Sunday, May 26, 2013

+අවිජ්ජා + පටිච්ඡ සමුප්පාද දහම.


පටිච්ඡ සමුප්පාද දහම *************


 බෞද්ධයා විමුක්ති මග සොයාගත යුත්තේ හේතුඵල දහම තමා තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ස්වභාව ධර්මානු කූල ක්‍රියාවලියක් මගිනි.මෙය කරන්නෙක් හෝ කරවන්නෙක් නැත.ඉබේ සිදුවන මෙම ක්‍රියායාවලිය ක්ෂණයක් පාසා තමා තුළ ම ඇතිවි නැතිවී යයි.සම්මා සතියෙන් දකින්නාට මෙය ප්‍රඥා ඇසින් දැකගත හැක. එසේ නොමැතිව පටිච්ඡ සමුප්පාදය යන්න අතීත / වර්තමාන / අනාගත, ඉපදීමක් පැවත්මක් , නැවත සම්මුති මරණයක් විඤ්ඤානය මවු කුසක බැස ගැනීමක් වැනි දෑ ගැන කතා කිරීම දහම විකෘත කිරීමකි.
බුදු හිමියන්මප්‍රතික්ෂේප කළ ආත්මය, පුනරැත්පත්තිය, නිගණ්ඨනාථ පුත්‍ර ගේ කර්ම ඵලවාදය නැවත බුදු දහමට පිවිසවීමට ගත් අත්තනෝමතික උත්සාහයකි.ඊළග ආත්මය කරා ගමන් කරන විඤ්ඤානයක් යන්නද ආත්මවාදී සංකල්පයකි. “ විඤ්ඤානය” මෙසේ ගමන් කරන බවට දේශණා කරමින් සිටි “සාති” නම් භික්ෂුවට බුදුන් වහන්සේ තදින් අවවාද කළ බව පෙල දහමේ සදහන්ය.

පුනර් භවය යන සංකල්පයද හේතුඵල ක්‍රියාවේ පුද්ගලයකු තුළ ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවිකක්‍රියාදාමය ම වේ. කරැණු එසේ වුවත් අද ඉපිදෙමින් මැරෙමින් යන "භව" ගමනක් හැම විටකම ඉස්මතු කරගෙන ඇත.ඒ පාදක කොට කරන පුද පූජා. වත් පිළිවෙත් ,දේශණා එමට බුදුසමය තුලට රිංගවා හුදු ආගම් මාත්‍රයක් බවට පත්කොට ගෙන ආගම් ඔල්මාදයක් ද වපුරමින් සිටී.


( “බෞද්ධයන් වැඩි දෙනෙකු පුනර් භවය තේරැම් ගෙන ඇත්තේ වැරදියට”.... යන මැයින් මෙම ඉරිදා ලක්බිම පුවත්පතේ පලවූ ලිපියක් අනුසාරයෙනි) සිරිල් රත්නායක නම් වූ මෙම
ලේඛකයා එම පුවත් පත හරහා සංවාදයක් ගොඩ නැංවීමට බලාපොරොත්තු වේ. 



No comments:

Post a Comment