Wednesday, July 31, 2013

ලබන ආත්මයේත් මගේ පුතා රියඅනතුරකට ලක්වී මියයයිද?



ලබන ආත්මයේත් මගේ පුතා රියඅනතුරකට ලක්වී මියයයිද?


අද දින රූපවාහිනී දහම් සාකච්ඡාවකදී දේශකයාණන් වහන්සේ නමකගෙන් මවක් විමසා සිටියේ පෙර ආත්මයේ මා විසින් කරන ලද පාපකර්මයක් හේතුකොට ගෙන මගේ දරුවා එවැන්නකට ගොදුරු වූ බව එක්තරා හිමිනමක් වදාළ බවත් නැවත සසරේ ඉපිදෙන වාරයක් පාසා මෙය නැවත නැවත සිදුවන බවත් , ඒ අනුව තමන් මෙයින් ගැලවීමට කළයුතු පිංකම් මොනවාද යන්නත්ය.ඇය ප්‍රශ්ණකළේ හැඩූ කදුලිනි. මේ අපේ යතිවරයාණන් වහන්සේ නමක් දරැවා මිය ගිය මවක් සැනසූ ආකාරයයි. මෙය එක්තරා ආකාරයක අන්තගාමී කර්ම විපාක පෙන්වා දීමේ ක්‍රමයකි. හොද වෙලාවට අද දින උපදෙස් දුන් හිමියන් ප්‍රකාශකළේ ඔය අම්මගෙයි මේ පුතාගෙයි සම්බන්ධය ආත්මයක් පාසා දිගින් දිගට වැල නොකැඩී යන එකක් නොව .... ඔය අම්මම නැවත නූපදිනා බවත් .......... පුතා ඔබගේම පුතා වේ යැයි ඇදහිය නොහැකි බවත්ය, සසරේ ඕනතරම් අම්මලා , පුතාලා බිහිවිය හැකි බවත්, තම පුතාට තිබෙන දැඩි බැදීම මනසින් අත්හැර සුවපත් වෙන ලෙසත්, සියලුම දෙනාට සමමෙත් සිතින් සමකරුණාවෙන් සළකන ලෙසත්ය.මෙවන් වැරැදි දේශණා නිසා තැවෙන අය තව කොපමණක් නම් හිතින් දුක් විදිනු ඇතිද?බුදුසමය ගිනිගත් සිත නිවන දහමක් මිස පත්තුකරන එකක් නොවේ. අංගුලිමාල වැනි සිය දහස් ගණන් මැරූ දාමරිකයෙකුට පවා වැරද්ද හදාගෙන සිත නිවාගන්න කියා දුන් එකකි.බුදුහිමියන් වදාළේ මිය ගොස් නැවත උපදින්නේ“ තමා නොවේ. වෙන කෙනෙක්ද නොවේ“යනුවෙනි.ඇයි ඒ “කෙනෙක්“ නැති බැවිනි. ඇත්තේ සංතතික දහමක් තුළ පවත්නා ධර්මතාවයක් පමණක් බැවිනි. “ ජාති “... ජරා .... මරණ..... යනු මෙම ධර්මතාවල වෙනස් වීමක් මිස හුදු පුද්ගල වෙනස් වීමක් නොවන්නේමය.ඔබ ගේ දැවෙන සිතට මෙය අමාපැන් පොදක්ම වේවා!
ආනන්ද විජයරත්න

Wednesday, July 17, 2013

කළණ මිතුරු




මහා කරුණාව

අහර බිදක් ඩැහගත් -


පුංචි හූණු යාලුවෙක්

යයි පුරුදු ගමනින් -

පරාලයක් තුළට වහලේ

කුතුහලයකි දැනවුනේ -

විමසීමි මදකට,,,,,,



අහා! හරි පුදුමයකි -

ඌ කෑමටික දෙයි - 

තව හූණු යාලුවෙකුට

 
විමසීමි තව දුරටත් -

වෙලා ඇති ඇබැද්දිය- 

බැහ ඌට පිටතට යන්ට -


පාදය සිරව ඇත ඇණයක


සිවු වසරකට පෙර

වහලය සකසද්දී - 

මා තින් සිදුව ඇත, එම වරද- 

මෙතුවක් කල් ඌ

දිවි රැකගෙන ඇත්තේ - 

තම සගයා සැපයූ කෑම වලිනි

පුදුමයි නේද

යාලුවාගෙ කරුණාව?
 
.............................
මිනිස් අපට හොද කණේ පහරකි

( සත්‍ය සිද්ධියක් - ජපානයෙනි )

Tuesday, July 16, 2013

තිලකුණු






තිලකුණු

“ලෝක ධම්මතා“ අවබෝධය යනු

1. අනිත්‍ය


2. දුක්ඛ


3. අනාත්ම 



යන මූලික ලක්ෂණ පිළිබදව මනා වැටහීමක් ලබා ගැනීමයි.

දැන් අප ඒ එක එකක් විමසා බලමු. අප දන්නා පරිදි මේ විශ්වයේ නිශ්චිතව පවත්නා කිසිම දෙයක් නැත. සෑම මොහොතකම නොනැවැතී මෙම වෙනස්වීම සීඝ්‍රයෙන් සිදුවේ. එම සීඝ්‍රතාවය නිසාම අපට ඒ අපගේ ඉන්ද්‍රිය මගින් ග්‍රහණය කළ නොහැක. එනිසා අපට යම් පැවැත්මක් ගැන දැනේ. උදාහරණයකට විදුලි බුබුලක දැල්වීම ගැන සිතන්න. අපට එය අඛණ්ඩව දැල්වෙන බවක් පෙනේ. සියුම් උපකරණයක ආධාරයෙන් පරීක්ෂා කළහොත් එය නිවෙමින් පත්තුවෙමින් පවතින බව දැකිය හැක. චිත්‍රපටයක රූපරාමු එකිනෙක ගෙන බලන විට සුලු සුලු වෙනස්කම් සහිත රෑප පෙළක් නෙතට දිස්වේ.එහෙත් ඒ නියමිත වේග පරාසයක ධාවනය කරන විට අපට දුවන, පනින , නටන , දසුන් තිරය මත දැකිය හැක.අප ගේ ජීවිතද පිළිසිද ගත් මොහොතේ සිටම වෙනස්වේ. එය වයසට යාමක් ලෙස අප දකිමු.ඇත්ත එය නොවේ.වෙනස්වීමකට ලක්වීමයි. සිතුවිලි පවා ක්ෂණයකුදු නොපැවතී වෙනස් වේ.මේ වෙනස්වීම ඇස, කණ, නාසය, දිව, සිරුර ,මන, යන සියලුම ඉන්ද්‍රියයන් ගේ අරමුණු ගැනීම අනුව සිදුවේ. එනිසාම මේ ඉන්ද්‍රිය අල්ලා ගැනීම් උපාධානස්කන්ධ වශයෙන් ගොනු කොට ඒවායේ නිත්‍ය පැවත්මක් හෝ කැමැත්ත පරිදි නොපැවතීම යන හේතු කාරනා මත පදනම්ව රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාන යන පංච උපාධානස් කන්ධයන්ම දුකක් බව බුදු හිමි වදාළහ. බුදු දහමෙහි "දුක්ඛ" යනු ගැඹුරු අරැතක් දෙන එකකි. එය අද ලඝු කොට ප්‍රකාශ කෙරේ.( අප්‍රියයන් හා එක්වීම.... ප්‍රියයන්ගෙන් වෙන්වීම...ආදී වශයෙන්...)
මේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.

පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.

දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.


සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි.
 සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේ
මේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.
පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.
දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.

සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේමේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.
සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේමේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේවදාළේ කායික වශයෙන් මහළු බවට පත් වීම නොව, මමත්වය නිසා මනසෙහි හටගන්නා විපරීතයකටය.


 මරණය දුකක් වන්නේ කායික වශයෙන් පණ යෑමට නොව, පඤ්ච උපාදානස්කන්ධයෙන් මමය මගේ යැයි අල්ලා ගෙන සිටින ලෝකය පණයන මොහොතේ දී අත හැරීමට තිබෙන අකමැත්ත නිසා මරණය දුකක් වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. නාම – රූප ධර්මතාවන්ගේ නිරන්තර වෙනස්වීම බුදුරදුන්ට නතර කළ නොහැකි ය. බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන ඇති වෙමින්, නැතිවෙමින් පැවතීම ස්වභාවික ලෝකයේ ලක්‍ෂණයකි.


 මරණය දුකක් වන්නේ කායික වශයෙන් පණ යෑමට නොව, පඤ්ච උපාදානස්කන්ධයෙන් මමය මගේ යැයි අල්ලා ගෙන සිටින ලෝකය පණයන මොහොතේ දී අත හැරීමට තිබෙන අකමැත්ත නිසා මරණය දුකක් වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. නාම – රූප ධර්මතාවන්ගේ නිරන්තර වෙනස්වීම බුදුරදුන්ට නතර කළ නොහැකි ය. බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන ඇති වෙමින්, නැතිවෙමින් පැවතීම ස්වභාවික ලෝකයේ ලක්‍ෂණයකි.


 මරණය දුකක් වන්නේ කායික වශයෙන් පණ යෑමට නොව, පඤ්ච උපාදානස්කන්ධයෙන් මමය මගේ යැයි අල්ලා ගෙන සිටින ලෝකය පණයන මොහොතේ දී අත හැරීමට තිබෙන අකමැත්ත නිසා මරණය දුකක් වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. නාම – රූප ධර්මතාවන්ගේ නිරන්තර වෙනස්වීම බුදුරදුන්ට නතර කළ නොහැකි ය. බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන ඇති වෙමින්, නැතිවෙමින් පැවතීම ස්වභාවික ලෝකයේ ලක්‍ෂණයකි.
 මරණය දුකක් වන්නේ කායික වශයෙන් පණ යෑමට නොව, පඤ්ච උපාදානස්කන්ධයෙන් මමය මගේ යැයි අල්ලා ගෙන සිටින ලෝකය පණයන මොහොතේ දී අත හැරීමට තිබෙන අකමැත්ත නිසා මරණය දුකක් වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. නාම – රූප ධර්මතාවන්ගේ නිරන්තර වෙනස්වීම බුදුරදුන්ට නතර කළ නොහැකි ය. බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන ඇති වෙමින්, නැතිවෙමින් පැවතීම ස්වභාවික ලෝකයේ ලක්‍ෂණයකි.
බුදුන් වහන්සේ මේ දුක් බැහැර කළේ බුදු වූ අවස්ථාවේ දී ය. පන්සාලිස් වසක් මමත්වයෙන් තොරව (නිෂ්පුද්ගල) ජීවත් වූ බුදුන් වහන්සේට ස්වීය සන්තානයෙහි විපරිණාමයක් හෝ පරිහානියක් නොවී ය. ජාති, ජරා මරණ නමැති දුක්, උපාදානය බැහැර කළ ආර්ය උත්තමයින්ට නැත. ආර්ය උත්තමයින් මරණයට පත්වන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ කය අත හැරීමය. මරණයට පත්වන්නේ පුහුදුන් අයයි. නුවණින් අවබෝධයෙන් සොයා දැනගෙන ස්වකීය ජීවිතය ඇප කැප කිරීමෙන් මමත්වය බැහැර කර අජරාමර තත්ත්වයට පත්වීමට අපකාටත් පුළුවන.අනාත්ම (අනත්ථ) නිත්‍යත්ව සංඛ්‍යාත ආත්මය ස්කන්ධ පඤ්චකය තුළ හෝ ආයතන දොළොස තුළ හෝ ධාතු අටලොස තුළ හෝ නොමැති බැවින්, ආත්ම දෘෂ්ටිය ආධ්‍යාත්මික සංවර්ධනයට අහිතකර වූ විපරීතයකි. ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදා ගැනීම පිණිස ආත්ම කොටගත් නිත්‍ය වූ පදාර්ථයක් නොමැති බව මතු කොට දැක්වීම පිණිස අනාත්ම වශයෙන් ප්‍රකට වූ ධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ අනුව අනාත්මය යනු සක්කාය දිට්ඨිය බැහැර කොට ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටියට ගැනීමට ඇති ප්‍රායෝගික දේශනාවකි.
සත්‍ය මෙසේ වූවත්, බෞද්ධ ජනසමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ ආත්මවාදී සිතුම් පැතුම් අනුවය. ඒ ගැන පැහැදිලි වන්නේ ආත්මයෙන් ආත්මයට සසරෙහි යෑමට තිබෙන ආශාව නිසා නොයෙක් ප්‍රාර්ථනා ඇතුව කරනු ලබන පින්කම් වලිනි. මෙයින් සනාථ වන්නේ පුනරුප්පත්ති සංකල්පය අනුව, මිය යන පුද්ගලයාගේ ආත්මය මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන බව බොහෝ බෞද්ධයන්ගේ පිළිගැනීම වී ඇති බවයි.

මළවුන්ට පින් අනුමෝදනා කිරීමේ දී ද සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන්නේ, මිය ගිය පුද්ගලයාගේ ආත්මයම නැවත කොහේ හෝ උප්පත්තියක් ලබා ඇති හෙයින්. මේ අනුමෝදනා කරන පින ඔහුට ලබා ගත හැකි බවට ය. බුදුසමය තුළට ඉතා සියුම් ලෙස ආත්මවාදය පෑල දොරින් ඇතුල් කිරීමට කෙසේ හෝ තිරෝකුඩ්ඩ සූත්‍රය ද පෙළ පොතට ඇතුළත් කර තිබේ. අනාත්මය හා තම තමුන් කරන කුසල අකුසල කර්ම විපාක තම තමුන් විසින්ම විඳිය යුතු ය. තමාට පිහිට තමාය යන බුද්ධ වචනයත් සමග තිරෝකුඩ්ඩ සූත්‍රය පිළිගත හැකි දැයි විමසා බැලීම මැනවි. අනුව මෙලොවදීත් “මම” යනුවෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම්, ආත්මයක් නැත්නම්, පුනරුප්පත්තියක් නොමැතිනම් මැරුණු පුද්ගලයාම නැවත උපදින්නේ කෙසේද? බුදුන් වහන්සේ අනාත්ම ධර්මය දේශනා කළේ කුමන හේතුවක් නිසා ද? මේ ගැන සිතා බැලීමට බෞද්ධයා උනන්දුවිය යුතු ය.

ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය බුදුන් වහන්සේ අනාත්ම ධර්මයෙන් ලොවට අනාවරණය කළේ කරන්නෙක් කරවන්නෙක් නොමැතිව හේතු ප්‍රත්‍ය අනුව කෙරෙන සිදුවීමක් (වීමක්) ගැන ය. අනාත්ම ධර්මයේ මූලික අරමුණ ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදාගැනීමයි. බෞද්ධයකු තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ලක්‍ෂණය ගැන හොඳ අවබෝධයක් නිතැනින්ම තිබිය යුතු ය. බුද්ධිය වැඩි දියුණු කිරීම පිණිස ප්‍රගුණ කටයුතු මාර්ගය ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගය වැඩීම පිණිස ත්‍රිලක්‍ෂණය උපකාර වේ. 
නිවරැදිව දහම දක්නා කැමති කාගේත් අවධානයට ලක් වේවා!

(ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී,
බෝකුන්දර කුසලධම්ම හිමියනට උපහාරවේවා!)
නිවරැදිව දහම දක්නා කැමති කාගේත් අවධානයට ලක් වේවා!
(ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී,බෝකුන්දර කුසලධම්ම හිමියනට උපහාරවේවා!)


සිතට සීමා පවතීද?

බැලූ බැල්මට මෙවන් ප්‍රශ්ණයක් නැගීම පවා විහිලුවක් සේ ඔබට දැනෙනු ඇති. එහෙත් සත්‍යය නම් එවන් සීමා ඇති බවය.මහ පොළොවේ ඇති වැළි කැට ගණනය කළ හැකි බව අප අද විශ්වාස කරමු. එසේම සිතන්නටද සීමා ඇත. අපට යමක් ගැන සිතුවිල්ලක් ඇතිවන්න නම් ඒ ගැන පූර්ව දැනුමක් තිබිය යතුයි. ඔබ කිසිදිනක අසා නැති වචනයක් ඇසුවොත් ඔබට ඒ ගැන චිත්තරෑපයක් මැවෙන්නේ නැත. අප අසාගත් දැනුම උපයෝගි කරගෙන චින්තනයේ යෙදෙමු. 
දැනුම යනු ද අනෙක් අතට සිතේම බලයකි. යම් යම් ගණිත මිණිත න්‍යායයන් සිත මෙහෙයවා අධ්‍යයනය කොට සකස් කරගත් දේවල්ය.
සොබා දහම තුල සැගවුණ දේ අනාවරණය කැරෙනු හැර අපට අන් යමක් කළ නොහැක. අපට ඇවැසි නම් මිනිස් පිටපත් ගැසිය හැක. එහෙත් ඒ නව නිර්මාණයක් විය නොහේ.

Saturday, June 29, 2013

සද්ධම්මෝ පරම දුල්ලභො __()__

ශ්‍රී සත් ධර්මය. ( පරම දුර්ලභ වේ)

 බුදු හිමි දෙසූ සෑම දේශණාවකම අභ්‍යන්තර අරැතක් බුද්ධියෙන් දැකිය යුතුය.මල දරැවා රැගෙන ශෝකවෙමින් බුදු හිමි සරණ පතා ආ කිසා ගෝතමියට නො මල ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙස බුදු හිමි වදාළහ. අලුත හැදූ ගෙයක පදිංචි කෙනෙක් ගෙන් එය ලබාගන්න බැරිකමක් නැත. ඒත් කිසා ගෝතමිය නැණවත් තැනැත්තියක නිසා ගෙන්ගෙට නොගියාය.සංසාර වඩුවා සාදන ගෙය තමා තුළම බව හැදින්නාය.ඒ තුල ඉපිදෙමින් මිය යමින් පවත්නා ස්වභාවය ඇ හැදින්නාය. සියලු දෙනාම මිනියකට ගැට ගසා ඇති බව වහා අවබෝධ කළාය.ඇය ළදරැ මල සිරැර විසි කළාය.

ඇත්තටම ඇය විසිකළේ "පංචස්කන්ධ' යයි.දුකට මුල්වන මෙම "උපාදානස් කන්ධය"යි. ඒ සමගම ඇයට ප්‍රඥාවේ ආලෝකය පහල විය.සියලු දුක් කරදර නිමා කළාය... 
                 
ඇයි ඔබට බැරි ?
ඒ... දහම මතුපිටින් අත ගා හදුනා ගන්නා හෙයිනි.මේ මොහොතේම එය අවබෝධ කළ හැක.ඕනෑම ක්‍රියාවක් කරන ගමන් මෙය දැකිය හැකිය. මගකොටේ යන එන කොට,වාහකයක් පදවන විට. කාර්යාලයේ වැඩක සෙදී සිටින විට, කුඹුරක බැස ගොවිතැන් කරනවිට, යන මේ හැම කටයුත්තක් තුළම මෙය දැකිය හැක. 

                   නො දකින්නේ බමුණන් මෙය ආවරණය කොට බ්‍රාහ්මණ භාවනාවක් මේ රට පුරා ප්‍රචාරය කොට ඒ තුළට ඔබ හිරකොට ඇත්ත වසා ඇති බැවිනි.ඔය එකම භාවනා කරැවෙක් හෝ නිවී ඇතිද? උගන්වන ගුරැවරයා නිවී ඇතිද?ඔවුනට සැබෑ විදර්ශණය මතක පාඩමකි. වඩවන්නකි.

බුදු හිමි විදර්ශනය නුණැසට හසු වන්නකි. සැබෑ සත් ධර්මය ඇමරිකාවට . එංගලන්තයට , ලොකයේ ඕනෑම තැනකට කියා වෙනසක් නැත. මිහිදු හිමියන්ට එය ලංකාවට වුවත් දිය හැකි වූයේ සිංහල දැනගෙන නොවේ...... ,"පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති" අබබෝධ කරන්නකි.සැබවටම ප්‍රත්‍යක්ෂ කරන්නකි. 

ඇත්තටම ඇය විසිකළේ "පංචස්කන්ධ' යයි.දුකට මුල්වන මෙම "උපාදානස් කන්ධය"යි. ඒ සමගම ඇයට ප්‍රඥාවේ ආලෝකය පහල විය.සියලු දුක් කරදර නිමා කළාය...                  
ඇයි ඔබට බැරි ?
ඒ... දහම මතුපිටින් අත ගා හදුනා ගන්නා හෙයිනි.මේ මොහොතේම එය අවබෝධ කළ හැක.ඕනෑම ක්‍රියාවක් කරන ගමන් මෙය දැකිය හැකිය. මගකොටේ යන එන කොට,වාහකයක් පදවන විට. කාර්යාලයේ වැඩක සෙදී සිටින විට, කුඹුරක බැස ගොවිතැන් කරනවිට, යන මේ හැම කටයුත්තක් තුළම මෙය දැකිය හැක. 
ඇයි ඔබට බැරි ?
ඒ... දහම මතුපිටින් අත ගා හදුනා ගන්නා හෙයිනි.මේ මොහොතේම එය අවබෝධ කළ හැක.ඕනෑම ක්‍රියාවක් කරන ගමන් මෙය දැකිය හැකිය. මගකොටේ යන එන කොට,වාහකයක් පදවන විට. කාර්යාලයේ වැඩක සෙදී සිටින විට, කුඹුරක බැස ගොවිතැන් කරනවිට, යන මේ හැම කටයුත්තක් තුළම මෙය දැකිය හැක.                    නො දකින්නේ බමුණන් මෙය ආවරණය කොට බ්‍රාහ්මණ භාවනාවක් මේ රට පුරා ප්‍රචාරය කොට ඒ තුළට ඔබ හිරකොට ඇත්ත වසා ඇති බැවිනි.ඔය එකම භාවනා කරැවෙක් හෝ නිවී ඇතිද? උගන්වන ගුරැවරයා නිවී ඇතිද?ඔවුනට සැබෑ විදර්ශණය මතක පාඩමකි. වඩවන්නකි.

බුදු හිමි විදර්ශනය නුණැසට හසු වන්නකි. සැබෑ සත් ධර්මය ඇමරිකාවට . එංගලන්තයට , ලොකයේ ඕනෑම තැනකට කියා වෙනසක් නැත. මිහිදු හිමියන්ට එය ලංකාවට වුවත් දිය හැකි වූයේ සිංහල දැනගෙන නොවේ...... ,"පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති" අබබෝධ කරන්නකි.සැබවටම ප්‍රත්‍යක්ෂ කරන්නකි. 
                   .=============================                 ( පාතේගම සුමන රතන හිමි ගේ දේශනයක් ඇසුරිනි. )

Friday, June 28, 2013

සචිත්ත පරියෝ දපනං _\-^-/_


සම්මා සම්බුද්ධ ශාසනය යනු කවරේද?

“ සබ්බ පාපස්ස අකරණං -  කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං      -  ඒතං බුද්ධානුශාසනං .,,

( සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින්
තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි. )

     
අප අද මෙය පහසුවට “බුද්ධාගම,, වශයෙන් ප්‍රකාශ කරමු.
මෙහිදී “ආගම,,  යන්න පළමුව විමසමු. අද හින්දු, ඉස්ලාම්, කිතුණු, යන ආගම් ගැන මදක් විමසමු. ඒවායේ සර්වබලධාරී දෙවියෙක් ඇත. දේව වාක්‍ය ඇත. ඒවා හරි හෝ වැරදිවේවා නොවිමසා පිළිගත යුතුව ඇත. ඒවා ඉක්මවා යාම දේව උදහසට හේතුවේ.ඒවායේ ස්ත්‍රෝත්‍ර ගායන ඇත. වත් පිළිවෙත් හා පුද පූජා ඇත.ඒ දෙවියන් සතුටු කිරීමටය. දෙවියන් සතුටු කළ තරමට ස්වර්ගයේ දොර විවරකර ගැන්මට ඉඩ කඩ වැඩිය.


 බුදු දහම නිදහස් චින්තනයකි. නීති රීති හෝ බලපෑම් මත කළයුතුමයැයි යමෙක් නැත. මෙය කළොත් මෙවන් ප්‍රතිඵල ඇත. කිරීම හෝ නොකර සිටීම තම මනාපය පරිදිය. හේතු ඵලවාදීය. භක්තිවන්ත වීමක් නැත. බුදු හිමි මග විවරකොට ඇත. එහි යාම නොයාම අභිමතය පරිදිය. තමා කවරේදැයි විමසමින් ඇත්ත ඇති සැටියෙන් දැකගන්න පාර පෙන්වා ඇත. එය යථාභූත ඥාන දර්ශනය ලෙස වදාරා ඇත. ලෝකය විමසමින් තමාද මේ ධර්මතාවයේම කොටසක් බව වටහා ගන්න අපට මග විවර කොට ඇත. එක් වරක් නොව කීප වරක්ම නිදහස්ව සිතා බලා මේ දහම දැක ගන්නා ලෙසයි බුද්ධ අවවාදය. රන් කරැවෙක් නියම රන්දැයි පරීක්ෂා කරන්න යම් යම් පරීක්ෂණ කරන්නාක් මෙන් ආර්ය පර්යේෂණ මගින් දහම සොයාබලා විමසා පිළිගන්නා ලෙසට බොහෝවිටම අනුබල දෙයි. “කිං සච්ච ගවේෂී,, යනු එම විමසීමේ මාවතයි.

 මෙසේ ආගමික ලක්ෂණ ඉක්මවා ඇති හෙයින් බුදුසමය තවත් එක් ආගමක්ම නොවන්නේය. බුද්ධ ශාසනය අර්ථ ගන්වා ඇත්තේ “ සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං“ යනුවෙනි. එහි අරුත මනා ලෙස දමනය කළ සිතම බුද්ධ ශාසනය ලෙසයි.. එම නිසාම බුදු දහම වෙනත් ආගම් හා එක්ව සසදා ගත නොහැකි සත්‍යයයේ මාවතක් හෙයින් මෙය “දහම,, .......නැතහොත් “ලෝක ධම්මතාවය“ ලෙස දැකීම උචිතවේ.(සෝම හිමි දේශණා)
 කාලාන්තරයක් තිස්සේ බුදුසමය තුළට හින්දු ආභාෂය මුසුවීමෙන් ස්තෝත්‍ර ගායනයට .... භක්ති ගීත ගායනයට ආත්මලාභය පතා පුදපූජා පැවැත්මට අදත් බොහෝ දෙනා නැඹුරැව සිටී. එයට බොහෝවිට හේතු කාරක වී ඇත්තේ ආත්ම ලාභය තකා කළ විකෘත ක්‍රියාදාමයන්ය. අද දවසේ අභාග්‍යය එයයි. ඒ මදිවට වානිජ රැල්ලට හසුවෙමින් “ව්‍යාපාර,, බවටද දහම නතුව යමින් පවතී. ව්‍යක්ත දේශකයෝ එකිනෙකා පරයමින් ජනප්‍රියත්වය මත මුදල් අයකරමින් මහා පිංකම් සංවිධාන කරමින් අති මහත් වූ පිරිස ඥාන මාර්ගයෙන් ඉවතට දක්කමින් සිටිනු දැකිය හැක. “මනෝ පුබ්බංගමා ධම්මා,,...... සියල්ලට මනස පූර්වාංගමවේ... යන්න බෞද්ධ තේමාවයි. එය හුදෙක් කල්පනා කිරීමට එහා ගිය වින්තනයකි. පුහුණුවකි. මේ තුළ දහම් මාවතට පය ගසන්නට (ශීලබ්බත පරාමාෂ) ශීල හා වෘත සමාදානය අතහැරිය යුතුය. එසේම ‘අස්මිමානය, හෙවත් මම වෙමි....( සක්කාය දෘෂ්ඨිය. ) යන තැනින් මදක් හෝ ඔබ්බට යායුතුය. එවිට දහම් මග විවරවේ. “පුද්ගලයෙක් නැති බව,  නුවණින්ම වටහාගන්න හැකි සමතෙක් වේද එවිට පෙළ දහමේ ඇති ආකර්ෂණීය කතාන්දර ( සාමුක්ඛන්ෂික දේශණා ) , එසේම අතීත, වර්තමාන , අනාගත , කාලත්‍රයයන් ඉවතලා දහම හෙවත් ධර්මතා කවරේද යන්න අවබෝධ කරයි. එවිට ඉන්ද්‍රිය ලෝකයෙන් ඔබ්බට ගොස් සීමා මායිම් බිද ඇත්ත දකී.
 බොහෝ විටෙක “මම,,  යන මායාවෙන් මිදීම අපට අමාරුය. මෙහිදී අප මනස කුඩාකළ සිට හැඩගස්වා ඇත්තේ “මගේ අම්මා“...“මගේ බෝලය,, ... “ මගේ පාසැල,, ...යන මමංකාරය තුළය. මේ සිරුර මගේය.. එය ඇත්තක් දැයි විමසමු.

මගේ දේවල් මට ඕන විදිහට පවත්වන්න බැරිනම් ඒක මගේ වෙන්නේ කෙහොමද? ලෙඩවෙයි... වයසට යයි.... වෙනස්වෙයි.... එයට ඕන විදිහට සිරුර පාලනය කරයි. ඇත්තේ ඉඩ දී බලා සිටීම පමණකි. හිසට යන රුධිරයේ ඔක්ෂිජන් හීන වත්ම ඔබ නොසිතාම සිරුර හරහ දමයි.(ක්ලාන්තය ) රෝග කාරකයක් පැමිණිවිට ඔබ නොවිමසා ප්‍රතිචාර දක්වයි. පරිසරයට ගැලපෙන අයුරු ඔබව වෙනසකට භාජනය කරවයි. හිරු උෂ්ණත්වය යාමනය කරන්න ඩහදිය යොදාගනී. ....


මේවා ගැන ඔබ මෙතෙක් මොහොතකට හෝ හිතුවාද?දැන් හෝ ඔබ බුද්ධ වචනයට සවන් දියයුතුව ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්ෂණය වටහා ගත යුතුය...... ජීව,අජීව,සියලු දෑ මේ තුළය. පවත්නා නිශ්චිත දෙයක් නැත. එලෙස ඇති බව සිතුවිල්ලක් පමණි. මතකය තුළ ඔබ ඊයේ ජීවත්ව සිටියායැයි සිතේ. ඇත්තටම ඊයේ කියා දවසක් වීද? මදක් විමසන්න. එය පිළිගැනීමක්ම නොවන්නේද? කාලය යනු මායාවක් නොවේද? බුද්ධ වචනය “ උප්පාද + වය ධම්මිනෝ,,.... ය. අදහස උපත හා විපත එක්වර පැමිණීම ධර්මතාවය බවයි. ආත්ම වාදයක් ජනිත කළ අය තම උවමනාවට “ උප්පාද...(උපත)..... තිථි (පැවැත්ම)..... භංග          ( විනාශය) කියා මැදට පැවැත්මක් එක් කළහ.

එනිසා අවුරැදු 80 ක් ආයු වළදා අපවත්වෙයි. වැළදූ දෙයක් නැත. තිබූයේ හුදෙක් වෙනස්වීමය. අඹ ඇටයක් සිටුවා ගසක් පැල කොට ගෙඩියක් කන්න කාලයක් බලා සිටිය යුතු බව චින්තනයේ ඉන්න අපට පෙනේ. දැනේ. අප නොදකින්නේ ඇටය තුළ සිදුවන රසායනික වෙනස් කම්... පැලය ලොකු වෙන්න කරන උත්සහයන්... පළිබෝධ වලින් බේරෙන්න යොදන උපක්‍රම ... ජලය, පෝර වැනි සාධක පරිවහනය.. මලක් හට ගැන්වීම... පරාගන උපක්‍රම ... ගෙඩියක් මේරීම... බීජයක් නිමවා ඊලග පරපුර සූදානම් කිරීම යන මේ දෑය. මේවා අවම වේග කැමරාවලින් හසු කොට දකින්න අපට හැකිය.
අපද වයසට යන්නේ මේ අයුරින්ම නොවේද? පැවැත්මක් කොහේද? නැවත්මක් කොහේද? නැත. අති ධාවන ගමනක අප යෙදී සිටිමු.( ලහු පරිවත්තං චිත්තං - සිත  සීඝ්‍ර පරිවර්ථනය ) මේවා කරවන දේවල් නොවේ. සිදුවන දේවල්ය. එනිසා එය ලෝක ධම්මතාවය ලෙස හදුනා ගමු. මහා භූත එකිනෙක සංයෝජනයෙන් හේතු භූතව නිරන්තර සංස්කරණය වෙමින් ඉන්ද්‍රිය ලෝකය මවාපායි. ඒ තුළ බුදු වරු පහළවෙත්. අවසන ඊටම එක්වෙත්. එනිසාම තමන් වදාළ දහම මිස වෙනයමක් ගුරැකොට නො ගන්නා ලෙස අවවාද කර ඇත. මෙය සංතතික දහමක් වන්නේ එබැවිනි. එනිසා පුද්ගලයන් එකි නෙකා බැදී සිටිත්. ඔබ කරන දේ විපාක ඔබට පමණක් නොව මටද බලපායි. මතුපිටින් වෙන් වෙන්ව දකින පුද්ගලයෝ සිටියත් අප හැම එකම සංතතියක වේ.

ජලයෙන් පැන නැගුන දිය බුබුලක් බිදී විසිරී එම ජලයටම එක්වේ. එකී ජලයෙන්ම තව දිය බුබුලක් පැන නගී. මෙය පෙර පැවැති බුබුලම යැයි ඔබ කියන්නේද? එය එසේ විය නොහැක. එසේ නම් ජලය නොවන්නේද? ඒත් විය නොහැක. ඇයි ? දිය බුබුලු දෙකටම පොදුවූයේ මෙම ජලයම බැවිනි. අප සිරුරද එම ජලයෙන්ම නිර්මිතය. ඔබ දැල්වෙන ඉටිපන්දමක් පිහිට කොට ගන්න . එය දැල්වෙන්නේ ඉටි වාෂ්ප හා වායුව ප්‍රයෝජනයට ගනිමිනි. අපත් උපයෝගී කරගන්නේ පරිසර සාධකමය. නිබද සිදුවන මෙම හේතුකාරණා නිසා “සසර ,, පවතී. “භවය,,.... පවතී. පුනර් භවය යනුද මේ ජීවනමග ක්‍රියාදාමයක් බව මේ කියවන විට පසක්වේ.

 එහෙනම් අප අපට ඕනෑ විදිහට ජීවත්වෙමු. මොකටද මේ ආගමක් කියා අසන අය සිටී..... ඒ වෙලාවට මම කියන්නේ හොදයි ඔබට ඕන විදිහට ජීවත්වන්න පුලුවන්දැයි බලන ලෙසය. අප සංතතියක් නිසා එකිනෙකා ගේ ක්‍රියාකාරකම් මානව සමාජයට දරාගන්න බැරි විටෙක ගැටලු පැන නගී. මෙයද හේතු ප්‍රත්‍යකාරකවේ. එනිසා එදාට වඩා අද සිත දමනය ඉතාම වැදගත්වේ. අද පවතින අපරාධ රැල්ල එම චිත්ත සමාධිය නැතිවීමේ ප්‍රථිඵලයක් මිස වෙන මොකක්ද? එකී දමනය ඇති කරවාලන්න වර්තමාන බොදු පිළිවෙත් ප්‍රයෝජනයක්වීද?
පෝදා පොසොන් දේශණයක් ලන්ඩන් වල සිට පැවැත් වූ හිමිනමක් වදා ළේ එම නගරයේ හිතුමතේ පාර පනින අයවත්, තරගයට රිය පදවන රියදුරන්වත්,තමා නොදුටු බවය. එසේම කුණු කසල බිදක් දුටුවිට ඒවා අදාළ භාජනයකට හෙළා තම ගමන යන දරු පිරිසක් ද , එහි තමා දකින බවය....... නිවේදකයා ඊට හේතු විමසූ ව්ට එම හිමිනම කීවේ, ඒවා ගෙදරින් පාසැලෙන් ලද පුහුණු බවය. දැන් එහෙම නම් බුදු දහම කුමක්ද? වැටහේ. තම සිත දමනය කර නිසි මග යාම නොවේද?

මහා දන්පින් කිරීමට වඩා, අවශ්‍ය අයට ඒ බෙදා හදා දීමය. නිකන්ම සරණං ගච්චාමි නොකියා එම බුදු සුවද තමා තුළට අවශෝෂණය කර ගැනිමය. ලෙඩුනට , නැතිබැරි අයට ප්‍රතිඋපකාර නොබලා සැළකීමය. එයයි නියම බුද්ධ වන්දනාව. එයම තමා සිත සැනසීම. “සංතුට්ඨීච පරමං ධනං,, (සතුට පරම ධනයයි) ඔබ වපුරන දේම අස්වැන්න සේ පෙරලා ඔබට ලැබෙන බව නිති සිහියේ තබාගන්න.ඔබට එවිට තෙරුවනේම සරණ ලැබෙනු නොඅනුමානය.
ඔබ සැමට තෙරුවන් සරණම වෙත්වා!!!


ආනන්ද විජයරත්න (andaw)


.

Wednesday, June 26, 2013

__( )__ තිමිර පටලය

ගොනාට පෙර කරත්තය යාම
බුදු හිමියන් පැවසුවේ දහම තමා තුළට එබි බලා හදුනා ගන්නා ලෙසයි. ...... මෙය මෙනෙහි කිරීමක් ලෙස සදහන් වුවත් ඉන් අදහස් වන්නේ අතීතයට ගියදෙයක් නැවත සිහිකිරීමක් නොවේ. තමන්ම තමා ගැන .... තම ඇතුළතාන්තය ගැන ස්වයං අවබෝධයක් ලබා ගැන්මය. එය අපහසු කටයුත්තක් නොවේ. සිත + කය එකට බැදී ඇත්තේ තණ්හා නමැති රැහනකිනි. එය කඩා මේ දෙක වෙන් කරන්න ඔබට හැකිද? එවිට මේ දෙක දෙකක් වශයෙන් දැනේ. එය දකින්නේ ප්‍රඥාවෙනි. පොත පත දැනුමෙන් නොවේ. අප පළමුකොට අපව රවටන ඉන්ද්‍රිය මායාව වටහාගත යුතුවේ. මෙම ඉන්ද්‍රිය කෙතරම් ප්‍රාථමිකද?

 ඇසට ඇසවත් දැකගන්න බැරිය.
 
මොනයම් හෝ වස්තුවක් නෙත ගැටුනාට එය දක්නට ආලෝකයක් ඇවැසි වේ. කණ ගැන වුවත් කිවයුතුව ඇත්තේ බල්ලෙකුට ඇසෙන හඩ අපට නෑසෙන බවය. ඔබ සවනට බෙර ශබ්දයක් ඇසේ. බෙරයෙන් අත ඉවතට ගත් වහාම හඩ නෑසී යයි. එයයි ඇත්ත.

 හැම ඉන්ද්‍රියයක්ම මායාකාරී වේ.එවන් සිතකින් , කයකින් සත්‍ය දැකිය හැකිද? එහෙම නම් මේ ඇත්ත , ලෝක සත්‍යය.. අප ඉන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නවාද? ඊට එහා ගිය දෙයක් යොදා ගන්නවාද? ඒ මොකක්ද? මදකට විමසන්න. ඒ බලය ඇත්තේද, ඔබ තුළම මිස බැහරක නොවේ.


මේ සදහා භාවනාව කෙතරම් උචිතද?
 අප අනුදක්නා බෞද්ධ භාවනාව තුළ කයේ හා මනසේ බන්ධනය තව තව වැඩිකරයි. ගැලවීමක් ඇත්තේම නැත. සිදුහත් බෝසතාණෝ වසර 6 ක් අෂ්ඨ සමාපත්ති ආදී එවකට තිබූ දේ වල ඇලී ගැලී සිට ඒවායේ නිසරු බව දැක අත්හැර තුමූම ස්වයං අවබෝධයෙන් තිමිර පටල ගලවා දමා බුද්ධත්වය පසක් කළ සේක. ඒ මග අපටද විවරකළ සේක. අද අපට ඇත්තේ ඒ මග යාම පමණි. පළමුව මදක් හෝ “මම“ කියන තැනින් ඔබ්බට පය තැබිය යුතුය. එවිට බුද්ධ ගුණය ඔබ තුළට කාන්දු වන්න පටන්ගනී. එය පෙර ඔබ සිටිය තැන හෝ දැන් ඉන්න තැන නොවේ. ආර්යදර්ශනයයි. බුදුන් දැකීමයි. එවිට මග පැහදිළිවන්න පටන් ගනී. ඔබ මෙතෙක් සිටි මුලාව දුරුවේ. අදුර ටික ටික ඉවත්වේ. ඉන්ද්‍රිය ලෝකයෙන් ඔබ්බෙහි ඇති ලොවක් ඔබට දෘෂ්‍යමානවේ.


ඇත්තේ ධර්මතා මිස වෙන යමක් නොවන බව දකී. සත්ව සංතතියක් මිස ඔබ හා මම කියා වෙන්කොට ගන්නා බැමි ලිහේ. මෙතෙක් අදුරේ අත පත ගෑ ඔබට නවමු මාවතක් විවරවේ.

ඔබ පළමුව ආර්ය වී ආර්ය මාර්ගයේ යනු විනා........... “ආර්ය මාර්ගයේ“ ගොස් සත්‍ය දකිනවා යන්න “ගොනාට පෙර කරත්තය යාමක් වැනිය. මෙම මුලාව වැරදි දේශණ හා අර්ථ කථන නිසාවෙනි.

සැමට සම්බෝධිය පහළවේවා!



ආනන්ද විජයරත්න