත හා බැදුන සිතුවිල්ලයි. මේ තියෙන සිතෙන්ම සිත විමසන්න්න.එවිට ඇති නැතිවන දහමක් මිස සැබෑ මමෙක් නැති බව පෙනේ. එවිට මතුවන ප්‍රඥාවෙන් ඔබට සියල්ල පැහදිළිවේ.. මග ඉබේම විවරවේ. නිවේ. ඒ සදහා උත්සහ කරන්න කරන්න ඥානමග දුරස්වේ. ප්‍රාර්ථනා.. පෙරුම් පිරීම .... දාන .. ශීල.. ව්‍රත සමාදානය ඇවැසි නොවේ. සෝත ආපන්න .... සෝතාපන්න යනු දිය පහරට වැටීමයි.එසේ වැටෙන්නේ මමෙක් නැති බව දැක්මෙන් ඉබේමයි.එසේ වැටුණ කෙනා ඉබේම කරදරවලින් තොරව නිදහසේ ගලා යයි. තමායැයි අල්ලා ගත් කෙනා ඉවුරුවල හැපී සුළියක් සාදාගෙන තමා වටා ඇති අන් සියල්ල ඇද ගෙන තමාත් භ්‍රමණයවේ.(භවෝඝය) නිරතුරුව උත්සහ කළත් මමායනය බිදෙන තුරු ගොඩට ඒමක්නම් නැත. මෙය ඔබේ ලෝකයයි .. මගේ ලෝකයයි.( චිත්තනෙ නියතී ලෝකෝ.. ලෝකය පනවා ගන්නේ සිතෙනි ) මේ ලෝකයෙන්... සිතෙන් ... සිතුවිල්ලෙන්.... මිදෙන්නේ කොහොමද?... මෙය අමාරුබව හැමෝම කියති. හොරා අල්ලන්න නම් පළමුව හොරා ගේ තොරතුරු නැතිව බැරිබව පොලීසිය දනී. එවගේම ඇතිවන බිදෙන සිත සිතෙන්ම දකින්නේ නැතිව.. නොදැක අපහසු වෙනවා. ඔබත් සිත පළමුව හදුනාගත යුතුම වේ. සිතුවිල්ල ..... හැම විටම තමා ..( මම ).. වටා කරකැවෙන්නෙකි.. (ගැඹුරු නින්දේදී හැර ) එසේ නැතිවූ විට ඊට පැවැත්මක් නැත. සිතුවිල්ලෙන් .. මම... ඉවත් කරගන්නා ක්‍රමවේදයක් බුදු පණිවිඩයේ ඇත. පහසුම විදිහ හා ක්ෂණිකවම පලදැරිය හැකි ඒ ක්‍රමය දාරුවිරියට දෙසූ ..... දැක්කොත් දැක්කා පමණි... ඇසුණොත් ඇසුනා පමණි... දැනුනොත් දැනුනා පමණි... වින්දොත් වින්දා පමණි.. ලෙසය. දළ අදහස උපාදානය නොකරන්න ... අල්ලා නොගන්න.. යන්නයි. ඔබ දවස තුළ දකින සියල්ල සිතේ රැදේද? එහෙමනම් ඉගෙන ගන්න අපට කොච්චර ලේසි වෙයිද? ඇයි අමතක? අල්ලා නොගත් නිසාවෙනි. (උපාදානය නොකළ බැවිනි.) මෙයයි බුද්ධ පණිවිඩය ... අතහැරීම... නික්මීම... අල්ලා ගන්න තරමට දිගහැරේ.. සංසාරවීම.. (ස්වයංසාර .... ඉබේම සවිවීම) යනු එයයි. අතහැරීම නිවනට මග බවයි බුදු පණිවිඩය. අපේ දේශකයෝ අපට වදාරන්නේම මා කියන බණ හොදින් අසාගෙන ...අල්ලාගෙන.... දරාගෙන සිතේ දාගෙන.... (සුනාථ .. ධාරෙත..) කනවෝ කනවෝ යැයි.කියන්නයි. බුදුබණ මනසින් නික්මෙන්නයි. (යෙ සුප්පයුත්තා මනසාදල්හේන නික්ඛාමිනො ගෝතම ශාසනම්හි) ඥාන පහළවන්නේ මනසින් නික්මෙන විටයි. ඒකට අරමුණු බාධා කරයි. ඒත් බමුණු දහමේ වදාරන්නේ අරමුණකට සිත එකග කරන ලෙසයි. අන්තිමට කියා දෙන ගුරුවරයත් අතරමං.. අසන්නාත් අතරමං... මම අතහැරීම කෙසේ වෙතත් මම තරවීමක් පමණක් සිදුවේ. සිතුවිල්ල තමා වටාම යන්නකි. * 1.මම... 2.මලක් ... 3.දැක්කා... (සිතුවිල්ල) 1. කරන්නෙක්... 2. අරමුණක්... 3. කර්මයක් (ක්‍රියාවක්) වශයෙන් පහසුව සදහා මේ මූලිකාංග 3 කට සරලව බෙදා ගමු. * පළමුව ... මම ... අත්හරින්න. * දෙවනුව ... මම මලක් .... යන දෙකම අත්හරින්න. දැන් ඉතිරිව ඇත්තේ..... දැක්කා .... යන සොබාදමේ ක්‍රියාවලිය පමණි. ... දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති ... දැක්කොත් දැක්කා පමණි--- බුදුහිමියන් දාරුවියට වදාල දේ..? අපේ දවසේ වැඩ තුළම නැද්ද? අපි හැම දෙයක්ම හිත හිතාමද කරන්නේ.. කන්නේ බොන්නේ සමහර වැඩ කරන්නේ ...වාහන එලවන්නේ? සිතුවිල්ල ... ගැන හරිහැටි නොදන්නා නිසාම එය නවතාගන්න බැරිබව ඔබ කියාවි. භාවනා කරන්නෝත් එක තැනම හිරවී ඉන්නේ එබැවිනි. මනස තුළම ඒකාග්‍රතාවයක් ඇති කරගැන්ම හින්දු භාවනාවයි... ධ්‍යානයි... බ්‍රහ්මත්වයට මගයි.. ඒත් ආපසු ඔහු (පුද්ගල සංකල්පය) සුගතියෙන් දුගතියටම වැටෙයි. සිදුහත් බෝසතුන් තමාම මෙය දැක අවුරුදු 6කට පසුව අත්හැරියා...ඒත් ඒක දැනගෙනත් අපි තාම ඒකම අල්ලාගෙන ඉන්න හදනවා...... ඒකම ප්‍රගුණ කරන්න උපදෙස් දෙනවා. ඒකයි අරුමය. අපි නැවත .... දැක්කා.... කියන තැනට එමු. මෙතන සිතුවිල්ලක් තිබේද? නැහ. හිස් අහස දෙස බලාසිටින්නාක් මෙනි.... අරමුණක් ගෙන ඒ දෙසට සිත යොදන්න ඔබට උගන්වා ඇත්නම් ..... එම අරමුණ දෙස බලා සිට ..... එම අරමුණත්..... ඔබත් ..... අතර හිස් අහසට නෙත යොමන්න.සිත යොමන්න ඒත් සිතුවිල්ල කියන සංසිද්ධිය එතැන නැති බව ඥානයෙන් දකින්න. ටික වෙලාවක් සිට අරමුණ බලන්න.... එවිට ඒ බොදවී ඇත්නම් ඔබ තරමක් සාර්ථකය. මෙලෙස වැඩිය උත්සහ නොකර.... විවේක විටෙක දින චරියාවේ කොටසක් ලෙස කෙමෙන් අත්දකින්න බලන්න.... ඔබ ටික දිනකින්ම සාර්ථකවේවි. හැබයි....ඔබතුළ ම ඇති දැනුම පොදි... මිථ්‍යා විශ්වාස මීට බාධාකරයි. (මාරපායාසයන්) ඒවා ගැන කලබල නොවන්න. සුනීත මෙන් අශූචි කද බිම දමන්න... ආයාසයෙන් තොරව දකින්න. ඔබ මෙය පිළිගත්තේද එතැන මම ඇත. ඔබ මෙය පිළිකෙව් කළේද ඒත් එතැනත් ... මම ...ඇත. තමා නැතිව ප්‍රථිඵල අත්විදින්න. ප්‍රාර්ථනා නිශ්ඵලය. කාටහෝ ප්‍රාර්ථනාවෙන් නිවන දිය නොහැක. මරණයට පසු පිං යවන ගිණුමක්ද ගිණුම් අංකයක්ද නැත... එසේ කියන්නෝ උදරපෝෂීහුය. ඒ ඒ ක්ෂණයේ නිවන අත්විදින්න. ඒ ඒ ක්ෂණයේ සිත විපිළිසර වීම අපාය ගාමී වීම මිස ස්ථානයක් නොවේ. ... බොරු සසර බිය.... අත්හරින්න. මමෙක් දැනටත් නැති නම් ( එහා ලොවකට .... අපායකට ..... දිව්‍ය ලෝකයකට යන කිසිවෙක්ම නැහ.... යන සත්‍ය යේ පිහිටන්න. එම සත්‍ය යේ පිහිටෙන් බව දුකෙන් මිදෙන්න...) බුද්ධ දර්ශනය බවරෝගයෙන් මිදෙන්න අදාළ වන්නක් මිස වෙනත් පුද්ගලාර්ථ පසුව.... බුද්ධාගම... ලෙස බමුණු දහමින් පැමිණි දේ ලෙස විමසා සැක නොකර අත්හැර දමන්න... ඒ මොහොතේම නිවන අත්විදින්න. එයට ඔය කියන මහා ප්‍රඥාවක් හෝ පෙර පිං මහිමයක් ඇවැසි නැත. ( අසාගත් දැනුම තුළ නොසිට හංසයා කිරිවලින් වතුර වෙන්කරගන්නා සේ දේශිත සැබෑ තථාගත දහම තුළින්ම යථාර්තය ...මතු කර තමාම දැක තමාම විමසා තිරකොට ගන්න. නත්ථිමෙ සරණං අඤ්ඤං....... මෙය අන් පිහිටක් තියා තමාට තමාවත් සරණ නැති දහමකි. ඥානයෙන් විමසත්වා.. ප්‍රඥාව පහළකොට ගෙන සෝතාපන්න වෙත්වා!!!.. ඉබේ ගලායන දිය පහරට එළැඹෙත්වා. (ආනන්ද විජයරත්න)......

Friday, February 26, 2016



                              තථාගත දහම .... හා .... තථාගතයන් වහන්සේ ගේ දහම....



මේ දෙකෙහි ඔබ දකින වෙනස කුමක් ද?

* එකක් සැබෑ ස්වරූපය දක්වයි. ( පරමත්තය)

* අයිතියට පැවරූ අනෙක් දහමින් සම්මුතිය දක්වයි.

පරමත්ථය... වචන ඇසුරින් දත නොහැක.පුද්ගලාර්ථ යෙන් ද හැදෑරිය නොහැක.එය සත්‍ය දර්ශනයක්ම පමණි... එහි ඇත්තේ ස්කන්ධා දී සිත් පරම්පරාවේ හැසිරීමක් මිස සත්ව හෝ ගති සොබාවක් නොවේ.. ඊයේ .. අද .. හෙට..යැයි කිවහැකි කාලයටද එය හසු නොවේ.
එම දහම ම .... තථාගතයන් ගේ දහම .... යැයි සම්මුතියෙන් ගතහොත් වන්නේ කිමෙක්ද?
එවිට...මම.. ඔබ .. යන පුද්ගලත්යවට (ආත්මයට) හසුවේ...
එවිට කරන්නෙක්.. විදින්නෙක් සිටී......
අතීත අනතීත චරිත කථා.. ප්‍රකාශවේ........
මිනිස් ගති සොබා පිළිබද (ක්‍රෝධය .. මානය ..ඊර්ෂ්‍යාව .. මෛත්‍රිය .. කරුණාව..වැනි ) විවරණ වේ.
ප්‍රතිපත්ති ... මාර්ග.. ඵල .. අඵල... වැනි ලෝකීය දේට නැඹුරුවේ.
එකම දේ සම්මුතිකව දේශණා කළද ... පරමත්ථව දේශණා කළද අන්තර්ගතය ගැටලුවක් කර නොගත යුතුය.
ඒ ඇයි?...
සම්මුතියේ සිටින මිනිස් වගට තමාට හුරු පුරුදු භාෂාවෙන්.. සම්මත ව්‍යවහාර තුළ ඊයේ .. අද .. හෙට.. ලෙස කාලයට ගලපමින්... ඵල විපාක පැහදිළිකරමින්... නො කිවුවොත් නොතේරේ.
එනිසා මේ දෙකම එකක් වුව අප පටලවා ගෙන තර්ක විතර්ක කරමින් සිටිමු.
තථාගත දහමෙහි ඇත්තේ ගලායන සිත් ප්‍රවාහයක ගති සොබාව පිළිබද විවරණයක් මිස  ඉන්ද්‍රියයන් තුළින් අල්ලා ගත හැකි විවරණයන්  නොවේ.
එය (පරමත්ථය )  ප්‍රකාශ කරන්නද ඇත්තේ සම්මුතික වචන මාලාවකි... තේරුම් ගතයුතුව ඇත්තේ ද සම්මුතික සිතකිනි.
එනිසා යමක් දැඩිව ග්‍රහණය නොකර අන්තවලට නොගොස් ඒ ඒ ක්ෂණයේ සිහිකල්පනාව ඇතිව ක්‍රියාකරන්නා සැනසිල්ල උදාකරගනිමින් ජීවිතය කෙළවර කරයි.
කෙනා.. ( ඔබ.. මම ..) කියා ගැනීම තුළ උපතක්.. පැවැත්මක් .. මරණයක් ලැබේ.( උප්පාද..තිථි ... භංග..)
ජිවත්ව සිටින මේ කාලය තුළම ඔබ අත් විදින ළදරු.. ළමා.. තරුණ .. මහලු වැනි මෙම සිත් පරම්පරාවේම  හැසිරීම අවිච්චින්නව (නොබිදී) ඉදිරියටත් පැවතේ. ඔබ .. මම.. කියා පුද්ගලයෙක් එතැන නැතත් යථාර්ථය එතැන ඇත. එය නොවෙනස්වන තථාගත දහමයි.
යථාර්ථය.. සම්මුති වචනයෙන් පැහදිළි කිරීමට යාම බුදුරදුනට ද ගැටලුවක්ම විණි.
එනිසා මෙය කියවන ඔබට ද  අසාගත් දැනුමෙන් ගැටලු මතුවනු ඇත. ඒ තමා තුළින්ම දැක්මකට විත් සිත් පහන්කර ගන්න.
ඔබට සම්බුදු සරණයි!
ආනන්ද විජයරත්න... (සම්මුතික)