Saturday, June 29, 2013

සද්ධම්මෝ පරම දුල්ලභො __()__

ශ්‍රී සත් ධර්මය. ( පරම දුර්ලභ වේ)

 බුදු හිමි දෙසූ සෑම දේශණාවකම අභ්‍යන්තර අරැතක් බුද්ධියෙන් දැකිය යුතුය.මල දරැවා රැගෙන ශෝකවෙමින් බුදු හිමි සරණ පතා ආ කිසා ගෝතමියට නො මල ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙස බුදු හිමි වදාළහ. අලුත හැදූ ගෙයක පදිංචි කෙනෙක් ගෙන් එය ලබාගන්න බැරිකමක් නැත. ඒත් කිසා ගෝතමිය නැණවත් තැනැත්තියක නිසා ගෙන්ගෙට නොගියාය.සංසාර වඩුවා සාදන ගෙය තමා තුළම බව හැදින්නාය.ඒ තුල ඉපිදෙමින් මිය යමින් පවත්නා ස්වභාවය ඇ හැදින්නාය. සියලු දෙනාම මිනියකට ගැට ගසා ඇති බව වහා අවබෝධ කළාය.ඇය ළදරැ මල සිරැර විසි කළාය.

ඇත්තටම ඇය විසිකළේ "පංචස්කන්ධ' යයි.දුකට මුල්වන මෙම "උපාදානස් කන්ධය"යි. ඒ සමගම ඇයට ප්‍රඥාවේ ආලෝකය පහල විය.සියලු දුක් කරදර නිමා කළාය... 
                 
ඇයි ඔබට බැරි ?
ඒ... දහම මතුපිටින් අත ගා හදුනා ගන්නා හෙයිනි.මේ මොහොතේම එය අවබෝධ කළ හැක.ඕනෑම ක්‍රියාවක් කරන ගමන් මෙය දැකිය හැකිය. මගකොටේ යන එන කොට,වාහකයක් පදවන විට. කාර්යාලයේ වැඩක සෙදී සිටින විට, කුඹුරක බැස ගොවිතැන් කරනවිට, යන මේ හැම කටයුත්තක් තුළම මෙය දැකිය හැක. 

                   නො දකින්නේ බමුණන් මෙය ආවරණය කොට බ්‍රාහ්මණ භාවනාවක් මේ රට පුරා ප්‍රචාරය කොට ඒ තුළට ඔබ හිරකොට ඇත්ත වසා ඇති බැවිනි.ඔය එකම භාවනා කරැවෙක් හෝ නිවී ඇතිද? උගන්වන ගුරැවරයා නිවී ඇතිද?ඔවුනට සැබෑ විදර්ශණය මතක පාඩමකි. වඩවන්නකි.

බුදු හිමි විදර්ශනය නුණැසට හසු වන්නකි. සැබෑ සත් ධර්මය ඇමරිකාවට . එංගලන්තයට , ලොකයේ ඕනෑම තැනකට කියා වෙනසක් නැත. මිහිදු හිමියන්ට එය ලංකාවට වුවත් දිය හැකි වූයේ සිංහල දැනගෙන නොවේ...... ,"පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති" අබබෝධ කරන්නකි.සැබවටම ප්‍රත්‍යක්ෂ කරන්නකි. 

ඇත්තටම ඇය විසිකළේ "පංචස්කන්ධ' යයි.දුකට මුල්වන මෙම "උපාදානස් කන්ධය"යි. ඒ සමගම ඇයට ප්‍රඥාවේ ආලෝකය පහල විය.සියලු දුක් කරදර නිමා කළාය...                  
ඇයි ඔබට බැරි ?
ඒ... දහම මතුපිටින් අත ගා හදුනා ගන්නා හෙයිනි.මේ මොහොතේම එය අවබෝධ කළ හැක.ඕනෑම ක්‍රියාවක් කරන ගමන් මෙය දැකිය හැකිය. මගකොටේ යන එන කොට,වාහකයක් පදවන විට. කාර්යාලයේ වැඩක සෙදී සිටින විට, කුඹුරක බැස ගොවිතැන් කරනවිට, යන මේ හැම කටයුත්තක් තුළම මෙය දැකිය හැක. 
ඇයි ඔබට බැරි ?
ඒ... දහම මතුපිටින් අත ගා හදුනා ගන්නා හෙයිනි.මේ මොහොතේම එය අවබෝධ කළ හැක.ඕනෑම ක්‍රියාවක් කරන ගමන් මෙය දැකිය හැකිය. මගකොටේ යන එන කොට,වාහකයක් පදවන විට. කාර්යාලයේ වැඩක සෙදී සිටින විට, කුඹුරක බැස ගොවිතැන් කරනවිට, යන මේ හැම කටයුත්තක් තුළම මෙය දැකිය හැක.                    නො දකින්නේ බමුණන් මෙය ආවරණය කොට බ්‍රාහ්මණ භාවනාවක් මේ රට පුරා ප්‍රචාරය කොට ඒ තුළට ඔබ හිරකොට ඇත්ත වසා ඇති බැවිනි.ඔය එකම භාවනා කරැවෙක් හෝ නිවී ඇතිද? උගන්වන ගුරැවරයා නිවී ඇතිද?ඔවුනට සැබෑ විදර්ශණය මතක පාඩමකි. වඩවන්නකි.

බුදු හිමි විදර්ශනය නුණැසට හසු වන්නකි. සැබෑ සත් ධර්මය ඇමරිකාවට . එංගලන්තයට , ලොකයේ ඕනෑම තැනකට කියා වෙනසක් නැත. මිහිදු හිමියන්ට එය ලංකාවට වුවත් දිය හැකි වූයේ සිංහල දැනගෙන නොවේ...... ,"පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති" අබබෝධ කරන්නකි.සැබවටම ප්‍රත්‍යක්ෂ කරන්නකි. 
                   .=============================                 ( පාතේගම සුමන රතන හිමි ගේ දේශනයක් ඇසුරිනි. )

Friday, June 28, 2013

සචිත්ත පරියෝ දපනං _\-^-/_


සම්මා සම්බුද්ධ ශාසනය යනු කවරේද?

“ සබ්බ පාපස්ස අකරණං -  කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං      -  ඒතං බුද්ධානුශාසනං .,,

( සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින්
තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි. )

     
අප අද මෙය පහසුවට “බුද්ධාගම,, වශයෙන් ප්‍රකාශ කරමු.
මෙහිදී “ආගම,,  යන්න පළමුව විමසමු. අද හින්දු, ඉස්ලාම්, කිතුණු, යන ආගම් ගැන මදක් විමසමු. ඒවායේ සර්වබලධාරී දෙවියෙක් ඇත. දේව වාක්‍ය ඇත. ඒවා හරි හෝ වැරදිවේවා නොවිමසා පිළිගත යුතුව ඇත. ඒවා ඉක්මවා යාම දේව උදහසට හේතුවේ.ඒවායේ ස්ත්‍රෝත්‍ර ගායන ඇත. වත් පිළිවෙත් හා පුද පූජා ඇත.ඒ දෙවියන් සතුටු කිරීමටය. දෙවියන් සතුටු කළ තරමට ස්වර්ගයේ දොර විවරකර ගැන්මට ඉඩ කඩ වැඩිය.


 බුදු දහම නිදහස් චින්තනයකි. නීති රීති හෝ බලපෑම් මත කළයුතුමයැයි යමෙක් නැත. මෙය කළොත් මෙවන් ප්‍රතිඵල ඇත. කිරීම හෝ නොකර සිටීම තම මනාපය පරිදිය. හේතු ඵලවාදීය. භක්තිවන්ත වීමක් නැත. බුදු හිමි මග විවරකොට ඇත. එහි යාම නොයාම අභිමතය පරිදිය. තමා කවරේදැයි විමසමින් ඇත්ත ඇති සැටියෙන් දැකගන්න පාර පෙන්වා ඇත. එය යථාභූත ඥාන දර්ශනය ලෙස වදාරා ඇත. ලෝකය විමසමින් තමාද මේ ධර්මතාවයේම කොටසක් බව වටහා ගන්න අපට මග විවර කොට ඇත. එක් වරක් නොව කීප වරක්ම නිදහස්ව සිතා බලා මේ දහම දැක ගන්නා ලෙසයි බුද්ධ අවවාදය. රන් කරැවෙක් නියම රන්දැයි පරීක්ෂා කරන්න යම් යම් පරීක්ෂණ කරන්නාක් මෙන් ආර්ය පර්යේෂණ මගින් දහම සොයාබලා විමසා පිළිගන්නා ලෙසට බොහෝවිටම අනුබල දෙයි. “කිං සච්ච ගවේෂී,, යනු එම විමසීමේ මාවතයි.

 මෙසේ ආගමික ලක්ෂණ ඉක්මවා ඇති හෙයින් බුදුසමය තවත් එක් ආගමක්ම නොවන්නේය. බුද්ධ ශාසනය අර්ථ ගන්වා ඇත්තේ “ සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං“ යනුවෙනි. එහි අරුත මනා ලෙස දමනය කළ සිතම බුද්ධ ශාසනය ලෙසයි.. එම නිසාම බුදු දහම වෙනත් ආගම් හා එක්ව සසදා ගත නොහැකි සත්‍යයයේ මාවතක් හෙයින් මෙය “දහම,, .......නැතහොත් “ලෝක ධම්මතාවය“ ලෙස දැකීම උචිතවේ.(සෝම හිමි දේශණා)
 කාලාන්තරයක් තිස්සේ බුදුසමය තුළට හින්දු ආභාෂය මුසුවීමෙන් ස්තෝත්‍ර ගායනයට .... භක්ති ගීත ගායනයට ආත්මලාභය පතා පුදපූජා පැවැත්මට අදත් බොහෝ දෙනා නැඹුරැව සිටී. එයට බොහෝවිට හේතු කාරක වී ඇත්තේ ආත්ම ලාභය තකා කළ විකෘත ක්‍රියාදාමයන්ය. අද දවසේ අභාග්‍යය එයයි. ඒ මදිවට වානිජ රැල්ලට හසුවෙමින් “ව්‍යාපාර,, බවටද දහම නතුව යමින් පවතී. ව්‍යක්ත දේශකයෝ එකිනෙකා පරයමින් ජනප්‍රියත්වය මත මුදල් අයකරමින් මහා පිංකම් සංවිධාන කරමින් අති මහත් වූ පිරිස ඥාන මාර්ගයෙන් ඉවතට දක්කමින් සිටිනු දැකිය හැක. “මනෝ පුබ්බංගමා ධම්මා,,...... සියල්ලට මනස පූර්වාංගමවේ... යන්න බෞද්ධ තේමාවයි. එය හුදෙක් කල්පනා කිරීමට එහා ගිය වින්තනයකි. පුහුණුවකි. මේ තුළ දහම් මාවතට පය ගසන්නට (ශීලබ්බත පරාමාෂ) ශීල හා වෘත සමාදානය අතහැරිය යුතුය. එසේම ‘අස්මිමානය, හෙවත් මම වෙමි....( සක්කාය දෘෂ්ඨිය. ) යන තැනින් මදක් හෝ ඔබ්බට යායුතුය. එවිට දහම් මග විවරවේ. “පුද්ගලයෙක් නැති බව,  නුවණින්ම වටහාගන්න හැකි සමතෙක් වේද එවිට පෙළ දහමේ ඇති ආකර්ෂණීය කතාන්දර ( සාමුක්ඛන්ෂික දේශණා ) , එසේම අතීත, වර්තමාන , අනාගත , කාලත්‍රයයන් ඉවතලා දහම හෙවත් ධර්මතා කවරේද යන්න අවබෝධ කරයි. එවිට ඉන්ද්‍රිය ලෝකයෙන් ඔබ්බට ගොස් සීමා මායිම් බිද ඇත්ත දකී.
 බොහෝ විටෙක “මම,,  යන මායාවෙන් මිදීම අපට අමාරුය. මෙහිදී අප මනස කුඩාකළ සිට හැඩගස්වා ඇත්තේ “මගේ අම්මා“...“මගේ බෝලය,, ... “ මගේ පාසැල,, ...යන මමංකාරය තුළය. මේ සිරුර මගේය.. එය ඇත්තක් දැයි විමසමු.

මගේ දේවල් මට ඕන විදිහට පවත්වන්න බැරිනම් ඒක මගේ වෙන්නේ කෙහොමද? ලෙඩවෙයි... වයසට යයි.... වෙනස්වෙයි.... එයට ඕන විදිහට සිරුර පාලනය කරයි. ඇත්තේ ඉඩ දී බලා සිටීම පමණකි. හිසට යන රුධිරයේ ඔක්ෂිජන් හීන වත්ම ඔබ නොසිතාම සිරුර හරහ දමයි.(ක්ලාන්තය ) රෝග කාරකයක් පැමිණිවිට ඔබ නොවිමසා ප්‍රතිචාර දක්වයි. පරිසරයට ගැලපෙන අයුරු ඔබව වෙනසකට භාජනය කරවයි. හිරු උෂ්ණත්වය යාමනය කරන්න ඩහදිය යොදාගනී. ....


මේවා ගැන ඔබ මෙතෙක් මොහොතකට හෝ හිතුවාද?දැන් හෝ ඔබ බුද්ධ වචනයට සවන් දියයුතුව ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්ෂණය වටහා ගත යුතුය...... ජීව,අජීව,සියලු දෑ මේ තුළය. පවත්නා නිශ්චිත දෙයක් නැත. එලෙස ඇති බව සිතුවිල්ලක් පමණි. මතකය තුළ ඔබ ඊයේ ජීවත්ව සිටියායැයි සිතේ. ඇත්තටම ඊයේ කියා දවසක් වීද? මදක් විමසන්න. එය පිළිගැනීමක්ම නොවන්නේද? කාලය යනු මායාවක් නොවේද? බුද්ධ වචනය “ උප්පාද + වය ධම්මිනෝ,,.... ය. අදහස උපත හා විපත එක්වර පැමිණීම ධර්මතාවය බවයි. ආත්ම වාදයක් ජනිත කළ අය තම උවමනාවට “ උප්පාද...(උපත)..... තිථි (පැවැත්ම)..... භංග          ( විනාශය) කියා මැදට පැවැත්මක් එක් කළහ.

එනිසා අවුරැදු 80 ක් ආයු වළදා අපවත්වෙයි. වැළදූ දෙයක් නැත. තිබූයේ හුදෙක් වෙනස්වීමය. අඹ ඇටයක් සිටුවා ගසක් පැල කොට ගෙඩියක් කන්න කාලයක් බලා සිටිය යුතු බව චින්තනයේ ඉන්න අපට පෙනේ. දැනේ. අප නොදකින්නේ ඇටය තුළ සිදුවන රසායනික වෙනස් කම්... පැලය ලොකු වෙන්න කරන උත්සහයන්... පළිබෝධ වලින් බේරෙන්න යොදන උපක්‍රම ... ජලය, පෝර වැනි සාධක පරිවහනය.. මලක් හට ගැන්වීම... පරාගන උපක්‍රම ... ගෙඩියක් මේරීම... බීජයක් නිමවා ඊලග පරපුර සූදානම් කිරීම යන මේ දෑය. මේවා අවම වේග කැමරාවලින් හසු කොට දකින්න අපට හැකිය.
අපද වයසට යන්නේ මේ අයුරින්ම නොවේද? පැවැත්මක් කොහේද? නැවත්මක් කොහේද? නැත. අති ධාවන ගමනක අප යෙදී සිටිමු.( ලහු පරිවත්තං චිත්තං - සිත  සීඝ්‍ර පරිවර්ථනය ) මේවා කරවන දේවල් නොවේ. සිදුවන දේවල්ය. එනිසා එය ලෝක ධම්මතාවය ලෙස හදුනා ගමු. මහා භූත එකිනෙක සංයෝජනයෙන් හේතු භූතව නිරන්තර සංස්කරණය වෙමින් ඉන්ද්‍රිය ලෝකය මවාපායි. ඒ තුළ බුදු වරු පහළවෙත්. අවසන ඊටම එක්වෙත්. එනිසාම තමන් වදාළ දහම මිස වෙනයමක් ගුරැකොට නො ගන්නා ලෙස අවවාද කර ඇත. මෙය සංතතික දහමක් වන්නේ එබැවිනි. එනිසා පුද්ගලයන් එකි නෙකා බැදී සිටිත්. ඔබ කරන දේ විපාක ඔබට පමණක් නොව මටද බලපායි. මතුපිටින් වෙන් වෙන්ව දකින පුද්ගලයෝ සිටියත් අප හැම එකම සංතතියක වේ.

ජලයෙන් පැන නැගුන දිය බුබුලක් බිදී විසිරී එම ජලයටම එක්වේ. එකී ජලයෙන්ම තව දිය බුබුලක් පැන නගී. මෙය පෙර පැවැති බුබුලම යැයි ඔබ කියන්නේද? එය එසේ විය නොහැක. එසේ නම් ජලය නොවන්නේද? ඒත් විය නොහැක. ඇයි ? දිය බුබුලු දෙකටම පොදුවූයේ මෙම ජලයම බැවිනි. අප සිරුරද එම ජලයෙන්ම නිර්මිතය. ඔබ දැල්වෙන ඉටිපන්දමක් පිහිට කොට ගන්න . එය දැල්වෙන්නේ ඉටි වාෂ්ප හා වායුව ප්‍රයෝජනයට ගනිමිනි. අපත් උපයෝගී කරගන්නේ පරිසර සාධකමය. නිබද සිදුවන මෙම හේතුකාරණා නිසා “සසර ,, පවතී. “භවය,,.... පවතී. පුනර් භවය යනුද මේ ජීවනමග ක්‍රියාදාමයක් බව මේ කියවන විට පසක්වේ.

 එහෙනම් අප අපට ඕනෑ විදිහට ජීවත්වෙමු. මොකටද මේ ආගමක් කියා අසන අය සිටී..... ඒ වෙලාවට මම කියන්නේ හොදයි ඔබට ඕන විදිහට ජීවත්වන්න පුලුවන්දැයි බලන ලෙසය. අප සංතතියක් නිසා එකිනෙකා ගේ ක්‍රියාකාරකම් මානව සමාජයට දරාගන්න බැරි විටෙක ගැටලු පැන නගී. මෙයද හේතු ප්‍රත්‍යකාරකවේ. එනිසා එදාට වඩා අද සිත දමනය ඉතාම වැදගත්වේ. අද පවතින අපරාධ රැල්ල එම චිත්ත සමාධිය නැතිවීමේ ප්‍රථිඵලයක් මිස වෙන මොකක්ද? එකී දමනය ඇති කරවාලන්න වර්තමාන බොදු පිළිවෙත් ප්‍රයෝජනයක්වීද?
පෝදා පොසොන් දේශණයක් ලන්ඩන් වල සිට පැවැත් වූ හිමිනමක් වදා ළේ එම නගරයේ හිතුමතේ පාර පනින අයවත්, තරගයට රිය පදවන රියදුරන්වත්,තමා නොදුටු බවය. එසේම කුණු කසල බිදක් දුටුවිට ඒවා අදාළ භාජනයකට හෙළා තම ගමන යන දරු පිරිසක් ද , එහි තමා දකින බවය....... නිවේදකයා ඊට හේතු විමසූ ව්ට එම හිමිනම කීවේ, ඒවා ගෙදරින් පාසැලෙන් ලද පුහුණු බවය. දැන් එහෙම නම් බුදු දහම කුමක්ද? වැටහේ. තම සිත දමනය කර නිසි මග යාම නොවේද?

මහා දන්පින් කිරීමට වඩා, අවශ්‍ය අයට ඒ බෙදා හදා දීමය. නිකන්ම සරණං ගච්චාමි නොකියා එම බුදු සුවද තමා තුළට අවශෝෂණය කර ගැනිමය. ලෙඩුනට , නැතිබැරි අයට ප්‍රතිඋපකාර නොබලා සැළකීමය. එයයි නියම බුද්ධ වන්දනාව. එයම තමා සිත සැනසීම. “සංතුට්ඨීච පරමං ධනං,, (සතුට පරම ධනයයි) ඔබ වපුරන දේම අස්වැන්න සේ පෙරලා ඔබට ලැබෙන බව නිති සිහියේ තබාගන්න.ඔබට එවිට තෙරුවනේම සරණ ලැබෙනු නොඅනුමානය.
ඔබ සැමට තෙරුවන් සරණම වෙත්වා!!!


ආනන්ද විජයරත්න (andaw)


.

Wednesday, June 26, 2013

__( )__ තිමිර පටලය

ගොනාට පෙර කරත්තය යාම
බුදු හිමියන් පැවසුවේ දහම තමා තුළට එබි බලා හදුනා ගන්නා ලෙසයි. ...... මෙය මෙනෙහි කිරීමක් ලෙස සදහන් වුවත් ඉන් අදහස් වන්නේ අතීතයට ගියදෙයක් නැවත සිහිකිරීමක් නොවේ. තමන්ම තමා ගැන .... තම ඇතුළතාන්තය ගැන ස්වයං අවබෝධයක් ලබා ගැන්මය. එය අපහසු කටයුත්තක් නොවේ. සිත + කය එකට බැදී ඇත්තේ තණ්හා නමැති රැහනකිනි. එය කඩා මේ දෙක වෙන් කරන්න ඔබට හැකිද? එවිට මේ දෙක දෙකක් වශයෙන් දැනේ. එය දකින්නේ ප්‍රඥාවෙනි. පොත පත දැනුමෙන් නොවේ. අප පළමුකොට අපව රවටන ඉන්ද්‍රිය මායාව වටහාගත යුතුවේ. මෙම ඉන්ද්‍රිය කෙතරම් ප්‍රාථමිකද?

 ඇසට ඇසවත් දැකගන්න බැරිය.
 
මොනයම් හෝ වස්තුවක් නෙත ගැටුනාට එය දක්නට ආලෝකයක් ඇවැසි වේ. කණ ගැන වුවත් කිවයුතුව ඇත්තේ බල්ලෙකුට ඇසෙන හඩ අපට නෑසෙන බවය. ඔබ සවනට බෙර ශබ්දයක් ඇසේ. බෙරයෙන් අත ඉවතට ගත් වහාම හඩ නෑසී යයි. එයයි ඇත්ත.

 හැම ඉන්ද්‍රියයක්ම මායාකාරී වේ.එවන් සිතකින් , කයකින් සත්‍ය දැකිය හැකිද? එහෙම නම් මේ ඇත්ත , ලෝක සත්‍යය.. අප ඉන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නවාද? ඊට එහා ගිය දෙයක් යොදා ගන්නවාද? ඒ මොකක්ද? මදකට විමසන්න. ඒ බලය ඇත්තේද, ඔබ තුළම මිස බැහරක නොවේ.


මේ සදහා භාවනාව කෙතරම් උචිතද?
 අප අනුදක්නා බෞද්ධ භාවනාව තුළ කයේ හා මනසේ බන්ධනය තව තව වැඩිකරයි. ගැලවීමක් ඇත්තේම නැත. සිදුහත් බෝසතාණෝ වසර 6 ක් අෂ්ඨ සමාපත්ති ආදී එවකට තිබූ දේ වල ඇලී ගැලී සිට ඒවායේ නිසරු බව දැක අත්හැර තුමූම ස්වයං අවබෝධයෙන් තිමිර පටල ගලවා දමා බුද්ධත්වය පසක් කළ සේක. ඒ මග අපටද විවරකළ සේක. අද අපට ඇත්තේ ඒ මග යාම පමණි. පළමුව මදක් හෝ “මම“ කියන තැනින් ඔබ්බට පය තැබිය යුතුය. එවිට බුද්ධ ගුණය ඔබ තුළට කාන්දු වන්න පටන්ගනී. එය පෙර ඔබ සිටිය තැන හෝ දැන් ඉන්න තැන නොවේ. ආර්යදර්ශනයයි. බුදුන් දැකීමයි. එවිට මග පැහදිළිවන්න පටන් ගනී. ඔබ මෙතෙක් සිටි මුලාව දුරුවේ. අදුර ටික ටික ඉවත්වේ. ඉන්ද්‍රිය ලෝකයෙන් ඔබ්බෙහි ඇති ලොවක් ඔබට දෘෂ්‍යමානවේ.


ඇත්තේ ධර්මතා මිස වෙන යමක් නොවන බව දකී. සත්ව සංතතියක් මිස ඔබ හා මම කියා වෙන්කොට ගන්නා බැමි ලිහේ. මෙතෙක් අදුරේ අත පත ගෑ ඔබට නවමු මාවතක් විවරවේ.

ඔබ පළමුව ආර්ය වී ආර්ය මාර්ගයේ යනු විනා........... “ආර්ය මාර්ගයේ“ ගොස් සත්‍ය දකිනවා යන්න “ගොනාට පෙර කරත්තය යාමක් වැනිය. මෙම මුලාව වැරදි දේශණ හා අර්ථ කථන නිසාවෙනි.

සැමට සම්බෝධිය පහළවේවා!



ආනන්ද විජයරත්න



Friday, June 21, 2013

පුනරැත්පත්තිය ^^^^^^^^^^^^ ංංංං -8-


 සම්මා දිට්ඨි

අමදිමි ... බෝමලුව...
හැලෙයි බෝපත් සරසරව
පෙර දිනෙක බැබලුන.....
හරිත වර්ණයෙන්
දිටිමි ............
එම බෝපත් සැකිළි
නාරටි වි දිරා ගොස්

                                    ගසටම පෝර සපයන
                                    අපූරැව ඔබ්බෙන්...


                                     අහා මේ කිම? ....
                                     හිස ඔසවන
                                     ලොව බලන්නට
                                     දිදුලන අංකුර සිගිත්තක් ...
                                     ගසට මදක් ඔබ්බෙන්
                                                      සිනාවෙන
                                                     

                                      සැම කියයි ඒ
                                      නව රැකක් බව
                                      සෙනෙහෙ පාමින් ඊට
                                      ඒත් මම දකිමි ......
                                                     

                                       එකම බෝ තුරෙන්
                                       විහිද ගිය
                                       අක්මුල් වලින්
                                                       පැන නැගි
                                        පුංචි බෝරදුනගේ....
                                        පුනරැත්පත්තියක්
                                        ලදිමි
                                 සම්මා දිට්ඨියක්

Thursday, June 20, 2013

වන්දනීය වූ පූජනීය වූ!!!


කොයිබටද.... ?


දෙපා දොවා පිසදා
සුදු ඇතිරිලි එලා
වන්දනීය.. පූජනීය
අප යතිවරු
 අද ?
දියව්..... පලයව්..
 කියා මොරගසමින්
පෙළපාලි යයි නම්
භික්ෂුත්වය...... .
කොයි බටද...?
 මට සිතේ. ........


නිහඩ වත දරමින්
නිසොල්මනේ
සංවරව
වෙඩි වරැසා මැද වුව
 නොබියව
අරමුණ වෙනුවෙන්
පෙරමුණට
යන භික්ෂුත්වය
ලෝකයේ දෑස අරවයි
 පත්වේ ...
පූජනීයත්වයෙන්
පූජනීයත්වයට. ......

 තුවක්කු
ලක්ෂයක
එල්ලයට වඩා
 බලවත්ය
 එම දැහන.


(ආනන්ද විජයරත්න)

Wednesday, June 19, 2013

එකම අත්ලය - ඇගිලි පහකි.?

සංතතික දහම
^^^^^^^^^^^^^^^^ 
මේ විශ්ව චලිතය තුළ සියල්ල පවත්නේ චක්‍රීය මගක යමිනි.එනිසා එහි ඇරඹුම් අවසානයක් දැකිය නොහැක.මෙය බුදු හිමියන් වදාලේ පටිච්ඡයක් ලෙසිනි. සියලුම ධර්මතා එකිනෙකට පටිච්ච වෙමින් යන අතර ඒ හේතුඵලවාදය ලෙස වදාළේද බුදු හිමියන්මය. ජීව, අජීව. සියල්ල මේ අතර සංස්කරණය වෙමින් නව ජනිතයන් බිහිකරන අතර ඒ සියල්ලම නිත්‍ය පැවැත්මකට යටත් නොවේ. මිනිසා චින්තනයේ යෙදෙන හෙයින් හේ තමා විශේෂ කරගනි. මේ දහම නොදැක ඔහු මේ ලෝකය ඉන්ද්‍රිය අරමුනු හරහා දැනුමෙන් අල්ලා ගනී.එයින් ඔහුට ගැලවීමක් ඇත්තේම නැත.

 මේ ඇත්ත දකින්න නම් මනස් මායාවෙන් මිදි සිතෙන්ම සිත දැකිය යුතුවේ.එසේම අල්ලාගත් දැනුම අත හැර අප උපදින විට ගෙන ආ ප්‍රභාෂ්වර සිත අවදි කරවා ගත යුතුය.එය දහමේ යෝනිසෝ මනසිකාරය ලෙස විස්තරවේ.දැනට අප ඉන්න තැන සිට සත්‍ය දක්නට යාම පැදුරේ සිටම එය හකුලුවන්න දරන උත්සහය මෙන් ව්‍යර්ථවේ. එසේ සියලු සීමා බන්ධන ඉවත් කළවිට සත්‍යය ගවේෂණය කළ හැක.නැත් නම් අප අසාගත් දැනුම නැමැති උගුලේ හිර වෙනු ඇත. මෙහිලා කෙනෙකු අසන්නේ කිසිම දහම් දැනුමක් නැතිව කොහොමද මෙය දකින්නේ කියාය.

ඇත්ත.මෙවලම් වශයෙන් භාෂාව, වචන පාවිච්චිකරන්න වෙනවා.නැතිව කොහොම සංනිවේදනය කරන්නද? අප නොසිතන දෙයක් තමා මිනිසෙකුට වගේම සතෙකුටත් ආදරය, කරැණාව වැනි ගුණාංග භාෂාවකින් තොරව දිය හැකි බව. අප සිරැර තුළ ඇත්තේ මේ අප ජීවත්වන වටපිටාවේ ඇති වායුව,ජලය,ආහාර වැනි සාධකය.වායුව නැතිව , හිරැ එළිය නැතිව, ජලය නැතිව කුමන ජීවත්වීමක්ද? අප මේ සොබා දහමේමම පුරැකක් වෙමු.අප එකිනෙකා සංතතික වශයෙන් එකට බැදී සිටිමු.

අප කාබන් චකුය, ස්වාභාවික ජල චක්‍රය හදාරා ඇත්තෙමු. ඒවා චක්‍රීය මගක යයි.අපද ඉපිද මියගොස් මේ දහමටම එක්වෙමු.අද හිටිය මනුස්සයාම හෙට උපදිනවා නොවේ.හැබැයි ඔහු නොවන්නේද නොවේ. ඒ ඇයි මේ සියල්ල මහාභූත නිර්මාන බැවිනි.එනිසා යථාර්තයක් වන්නේ, ඇත්තේ ජීව වස්තු නොව වෙනස් වන ධර්මතා පමණක් පවත්නා බව වටහා ගැන්මයි. මෙය තේරැම් ගත් විට අස්මි මානය හෙවත් මම ... යන මුලාව දුරැවේ.එවිට මගේ කියාද අයිති ය් නැත බුද්ධ යනු එලෙස මමායනයෙන් මිදුන ආධ්‍යාත්මික තත්වයකි.නැතිව අප මිය ගිය කෙනෙකුට ගරැ සත්කාර කරනවා නොවේ.නිවන් දකින්නෝ බුදුන් නිවරදවම දැක නොගතහොත් ඔවුනට මෙම නිවන ඈතය. .


ආනන්ද විජයරත්න






Wednesday, June 12, 2013

දැනුමෙන් නිවන හමුවේද? ? ?

දැනුම යනු කුමක්ද?
එම දැනුමෙන් අප සොයන නිවන හමුවේද? *****************************************



 ඇස ... භාවිතාකරමින් අප ලබන දැනුම් සම්භාරයක් වේ නම් ඒ හරහා අප "දෘෂ්ඨිවාදී " වේ. 

කණ... ඇසුරැකොට හෙවත් කණෙන් අසා ලබන දැනුම තුළ අප............. " සුතවාදී " වේ.
නාසය, දිව, සිරැර,... ඇසුරැ කොට ගන්ධ/රස/ ස්පර්ශය පදනම් කොට ..... " මුතවාදී " වේ.
මොළය හා සිත ඇසුරැ කොට චින්තනය හරහා අප ......................" විඤ්ඤානවාදී " වෙමු.

මේ " පුබ්බේ සුතෙසු ධම්මෝ " හෙවත් පෙර අසාගත් දහම " වේ.
 දම්සක් පැවතුම් සූත්‍ර දේශණාවේදී වදාළේ " පුබ්බේ අනනු සුතේසු ධම්මේසු"
හෙවත් පෙර අසා දරාගත් දහමෙන් ඉවත්වෙමිනි.
ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය යනු අප ශඩ් ඉන්ද්‍රියයන් හරහා ලබන දැනුමවේ.
මේ ඉන්ද්‍රියායතන හරහා ලබන දැනුම තුළ "අස්මිය" හෙවත් මම/ මාගේ යන " මමායනය " ඇත.
මේ දැනුම තුල ශාස්වත වාදය....
උච්ඡේද වාදය....
ඇත.... නැත....
කාම සුඛල්ලිකානු යෝගය....
අත්තඛිලමතානු යෝගය යන දෘෂ්ටි ඇත.
 ඔබ / මම වැනි සියලු පෘතග්ජනයෝ එම අස්මිමානය වැලදගෙන
ඒ තුල සිට කටයුතු කරම්හ.
මෙය මිත්‍යාදෘෂ්ඨියයි.
මම යන තැනින් ඉවත්වූ විට
සම්මාදිට්ඨිය පහලවේ.
ඒ තුළ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය මාර්ගය විවෘතවේ.
එවිට ඉන්ද්‍රිය අනුමාන ඥානයෙන් මිදි
 සත්‍ය ගවේෂණය කළ හැක.

 (පාතේගම සුමනරතන හිමි දේශනාවක්
ඇසුරෙන් සකස් කළේ
ආනන්ද විජයරත්න)

Wednesday, June 5, 2013

පිංකන් කියා කරන ගොංකන් ?

පිංකම් හා ගොන්කම් **************


 මිනිස්සු නොයෙක් ආකාරයේ වෙළහෙලදාම් කරති.ජාත්, ආගම්, කුල මල භේද නොමැතිව හැම දෙනාටම විකුණති.
අප ඒවාට පිංකම් නොකියන්නේ ඇයි? ලාභයක්, ප්‍රයෝජනයක් බලාගෙන කරන නිසයි. හොදයි කෙනෙක් මුදලින් හෝ වෙන යම් ආකාරයකට අසරණයෙකුට දිළින් දෙකුට උදවු කරන්නේ , ප්‍රශංසාව, කීර්තිය, නම්බුව, පෙරළා උපකාරය බලාගෙන නම් ඔබ එය අනුමත කරන්නේද? ඇත්තෙන්ම නැත.එය පිරිසිදු අදහසක් නොවේ.එයද පෙරකී වෙළදාමටම සමානය.හොදයි ඒ දේ කරන්නේ පරලොව සැප බලාගෙන වුනොත් ඔබ මොකද කියන්නේ?මම කියන්නේ ඒකේ කිසිම වරදක් නැති බවයි.කවුරැත් පිංකම් කරන්නේ පරලොව හිත සුව පිණිසම නේද?

හොදයි මම මෙහෙම අහන්නම් .............. ඔබම කීවා ඒවා මෙලොවට හරි නෑ කියලා.එතකොට ඒක පරලොවට හරියන්නේ කොහොමද?.... එතැන දී වෙන්නේ සැප වැඩිකර ගැන්මට කාලයක් දී .....බැකුවේ දමා ගත්තා වගේ නෙමේද? එතකොට ඔබ කර්ම ඵල විශ්වාස කරන්නේ නැද්ද ......? අදහන්නේ නැද්ද? මොකෝ නැත්තේ ... මම අදහනවා... කර්ම ඵල කියන්නේ ක්‍රියාවක සැබෑ තතු වටහා ගැනීම නොවේද? ඵලයට ලොල්වීම තෘෂ්ණාව නොවේද?එය වෙළදාමක්ම නේද? වැඩි දෙනෙක් යමක් කරන්නේ ඵලය බලා ගෙනයි.තම දෙව්ලොව ගමනට හෝ නිවන් යාමට ඉනිමගක් කර ගන්න බලාගෙන නම් . ඒ අදහස හරිද?..... උත්තම අදහස වන්නේ ඵලයක් ‍බලාපොරොත්තු නැතිව සත් ක්‍රියාවක් කිරීමයි.


 ( වල්පොල රාහුල හිමියන් ගේ දහම් පණිවිඩයක අනුසාරයෙනි- ආනන්ද විජයරත්න)