Sunday, November 1, 2015

මිනිසුන්ට මරණින් පසු පවතින ආත්මයක් තිබේද?

ඉපදුන සෑම මිනිසෙකු ම මැරෙනවා එය පරම සත්‍යයකි. එහෙත් කිසිවෙකු නැවත උපදින්නේ නැත. සැබෑ බුදු දහමේ ඉගැන්වීම අනාත්මය යි. එනම් හින්දූන් විසින් උගන්වන ලද පෙර භවය, මතු භවය ප්‍රතික්ෂේප කරයි. විකෘති කරන ලද බුදු දහමක් අදහන ලාංකිකයන් නැවත ඉපදීමක් ඉහලින් ම අදහයි. ලාංකික රූපවාහිනී සහ අනෙකුත් මාධ්‍යයත් මෙම මිත්‍යාව නිරන්තරයෙන් සමාජ ගත කරයි. පාසල් සිසුන් පවා එය විද්‍යාත්මක සත්‍යයක් යැයි කියන තරමට මාධ්‍ය විසින් මෙම බොරු සමාජ ගත කරමින් සිටියි. අනාත්ම දේශනාවක් දේශනා කර ඇති එකම දහම බුදු දහමයි. ලෝකයේ අනෙක් සෑම ආගමක් ම මරණින් මතු පැවැත්මක් පෙන්වමින් ආගම් භක්තිකයින් බිය වද්දමින් ඔවුන්ගෙන් ලාභ සත්කාර ලබා ගනී. නවීන විද්‍යාව අනුවත් මෙම ආත්ම සංකල්පය මිත්‍යාවක් බව පැහැදිලිවම ඔප්පු වේ. මිනිසා වර්තමානයේ සිටින දියුණු ජීවියා දක්වා පැමිණ ඇත්තේ ඒක සෛලික ජීවියාගේ සිට අවුරුදු මිලියන ගණනක ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට ය. අපට පරිසරයේ ඇති දෑ දැක ගත හැකි වන්නේත්, ශබ්ද ඇසිය හැකි වන්නේත් ඇස, කණ ආදී ඉන්ද්‍රියන් තුළ ආලෝකය හා ශබ්ද ගමන් කිරීමෙන් පසු ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව ය. අජීව ද්‍රව්‍ය වන පුටුවකට, මේසයකට, ගලා යන ජලයට හෝ හමා යන සුළගට අනෙක් වස්තූන් දැකීමේ හෝ ඇසීමේ හැකියාවක් නැත. ඒ සදහා මෙම අජීවී ද්‍රව්‍යවලට ඉන්ද්‍රියන් පිහිටා නැත. හෘදය වස්තුවේ කාර්යය රුධිරය සිරුර පුරා පොම්ප කිරීම යි. ඒ වාගේ ම මොළයේ කාර්ය සිතීමයි. සිතිවිලි යනු ශරීරයෙන් වියුක්තව පවතින දෙයක් නොවේ. අපට ඇති වන තරහ, දුක, සතුට වැනි හැගීම් පවා ඒවාට අදාළ මොළයේ ස්ථාන උත්තේජනය කිරීමෙන් කෘතීමව ඇති කළ හැක. මතකය යන්නත් එසේ ම ය. දිගු කාලීන මතකය හා කෙටි කාලීන මතකය මොළයේ ඒ ඒ ස්ථාන ආශ්‍රිතව පවතී. සමහර අනතුරු වලින් මොළයේ ඒ ස්ථාන වලට හානි පැමිණීමේ දී ඒ මිනිසුන්ගේ දිගු කාලීන මතයන් නැති වී ඇති බවට බොහෝ වාර්තා ඇත. මිනිසෙකු මිය ගිය පසු මොළයත් මිය යයි. ශරීරයෙන් වියුක්තව පැවතිය හැකි කිසිවක් ශරීරයේ ඉතුරු නොවේ. අන්ධ ආගමික භක්තිකයන් පවසන ආකාරයට ශරීරයෙන් පිටවන දුමකට හෝ ශක්තියකට මතකයන් රඳවා ගත නොහැක. මතකය යනු මොළයේ සංකීර්ණ ක්‍රියාවලියකි. දැනටත් 1% පමණ ක්‍රිස්තියානි බටහිර විද්‍යාඥයින් මරණින් මතු පැවැත්මක් පැවතිය හැකි බවට කිසිම විද්‍යාත්මක සාධකයක්, සාක්ෂියක් ඉදිරිපත් නොකර තර්ක ඉදිරිපත් කරයි. ඔවුන් එසේ කරන්නේ කුඩා කළ සිට දැඩි ලෙස මනසට කා වැදී ඇති ආගමික දෘෂ්ඨීන් හේතුවෙනි. එහෙත් එය කිසිදා ඔප්පු කළ නොහැකි හිතලුවක් පමණි. බොහෝ මිනිසුන් මතු ආත්මයක් විශ්වාස කිරීමට පෙළඹෙන අනෙක් කාරණය නම් ආශාවයි. ලාංකිකයන් බුදු දහම විකෘති කර නිවන යනු නැවත ඉපදීමක් නැති වීම යයි දැඩි ලෙස විශ්වාස කළ ද, නැවත ඉපදීමක් නැති බව විද්‍යාත්මකව පෙන්වා දීමේ දී බොහෝ මිනිසුන් තැති ගැනීමකට ලක් වේ. යථාර්ථය නම් නිවන් අරමුණු කරමින් පූජා තියන කිසිම ලාංකික බෞද්ධයෙක් ( බොරු බෞද්ධයන් ) නැවත ඉපදීමක් නැති වීමට කැමති නැත. සෑම ආගමකම පූජකයින් ( භික්ෂූන් ) මෙම ආශාව දඩමීමා කර ගෙන විවිධ පුද පූජා පවත්වා ඔවුන් සැපවත් ජීවිත ගත කරති. නිවන නම් කිසිවකට නොඇලී සිටීමයි. එය ඉතා සරල ලෙස පෙනුන ද, පහසුවෙන් කළ නොහැක්කකි. සැබෑ සතුට පවතින්නේ යාන වාහන හෝ වෙනත් දේපල මත නොවේ. එය පවතින්නේ තමන් ඒ ඒ දේ දෙස බලන ආකාර ය තුළයි. යමෙකුට තාවකාලිකව ටික වේලාවකට බාහිර දේට නො ඇලී සිටිය හැක. එහෙත් එය දිගට කළ නොහැක. කිසිදා වෙනස් නොවන ලෙස ඇලීම් ගැටීම් වලින් ඉවත් වීම නිවනයි.
මතු ආත්මයක් නැත්නම් ලෝකයේ අපරාධ වැඩි වෙයි ද?
--------------------------------------------------------------
අප මිනිසෙකුට උදව්වක් හෝ හානියක් කරන්නේ ලබන ආත්මකයක ලැබෙන දෙයක් සිතාගෙන නම් සැබවින් ම එය තමන්ගේ වාසියට වැඩ කිරීමකි. අපට ලබන ආත්මයක් නැත්නම් ඕනෑම පාහර වැඩක් කළ හැකි යැයි කියන මිනිසෙක් කිසිසේත් ම මිනිස් කමට නොගැලපෙයි. ලෝකයේ අපරාධ කරන අයගෙන් අති බහුතරයක් ලබන ආත්ම විශ්වාස කරන මිනිසුන් බව ඒ ගැන සමීක්ෂණ කර ඇති බොහෝ සංවිධාන හෙළි කර ඇත. ලෝකයේ භාවිතයේ ඇති සෑම ආගමකම මිනිසුන් ලබන ආත්මයක් විශ්වාස කරයි. ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම අනාත්මය වුවත්, මිනිසුන්ට ලබන ආත්මයක් පෙන්වා භය කර තමන්ට ලාභ සත්කාර ගැනීමට ක්‍රියා කළ භික්ෂූන් නිසා අද බෞද්ධයින් පවා ලබන ආත්මයක් විශ්වාස කරයි) සෑම ආගමකම ලබන ආත්මයක් විශ්වාස කර ද ඒ හේතුවෙන් අපරාධ අඩු විමක් සිදු වී නැත. බොහෝ විට ලබන ආත්මයක් විශ්වාස නොකරන්නේ කුඩා කළ සිට දෙමාපියන් සහ පූජ්‍ය පක්ෂය විසින් බලහත්කාරයෙන් තමාගේ සිතට ඇතලු කරන ලද විකාර අදහස් වලට වහල් නොවී සිතිය හැකි ඉතාමත් සුළු පිරිසකි. මේ පිරිස මිනිසුන්ට පෙනෙන්නට සුදු ඇද ගෙන පන්සල් යන පොහොයට සිල් සමාදන් වෙන ( ශීලය ඇත්තේ කහ රෙද්දක හෝ සුදු රෙද්දක යැයි සිතන ) මිනිසුන්ට වඩා සැබවින්ම සදාචාරවත් ජීවත ගත කරයි. මිනිසුන් යහමගට ගත හැක්කේ බොරු ආත්මයක් කියා දීමෙන් නොවේ. කුඩා කළ සිට ම තමාටත් අනුන්ටත් යහපතක් වන ආකාරයට සමාජයේ ජීවත් වන ආකාරය කියා දීමෙන් සහ අවංකත්වය සහ සත්‍යය සියල්ලට වඩා වටිනා බව අවබෝධ කර දීමෙනි.
Niyama Bawuddhaya..... ගේ ලිපියකි.

Wednesday, February 11, 2015

ගින්න ආවේ කොයින්ද?.... එය ගියේ කොහාටද?
++++++++++++++++++++++++++++++++
මේ පැනයට ඇති පිළිතුර වන්නේ එය අප ආශ්‍රිතවම ඇති බවත් හේතු සාධක පැන නැගි කල්හි එය ඇතිව නැතිව යන බවත්ය.
හේතු ඵල දහමක ගති සොබාව එයයි.... එය අල්ලා ගන්න හෝ අතහරින්න බැරි අනවරත ක්‍රියාදාමයකි.
ප්‍රාණයද එසේය.හේතු සාධක ඇතිව පැනපැගී.... එලෙසම විපරීතවී, උප්පාද.... වය...එකටම කැටිව යෙයි.

Monday, March 17, 2014

බුද්ධාගම බේරාගන්න පෙරට වරෙව්.

  • Ananda Wijayaratna විඤ්ඤාන පච්චයා නාම+රූප.....
    නාම සිත ගැන කියන අතර රූප හැඩතල දක්වයි.හැබැයි ඒ වෙන් වෙන්ව දැකිය නොහැක.දෙකම එකක්ද නොවේ.එකක් තුල අනෙක ගිලී පවතී.මේ දෙකම ශුද්ධ ධම්මතා හෙවත් මහභූත වලින් නිර්මිතවේ.ඒවා ද එකිනෙක ගුණ වෙන්කරගත නොහැකි සේ එකක් අනෙක මත ඇලී ගැලී වාසය කරයි.
  • Ananda Wijayaratna මේ වායේ යේ ක්‍රියාකාරිත්වය තුළ නිර්මිත යමක් වේද ඒ "ජාති" වශයෙන් මිස පුද්ගලයෙක් ඉපදුනා යැයි ගැනීම තුළ අපව නිරතුරු පටලැවේ.
    මෙසේ නිර්මාණ වූ දෙය තුළට විඥ්ඤානය ඇතුලුවන බවයි වැඩිදෙනා ගේ පිළි ගැනීම.
  • Ananda Wijayaratna නමුත් ඊට එහා ගිය දෙයක් අපට දක්නට හැකිය.මහභූත පවා නිර්මාණය වීම තුළ යම් කිසි සක්‍රිය රටාවන් අනුගමනය කරයි.ජලයේ ඊටම අදාළ හැසිරීම් රටාවක් ඇත.ආපෝ, තේජෝ, වායෝ, පඨවි,ගුණ සියල්ල ඒ තුල ඇත.
    ඒ නිසා ජීවයේ ඇරඹුම ජලය විණි.
    ඊලගට මේ සියල්ලද නාම ,රෑපවේ.
  • Ananda Wijayaratna විඤ්ඤාන පච්චයා නාම+රූප.....
    විඤ්ඤානය යනුද නාමයකි.එයටද රූපමය හැඩතලයක් ඇති බව අද දින විද්‍යානුකූලව දකිමු.
    සියලු මතකයන්... සිතුවිලි... රසායනික මෙවලම් නිසා ගොඩනැංවේ.
  • Ananda Wijayaratna සිරුරේ ක්‍රියාකාරී රසායන මෙවලම් වන හෝමෝන ඒ ඒ වයසේ දී ජෛව ක්‍රියාකාරිත්වයේ මූලික සාධක වේ.තණ්හාව / ආශාව, ක්‍රෝධය,වෛරය, ලිංගික ආකර්ෂණය. සෙනෙහස,ආදරය ... යන මේ සියල්ලේ ඇරඹුම මෙකී රසායනිකයෝ වෙත්.
  • Ananda Wijayaratna කෙනෙකු මිය ගියද මේවායේ ක්‍රියාකාරිත්වය තව දුරටත් සුලු වේලාවක් රදා පවත්නේ වෙයි. ඒ නිසා ඉන්ද්‍රිය බද්ධය ජනප්‍රියව ඇත.එසේ කළායැයි කියා දායකයා ගේ ගති ලක්ෂණ ධාරකයාට උරුම නොවීම ඊලග ආශ්චර්යයි.
  • Ananda Wijayaratna ඒ නිසා බුදු සමය තුල මේ සියල්ල එක්ව කැටි කොට ගෙන " සංකාරා" යන්න එළිදක්වා ඇත.ඒ යළි යළි සංස්කරණයවෙමින් නව ජනිතයන් , හැඩ රටාවන් ලොවට දායාද කරයි.ඒ ආ ගමන අවුරුදු බිලියන ගණනකි.මෙහි ඇති ගැඹුර නිසාම ලෝක විෂය අප සතු මනසින් දක්නට නොහැක.දක්නට අවශ්‍ය ද නැත.
  • Ananda Wijayaratna මේ ගිනිගත් ජීවන මග ඒ ඒ මොහොතේ දැල්වෙන ගිනි නිවාලන්න මේ ධර්මතාවය තේරුම්ගැනීම තුළ මායාව වැටහේ.අප ඉන්නා තැන, මා කවුද.යන්න වැටහේ.මෙහි ගතයුත්තක් නොමැති බව , එබන්දක් නැති බව සියුම් බැලීමෙන් පෙනේ.
  • Ananda Wijayaratna එය කරන්න වෙන්නේත් මේ සිතුවිලි හරහාම වීමයි විහිලුව.සිතෙන් සිත දකිනවා ඇරෙන්න වෙනත් සුපර් ඊගෝවක් වේද? පඤ්ඤාව යනු එයද?කෙලෙස් උපදනා සිතකින්ම නිවන් දැකිය හැක්කේද යන්න මහාචාර්ය වරයෙක් විමසා සිටීමේ වැරද්දක් ද නැති බව පෙනේ.
  • Ananda Wijayaratna සිතයනු පවතින්නක් නොව අරමුණු සමග හටගන්නා එකකි.එය ක්ෂණයකුදු රැදවිය හැක්කක් නොවේ.ඒ නිසා ඩම්දාගෙන භාවනා කිරීමද අර්ථ විරහිතය. මේ නිසාම පවතින්නක් නොව ඇත්තේ නිබද වෙනස් වන ධම්මතාවයන් බව අප අදහමු.
  • Ananda Wijayaratna උප්පාද , තිථි, භංග.. ලෙස අප උපතක් හෝ උපන් කෙනෙක් දකිමු.
    ඊලගට එම කෙනා උපන් දින ගෙවමින් වඩාවර්ධනය වී පසුව දිරාපත්ව යන බව තිථියෙන් පෙන්වා දෙමු.
    ක්‍රියාකාරිත්වයේ අවසානය ලෙස මරණය දකිමු.එය භංග... ලෙස විවරණය කරම්හ.
  • Ananda Wijayaratna මෙහි ඇත්තක් වේද?.....
    සංසේචනය වූ තැන් පටන් නොව ඊටත් පෙරසිටම මේ ජෛව ක්‍රියාවලිය සිදුවේ.ඒ සදා දායක වූ රසායනයන්ම ඉපදීමටත්, වැඩිවියපක්වීමටත්, දිරියාමටත්, මරණයටත් හේතු කාරක වේ.
  • Ananda Wijayaratna බුදු සමය මෙය දක්නේ උප්පාද + වය ලෙසයි.( උප්පාද වය ධම්මිනො)
    මෙතෙක් කල් විදෆාඥයින් පවා විශ්වයට වයසක් ඇතැයි ද ඔහි ඇරඹුමක් අවසානයක් වේයැයිද නිගමනය කළහ.ඒත් ඒ වැරැදි බව අද කවුරුනුත් පිළිගනිත්.උපතහාම, විපතද කැටුව එකටම එන බව .... එය විශ්වයේ සැමට සාධාරණ ධම්මතාවක් බවත්.... චක්‍රීයව අඛණ්ඩ මගක එය රවුමට නොනැවැත යන බව අවිවාදයෙන් පිළිගනිත්.
  • Ananda Wijayaratna නමුත් බුදුහිම්යන් මේ දැකවදාළේ උපකරණවලින් තොරව සම්බුදු ඥානයෙනි.එනිසා "බුද්ධ" යනු ප්‍රඥාවේ පුංජයක් මිස පුද්ගලයෙක් යැයි ගැනීම තුළද ගැටලු ඇති කරයි.එනිසා එක් ලේඛකයෙක් තම ලිපියකින් පුවත්පතකට එලිදක්වා තිබුණේ...." බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ බුද්ධ ... බවයි.
  • Ananda Wijayaratna ආදි කාලීන චිත්‍ර ශිල්පීන් ඒ මානව රෑපයක්සේ චිත්‍රණය කළ අතර ආගම්වාදීන් ඒ ඇදහිලි,පුදපූජා මාවතට ඇද දැමූහ.එදාපටන් බුද්ධාගමක් ඇතිවිනි.ඊට සරිලන වටපිටාව ගොඩනැංවිනි.
  • Ananda Wijayaratna අපේ සිංහ කොඩිය ලාංඡනයෙකි.එබදු සතෙක් නැත.ඒ පාගා දමන්න අප ඉඩ නොදෙමු..... වහසි බස් තෙපලමු...
    අපේ බුද්ධාගමද බේරාගන්න පෙරට වරෙව්....යැයි කියන්නෝද එමටය.

Saturday, December 21, 2013

ඔබට හතුරු හෝ මිතුරු කියා කෙනෙක් වේද?




ඔබට හතුරු හෝ මිතුරු කියා කෙනෙක් වේද?


ජීව, අජීව, ඈ සියල්ල මේ සංතතික දහමේ පුරුක් වේ. අප සැම එකිනෙකා මත යැපෙමු. මෙය සහජීවනය වශයෙන් හදුන්වමු.එක පුරුකක් බිදී ගියහොත් මේ සමබරතාවය නැතිව ගොස් එහි විපාක නොඅඩුව සැමට එක ලෙස විදින්න සිදුවේ.
සොබා දහම මැනවින් මෙම ක්‍රියාවලිය පාලනය කරමින් සමතුලිත බවක් ඇති කරයි. වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වුවහොත් ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මත යැපෙන සත්වයින් ඉදිරිකාලවල බිහිවනු ඇත.
ඩී.ඩී.ටී.නම් රසායනිකය යොදා කලක් මදුරුවන් හොදින් මර්ධනය කළත් පසුව එය උගහටවූයේ ඌ ඊට ප්‍රතිචාර දක්වමින් ඔරොත්තු දෙන්න හැකියාවක් ඇතිකරගැනීම නිසාවෙනි. ඊට පසුව මෙලතියන් ...... නම් ඖෂධය යොදාගන්න සිදුවිය. මේ වනවිට ඊටද ඔරොත්තු දෙමින් සිටී. ජීවයේ ස්වභාවය එයවේ.

ගිනිකදුවලින් පිටවන ලාවා තුළ පවා ක්ෂුද්‍රජීවීන් සිටින බවක් සොයාගෙන ඇත. ඌ එම පරිසරයට හැඩ ගැසී ඇත.
ඔබ හා මම ඇතුලු සැම සත්වයෙක්ම පරිසර සාධක උපයෝගී කොට ගෙන පවතින්නමෝ වෙමු. හුස්ම පොදක් නොගෙන එක මොහොතක් ඉන්න අපට බැරිය. බාහිර වශයෙන් ජාතීන් අනුව

ආගම් අනුව අප බෙදී සිටියත් හතුරු මිතුරු අප හැම ඇගිලි අත්ලට සම්බන්ධව පවත්නාක් මෙන් මේ දහමට අනුගතව සිටිමු.
සොබාදහමෙහි යම් විපර්යාසයක් වේද නොඅඩුව එහි විපාක සැමට පවු.. පිං.. නොබලා පල දෙනු ඇත. යම් යම් පුද්ගලයන් ගන්නා තීරණ මත ජනතාව වන අප නිති දුකට පත්වෙමු. ඒ තම තමාගේ කර්මයද?....... නැත.

ප්‍රභාකරන් නම් මාරයා අප සැමට බිය කැදවූ අයුරු තාම අමතක නැතැයි සිතමි.
සියලුම නියාම ධර්ම සොබා දහම තුළම මිස අටුවා ටීකා තුළ නොවේ.
ඔබ කවරේදැයි වටහා ගන්න.ඔබ නිවේ. ඔබ හතුරුකම් කරන්න කාට හෝ උත්සහ දරයිද එය ඔබටම කරගන්නා හතුරුකමක් බව වටහාගෙන මේ දහමට අනුගතව ජීවත් වන්න. අපාය බිය... සසර බිය.. මේ සියල්ල බහුභූතය. ඔබ කරන දේ විපාක ඒ මෙමාහොතේම ඔබ හඹා එනු ඇත.ඒ ඔබට හෘද සාක්ෂියක් ඇති බැවිනි. ආගමක් ඇවැසි නැත.

Tuesday, December 10, 2013

බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ ... බුද්ධ වේ.

“ලෝකය කාගේවත් මැවිල්ලක්‌ නොව ඉබේ සැකසුණු ද්‍රව්‍යයක්‌ බවට මතයක්‌ ක්‍රිස්‌තු පූර්ව යුගවල පැතිර තිබුණේය. ඊළඟට එය යම් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායකින් හටගත් බවට පිළිගැනීමක්‌ මතුවිය. පසුකාලීනව බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ මේ
මතයයි. එය ප්‍රකටව සඳහන් වන්නේ බුද්ධ දේශනාවලය.එකී දර්ශනය ආගමක් බවට සංවර්ධනය වීමේ දී පුද්ගලත්වය ඉස් මතුවිණි. බුද්ධ සංඥාව .... රුවකට... ප්‍රතිමාවකට යටවී ගොස් සම්මුතික කතා ගොන්නකක් ඒ වටා ගෙතිණි. පුද පූජා, වැදීම් පිදීම්, ප්‍රාර්ථනා , හා සම්මුතියේ බලාපොරොත්තු ඊටම ඈදිනි. අදටත් එයම වඩා හොදින් සිදුවෙනු මාධ්‍යමගින් ද පෙනේ.........“
=================================================================                            

බුද්ධ.... ප්‍රබුද්ධ.... බුද්ධිය... වැටහීම ( බෝධිය) ..... ස්වයං අවබෝධය (සම්මාසම් +බුද්ධ) ......
මේ අප අතර පවත්නා වචන හා දැනුම සම්භාරයයි.මේවාට කාලාන්තරයක් තිස්සේ එකිනෙකා තම තම දැනුම මත විවිධ අරුත් සපයා ඇත. අප අල්ලාගත් දෘෂ්ඨි මත හිද  ඒවායේ හරිවැරැද්ද දක්නට අප යුහුසුලු වෙමු. මැදිහත් මනසින් යමක් මේ ගැන විමසා බලමු.ඇයි....? නිවන් දකින්න බුදුන් දැකිය යුතු බැවිනි.බුදු හිමියන් තමා තමාවම හදුන්වා ගත්තේ ..... හැලිය යුතු දේ සියල්ල හැලූ... වැඩිය යුතු දේ සියල්ල වැඩූ....  තැන “ බුද්ධ “ පහළවූ බවයි. ඒ ලෝකාවබෝධය තුළය. ලෝකය යනු මේ සියල්ලය.අප අල්ලාගත් දේය.අප දැනුම් සම්භාරයය. ලෝකයට දැනුම ගෙනා ශාස්තෘෘහු /දාර්ශනිකයෝ/ විද්‍යාඥයෝ/ සමාජ සේවකයෝ.. යන මේ සියලු  දෙනාම මෙම ලෝකධම්මතාවයේ කොටස්කරුවෝය. පුරුක්ය.                                                                                          තැනුම් වාදය.... මැවුම්වාදය..... පරිනාම වාදය... සාපේක්ෂතා වාදය... ඈ සියල්ල මේ බුද්ධි මහිමයේ ප්‍රභාවෙනි. චින්තනයෙනි. එහෙත් මිනිස් මනස මෙහෙයවා අප අල්වා ගෙන ඇත්තේ ලොවෙන් බිදකි. තවතවත් සොයාගන්න ඇති දේ අපමණය. ඝර්ෂණය නිසා ගින්න හටගනී. ඒත් මේ ගින්න ගබඩා වී ඇති තැනකින් එනවා නොවේ.එය එන තැනක් , යන තැනක් අප නොදනිමු. අප දන්නේ ගින්නක් ඇති බව පමණය. ඒ අප අවටම ඇති බවද සිතමු.හේතු ඇති විට එය දැල්වේ. එසේම හේතු නැතිවිටෙක එය නොපෙනී යයි.විදුලිය ද එබදුය. එය සිරුර තුළ පවා ක්‍රියාත්මකය.සිතුවිලි , මනස, යනුද මෙම විද්‍යුතයේ ඵලයන්ය. අප කරන්නේ එය බැහරින් ලැබෙන දායාදයක් ලෙස සැලකීමය.                                     මිනිස් මනස ද විදුලිමය එකකි.එය මුලු සිරුර/බාහිර පරිසරය පිහිට කොට ක්‍රියාත්මක වේ.එය ඇගිල්ලෙන් ඇන මෙතැන වේ යැයි කාට හෝ කිව නොහැක.ජීවී දේ වගේම අජීවී දේ ද පාරිසරික සාධකවලට ප්‍රතිචාර දක්වත්.ඒ තුළ ඇතිවීම.. නැතිවීම .. සංස්කරණය වීම නිබදවම සිදුවේ. ඒ බලය විශ්වගාමක බලය ලෙස අප හදුන්වමු. එය කරන්නෙක් හෝ කරවන්නෙක් නැතිව නැවතීමකින් තොරව නිබදවම සිදුවේ. එහි ඵල විපාක වශයෙන් ජීව/අජීව දෑ පරිසරයට එක්ව ඇත. මේ විශ්වයේ ක්‍රියාත්මක බලය අප ගේ නුවණින් විමසා දැකිය නොහැක.ඒ සදහා බුද්ධ ඥානයම අවශ්‍ය වේ. ඒ නිසා අප ඊට බුද්ධ... කියමු. එයම දෙවියන් ලෙස , ඕම් ශතක්ති තව අය අදහත්. තී.. හෝ චී.. යනුවෙන්ද වහරනු පෙනේ.                                 විශ්වයේ ඇති චුම්බකත්ව බලය කාලය... අවකාශය මවයි. චක්‍රීය ගමනක යමින් කෙමෙන් අධිවේගයකින් නොනැවත ප්‍රසාරණය වෙයි. නිබද නොයෙක් හැලහැප්පීම් වලට ගොදුරුවෙමින් ලෝකයේ විවිධත්වය මවාපායි. ලෝකයේ සියලුම මානවයන් අතර සමාන DNA රටාවන් මෙතෙක් හදුනා නැත.ඒ තරම්ම විවිධය, විෂමය. අප ලබාගත් දැනුම තුළ විවිධ නව ප්‍රබේද අද එළිදක්වමින් සිටියද අලුතින් යමක් එක් කිරීමට හෝ තැනීමට මෙම විද්‍යාව අසමත් වේ.                                    මේ පවත්නා වූ තත්වය ලෝක ධම්මතාවයයි. යතාභූත ඥාන දර්ශනයයි. එය ලොවට පෙන්වා දුන් නිසාම උන්වහන්සේ “ තථාගත“ නම් වී. ඒ පුද්ගලයෙක් යන අරුතින් ගැනීම තුල අප විවිධ ගැටලු .. භේද  ඇතිකරගෙන මේ ශ්‍රීසත්ධර්මය .. බුදුන් ගේ අයිතියට යටකොට ආගමක් සකස්කර අද එහි අනිටු විපාක විදින්නමෝ වෙමු. මින්ස චින්තනයේ පහළ වූ එම අග්‍රගණ්‍ය බුද්ධි ප්‍රභාව ලඝු කොට ආගමකට.. ඇදහීමකට.. විශ්වාසයකට ඇද දමා ඇත්තෙමු.                                  තම තමාම මේ බුද්ධි ප්‍රභාව අවධිකරගත් විට “ බුද්ධ‘ තමා තුළම වැඩසිටිනු පෙනේ.චිත්ත සමාපත්තියට සම වැදුන තැන චින්තනයෙන් තොරය. එතැන බුද්ධ වැඩ සිටී. මරණය නැත. නිවීම ඇත.(මේ පිළිබදව විවිධ මතිමතාන්තර ඇතිවීම සොබාවිකය. අප සැම අල්ලා ගෙන සිටින චින්තන.. හෙවත් දෘෂ්ඨි එයට බලපායි.දෘෂ්ඨි වලින් යමෙක් මිදුනේද එතැන ඇත්තේ “සම්මා දිට්ඨිය“ යැයි කියන්නේද එබැවිනි. නුවණින්ම විමසා අවබෝධ කරත්වා!)    ප්‍රශ්ණොත්තර ඇත්තේ ද තමා තුළමය.ඇයි? අප සැම මේ සංතතික දහමේ ම කොටස් කරුවන් හෙයිනි. 
යමෙක් දහම දකීද හේ මා දකී. මෙයයි බුද්ධ වචනය
 
ආනන්ද විජයරත්න 

විශ්වයේ ආරම්භය හා විකාශය

විශ්වයේ ආරම්භය හා විකාශය

( විශ්වය මැවුම්වාදය මගින් යටපත් වූ යුගයක් විය අද එහි බලයක් නැත. විද්‍යාවේ කුලුගෙඩි පහරින් දෙදරා නොගිය එකම සත්‍යය බුදු දහම පමණි. බුදු හිමියන් විශ්වය පිළිබද තොරතුරු නොසොයන ලෙස දක්වා ඇත. මන්ද එය පෘතග්ජන මනසට ගෝචර නොවන බැවිනි. එහත් බුදුදහමට එල්ලවී ඇති අභියෝග හමුවේ මේ අයුරනි ්සත්‍යය පසක් කරමි.. )

ලෝකය යනු අප ජීවත් වන පෘථිවි තලයයි. එවැනි ග්‍රහලෝක කිහිපයක් හා තාරකාවක් (සූර්යයා) එක්වී අපගේ සෞරග්‍රහ මණ්ඩලය සැදී තිබේ. චක්‍රාවාටයක් නැතහොත් සක්වලක් (Galaxy) යනු එවැනි සෞරග්‍රහ මණ්ඩල මිලියන ගණනකින් සමන්විත වූ දෙයකි. අපගේ විශ්වයේ එවැනි චක්‍රාවාට බිලියන ගණනක් පවතී. විශ්වය අනන්තය. එය අන්ධකාර ආගාධයකි. ඒ තුළ අප වැනි ජීවීන් සහිත තවත් ග්‍රහලෝක ගණනාවක්‌ පැවැතිය හැකිය. විශ්වය පිළිබඳ පොදු නියාමයක්‌ වන්නේ එහි ආරම්භයක්‌ හෝ අවසානයක්‌ දැකිය නොහැකි බවය. ලෝකය ගැන කිව හැක්‌කේද එපමණකි.

එහෙත් ඒ අවිනිශ්චිත ලෝකයේ ආරම්භය ගැන මානව සමාරම්භයේ සිටම මිනිසාගේ කුතුහලය හරහා විවිධ මත පහළ වී තිබේ. ඒවා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආගමික මතවාද වශයෙනි. මේ මතවාදවලින් ගම්‍ය වන්නේ ලෝකය කිසිවකුගේ නිර්මාණයක්‌ බවය. එකී නිර්මාණකරුවාට බ්‍රහ්ම, දේව, ඊශ්වර සහ තවත් නාමයන් ඒ ඒ යුගවල භාවිතකර තිබේ.

ලෝකය සහ ඒ තුළ ඇති සියල්ල බ්‍රහ්ම නිර්මාණයන් බව බ්‍රහ්මවාදීහු පිළිගත්හ. පූර්ව හා අපර වෛදික සාහිsත්‍යයෙහි ඒ මතවාදය උධෘත කර තිබේ. සෘග්වේදයත් උපනිෂද් කෘතිවලත් ඒ මතයට මුල් තැනක්‌ දී ඇත. ලෝකය දේව නිර්මාණයකැයි දේවවාදීහු අදත් පිළිගනිති. එය ඊශ්වර මැවීමක්‌ බව ඊශ්වරවාදියෙක්‌ පැවැසූහ. මෙම නිර්මාණවාදීන් අතර ලෝක සම්භවය පිළිබඳ තවත් විවිධ මත එමටය. මේ අතර, ලෝකය කාගේවත් මැවිල්ලක්‌ නොව ඉබේ සැකසුණු ද්‍රව්‍යයක්‌ බවට මතයක්‌ද ක්‍රිස්‌තු පූර්ව යුගවල පැතිර තිබුණේය. ඊළඟට එය යම් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායකින් හටගත් බවට පිළිගැනීමක්‌ මතුවිය. පසුකාලීනව බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ මේ මතයයි. එය ප්‍රකටව සඳහන් වන්නේ බුද්ධ දේශනාවලය. එසේ වුවද නිර්මාණවාදී මතයද අදටත් වලංගුව පවතී. ආගමික ශ්‍රද්ධාව හා භක්‌තිය බුද්ධිය අභිභවා යන අවස්‌ථා තිබේ.

ලෝකයේ ආරම්භය ගැන ඉන්කා ගෝත්‍රිකයන් පිළිගත්තේ, "වීරකෝවා" නමැති දෙවියකු විසින් එය මැවූ බවයි. ග්‍රීසියේ විසූ හෝමර් කීවේ පොළොව දෙවියන්ගේ මව බවය. හීබෲවරුන්ගේ මතය වූයේ ලොව "යාහ්වේ" දෙවියාගේ මැවීමක්‌ ලෙසටය. මෙවැනි මත අපමණය. වර්තමාන විද්‍යාව යන සංකල්පය (Science) ට තවමත් සියවස්‌ දෙකක්‌ ඉකුත් වී නැත. විද්‍යා තාක්‍ෂණ මෙවලම්වල වයස ඊටත් අඩුය. එහෙයින් විද්‍යානුකූල ප්‍රඥව තවමත් පවත්නේ ළදරු වයසේය. ආදි දාර්ශනික මෙන්ම ශ්‍රද්ධාවාදී මතවාද තවම ජීවමාන වී ඇත්තේ ඒ හේතුවෙනි. ක්‍රි. පූ. 5 - 6 සියවස්‌වල ඉන්දියාව, ග්‍රීසිය හා චීනය වැනි රටවල පැතිරගිය බුද්ධි ප්‍රවාහය වත්මන් විද්‍යාඥනයෙන් සමතික්‍රමණය කළ නොහැක. විද්‍යාව යනුද මිනිස්‌ මනසේ භෞතික මහිමයක්‌ පමණක්‌ වන බැවිනි.

මේසා සංවර්ධනය වී ඇති විද්‍යා තාක්‍ෂණ ඥනයෙන් පවා තවමත් ගවේෂණය කර ඇත්තේ චන්ද්‍රග්‍රහයා පිsළිබඳ වූ පුංචි සත්‍යයක්‌ පමණි. අඟහරු ග්‍රහයා වෙතද මේ වනවිට අභ්‍යාවකාශ යානා කිහිපයක් යවා තිබේ.( Path Finfer, Spirit, Oppertunity, Curiosity ) වසර 1500 කට පෙර වරහමිහිර නමැති දාර්ශනිකයා ග්‍රහලෝක කේන්ද්‍රකොට නිපදවාගත් ජ්‍යෙdතිෂ විද්‍යාව අදටත් වලංගුය. ක්‍රිස්‌තු පූර්වයේදී වරාහ පුරාණ කෘතිය ගොනුකළ ඉසිවරයා, ජීවයේ සම්භවය පිළිබඳ හෙළි කළ මතය චාල්ස්‌ ඩාවින් විසින් 19 වන සියවසේදී විද්‍යාත්මකව ඔප්පුකර තිබේ.

ගෞතම බුදුන් විසින් ක්‍රි.පූ. හයවන ශතකයේදී දේශනා කළ ලෝක ධාතු පිළිබඳ ස්‌වාභාවය වර්තමාන අභ්‍යාවකාශ විද්‍යාව විසින් සත්‍යවත් කර ඇත. පැරණි ග්‍රීක දාර්ශනිකයන් විසින් අනාවරණය කරනු ලැබූ ලෝක ස්‌වභාවය අද සත්‍යයක්‌ වී තිබේ. වේද, ග්‍රන්ථ, බ්‍රාහ්මණ හා උපනිෂද් කෘති, මනුස්‌මෘතිය, ගෘහ්‍යසූත්‍ර ආදී කෘතීන්හි ලෝක හා ජීව සම්භවය පිළිබඳ ඉදිරිපත් කර ඇති කරුණුද අදටත් වලංගුය. ඒ ඒ යුගවල ලෝක තත්ත්වය විග්‍රහ කිරීම පිණිස යොදාගත් වචන සංකේත ආශ්‍රිත වූවා හැරුණුවිට ඒ සඳහා භාවිත කරන වර්තමාන වචන හා සැසඳෙයි. බ්‍රහ්මන්, ආත්මන්, දේව, ආකෘති, පුරුෂ, පදාර්ථ ආදී වූ නාම එදා භාවිත කළේ අද අප වහරණ පරමාණු නියුට්‍රොaන, ඉලෙක්‌ට්‍රොaන යන මූලධාතුන් හැඳින්වීමටය. මේ සඳහා බුදු දහමෙහි ශුද්ධාෂ්ඨක නාමය භාවිත කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ බුද්ධිය යනු සදාතනික සත්‍යයක්‌ බවය. බුද්ධියෙන් ගොඩනගන සත්‍යය සදාතනික බවය. ඒ ඒ කාලවකවානුවල, භාෂාවල, අර්ථ විග්‍රහවල පවතින වෙනස්‌කම් මිස අන්තර්ගතයේ කිසිදු වෙනසක්‌ නොපවතී. ග්‍රීක දාර්ශනික කොපර්නික්‌ස්‌ පෘථිවිය හිරුවටා භ්‍රමණය වන බව කිවේය. ලෝකයේ පැවැත්මට සූර්යයා බලපාන බවද හෙතෙම පැවැසීය. ගැලිලියෝ එදා කීවේ පෘථිවියට අමතරව තවත් ග්‍රහලෝක සහිත විශ්වයක්‌ පවතින බවය. ඒ සත්‍යය කී නිසා පල්ලිය ඔහු ඝාතනය කළේය. වත්මන් විද්‍යා පුනරුදයේ පෙර ලකුණු අපට පෙනෙන්නේ ක්‍රි.පූ 5 - 6 සියවස්‌වලදීය. "සංවට්‌ටමානා සංවට්‌ටතී - විවට්‌ටමානා විවට්‌ටතී" යනුවෙන් බුදුන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්‌වන ලෝකයේ පැවැත්ම හා විනාශය පිළිබඳ සත්‍යය, පසුකාලයක බෝනර් නම් වූ විද්‍යාඥයා විසින් විද්‍යානුකූලව ඔප්පු කර තිබේ. පෘථිවිය හැකිලෙමින් විසිරෙමින් පවතින්නකි. ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ සාපේක්‍ෂතාවාදයද බුදුදහමින් පෙන්වා දුන්නකි.

ලෝක සමාරම්භය හා පැවැත්ම පිළිබඳව දැක්‌වෙන බ්‍රහ්මජාල අග්ගඤ්ඤ මාලුංඛ්‍ය සූත්‍ර, සප්ත සූරියග්ගමන යන බෞද්ධසූත්‍රයන්හි දැක්‌වෙන තොරතුරු නවීන අභ්‍යාවකාශ විද්‍යාඥයන් බොහෝ දුරට සත්‍යවත් කර තිබේ. විනාශවෙමින් වර්ධනය වෙමින් පැවැතීම ලෝක ස්‌වභාවයයි. විනාශයෙන් පසුව වැඩෙන ලෝක ධාතුවෙහි පළමු ජීවියා හටගැනුනේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වූ ජීවියෙකුගෙනි. ආභ යනු මිනිරන් වලට නමකි. මිනිරන් නොදැවෙන ද්‍රව්‍යයකි. විශ්වයේ ඈත ග්‍රහලෝකයක සිට පෘථිවියට පැමිණීමේදී හමුවන අධිකතම උෂ්ණයට ඔරොත්තු දීම අවශ්‍යය. එසේ නිරුපද්‍රිතව පෘථිවියට ආ ජීවියා අනුභව කළේ පෘථිවි සාරය පමණි. දීර්ඝ කාලයක්‌ ගතවීමේදී පොළේ සාරය හීන වන්නට විය. ඒ අතර තුරදී මෙම ජීවියාගේ පරපුරක්‌ බිහිවූ අතර ඒ නිසාම ගැටලු ප්‍රාදුර්භූත වූයේය. පොළෝ සාරය හීන වී බිම්මල් පහල විය. විද්‍යාව විසින්ද මේ ආදි නිර්මාණය සත්‍යවත් කර තිබේ. අම්ලකර මූලාශ්‍රයෙන් හතු හටගැනුණ බව සොයාගෙන තිබේ. මේවා FUNGUS යනුවෙන් නම්කර ඇත. ජලය හටගැනීමේදී මෙම මූල ධාතූන් බලපා ඇත. ජලයෙහි හටගත් පරමාණුක ක්‍රියාකාරකම් හේතුවෙන් ආරම්භක ජීවය ඇති විය. ඒක සෛලික ඒ ශුද්‍ර ජීවියා පරිණාමය වීමෙන් අනතුරුව ක්‍රමයෙන් සත්ව සන්තතිය හටගත්තේය. සත්වයා පොළොවේ සාරයෙන් වැඩිණ. අදත් අප ආහාරයට ගන්නේ පොළොවේ සාරයෙන් හටගන්නා දේ නොවේද? ලේ කිරි යනු මහපොළොවේ ශුද්ධ සාරයයි. ජීවය, ජලයෙන් උත්පාද වූ බවට ඇති ප්‍රථම උධෘතය ග්‍රීක දාර්ශනික ඇනෙක්‌සිමැන්ඩර් (ක්‍රි.පූ. 528) ගේය. වෙනත් ග්‍රහලෝකයකින් පෘථිවියට ජීවය පැමිණුන බව කීවේ ආර්. රෙන්නියස්‌ (ක්‍රි.පූ. 487) විසිනි. මිසරයේ පිරමිඩ තැනූ ජනවර්ගයද වෙනත් ග්‍රහලොවකින් පැමිණි පිරිසක්‌ බවට මතයක්‌ තිබේ.

පෘථිවිය ඇතුළු අභ්‍යාවකාශ වස්‌තූන් හටගෙන ඇත්තේ ධූලි සහ රසායනික අනු සංයුතියකිනි. ඒවා ඝණත්වයට පත්වීමෙන් ප්‍රධාන වස්‌තුවේ ගුරුත්වාකර්ෂණය යටතේ භ්‍රමණය විය. භ්‍රමණ රටාව නිසා සෑම ආකාශ වස්‌තුවක්‌ම යම් ප්‍රමාණයක වෘත්තාකාර ස්‌වභාවයක්‌ උසුලයි. එහෙත් ඒවා පූර්ණ ගෝලාකාර වස්‌තූන් නොවේ. එසේම එම ග්‍රහ වස්‌තූන් එක්‌ කාලයක එකම ස්‌වභාවයකින් හටගෙන නැත. පෘථිවිය හටගෙන වසර කෝටි හතරක්‌ පමණ ගතවෙන තුරු පැවැතියේ ගිනියම් බෝලයක්‌ පරිද්දෙනි. ඒ අතර ආරම්භක වර්ෂාව හටගත්තේය. පෘථිවියෙහි ජීවය හටගැනුණේ ඉන් ඉක්‌බිතිවය. වෙනත් වචනයකින් කිවහොත් පෘථිවියෙහි ජීවය හටගැනීම සඳහා වසර කෝටි හතරක පමණ කාලයක්‌ පරිණාමය වෙමින් පැවැතිණි. තාරකා ග්‍රහලෝක ඇතුළු අනෙකුත් ආකාශ වස්‌තූන් සේම ජීවියාද සෑදී සැකැසී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූල පදාර්ථවලිනි. වරක්‌ බුදුන්වහන්සේ ඉමස්‌මිං සේව ව්‍යාවමත්තේ කළේ බරේ ලෝකංච පඤ්ඤපේමි යනුවෙන් වදාළේ මානව ශරීරයද ලෝකයක්‌ බව හඟවමිනි. මේවා තවදුරටත් විද්‍යාත්මකව විග්‍රහ කළහොත් ජීව පදාර්ථය සැකැසී ඇත්තේ ඇමයිනෝ අම්ල 20 + භෂ්ම 5 + සීනිවර්ග 2 + පොස්‌පේට්‌ විශේෂ වශයෙන් වූ එකතු=වෙනි. මෙම කොටස්‌ අඩංගු ස්‌කන්ධ හතරකට බෙදා ඒවා අතර ආපෝ, තේජෝ ආදී වශයෙන් බුදුන්වහන්සේ විග්‍රහකර තිබේ.

ජාන්දෝග්‍ය උපනිෂද් ග්‍රන්ථයෙහි විශ්වයේ සහ සත්වයන්ගේ සාරය පරමාත්මය බව දක්‌වා තිබේ. ලුණු කැටයක්‌ දිය වූ ජලයෙහි ලුණු රසය පැතිර පවතින්නාක්‌ මෙන් විශ්වය පුරා පරමාත්වය පැතිර තිබෙන බව එම ග්‍රන්ථය සඳහන් කරයි. එදා පරමාත්වය මෙදා පරමාණුක ශක්‌තියයි. නැතහොත් ජීව සංස්‌කරණ ධාතු සංයුතියයි.

වර්තමාන විද්‍යා ගවේෂණ මගින් හෙළි කරගෙන ඇති ලෝකය හා එහි ජීවය හටගැනීම පිළිබඳවූ සත්‍යය, අදටත් ගැලපෙන පරිදි ආදියේදී විවරණය කර ඇත්තේ බෞද්ධ දර්ශනයෙහිය. ජෛන හා සාංඛ්‍ය ඉගැන්වීම් වලද ඒ තොරතුරු අඩංගුය. ඒ බෞද්ධ ආභාෂය නිසා සිදුවූවක්‌ විය හැකිය. අරුණවතී සූත්‍රයේදී බුදුන් ආනන්ද හිමියන්ට ලෝකධාතු ගැන කරන ලද දේශනාවේ බොහෝ කරුණු නව අභ්‍යාවකාශ විද්‍යාව විසින් සොයාගෙන ඇත. 1920 දී එඩ්වින් පවල් විසින් මන්දාකිණිවල පවත්නා විවිධ දුර ප්‍රමාණයන් සොයාගෙන ඇත. ඒ අනුව අපගේ මේ මන්දාකිණියේ විෂ්කම්භය ආලෝක වර්ෂ ලක්‍ෂයකි.

ආලෝක වර්ෂයක්‌ යනු ආලෝකය ගමන් ගන්නා සැතපුම් 186000 ක වේගය දින 365 කට ගණනය කිරීමකි. තවත් විද්‍යා නිගමනයකට අනුව වර්ල්පූල් නමැති මන්දාකිණිය අපගේ සූර්යග්‍රහ මණ්‌ඩලයට ආලෝක වර්ෂ දශලක්‍ෂ විස්‌සකට ඈතින් පිහිටා ඇති අතර තත්ත්පරයකට සැතපුම් 240 කින් ප්‍රසාරණය ගණනය කර තිබේ. අතීතයේදී මේ මන්දාකිණි එකට බැඳී පවතින්නට ඇතැයි හබල් විද්‍යාඥයා අනුමාන කරයි. එමෙන්ම ඒ දුරාතීතයේදී මන්දාකිණී ඇතුළු නොයෙකුත් ග්‍රහවස්‌තූන් ඝන ද්‍රව්‍යයක්‌ සේ එකට බැඳී පැවැතිණි. ප්‍රසාරණය හෙවත් මහා පිපුරුම නිසා ඝනත්වය බිඳී විසිරී නොයෙකුත් ආකාශ වස්‌තු හටගෙන තිබේ. බුදුන්වහන්සේ අගඤ්ඤ සූත්‍රයේදී දේශනා කළේ මේ තත්ත්වය පිළිබඳ එවක භාවිත භාෂාවෙනි.
( බුදු දහම තුල පිපුරුම්වාදයක් පිළිබද කිසිදු හෝඩුවාවක් නොමැති බවත් බුදු හිමියන් දේශනා කර ඇත්තේ විශ්වයේ ප්‍රසාරණය හා සංකෝචනය ගැන පමණක් බවත් විද්වත් මතයයි. මෙය දිවයින් පුවත්පතින් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න