Wednesday, June 19, 2013

එකම අත්ලය - ඇගිලි පහකි.?

සංතතික දහම
^^^^^^^^^^^^^^^^ 
මේ විශ්ව චලිතය තුළ සියල්ල පවත්නේ චක්‍රීය මගක යමිනි.එනිසා එහි ඇරඹුම් අවසානයක් දැකිය නොහැක.මෙය බුදු හිමියන් වදාලේ පටිච්ඡයක් ලෙසිනි. සියලුම ධර්මතා එකිනෙකට පටිච්ච වෙමින් යන අතර ඒ හේතුඵලවාදය ලෙස වදාළේද බුදු හිමියන්මය. ජීව, අජීව. සියල්ල මේ අතර සංස්කරණය වෙමින් නව ජනිතයන් බිහිකරන අතර ඒ සියල්ලම නිත්‍ය පැවැත්මකට යටත් නොවේ. මිනිසා චින්තනයේ යෙදෙන හෙයින් හේ තමා විශේෂ කරගනි. මේ දහම නොදැක ඔහු මේ ලෝකය ඉන්ද්‍රිය අරමුනු හරහා දැනුමෙන් අල්ලා ගනී.එයින් ඔහුට ගැලවීමක් ඇත්තේම නැත.

 මේ ඇත්ත දකින්න නම් මනස් මායාවෙන් මිදි සිතෙන්ම සිත දැකිය යුතුවේ.එසේම අල්ලාගත් දැනුම අත හැර අප උපදින විට ගෙන ආ ප්‍රභාෂ්වර සිත අවදි කරවා ගත යුතුය.එය දහමේ යෝනිසෝ මනසිකාරය ලෙස විස්තරවේ.දැනට අප ඉන්න තැන සිට සත්‍ය දක්නට යාම පැදුරේ සිටම එය හකුලුවන්න දරන උත්සහය මෙන් ව්‍යර්ථවේ. එසේ සියලු සීමා බන්ධන ඉවත් කළවිට සත්‍යය ගවේෂණය කළ හැක.නැත් නම් අප අසාගත් දැනුම නැමැති උගුලේ හිර වෙනු ඇත. මෙහිලා කෙනෙකු අසන්නේ කිසිම දහම් දැනුමක් නැතිව කොහොමද මෙය දකින්නේ කියාය.

ඇත්ත.මෙවලම් වශයෙන් භාෂාව, වචන පාවිච්චිකරන්න වෙනවා.නැතිව කොහොම සංනිවේදනය කරන්නද? අප නොසිතන දෙයක් තමා මිනිසෙකුට වගේම සතෙකුටත් ආදරය, කරැණාව වැනි ගුණාංග භාෂාවකින් තොරව දිය හැකි බව. අප සිරැර තුළ ඇත්තේ මේ අප ජීවත්වන වටපිටාවේ ඇති වායුව,ජලය,ආහාර වැනි සාධකය.වායුව නැතිව , හිරැ එළිය නැතිව, ජලය නැතිව කුමන ජීවත්වීමක්ද? අප මේ සොබා දහමේමම පුරැකක් වෙමු.අප එකිනෙකා සංතතික වශයෙන් එකට බැදී සිටිමු.

අප කාබන් චකුය, ස්වාභාවික ජල චක්‍රය හදාරා ඇත්තෙමු. ඒවා චක්‍රීය මගක යයි.අපද ඉපිද මියගොස් මේ දහමටම එක්වෙමු.අද හිටිය මනුස්සයාම හෙට උපදිනවා නොවේ.හැබැයි ඔහු නොවන්නේද නොවේ. ඒ ඇයි මේ සියල්ල මහාභූත නිර්මාන බැවිනි.එනිසා යථාර්තයක් වන්නේ, ඇත්තේ ජීව වස්තු නොව වෙනස් වන ධර්මතා පමණක් පවත්නා බව වටහා ගැන්මයි. මෙය තේරැම් ගත් විට අස්මි මානය හෙවත් මම ... යන මුලාව දුරැවේ.එවිට මගේ කියාද අයිති ය් නැත බුද්ධ යනු එලෙස මමායනයෙන් මිදුන ආධ්‍යාත්මික තත්වයකි.නැතිව අප මිය ගිය කෙනෙකුට ගරැ සත්කාර කරනවා නොවේ.නිවන් දකින්නෝ බුදුන් නිවරදවම දැක නොගතහොත් ඔවුනට මෙම නිවන ඈතය. .


ආනන්ද විජයරත්න






1 comment:

  1. ගොඩක් වටිනවා ඔයාගේ ලිපිය බුදු සරණයි

    ReplyDelete