Saturday, October 7, 2023

නිවන අත ළග

 අපි ජීවත්වෙන මානයක් තියෙනවා. ඒක තමයි කාලය සහ අවකාශය. තවත් විදියකින් කියනවා නම් ත්රිමාන ලෝකය (Three Dimension World). කාලයට සහ අවකාශයට සාපේක්ෂව තමයි අපේ ජීවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නේ. මේ අවකාශය තුළ පවතින දිග x පළල x උස කියන මානය තමයි අපිට අයිති මානය. මනුෂ්යයාගේ පෘථිවිය මත ජීවිතය වෙනත් මානයන් සඳහා පරිවර්තනයක් වීමට පවතින්නක්. නිවන කියන පරම නිෂ්ඨාව අරමුණු කරගෙන තමයි ඔබගේ ජීවිතය පවතින්නේ.

නමුත් අපගේ සංස්කෘතිය තුළ මනුෂ්යාට මේ නිවන කියන මානය සඳහා පරිවර්තනය වීමේ මඟ අති දුෂ්කර කටයුත්තක් ලෙස හුවා දක්වා තිබෙනවා. එය එක්තරා කාලයකදී ක්රියාත්මක වෙච්ච සුවිසල් කුමන්ත්රණයක්. එම කුමන්ත්රණයේ ප්රතිඵලයක් ලෙස වර්තමාන බෞද්ධයාට නිවන කියන මානය සඳහා අවශ්ය පරිවර්තනයට කල්ප ගානක් ගානක් බලා සිටිය යුතු බව අඟවා තිබෙනවා. සමහර විට එය මෛත්රී බුදුන්ගේ ශාසනය දක්වා කල් දමා තිබෙනවා.
මම කලින් කිව්වා මනුෂ්යයා මෙම පෘථිවිය මත විඤ්ඤාණ පරිවර්තනයක් සඳහා, එහෙම නැතිනම් 3 වෙනි මානයෙන් 4-5 මානයන් සඳහා පරිවර්තනය වීමට ලද අවස්ථාවක් බව. මනුෂ්යයකු ලෙස අපගේ පරම වගකීම මෙම පරිවර්තනය උදෙසා කටයුතු කිරීමයි. බුදුවරැ ලෝකයට පහළ වෙන්නේ මේ බව ඔබට මතක් කර දෙන්න. අප එසේ පරිවර්තනය විය යුත්තේ මේ කාලය මත පදනම් වූ සිතිවිලි ලෝකය යථාර්ථයක් නොවන නිසයි.
කාලයට සහ අවකාශයට අයිති අපගේ මානයේ ප්රධාන දැනුම් ඒකකය සහ මාධ්යය වනුයේ සිතිවිලියි. අපි අපගේ ජීවිතය පවත්වාගෙන යන්නේ සිතිවිලි අනුසාරයෙන්. නමුත් අපිට අඛණ්ඩව ජීවිතයක් පවතිනවා කියල තේරුනාට ඒක යථාර්ථයක් නොවෙයි. එකක් පස එකක් එන සෑම සිතිවිල්ලක්ම ඇතිවූ තැනම ඉතිරි නැතිවම විනාශ වෙලා යනවා. නමුත් මෙි සිතිවිලි ධාරාව ගලනය වෙන වේගය අනුව අපිට හිතෙනවා ජීවිතය වැනි යමක් පවතිනවා කියලා. අපි පෞද්ගලිකව විඥානයක්, දැනුමක් නඩත්තු කරනවා අපි සහ ලෝකය පවතින බවට. නමුත් මේ විඤ්ඤාණය ද මායාවක් සහ වෙනස් වෙමින් පවතින්නක්. ඒ සකස් කර ගත් දේ සත්යයක් සේ අපි හඟින තුරැ අපි තුළ දුක නිර්මාණය වෙනවා. "සබිබෙි සංඛාරා අනිචිචාති" (සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය).
මේ පෘථිවිය මත මනුෂ්යයා උගුලකට හසුව තිබෙනවා. එය තමයි කාලය. සිතිවිල්ලක් කියලා කියන්නේ එක්තරා කාල පරාසයකට. මිනිස්සු හිතනවා කාලය කියන්නේ ඇත්තක් කියල. මිනිස්සුන්ට තවදුරටත් තේරෙන්නෙ නැහැ කාලය කියන්නේ මායාවක් කියලා. ඒ නිසා මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අතීතය කියන විඥාන ශේෂය මත පදනමිව අනාගතය මත යැපෙන්න. ඉතිමි මෙි ලෝකය නැමැති මනංකල්පිතය තුළ මනුෂ්යයා උත්සාහ දරා තිබෙනවා ජීවිතයේ සැබෑ සතුට, ජය, තෘප්තිය සහ සැනසීම සොයන්නට. නමුත් මෙි නිශ්චිත බවක් නොමැති නිසා, සියලු දේ වෙනස් වෙන නිසා, මනුෂ්යාගේ රාග ද්වේශ මෝහ ජීවන ක්රමය නිසා මනුෂ්යයාටම දරාගත නොහැකි අති දුක්ඛිත සංසාරය තුළ මිනිසා සිරවී සිටිනවා.
මෙම කරුණු නිසා හදිසි කාරණාවක් ලෙස මාන තුනක් සහිත මෙම මනුෂ්ය විඤ්ඤාණයෙන් ඉහළ මානයන් (නිවන) සඳහා පරිවර්තනයක් අත්යාවශ්යයි. අපි කාලය නැමති මානයෙන් මිදී අවකාශය බවට පත් විය යුතුයි. ඒ සඳහා කාලයට අයිති නැති "අකාලික" ධර්මය නොහොත් ස්වභාදහමෙි පැවැත්ම කරා දියවී යා යුතුයි.
අදහස, ප්රියන්ත විතානගේ
07/10/2023, 06:10

Sunday, October 21, 2018

දැන ගියොත් කතරගම - ‌නො දැන ගියොත් අතරමග.

මග දන්නෝ කතරගමට ම යෙත්.
~~~~~~~~~~~~~~~~~~~~~
පර්යාප්ති / ප්‍රතිපත්ති / ප්‍රතිවේද .... මේ තමා මාර්ගය.
බබාලට තේරෙන විදිහට නම් ... දැනුම / දැනුම භාවිතය / වැටහීම හෙවත් ප්‍රත්‍යක්ෂය...
( විභාග සමත් වන ක්‍රියා පිළිවෙත ... අමුතු දෙයක් නොවේ. )
මේ සම්මුතියයි.... සමාජ ගත ජන විඤ්ඤානයයි.
දැනුම හල තැන ප්‍රභාෂ්වරයයි.. බුද්ධත්වයයි.
ඒ පුද්ගල / කෙනා යන විදිහට දකින්නේ අවිද්‍යාව හෙවත් මුලාවෙන්.
ඒ නිසා ධර්මතාව අනුව දකින්න....
එකම ධර්මතාව .... උප්පාද පඤ්ඤායති ( උපතක් පනවමි)
වයෝ පඤ්ඤායති ( වැයක් / විනාශයක් පනවමි)
තිතත්ස අඤ්ඤතත්තං පඤ්ඤායති.( බිබද සංස්කරණය වීමක් පනවමි)
උපදින්නේ කෙනා නෙමේ.... ජාති හෙවත් පහළ වීමයි.
ඒ පහළ වන්නේ ද හේතුය...
හේතු නිසා ඵල ඇතිවේ...
මේ ඵලයන්ද නිබද සංස්කරණය වේ... ( අඤ්ඤතත්ථං )
පවත්නා ඵලයක් ද නැත....
මේ ටික ටිකිරි මොළයකට වුව වැටහේ....
උපදින එකා මැරෙනවා නොවේ...
උපදින කෙනා මියෙන්නේ බමුණු දහමෙහිය.
එහි උපන් දිනය ඇත.... මැද කෙනා ගේ ඡායාරූපයක් ඇත.
කෙනා මිය ගිය දිනයක් ඇත. ... වැළදූ ආයුෂ කාලයක් ඇත.
ලෝක ධම්මතාව ...... කාලයට හසු නොවන්නකි.
එසේම එය පුද්ගලිකව නොව සමස්ථ වශයෙන් දැකිය යුතුය.
සබ්බේ සංකාරා අනිච්චාති... වන්නේ එසේය.
සංකාරා යනු මනසේම මායාවන්ය..
ඒ නිසා දැනුම යනුද මනස් මායාවකි...
පොඩි එකාට කියා දෙන්න පහසු ඒ නිසයි... ඇයි ඔලුව දැනුමෙන් කුරුවල් වී නැති නිසයි.....අන් අය පොතේ දැනුමෙන් තර්ක කරත්.
මේ කුණු සලා දැමීම කුසල වේ...
සලා දමා නිවෙන්න... එවිට කෙනා පිළිබද බැදීම නැතිවේවි.
ඒ ගැන කම්පා විය යුතු නැහ..... හේතුව ?
මේ ටික දැන සිටියත් .... නොදැන සිටියත් සිදුවන්නේ ?
පොදු ධර්මතා ක්‍රියා පටිපාටිය ... මිස මට.... එකක් ....
ඔබට ... වෙනත් එකක් ලෙස නොවේ...,,,
මග වරද්දා ගන්න එපා කීවට එහෙම එකක්ද නැත....

ආනන්ද විජයරත්න. 

Sunday, November 6, 2016

මහ සයුරින් දිය බිදක් ගත් ඔබ ඒ කෝප්පයක් / බාල්දියක් /බැරලයක් කර ගන්නේ නිතැතිනි..


සිතන්න මදක්?....

භාවනාවෙන් ... සිත එක් තැන් කළ හැකිද?
චිත්ත සමාධිය හෙවත් සමාපත්තිය ඉන් අත් දැකිය හැකිද?

භාවනාව හා සමාපත්තිය අතර ඇත්තේ ලොකු හිඩැසකි.
සමාධිය හෙවත් සමාපත්තිය හෙවත් චිත්ත ඒකාග්‍රතාව
දැක්මක් තුල නිතැතින් ඇති වන්නකි.
භාවනාව යන වචනය ඇසෙන විටම ...
එතැන භාවනා කරන්නෙක් සිටී.
දැඩි ආයාසයෙන් හා අධිෂ්ඨානයෙන් භාවනා කරන්න
ගුරුවරයා ගෙන් ද උපදෙස් ලැබේ.
එසේ අධිෂ්ඨාන කරනවිට ...
උත්සහ කරනවිට
මමායනය එතැන දැඩිව වැඩේ.
මනස ඝනවේ.
ප්‍රභාෂ්වර සිතක් ඇතිව උපදින අප
මනස නමැති ගොහොරුවට තල්ලු වේ.
සියලු මනෝ සංකාර හෙවත්
මනසින් ම නිපදවා ගත්
දැනුම ආකල්ප .. දෘෂ්ඨි ... ආගම් ..
මේ ගොහොරුව තුළ පවතී.
ඉන් මිදෙන්න නම් මනසේ උල්පත වූ
සිත හා සිතේ හැසිරීම හදුනාගත යුතුවේ.
සිතේ කාර්ය සිතීමයි.. එයයි උපන්ගෙයි ගති සොබාව..
සිතුවිලි ... යනු ඉන්ද්‍රියාරම්මණ ඔස්සේ සිත දුවවීමයි.
උපන් දා සිට මියෙන තුරු සැප සොයා යන මිනිසා
මම ... යන මංත්‍රය ජප කරමින්
එකී මිරිගුව ඔස්සේ එයැම සැපයැයි සිතා
වැළදගෙන හැල්මේ දුවයි..
අංගුලිමාලට ... මම නතරවී සිටිමි ... යැයි
බුදුන් වදාළේ එබැවිනි.
චිත්ත සමාධිය ... යනු අනෙකක් නොව
එම හැල්මේ දිවීම නතර වීමයි.
එය නැණ නුවණින් වටහා ගැන්ම තුළ ඉබේ වන්නෙකි.
එවිට ඔබ මද වේලාවකට විශ්ව ඥානය හා බැදේ....
භාවනාවේ නිශ්ඵලත්වය අත් දකී.
සිතුවිල්ලෙන් තොර
කොයියම්ම මොහොතක හෝ
මේ ඔබ අත්විද ඇත...
සාගරයක ජලයෙන් දිය බිදක් අත්ලට ගැනීමකි ඒ...
කෝප්පයක් / බාල්දියක් / බැරලයක් කර ගැන්ම
නිතැතින් එතනින්  ම ඇරඹේ.
ඔබ දිය පහරට හසු වුණාවේ..... (සෝත ආපන්න වීමයි ඒ )

Saturday, July 30, 2016

දිරවා ගන්න බැරි සත්‍යය...


මෂ්තිෂ්කය හා මධ්‍ය ස්නායු පද්ධතිය හා සම්බන්ද සිත යනු රසායනිකයකි...
ඔබ පහළ කරන ආවේග මත මේ රසායනික යන්ගේ සංඝටක වෙනස් වේ.
ඒ ඒ ඉන්ද්‍රියයන්ට ආවේදන නිකුත් වේ.
ඉන්ද්‍රිය උත්තේජනය වේ.. 
සටන් කරනු ... නැත්නම් සැගවෙනු ...
ඒ නිසා බිය වූ විට චූ ..යයි... මල පහවෙයි... දහඩිය දමයි...
... රාග.. ද්වේෂ ... මෝහ ... කෙලෙස් මේ සියල්ල ..
උත්තේජන මතයි...දේශණා ... දෘෂ්ඨි ... ඒ මතය..
මෙයයි සැබෑ දැක්ම....
කෙනෙකු මීට පිළිතුරු දෙන්නේද ...
ඇසින් පෙන්වන රූප ( අකුරු) මත මොළයේ සංජානනයෙන් විකසනය වුනු දැනුම හරහාය..
ඔර්ලෝසුවකට මෙම ආවේදන වේගය මණින්න බැහ. එනිසා මොහොත කියන වචනයද සාවද්‍ය වේ...
ඒ ආලෝකයේ වේගය පරදවන එකකි...
මෙය ඇද බැද තැබිය හැකියැයි කවුරු හෝ කියයි නම් ...
ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුව ඇත..
දිරවා ගන්න බැරි අයට.....
මතුපිට බණ නැමැති සීනි තවරා දුන් විට .... සූප්පුකරනු ඇත...

Wednesday, July 27, 2016

අනිමිස ලෝචන පූජාව තවත් එක පූජාවක් ද ...... නැත්නම් ?


පරෝපකාරයක් ලෙස ... තමාට බුදු වෙන්න උදවු කළ බෝගස දෙස දින 7ක් තිස්සේ ඇසිපිය නොහෙලා බලා සිටීමක් ලෙස පෙළ දහමේ විවරණය වේ..
මේ මදක් විමසමු ?..
ඔබට යමක් සත්‍ය වශයෙන් දකින්න ප්‍රඥාව ඇවැසි බව අවිවාදිිිතයි...
ප්‍රඥාවෙන් බලන විට ගසක් දෙස දින 7ක් බලා සිටීමෙන් ගසට උපකාරයක් උපහාරයක්වේද? යන පැනය සිතට නැගේ.....
බෝ ගසක් ... යන සිතුවිල්ල සිතට එනවිට ඔබේ මනසේ කලින් දැක පුරුදු ගසක හැඩ රුවක් මැවේ...( දැක ඇත්නම්)
මෙහි යථාස්වරූපය දක්නට නම් .... බෝ .... යන්න ගසෙන් ඉවත් කර ගෙන ..
ගස ... යන රූප ධර්මයට එමු...
අපි දැන් මේ ගස දැකිය යුත්තේ මේ මොහොතට එළැඹය...
ඇස ගසක් දකිනවා .... ඒ ඇසේ කාර්යයි.
හිරු එලිය වේ නම් ගසට සෙවැනැල්ලක් ... උප සෙවැනැල්ලක් ද පෙනේ.
ගස ... ඔබ සිටින තැන වෙනස් කර .... ඉදිරියට හෝ පසු පසට ගොස් බලන්න...
පසු පසට ගියොත් ඡායාව බොද වේ..
සෙවනැල්ල නැතිවේ..
ප්‍රමාණය කුඩා වේ....
හොදයි .... ඉදිරියට ගොස් බලන්න ...
කොල / නැටි / / හැඩ/ රුව / පත්‍ර පාට වල විවිධත්වය සේම ...
මුලු ගසම නොව ගසේ කොටසක් පමණක් ඇසට අසුවේවි...
එසේ නම් එකම ගහක් වීද? තමා සිටි තැනට අනුරූපව දුටු ගහක් වේද?
හොදයි .. දැන් ගස අතගා බලමු...
කදේ රලුබවක් ... ලපැටි පත්‍ර වල මුදු බවක් වර්ණ වල හරිත පැහයේ විචිත්‍ර බවක් දැනේ පෙනේ...
ගසට සමාන්තරව ඔබ සිටින තැනින් පය ඔසවන විටම මක්වේද?...
මේ සියලු වෙනස් බාහිරව සිදුවේ ...
හිටපු තැනින් ඔබ ඈත් වෙත්ම ... ගසට සාපේක්ෂව ඔබ ලංවේ...
මේ දෙක වෙන වෙනම ද සිදුවන්නේ ? නැහ .. එකවරය...
ඔබ ග්‍රහණය කොට ගෙන සිටි ... දුර .. මිණුම්... ප්‍රමාණ වලට මොකද වෙන්නේ?
වර්ණ වලට මොකද වෙන්නේ..?
ගස ස්පර්ශ කොට තිබෙන බවට සහතික කරගන්නා ... අත ...
ගැන මොකද හිතෙන්නේ?... ඇස ගැන ඔබ තිබූ විශ්වාසය දැන් නැති කල ?
අත ... ගැන ? කියනුම කවරේද?
මේ සියලුම ඉන්ද්‍රියයන් ඔබව රවට්ටන බව නොවැටහේද?
ඔබ ඔබවම නේද මේ රවටා ගන්නේ යැයි නොසිතේද?
එහෙනම් මේ ඔබ දකින්නේ / ඉන්නේ / දවල් සිහිනයක බව ..
නොසිතේ ද? ... නොදකීද?
මේ සිහින අඩ නින්දේ දී ය.
සිතුවිලි නැති ගැඹුරු නින්දේ ... ඔබ නැත...
විඤ්ඤානය අවදි වීම තුල මිස වේලාව ගැන ඔබට හැගීමක් වීද?
සතියෙන් ( දින 7න් නොවේ ) මේ දැක්ම නොවේ නම් ???
කුමන අනිමිස ලෝචනයක් ද?
විදර්ශනයක් ද?
කුමන ... සම්මා දිට්ඨියක් ද?
( Ananda )

බුදුන් පහළ වීමෙන් වැඩක් නොවීද?.


" බුදුන් පහළ වූ දඹදිවු තලය දෘෂ්ඨි කෝෂ්ඨාගාරයක් වී."....
62 ක් පමණ වූ දෘෂ්ඨි සමාජ ගතව පැවැති බවක් බ්‍රහ්මජාල සූත්‍රයට අනුව
පෙනේ...
(#) ආත්මයක් ඇත.... කියා ගැනීම ශාස්වත දෘෂ්ඨිය...
(#) ආත්මයක් නැත කියා ගැනීම උච්ඡේද දෘෂ්ඨිය ...
(#) ආත්ම යක් ඇත හෝ නැත කියා ගැන්ම මිථ්‍යා දෘෂ්ඨිය...

(#) මම .. හෝ ආත්ම වශයෙන් ගතහැකි කිසිවක් නැත සම්ම්‍යක් දෘෂ්ඨිය..
(#) කෙනෙකුට මරණයෙන් පසු නැවත උපතක් ඇත .... ආත්ම දෘෂ්ඨිය.
(#) කෙනෙකුට මරණින් පසු නැවත උපතක් නැත... අනාත්ම දෘෂ්ඨිය...
(#) ජීවත්වන කෙනෙක් ඇත... කියා ගැන්ම ... සක්කාය දිට්ඨිය ...(අත්ත)
(#) ජීවත්වන කෙනෙක් කියා දැනටමත් ගතයුත්තෙක් නැත... අනත්ත
එතකොට මේවා අදටත් නැද්ද?....
බුදුන් පහළ වීමෙන් වැඩක් නොවීද?...
යන පැනය නැගේ..?

" දෘෂ්ඨි " ....යනු මොනවාදැයි පළමුව විමසමු...?
-----------------------------------------------------
පුද්ගලයෝ තම සිතුම් පැතුම් අනුව / දැනුම අනුව / ඥානය අනුව /
අත්දැකීම් අනුව / ප්‍රිය මනාප ගුරුවරුන් ගේ ආකල්ප පිළිගෙන ...
විවිධ මතිමතාන්තර දැඩිව අල්ලා ගෙන ...
ඒවා තමා ගේ කරගෙන එක තැනකට කොටුවී සිටීම....
දෘෂ්ඨි ගතවීමක් ලෙස පොදුවේ අදහමු........
එහි හරි වැරැද්ද විනිශ්චය කරගන්නේ ද තමා විසින්මය..
යමෙකු ඊට එරෙහිව අදහස් දක්වයි නම් ...
පිළිකුලෙන් බැහැර කිරීම ..
උපහාසයට ලක් කිරීම ....
විරෝධාකල්ප දැක්වීම ....
අවධානය නොදී සිටීම ...
තරමක් හෝ සමාන අදහසක් දෙයි නම් .... ඒ තම මතය තහවුරු කරන්න ඈදා ගැන්ම .... කරත්.
එක තැනක නතරවී සිටීම තුළ .... ඔබට ගමනක් වේද?
නැවුමු බවෙන් ඉවත්ව පල්වීමක් වේද?,
සජීවී වන්නේ ...  ඒ ඒ ක්ෂණය විමසීමයි..
ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස යමක් උපුටා දක්වයි නම් ...
කෙනෙකු ගේ ගුරුවදනක් එතනට ගලපයි නම් සජීවී බව රැදේද ?
දෘෂ්ඨි වල .... සම්‍යක් හෝ ... මිච්ඡා ... යැයි වර්ගී කරණ වේද?
---------------------------------------------------------------------------------
ඇයි? .. මේ දෙකම ( සම්‍යක් හෝ ... මිච්ඡා  )  දෘෂ්ඨි බැවිනි.... සියලු දෘෂ්ඨි හල තැන සම්මා දිට්ඨියයි...
සම්මා දිට්ඨි යනු තවත් එක් දෘෂ්ඨියක් නොව ... ඇත්ත ඇති ලෙස දැක්මයි...
සත්‍ය යේ මාවතයි....
මේ මාවත මදක් විමසමු.....
(!) සීල.... විනයයි ... අර මා මුලින් සදහන් කළ ( ව්‍රත සමාදාන නොවේ)
(!!) සමාධි ... සිතේ නැවුම් බවයි... අලුත් බවයි... සමථ බවයි...
(!!!) ප්‍රඥා ... ( ඉහත දෙකම ඇති තැන නිවැරැදිව යමක් දැක්මේ ප්‍රගුණ බවයි)
...................................................................................................
දැන් මෙතනට ඇවිත් ඊලග ආත්මයක් තිබේද? නැද්ද  යන්න .... ඔබටම බලා ගන්න හැක...

( ආනන්ද ගෙනි.)

Thursday, July 7, 2016

මම කවුද?... ######


තමන් වඩාත්ම නොදන්නේ තමා කවරේද යන්නය... කෙනෙකු කියන්න පිළිවන්
මේ සිතට අයිති කෙනා මම කියල.... එතකොට තවෙකෙක් අහන්න පිලිවන් සිත .... ඔබේද කියලා?....
ඔබේ සිත සිරුරේ කොතැනකද තියෙන්නේ කියලා.... 
ජීවය නමැති සාධකය සිරුරේ ඇති විටෙක එය බාහිර පරිසරයේ දේවලට විවිධ ඉදුරන් ඔස්සේ ප්‍රතිචාර දක්වන බවක් අපට දැනේ... ඒ නිසා එය ධර්මතාවයක් ලෙස විවරණය කෙරේ... එය සදා බැද තැබිය නොහැක..
සිත සමාධිගත කළ විට දැනෙන ගති සොබාව පහව යේද?
ඒ දැනෙන දෙය සිතද?......
සිරුර තුළ ඇතිවන කායික වේදනා...මම ... කියන පුද්ගලයාට දැනීමට සලස්වන්නේ කවරක් මගින්ද?
මේ සමස්ථ ක්‍රියාවලියම මෙහෙයවන්නේ මොළය ප්‍රධාන කොටගත් ස්නායු පද්ධතිය ඉදුරන් හා සමායෝජනයෙනි. ඒ හුදු රසායනික ක්‍රියා දාමයකි.
මොළය මිය ගියාම නෛතිකව පුද්ගලයා මිය ගියා සේ සැළකේ....
මිය ගියා යැයි තීරණය කොට කලක් ගතව නැවැත සිහියට පත්වූ අයත් විරලව සිට ඇත.....
සිතේ ක්‍රියාකාරිත්වය ගැන ආගම්වලින් විවිධ විවරණ සපයනු පෙනේ...
සිත .. ඉන්ද්‍රියයක් වශයෙන් සලකන විට එය සමස්ථ සිරුරේම පාලනයට හවුල්වන නිසා මුලු සිරුරම සිත ලෙස ගැනීම ද වරදෙක් නොවේ.
අප මෙම .... බව ගමන .... යන්නේ සිත පෙරටු කොට තබා ගෙනය.
හැගීම්.. දැනීම්... ප්‍රතිචාර ... සමස්ථ සිතෙනි...
මේ සිතේම විශේෂ හැකියාවක් නිසා ... මම .... ඇත.
ඒ කාලය සමග ගැලපීම තුළිනි... මතකාවර්ජනයයි.
ඒ මතකයද කාලය සමග කෙමෙන් වියකී යයි.. එසේ නොවන ඒවාද ඇත..
රහත් බවේදී වුවත් සිත .... මමංකාරයෙන් .... නොමිදුන අවස්ථා පිළිබද කතා පෙළ දහමේ ඇත....
බුද්ධත්වය ... බෝධිය .. ඥාන.. ප්‍රඥාව ... මේ සියල්ල සිත පෙරටු කොට ලබාගන්නා ඵලයන්ය..
අප හැම සසර යන බෝධිවන්දනාවක නිබදවම යන්නමෝ වෙමු...
එදිනෙදා තම ජීවිත සරිකරගන්නේ එම වන්දනා වෙනි.එම අවබෝධයෙනි.. එම ප්‍රත්‍යක්ෂයෙනි...එම බුද්ධියෙනි..
ධනයට ... බලයට .. නිලයට ... ලෝභී වී සැප සොයා යන අප නතරවන්ගැන නො සිතන්නනමෝ වෙමු...
ලබාගත් පුද්ගලයෝ උදම් අනති...
ප්‍රතිරූප ගොඩනගා ගනිති....
අනෙකා විවේචනය කරමින් තරගයට කැදවති..
තමා ප්‍රත්‍යක්ෂ කළේ යැයිද
මමත්වයෙන්ම දොඩවති...
මේ ගැන අප අනුකම්පා කළයුතුව ඇත...
ඇයි ඔහුද මෙම වන්දනාවේම යන්නෙක් බැවිනි.
නොහැකි වූවෝ ලතවෙත්.තව තව වෙරවීරිය කරමින් සිට කිසිවක්ම නොලබා ජීවිතයට සමුදෙත්..............
ජීවිතය ජයගත්තෝ .....
නිවී සැනසිල්ලේ තරගයෙන් ඉවත්ව සදහටම සමුගනිත්...
ඉන් එහා බලාපොරොත්තු නැත.