Thursday, June 20, 2013

වන්දනීය වූ පූජනීය වූ!!!


කොයිබටද.... ?


දෙපා දොවා පිසදා
සුදු ඇතිරිලි එලා
වන්දනීය.. පූජනීය
අප යතිවරු
 අද ?
දියව්..... පලයව්..
 කියා මොරගසමින්
පෙළපාලි යයි නම්
භික්ෂුත්වය...... .
කොයි බටද...?
 මට සිතේ. ........


නිහඩ වත දරමින්
නිසොල්මනේ
සංවරව
වෙඩි වරැසා මැද වුව
 නොබියව
අරමුණ වෙනුවෙන්
පෙරමුණට
යන භික්ෂුත්වය
ලෝකයේ දෑස අරවයි
 පත්වේ ...
පූජනීයත්වයෙන්
පූජනීයත්වයට. ......

 තුවක්කු
ලක්ෂයක
එල්ලයට වඩා
 බලවත්ය
 එම දැහන.


(ආනන්ද විජයරත්න)

Wednesday, June 19, 2013

එකම අත්ලය - ඇගිලි පහකි.?

සංතතික දහම
^^^^^^^^^^^^^^^^ 
මේ විශ්ව චලිතය තුළ සියල්ල පවත්නේ චක්‍රීය මගක යමිනි.එනිසා එහි ඇරඹුම් අවසානයක් දැකිය නොහැක.මෙය බුදු හිමියන් වදාලේ පටිච්ඡයක් ලෙසිනි. සියලුම ධර්මතා එකිනෙකට පටිච්ච වෙමින් යන අතර ඒ හේතුඵලවාදය ලෙස වදාළේද බුදු හිමියන්මය. ජීව, අජීව. සියල්ල මේ අතර සංස්කරණය වෙමින් නව ජනිතයන් බිහිකරන අතර ඒ සියල්ලම නිත්‍ය පැවැත්මකට යටත් නොවේ. මිනිසා චින්තනයේ යෙදෙන හෙයින් හේ තමා විශේෂ කරගනි. මේ දහම නොදැක ඔහු මේ ලෝකය ඉන්ද්‍රිය අරමුනු හරහා දැනුමෙන් අල්ලා ගනී.එයින් ඔහුට ගැලවීමක් ඇත්තේම නැත.

 මේ ඇත්ත දකින්න නම් මනස් මායාවෙන් මිදි සිතෙන්ම සිත දැකිය යුතුවේ.එසේම අල්ලාගත් දැනුම අත හැර අප උපදින විට ගෙන ආ ප්‍රභාෂ්වර සිත අවදි කරවා ගත යුතුය.එය දහමේ යෝනිසෝ මනසිකාරය ලෙස විස්තරවේ.දැනට අප ඉන්න තැන සිට සත්‍ය දක්නට යාම පැදුරේ සිටම එය හකුලුවන්න දරන උත්සහය මෙන් ව්‍යර්ථවේ. එසේ සියලු සීමා බන්ධන ඉවත් කළවිට සත්‍යය ගවේෂණය කළ හැක.නැත් නම් අප අසාගත් දැනුම නැමැති උගුලේ හිර වෙනු ඇත. මෙහිලා කෙනෙකු අසන්නේ කිසිම දහම් දැනුමක් නැතිව කොහොමද මෙය දකින්නේ කියාය.

ඇත්ත.මෙවලම් වශයෙන් භාෂාව, වචන පාවිච්චිකරන්න වෙනවා.නැතිව කොහොම සංනිවේදනය කරන්නද? අප නොසිතන දෙයක් තමා මිනිසෙකුට වගේම සතෙකුටත් ආදරය, කරැණාව වැනි ගුණාංග භාෂාවකින් තොරව දිය හැකි බව. අප සිරැර තුළ ඇත්තේ මේ අප ජීවත්වන වටපිටාවේ ඇති වායුව,ජලය,ආහාර වැනි සාධකය.වායුව නැතිව , හිරැ එළිය නැතිව, ජලය නැතිව කුමන ජීවත්වීමක්ද? අප මේ සොබා දහමේමම පුරැකක් වෙමු.අප එකිනෙකා සංතතික වශයෙන් එකට බැදී සිටිමු.

අප කාබන් චකුය, ස්වාභාවික ජල චක්‍රය හදාරා ඇත්තෙමු. ඒවා චක්‍රීය මගක යයි.අපද ඉපිද මියගොස් මේ දහමටම එක්වෙමු.අද හිටිය මනුස්සයාම හෙට උපදිනවා නොවේ.හැබැයි ඔහු නොවන්නේද නොවේ. ඒ ඇයි මේ සියල්ල මහාභූත නිර්මාන බැවිනි.එනිසා යථාර්තයක් වන්නේ, ඇත්තේ ජීව වස්තු නොව වෙනස් වන ධර්මතා පමණක් පවත්නා බව වටහා ගැන්මයි. මෙය තේරැම් ගත් විට අස්මි මානය හෙවත් මම ... යන මුලාව දුරැවේ.එවිට මගේ කියාද අයිති ය් නැත බුද්ධ යනු එලෙස මමායනයෙන් මිදුන ආධ්‍යාත්මික තත්වයකි.නැතිව අප මිය ගිය කෙනෙකුට ගරැ සත්කාර කරනවා නොවේ.නිවන් දකින්නෝ බුදුන් නිවරදවම දැක නොගතහොත් ඔවුනට මෙම නිවන ඈතය. .


ආනන්ද විජයරත්න






Wednesday, June 12, 2013

දැනුමෙන් නිවන හමුවේද? ? ?

දැනුම යනු කුමක්ද?
එම දැනුමෙන් අප සොයන නිවන හමුවේද? *****************************************



 ඇස ... භාවිතාකරමින් අප ලබන දැනුම් සම්භාරයක් වේ නම් ඒ හරහා අප "දෘෂ්ඨිවාදී " වේ. 

කණ... ඇසුරැකොට හෙවත් කණෙන් අසා ලබන දැනුම තුළ අප............. " සුතවාදී " වේ.
නාසය, දිව, සිරැර,... ඇසුරැ කොට ගන්ධ/රස/ ස්පර්ශය පදනම් කොට ..... " මුතවාදී " වේ.
මොළය හා සිත ඇසුරැ කොට චින්තනය හරහා අප ......................" විඤ්ඤානවාදී " වෙමු.

මේ " පුබ්බේ සුතෙසු ධම්මෝ " හෙවත් පෙර අසාගත් දහම " වේ.
 දම්සක් පැවතුම් සූත්‍ර දේශණාවේදී වදාළේ " පුබ්බේ අනනු සුතේසු ධම්මේසු"
හෙවත් පෙර අසා දරාගත් දහමෙන් ඉවත්වෙමිනි.
ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය යනු අප ශඩ් ඉන්ද්‍රියයන් හරහා ලබන දැනුමවේ.
මේ ඉන්ද්‍රියායතන හරහා ලබන දැනුම තුළ "අස්මිය" හෙවත් මම/ මාගේ යන " මමායනය " ඇත.
මේ දැනුම තුල ශාස්වත වාදය....
උච්ඡේද වාදය....
ඇත.... නැත....
කාම සුඛල්ලිකානු යෝගය....
අත්තඛිලමතානු යෝගය යන දෘෂ්ටි ඇත.
 ඔබ / මම වැනි සියලු පෘතග්ජනයෝ එම අස්මිමානය වැලදගෙන
ඒ තුල සිට කටයුතු කරම්හ.
මෙය මිත්‍යාදෘෂ්ඨියයි.
මම යන තැනින් ඉවත්වූ විට
සම්මාදිට්ඨිය පහලවේ.
ඒ තුළ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය මාර්ගය විවෘතවේ.
එවිට ඉන්ද්‍රිය අනුමාන ඥානයෙන් මිදි
 සත්‍ය ගවේෂණය කළ හැක.

 (පාතේගම සුමනරතන හිමි දේශනාවක්
ඇසුරෙන් සකස් කළේ
ආනන්ද විජයරත්න)

Wednesday, June 5, 2013

පිංකන් කියා කරන ගොංකන් ?

පිංකම් හා ගොන්කම් **************


 මිනිස්සු නොයෙක් ආකාරයේ වෙළහෙලදාම් කරති.ජාත්, ආගම්, කුල මල භේද නොමැතිව හැම දෙනාටම විකුණති.
අප ඒවාට පිංකම් නොකියන්නේ ඇයි? ලාභයක්, ප්‍රයෝජනයක් බලාගෙන කරන නිසයි. හොදයි කෙනෙක් මුදලින් හෝ වෙන යම් ආකාරයකට අසරණයෙකුට දිළින් දෙකුට උදවු කරන්නේ , ප්‍රශංසාව, කීර්තිය, නම්බුව, පෙරළා උපකාරය බලාගෙන නම් ඔබ එය අනුමත කරන්නේද? ඇත්තෙන්ම නැත.එය පිරිසිදු අදහසක් නොවේ.එයද පෙරකී වෙළදාමටම සමානය.හොදයි ඒ දේ කරන්නේ පරලොව සැප බලාගෙන වුනොත් ඔබ මොකද කියන්නේ?මම කියන්නේ ඒකේ කිසිම වරදක් නැති බවයි.කවුරැත් පිංකම් කරන්නේ පරලොව හිත සුව පිණිසම නේද?

හොදයි මම මෙහෙම අහන්නම් .............. ඔබම කීවා ඒවා මෙලොවට හරි නෑ කියලා.එතකොට ඒක පරලොවට හරියන්නේ කොහොමද?.... එතැන දී වෙන්නේ සැප වැඩිකර ගැන්මට කාලයක් දී .....බැකුවේ දමා ගත්තා වගේ නෙමේද? එතකොට ඔබ කර්ම ඵල විශ්වාස කරන්නේ නැද්ද ......? අදහන්නේ නැද්ද? මොකෝ නැත්තේ ... මම අදහනවා... කර්ම ඵල කියන්නේ ක්‍රියාවක සැබෑ තතු වටහා ගැනීම නොවේද? ඵලයට ලොල්වීම තෘෂ්ණාව නොවේද?එය වෙළදාමක්ම නේද? වැඩි දෙනෙක් යමක් කරන්නේ ඵලය බලා ගෙනයි.තම දෙව්ලොව ගමනට හෝ නිවන් යාමට ඉනිමගක් කර ගන්න බලාගෙන නම් . ඒ අදහස හරිද?..... උත්තම අදහස වන්නේ ඵලයක් ‍බලාපොරොත්තු නැතිව සත් ක්‍රියාවක් කිරීමයි.


 ( වල්පොල රාහුල හිමියන් ගේ දහම් පණිවිඩයක අනුසාරයෙනි- ආනන්ද විජයරත්න)

Sunday, May 26, 2013

+අවිජ්ජා + පටිච්ඡ සමුප්පාද දහම.


පටිච්ඡ සමුප්පාද දහම *************


 බෞද්ධයා විමුක්ති මග සොයාගත යුත්තේ හේතුඵල දහම තමා තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ස්වභාව ධර්මානු කූල ක්‍රියාවලියක් මගිනි.මෙය කරන්නෙක් හෝ කරවන්නෙක් නැත.ඉබේ සිදුවන මෙම ක්‍රියායාවලිය ක්ෂණයක් පාසා තමා තුළ ම ඇතිවි නැතිවී යයි.සම්මා සතියෙන් දකින්නාට මෙය ප්‍රඥා ඇසින් දැකගත හැක. එසේ නොමැතිව පටිච්ඡ සමුප්පාදය යන්න අතීත / වර්තමාන / අනාගත, ඉපදීමක් පැවත්මක් , නැවත සම්මුති මරණයක් විඤ්ඤානය මවු කුසක බැස ගැනීමක් වැනි දෑ ගැන කතා කිරීම දහම විකෘත කිරීමකි.
බුදු හිමියන්මප්‍රතික්ෂේප කළ ආත්මය, පුනරැත්පත්තිය, නිගණ්ඨනාථ පුත්‍ර ගේ කර්ම ඵලවාදය නැවත බුදු දහමට පිවිසවීමට ගත් අත්තනෝමතික උත්සාහයකි.ඊළග ආත්මය කරා ගමන් කරන විඤ්ඤානයක් යන්නද ආත්මවාදී සංකල්පයකි. “ විඤ්ඤානය” මෙසේ ගමන් කරන බවට දේශණා කරමින් සිටි “සාති” නම් භික්ෂුවට බුදුන් වහන්සේ තදින් අවවාද කළ බව පෙල දහමේ සදහන්ය.

පුනර් භවය යන සංකල්පයද හේතුඵල ක්‍රියාවේ පුද්ගලයකු තුළ ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවිකක්‍රියාදාමය ම වේ. කරැණු එසේ වුවත් අද ඉපිදෙමින් මැරෙමින් යන "භව" ගමනක් හැම විටකම ඉස්මතු කරගෙන ඇත.ඒ පාදක කොට කරන පුද පූජා. වත් පිළිවෙත් ,දේශණා එමට බුදුසමය තුලට රිංගවා හුදු ආගම් මාත්‍රයක් බවට පත්කොට ගෙන ආගම් ඔල්මාදයක් ද වපුරමින් සිටී.


( “බෞද්ධයන් වැඩි දෙනෙකු පුනර් භවය තේරැම් ගෙන ඇත්තේ වැරදියට”.... යන මැයින් මෙම ඉරිදා ලක්බිම පුවත්පතේ පලවූ ලිපියක් අනුසාරයෙනි) සිරිල් රත්නායක නම් වූ මෙම
ලේඛකයා එම පුවත් පත හරහා සංවාදයක් ගොඩ නැංවීමට බලාපොරොත්තු වේ. 



Friday, May 24, 2013

ජීවිතේ ගංගාවකී -----> ---------->


ජීවිතේ ගංගාවකී 

ජලයේ ස්වභාවය , දිය පහරේ ස්වභාවය, පහලට ගලා යාමයි.ඒ ගුරැත්ව බලය නිසයි. එසේ ගලායන ගංගාවකට ඔබ ... මම...අපි බැස සිටිමු... එසේ සිටින අපට නොයෙක් හැල හැප්පීම් වලට ඔරොත්තු දෙමින් මේ ගමන නිමා කළ යුතුව ඇත.අපි ජලපහරේ අනවබෝධයෙන් ගසා ගෙන ගියොත්.... යන දිහාවකට ඔහෙ ගියාදෙන් කියා නිසොල්මනේ සිටිය හොත් ඔබට ගමන නිම කිරීමට පළමු දිවියෙන් සමු ගන්න සිදුවනු ඇති. ‍

 එහෙත් සිහියෙන් යන්නා බාධක මග හරවා ගෙන තම ගමන නිසි ඉලක්කයකට තමාට ඇවැසි පරිදි ගෙන යයි.අවශ්‍ය දෑ කළමණාකරණය කරයි. සමහරෙක් උඩු ගං බලා යන්න වෙර දරත්.(විභව තණ්හාවෙන්) නමුත් එද පහසු නොවේ.එහෙනම් පහසුව ගැනම සිතා පහළට ඔහේ යනවාද?. අප මේ දෙකම අතරයි ... අවබෝධයෙන් මේ ගමන යා යුත්තේ. එහිදී ඥානවන්තයා නුවණින් බාධක මග හරවා ගනී.තම ඉලක්ක සපුරා ගනී. ජීවිතය  සුවපත් කරගන්න ඔහු දනී.

දුකේම නොගිලී ... සැපේ ඇති ආදිනව දකින ඔහු මේ දෙකම ඥානාන්විතව අත්හැර දමයි.....අත්හැරීමේ සුවය .....හා දැඩිව අල්ලා ගැනීමේ දුක....... දැක වඩා යහපත් මාර්ගයකට අවතීර්ණ වෙයි. ඔබට ප්‍රාර්ථනා 100 ක්ද දුක්ද 100 කි. ප්‍රාර්ථනා 10 ක් නම් දුක් 10 කි.

මේ මග තම අත්දැකීමෙන්ම සාක්ෂාත් කර ගත් එකක් මිස අනුන්ගෙන් අසාගත්තක් එකක් නොකර ගනී.මේ දැක්ම ග්‍රහණය කළ කවරෙක් හෝ සුවපත් වනු ඇත.

ආනන්ද විජයරත්න

Tuesday, May 21, 2013

මානවයා 0o0o0


මානවයා


 "මිනිසාගේ බාහිර දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවට ද බුදු සමය මග හෙළි කොට ඇත.බුදු සමයේ විද්‍යාත්මක පදනම මානව හිතවාදිගුණයෙන් යුතු වන අතර නවීන විද්‍යාත්මක නිපදවීම් තුළ මානව හිතවාදී ගුණයක් නැත.නවීන විද්‍යාව තුළින් බාහිර අංශයේ හෞතික දියුණුව පමණක් දැකිය හැකිය. බුදු දහම අනුව අධ්‍යාත්මික දියුණුවෙන් තොරව ලබන සියඵ හෞතික සම්පත් විනාශ වේ. “යං කිංචි සමුධය ධමිමං සබ්බංතං නිරොධ ධමිමං” යන දේශනාවෙන් එය පැහැදිළි වේ. බුදුරාජනන් වහන්සේ විසින් දීර්ඝ නිකායේ අග්ගඤ්ඤි සුත්‍රයේ දක්වා ඇති විශ්වයේ සමිභවය පිළිබද විග්‍රහය ද නවින විද්‍යාඥයින්ගේ අවධනායට යොමු වී ඇත.සමස්ත විශ්වයේ ක්‍රියාවලියම බුදුරදුන් විසින් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පුනර්භවය ත්‍රී ලක්ෂණය යන සංකල්පය මගින් විග්‍රහ කරනු ලැබීය

Ananda Wijayaratna


."