Friday, May 24, 2013

ජීවිතේ ගංගාවකී -----> ---------->


ජීවිතේ ගංගාවකී 

ජලයේ ස්වභාවය , දිය පහරේ ස්වභාවය, පහලට ගලා යාමයි.ඒ ගුරැත්ව බලය නිසයි. එසේ ගලායන ගංගාවකට ඔබ ... මම...අපි බැස සිටිමු... එසේ සිටින අපට නොයෙක් හැල හැප්පීම් වලට ඔරොත්තු දෙමින් මේ ගමන නිමා කළ යුතුව ඇත.අපි ජලපහරේ අනවබෝධයෙන් ගසා ගෙන ගියොත්.... යන දිහාවකට ඔහෙ ගියාදෙන් කියා නිසොල්මනේ සිටිය හොත් ඔබට ගමන නිම කිරීමට පළමු දිවියෙන් සමු ගන්න සිදුවනු ඇති. ‍

 එහෙත් සිහියෙන් යන්නා බාධක මග හරවා ගෙන තම ගමන නිසි ඉලක්කයකට තමාට ඇවැසි පරිදි ගෙන යයි.අවශ්‍ය දෑ කළමණාකරණය කරයි. සමහරෙක් උඩු ගං බලා යන්න වෙර දරත්.(විභව තණ්හාවෙන්) නමුත් එද පහසු නොවේ.එහෙනම් පහසුව ගැනම සිතා පහළට ඔහේ යනවාද?. අප මේ දෙකම අතරයි ... අවබෝධයෙන් මේ ගමන යා යුත්තේ. එහිදී ඥානවන්තයා නුවණින් බාධක මග හරවා ගනී.තම ඉලක්ක සපුරා ගනී. ජීවිතය  සුවපත් කරගන්න ඔහු දනී.

දුකේම නොගිලී ... සැපේ ඇති ආදිනව දකින ඔහු මේ දෙකම ඥානාන්විතව අත්හැර දමයි.....අත්හැරීමේ සුවය .....හා දැඩිව අල්ලා ගැනීමේ දුක....... දැක වඩා යහපත් මාර්ගයකට අවතීර්ණ වෙයි. ඔබට ප්‍රාර්ථනා 100 ක්ද දුක්ද 100 කි. ප්‍රාර්ථනා 10 ක් නම් දුක් 10 කි.

මේ මග තම අත්දැකීමෙන්ම සාක්ෂාත් කර ගත් එකක් මිස අනුන්ගෙන් අසාගත්තක් එකක් නොකර ගනී.මේ දැක්ම ග්‍රහණය කළ කවරෙක් හෝ සුවපත් වනු ඇත.

ආනන්ද විජයරත්න

No comments:

Post a Comment