Wednesday, July 17, 2013

කළණ මිතුරු




මහා කරුණාව

අහර බිදක් ඩැහගත් -


පුංචි හූණු යාලුවෙක්

යයි පුරුදු ගමනින් -

පරාලයක් තුළට වහලේ

කුතුහලයකි දැනවුනේ -

විමසීමි මදකට,,,,,,



අහා! හරි පුදුමයකි -

ඌ කෑමටික දෙයි - 

තව හූණු යාලුවෙකුට

 
විමසීමි තව දුරටත් -

වෙලා ඇති ඇබැද්දිය- 

බැහ ඌට පිටතට යන්ට -


පාදය සිරව ඇත ඇණයක


සිවු වසරකට පෙර

වහලය සකසද්දී - 

මා තින් සිදුව ඇත, එම වරද- 

මෙතුවක් කල් ඌ

දිවි රැකගෙන ඇත්තේ - 

තම සගයා සැපයූ කෑම වලිනි

පුදුමයි නේද

යාලුවාගෙ කරුණාව?
 
.............................
මිනිස් අපට හොද කණේ පහරකි

( සත්‍ය සිද්ධියක් - ජපානයෙනි )

No comments:

Post a Comment