Sunday, February 3, 2013

Happiness: Preview ""

Happiness: Preview ""
many days in the year as you make use of. One man gets only a week’s value out of a year while another man gets a full year’s value out of a week.”
Charles Richards

There are many important things in life.
Your family and friends. A hobby perhaps. Working out and staying healthy. Reading, learning and growing as person.
But finding the time for what is most important in life is not always easy. It sometimes feels like there aren’t enough hours in the day.

Saturday, February 2, 2013

" සාමුක්කංසික දේශනා"


 " සාමුක්කංසික දේශනා"


බුදුරදුන් වදාළ පිළිවෙළ කතා දියට වන් පුද්ගලයාට දිය ගලා යන පහළට පිහිනීම පහසු කාර්යයකි. දියෙහි උඩු අතට පිහිනීමට නම් යම් වීර්යයක්, ආයාසයක්, වෙහෙසක් දැරිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පර්යාප්ති (පෙලදහම දැනගැනීම), ප්‍රතිපත්ති (දැනගත් දහම ක්‍රියාවට නැඟීම) හා ප්‍රතිවේධ (ක්‍රියාවට නැඟීම තුළින් ප්‍රත්‍යක්‍ෂ කිරීම,) වශයෙන් ත්‍රිවිධ වෙයි. එකී ධර්මය අවබෝධකර ගැනීමට නම් ඉහත කී පරිදි දියෙහි උඩට පිහිනීම වැනි යම් වීර්යයක් දැරිය යුතුය. මේ දහම ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත ‘පිළිවෙළ කතා’ වශයෙන් හැඳින්විය හැකිය.


සදහම් මෙගහි යෑමට ශ්‍රාවකයා තුළ කැමැත්තක්, අවබෝධයක් ඇතිකිරීමට බුදුරජාණන්වහන්සේ මේ පිළිවෙළ කතා ක්‍රමය බොහෝ විට අනුගමනය කළ බව ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ලෝක සම්මත ධර්මයට ගරු කරමින්ම පරමාර්ථ දහමට තම අනුගාමිකයා පොළඹවා ඇති බව මේ කතා මාර්ගයෙන් සනාථ වේ. ඒ වන විට දේවවාදි නා අදේවවාදි ආගම් තුළින් ජනයා පෙළ ගස්වා තිබුණේ දිව්‍ය ලෝක සම්පත් හා බ්‍රහ්ම ලෝක සම්පත් අනුභවය සඳහාය. ඔවුනගේ ‘නිවන’ ද ඒවාම විය.

එහෙයින් බුදුරජාණන් වහන්සේ තම ධර්මය තුළින්, දීමෙන් (දානයෙන්) මෙම දිව්‍යලෝක සම්පත්තිය ලැබිය හැකි බවත් සමාධි භාවනාවෙන් බ්‍රහ්ම සම්පත් ලැබිය හැකි බවත් දේශනා කරමින්ම කාම, රූප, අරූප භව සම්පත්තීන්හි ආදීනව දේශනා කළ සේක. ආදීනව දේශනාව මගින්, තම අනුගාමිකයා කාමයන්ගෙන් මුදවා ගැනීමට නෙක්ඛම්ම දේශනාව කළ සේක. කාම සම්පත්තින්හි ආදීනව දැක නික්මුණු ශ්‍රාවකයාගේ සිත සාමුක්තංසික (ගැඹුරු) දේශනාවට මෙහෙයවන ලදී. මේ එක් එකක් පෙළදහමෙහි හා අටුවාවන්හි එන අයුරු මෙසේ පෙළගැස්විය හැකිය. ඒ පිළිවෙළ කතා නම්, 1.11 දාන කතා 2., ශීල කතා 3., සග්ග කතා 4., ආදීනව කතා , නෙක්ඛම්ම කතා,   සාමුක්කංසික දේශනා වශයෙනි.
මෙම කතා ගැන අප අසා ඇත්තෙමු.සමහර අයට ඉන් බැහර බුදු දහමක් නැත. ඒ තරමටම හුදෙක් ප්‍රතිලාභ සදහාම ආගම විශ්වාස කිරීමෙනි.එනිසා ඉන් බැහර දර්ශනයක් ලෙස බුදු සමය දක්නා කෙනෙකුට " සාමුක්කංසික දේශනා" ම වැදගත් වන හෙයින් ඒ ගැන පමණක් පහතින් උපුටා දැක්වීමි............
 (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සහකාර ලේකම් කේ.කේ. සුගතපාල)
(පෙළ ගැස්ම ආ.වි.)

මාර්ගයට පසුව නිරෝධය .... ?


දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.






බුදු දහමේ අත්‍යන්තවූ හරය ඇත්තේ එහිය. නමුත් එය මජ්ජිම නිකාය, දීඝ නිකාය වැනි වැඩිදෙනා අනුදත් තැනකට එක් නොකොට ඛුද්දක නිකාය වැනි එතරම් ප්‍රචලිත නොවුන තැනකට එක් කොට ඇත්තේ කාගේ වුවමනාවකටද? යි පාතේගම සුමනරතන හිමියන් විමසයි.එසේම එහි ඇති අන්ත දෙක "විදීම" පදනම් කොට ගත් එකක් බැවින් එම ද්වි අන්ත වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වනවා මිස එහි මැදින් යාමක් මධ්‍යම ප්‍රතිපදාව තුල අදහස් නො කෙරේ යනු උන්වහන්සේ ගේ අදහසයි.

 සිදුහත් තවුසා බුද්ධත්වයට පෙරම අෂ්ඨ සමාපත්ති ප්‍රගුණ කොට තිබුණි.අවු. 6 ක්ම දුෂ්කර ක්‍රියාවේම නියැළී සිටියා කීවොත් ඒ වැරදිය.විවිධ ගුරැවරැන් ලගට ගොස් ඔවුන ගේ දැනුම ගැන විමසීමත් කළේ එම වසර 6 ක කාලය තුලමය. එහෙත් තමා සෙව් දේ ඔවුන් ලග නොතිබූයෙන් ඒ සියල්ලම හැර දමන ලදී.තම ප්‍රඥාව තුළ එකී දෘෂ්ඨිවලින් මිදුන විට සත්‍ය දර්ශණය විය.එය අවබෝධය පිළිබද කාරණයක් මිස චින්තනයේ යෙදීමකින් ලත් දෙයක් නොවේ. චින්තනයේ යෙදෙන සැම විටකම ඊට නාම, රෑප හා බැදුණු " විදීම" එක්වේ.එවිට මම ඉස්මතුවේ.කොණ්ඩඤ්ඤ තවුසා දහම් මගට වැටුනේ ප්‍රඥාව,ශීලය,සමාධිය අනුපිළින් ගෙන නොවේ.එක්ව සමගාමීවය.

මේවා එකිනෙකෙන් වෙන් කොට දක්වන චින්තනයේ යෙදෙන භාවනාවක් විමුක්ති මාර්ගයට නැත.නිරෝධ සමාපත්තිය යනු අනාර්ය සමාධිය නොවේ.ප්‍රඥාවම පෙරටු කොටආර්ය ශීලයත්,ආර්ය සමාධියත් සමගාමීව වර්ධනය කොට සෝතාපන්න,සකෘදාගාමී,අනාගාමී අවසන රහත් ඵලයට පත්වේ. චතුරාර්ය සත්‍යය දැක්ම තුළද මාර්ගයට පසුව නිරෝධය මිස මුලින් නිරෝධය දක්වා පසුව මාර්ගය දැක්වීමද ආයුර්වේද යේ එන සිද්ධාන්ත අනුගමනය කිරීමක් බව උන් වහන්සේ සදහන් කරයි. මේවා කවදා කෙසේ , කාගේ, උවමනාවටදැයි අපටද නොතේරේ.
(ආනන්ද විජයරත්න .)

Friday, February 1, 2013

දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.



දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.



 

බුදු දහමේ අත්‍යන්තවූ හරය ඇත්තේ එහිය. නමුත් එය මජ්ජිම නිකාය, දීඝ නිකාය වැනි වැඩිදෙනා අනුදත් තැනකට එක් නොකොට ඛුද්දක නිකාය වැනි එතරම් ප්‍රචලිත නොවුන තැනකට එක් කොට ඇත්තේ කාගේ වුවමනාවකටද? යි පාතේගම සුමනරතන හිමියන් විමසයි.එසේම එහි ඇති අන්ත දෙක "විදීම" පදනම් කොට ගත් එකක් බැවින් එම ද්වි අන්ත වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වනවා මිස එහි මැදින් යාමක් මධ්‍යම ප්‍රතිපදාව තුල අදහස් නො කෙරේ යනු උන්වහන්සේ ගේ අදහසයි. සිදුහත් තවුසා බුද්ධත්වයට පෙරම අෂ්ඨ සමාපත්ති ප්‍රගුණ කොට තිබුණි.අවු. 6 ක්ම දුෂ්කර ක්‍රියාවේම නියැළී සිටියා කීවොත් ඒ වැරදිය.විවිධ ගුරැවරැන් ලගට ගොස් ඔවුන ගේ දැනුම ගැන විමසීමත් කළේ එම වසර 6 ක කාලය තුලමය. එහෙත් තමා සෙව් දේ ඔවුන් ලග නොතිබූයෙන් ඒ සියල්ලම හැර දමන ලදී.
තම ප්‍රඥාව තුළ එකී දෘෂ්ඨිවලින් මිදුන විට සත්‍ය දර්ශණය විය.එය අවබෝධය පිළිබද කාරණයක් මිස චින්තනයේ යෙදීමකින් ලත් දෙයක් නොවේ. චින්තනයේ යෙදෙන සැම විටකම ඊට නාම, රෑප හා බැදුණු " විදීම" එක්වේ.එවිට මම ඉස්මතුවේ.කොණ්ඩඤ්ඤ තවුසා දහම් මගට වැටුනේ ප්‍රඥාව,ශීලය,සමාධිය අනුපිළිවෙලින් ගෙන නොවේ.එක්ව සමගාමීවය.මේවා එකිනෙකෙන් වෙන් කොට දක්වන චින්තනයේ යෙදෙන භාවනාවක් විමුක්ති මාර්ගයට නැත.
නිරෝධ සමාපත්තිය යනු අනාර්ය සමාධිය නොවේ.ප්‍රඥාවම පෙරටු කොට ශීලයත්, සමාධියත් සමගාමීව වර්ධනය කොට සෝතාපන්න,සකෘදාගාමී,අනාගාමී අවසන රහත් ඵලයට පත්වේ. චතුරාර්ය සත්‍යය දැක්ම තුළද මාර්ගයට පසුව නිරෝධය මිස මුලින් නිරෝධය දක්වා පසුව මාර්ගය දැක්වීමද ආයුර්වේද යේ එන සිද්ධාන්ත අනුගමනය කිරීමක් බව උන් වහන්සේ සදහන් කරයි. මේවා කවදා කෙසේ , කාගේ, උවමනාවටදැයි අපටද නොතේරේ.

ආනන්ද විජයරත්න



දහම බටහිරට ගෙනයායුත්තේ.....?......?


අප බුදු දහම බටහිරට ගෙනයායුත්තේ තවත් එක් ආගමක් වශයෙන්ද?


 අද භෞතික ලෝකය පාලනයට අතගසා ඇති විද්‍යාඥයා - පාලකයා, යන අයගේ මනසට බුදු සමයේ හරය ඉතා ඉක්මණින්ම ගලා යාමට අවකාශ සලසා දිය යුතුව ඇත.එසේ නොවන්නට මට, ඔබට,අප සැමට, මිහිමත ආයුකාලය කෙටිවනු ඇත. දැනටමත් පෙර නිමිති පහළව ඇත.එක්තරා කංඩායමක ව්‍යාපෘතියක් තුළ කරන පර්යේෂණයක් මගින් පෘථිවි ගුරැත්වාකර්ෂණයට එල්ල කරන අති සියුම් ධ්වනි තරංග මගින් පෘථිවි ගර්භයේ ඇති කරවන කැළඹවීම් තුළ මහා පරිමාන භූ චලන ඇති කිරීමේ හැකියාව සාර්ථකව අත්හදා බැලේ. දැනටමත් සාර්ථකව සතුරැ කලාප ඉලක්ක කොට හානි පමුණුවා ඇත.මෙය ඉතාම භයානක පියවරකි.

 බුදු සමය අගයන රටක් හැටියට අපට කළහැකි ඉතාම හරවත් දෙය කුරැවල් වූ මනසින් යුතුව කරන මේවා දහමින් යහමගට ගෙන නැවැත්වීමයි. මෙය කළ යුත්තේ තවත් එක් ආගමක් ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයෙන් නම් නොවේ.බෞද්ධ දර්ශණයේ හරපද්ධතියෙනි.මෙත්තාවෙනි. ලන්ඩන් විහාරාධිපති පූජ්‍ය දර්ශනපති කේ.සිරිධම්මානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ දැනටමත් එංගලන්තයේ දෙවන ආගම බුදු දහම බවයි. දහම් මධ්‍යස්ථාන 400 ක් ද එම මගට වැටුණු අය 2000ක් පමණ ද සිටින බවයි. ඇමෙරිකාවේ ද මධ්‍යස්ථාන 2000ක් ඇති බවයි.මා දන්නා පරිදි මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) ද බෞද්ධ මධ්‍යස්ථාන හා භාවනාමය වැඩ සටහන්ද වේ.එනිසා මෙය නොකළහැක්කක් නොවේ.

 විද්‍යාඥයාට ආගමක් තුළ සංයමයක් ඇවැසිවනවාක් මෙන්ම ආගමකටද විදෘත්මක පදනමක් නැතිවුව හොත් එය වියකී යයි.අද දේව විශ්වාසය වියකෙමින් තිබේ.මගුලට,මරණයට පල්ලිය සීමාව ඇතිබව පෙනේ.වියදම් ගෙවමින් පුද්ගලයන් නිවෙස් වලට යවා පත්‍රිකා බෙදමින් කරන දේශණ මම ද අසා ඇත්තෙමි. අප කවුරැත් දන්නා පරිදි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරක් කීවේ තමා ආගමක් තෝරා ගන්නේනම් ඒ බුදු සමය බවයි.විද්‍යාඥ ආතර් සී.ක්ලාර්ක් මහතාද බුදු සමයෙන් කළ හැකි දේ පිළිබදව අනාවැකි කියාඇත.එසේ නම් අප කළයුත්තේ කුමක්ද?


තවදුරටත් ඇදහිලි පුද පූජා ඇති ආගමකට නැඹුරැ වූ ස්වරෑපයක් ඇති බුදු සමයක් හදුන්වා දෙනවාද?එසේ නැතිව සැබෑ බුදු සමය "දර්ශණයක්" ලෙස ප්‍රචලිත කරනවාද? මේ සදහා අපට සම්පත් දායක වශයෙන් යොදාගත හැකි භික්ෂූන් වහන්සේලා ඕනෑ තරම් වැඩ සිටිති.

අද උන්වහන්සේලා දායක කාරකාදීන් ගේ මළගිය ප්‍රාණ කාරයන්ට පිංපෙත් පැමිණවිමේ දාන මාන වලට සීමාවී සිටිති. තම තමන් ගේ හැකියාව පෙන්වන්නට තරගයට කරන පිංකම් වලට උන්වහන්සේලා කැදවනු ලැබෙති.නැත්නම් දේශපාලක යන්ගේ එම හිතවතුන් ගේ ආසන පිරවීමට කැදවන්නන් බවට පත්ව සිටිති.

මේ තත්වය වහාම වෙනස් කොට හොද විදෙස් භාෂාමය හැකියාවන්ඇති භික්ෂු පරපුරක් බිහිකොට උන් වහන්සේලා රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෝ විදෙස්වලට ධර්ම ප්‍රචාරක කටයුතු සදහා යැවිය යුතුය. එම මාහැගි සත්‍ය දර්ශනය නොඅඩුව ලෝකයා වෙත ලබා දිය යුතුය.බුදු දහමේ සැබෑ සිසිලස වින්දනය කිරීමට සියලු සතවෙත මහා කරැණාවෙන්,මුදිතාවෙන් ඉඩකඩ මුදා හැරිය යුතුය.
 "සබ්බෙ සත්ථා භවන්තු සුඛිතත්ථා"


( ආනන්ද(Andaw) බටහිර ඕස්ට්‍රේලියාවේ සිට.)

දහම තහවුරැ වන " හොලෝ ග්‍රැ‍ෆි "


බුදු දහම තහවුරැ වන " හොලෝ ග්‍රැ‍ෆි " තාක්ෂණය


 TV එක තරම් අපට හුරැ නැතත් ප්‍රොජෙක්ටර් මගින් චිත්‍රපට ශාලාවල ත්‍රිමාණ දසුන් ප්‍රෙක්ෂකයා වෙත ගෙන එන මෙවලමක් මෙසේ හැදින්වේ.රෑප වාහිනියේ පැතලි තිරයක් මත දිස්වන රෑප කුමන කෝණයේ සිට නැරඹුවත් එහි වෙනසක් නැත.එහෙත් මෙහි විශේෂත්වය වන්නේ ඉදිරි පසින්,පසුපසින්,පැත්‍තෙන් සිට බලනවිට ස්වභාවිකවම බලන ලෙස දසුන් මැවීමයි. වින්දනය තවත් තීව්‍ර කිරීමට වාඩිවී සිටින අසුන මගින් දර්ශනයට අදාල චලනයන් , ගද, සුවද ආදිය මුසු කෙරේ. මේ තුළ ඔබට හැගීයන්නේ සැබවින්ම ඔබ එම දසුන් සමග සම්බන්ධ වී සිටින සෙයකි.රෑප අතගෑවාම නම් අතට හසු නොවේ.එයයි අඩුව. මම මේ ටික කියන්න අදහස් කෙළේ අප සිරැරේ ඉන්ද්‍රිය සමායෝජනයෙන් ද මොළය අපට මවා පෙන්වන්නේ මෙවන් නැති දෙයක් ඇති ලෙසටය. ඇසට එන ආලෝකය වර්ණ හා රෑප ලෙස කැමරාවේ සටහන් වන ලෙසට ඇසේ දෘෂ්ඨිවිතානයේ නාභිගතවේ.ඊට සම්බන්ධ ස්නායු මගින් ඒ ස්නායු ආවේදනයක් ලෙසට පරිවර්ථනය කොට මොළයේ දෘෂ්ඨික මධ්‍යස්ථානයට යැවේ.එහිදී පෙර මතකයන් හා විශ්ලේෂණය කරමින් එය "රතු රෝස මලක්" යැයි ඔබ ඉදිරියේ පවා පායි.හැබයි එම දසුන හොලෝ ග්‍රැෆි දසුන් හා අසමාන වන්නේ ඇල්ලූ විට පහස ද ගතට දැනෙන බැවිනි.මේ නිසා අප එය ඇත්තක් ලෙස දකිමු.හගිමු.



එකි ස්පර්ශය, ශ්‍රවණය, රසය, ගන්ධය, ගතට ලබාදෙන්නේ ද පෙර පරිදිම ස්නායු ආවේදන මගිනි.ඒවා තාවකාලිකව අඩපණ කොට(නිර්වින්දනය කොට) ශල්‍යකර්ම ආදිය කෙරේ. එසේ නම් මේ සියල්ල නැති දෙයක් ඇති ලෙසට පෙන්වන මායාවන් බව ඔබට වැටහෙනු ඇති.තම අතින් තමාගේම අත අල්ලන විට එය තිබෙන දෙයක් ලෙස දැනෙන්නේ ස්නායු විද්‍යුත් ගාමක බලය නිසාවෙනි. පුදුමය එය නොවේ තාක්ෂණික මෙවලම් නොදියුණු අවදියක තමාගේම දැක්මෙන්ම , අවබෝධයෙන්ම වටහාගෙන " සබ්බේ සංකාරා අනිච්ඡා" කීවේ අප සම්මුතියේ අදහන කාලය නමැති මායාව තුළ අදහන අදට අවුරැදු 2600කට පෙරවීමයි. එයයි බුද්ධත්වය.

 ආනන්ද විජයරත්න (Anadaw)

*දහම බැහරක නොවේ.

සනාතනික දහම



අද ලෝකයට අප ගෙන යා යුතුව ඇත්තේ,පුද,පූජා,ව්‍රත හා බැදුණු විශ්වාස වලින් යුතු ආගමක් නොව තමා පිළිබදව තමා විසින්ම ගවේෂණයකොට දැක හදුනා ගන්නා ආකාරයේ ස්වයං දර්ශණයකි.ඊට වඩාත්ම ගැලපෙන්නේ බෞද්ධ දර්ශණය බව විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් හා ආතර් සී.ක්ලාර්ක් වැනි බුද්ධිමතුන් සනාථ කොට ඇත.

 ප්‍රශ්ණයක්ව ඇත්තේ අප වැඩි දෙනා දන්නා බුදු දහම එහි මූලික හර පද්ධතියට හානියක් නොවන අයුරින් ජන විඤ්ඤාණයට ඒත්තු ගන්වන්නේ කෙසේද යන්නයි. බුදුසමයට පෙර පැවති දන්,සිල්,බාවනා,වැනි ආත්මය පෝෂණය කරන කාලික වේදාන්ත දහම එදා ප්‍රතික්ෂේප කළෝ බුදුරදහු ම ය.ඒ වෙනුවට උන්වහන්සේ කාලයට අසු නො වන කාවිසිනුත් විමසා දැකිය හැකි අනාත්ම දහමක් ලෝකයා ඉදිරියේ තැබුවද අද කාලයේ වැලිතලාවෙන් වැසි,ඒ වෙනුවට පෙර පැවැති වේදාන්ත දහම කලඑළි බැස ඇත්තේ හුදෙක් ඒ මත යැපෙන පිරිස් ගේ පැවත්මට අනුබල සපයන්නක් බැවිනි.

 එනිසා වර්තමාන පරපුරට මුලික බුදු දහමේ ඉගෙන් වෙන මමායනයෙන් තොර. අනාත්ම ලක්ෂණ වලින් යුතු අකාලික දහමක් හදුන්වා ගැන්මට මග හෙළිපෙහෙළි කිරීම මෙම කංඩායමේ අරමුණක්ව ඇත.ඉන් තමා ගේ මෙන්ම අනුන ගේ ද සිත් සතන්හි නිවි සැනසීම ඇතිකොට ජාති ,ආගම්, භේද දුරැකොට ලොවටම බුදු සමයේ අගනා පණිවිඩය යැවිම අප ඒකායන අරමුණයි. මෙය හුදෙක් ඔබ කොටු වි ඇති සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට මනස මෙහෙයවා තමා ගේ විමුක්තිය තමා විසින්ම පසිදගන්නා ක්‍රමවේදයක් බව වටහා ගනු ලැබෙත්වා!.

(ආනන්ද විජයරත්න)

........... ලෝක ධම්මතාවය ........


“ලෝක ධම්මතාවය "


බුදුවරයෙක් ලොව පහල වුවත් නැතත් මෙම ධර්මතාවය පවත්නේ වෙයි,........(උප්පාදොවා තථාගතා.... අනුප්පාදොවා...) "මම අපෙ අම්මා පිළිගත් දහමේ හිටියනම් මම තාම එතැන. මම ධර්මය දේශණා කරන්නේ සිංහල බෞද්ධයන්ට , මුස්ලිම් අයට ,ක්‍රිස්තියානි අයට නෙමෙයි. බුද්ධිමත් මිනිසුන්ටයි" ( සෝම හිමි "ලෝක ධම්මතාව" දේශණා )
 මම මේ ලිපිය සදහා පදනම් කරගන්නේද ඒ හර පද්ධතියයි.

 බුදුවරයෙක් ලොව පහළ වුවත් නැතත් මෙම ධර්මතාවය පවත්නේ වෙයි.එම ධම්මතාවය තුළ ගමන්කොට බුදුවරැ ලොව පහලවෙත්.එසේ පහළවන්නේ අත්‍යන්තයටම ආත්ම සංකල්ප මුල්කොට ගෙන තම තමාගේ ගොඩ වැඩිකරගන්නා සමාජ පරිසරයකට එහි නිශ්සාර බව පෙන්වා දීමටය.එම මග ඉතාම සරල වේ.වට පිටාවෙන්ම හා තමා තුළින්ම මෙය දැකගත හැක. ගලායන ජල පහරක් උදාහරණයට ගන්න.ඇත්තටම මෙහි ජලය කියා නිශ්චිත දෙයක් තිබේද? අපට එය ගලන බවක් දිස්වේ. ජීවිතයද (මම) එසේ වේ. චක්‍රාකාර මගක ගමන් කරයි.ඊයේ වට වැස්සේ ජලයම අද වහිනවා නොවේ. නමුත් ධර්මතාවය තුළ ජලය පොදුවේ. මෙම පොදු ජලාශය තුළ බුබුළු මතුවේ.ඒ බුබුලු මොහොතකින් පුපුරා හැලී එම ජලයටම එක්වේ.එයින් තව දිය බුබුලක් මතුවේ. එය පෙර එකම නොවේ. එසේ නොවන්නේ ද නොවේ.හේතුව දෙකටම පොදු ධර්මතාවය ජලය විමයි.


මෙයයි සංසාරික තත්වය.හැම බුබුලක්ම එකාකාරී නොවේ.විවිධය,විෂමය,එයට බලපානුයේද සංස්කාරවල වෙනස්වන හා සංස්කරණය වන ධර්මතාවයේ සීඝ්‍ර බවයි.


ජල අංශුවක් ගෙන බලන්න. එය වායුව නිසා හටගැනී ඇත.වායු අංශුවක් දකින්න එය තවත් අංශූන් ගේ එකතුවකි. මෙසේ ගැඹුරට විමසා බැලීමේ දි මේවා එක්තරා විද්‍යුත් ශක්තියක් , චුම්භක බලයක් පදනම් කොට පවත්තන් වෙයි.

මෙයයි අප නොදුටු බුදු හිමි වදාළ සංස්කාරික තත්වය. මේවාට තිර පැවත්මක් නැත. ඇත්තේ චලනයකි.එනිසාම ක්ෂණයක් පාසා විපරීතවේ. උපන් තැනම මිය යන ධර්මතාවයක් පමණකි. මෙය තිර කොට ලෝකයක් ලෙස, මගේ ලෙස ඇද බැද තබා ගන්නේ නොදැනුවත් නම තුළිනි. ගත යුතු හරයක් නැත.සියල්ල මායාවන්ය.
(
හොලෝ ග්‍රැෆි ලිපිය බලන්න)

මේ ධර්මතාවය කිසිවෙකුට වෙනස් කළ නොහැක.බුදු හිමියන් පවා මීට අනුගතය.අප සියලු දෙනම එම ධර්මතාවයේ සංඝටකය. කළ හැකි එකම දෙය නිවැරැදිව දැකීමය.ඒ තුළ සසර බිය නොදැනේ.අපාය බියක් නැත. ජාති,ජරා,මරණ යන මේවා දැනුමේම කොටස් ලෙස වැටහේ. එම වැටහීම තුළ සැනසුම ඇත.එහා ලෝකයට ගෙන යන්න කියා රැස්කිරීමක් නැත්තේ එයද මායාවක් බව දන්නා බැවිනි.එලැඹි මොහොත මිස අතීතයද මතක ගොන්නකි. අනාගතය පැමිණ නැත. නුවණින් මේ වටහාගත් කෙනාට දුටු දේ දුටුවා පමණි... ඇසූදේ ඇසුනා පමණි. ඒ ගැන ඇලෙන්න යන්නේ නැත. සැමට තෙරැවන් සරණයි!

 ආනන්ද (Andaw)

විදසුන් වැඩීම හෙවත් විනිවිද දැක්ම


විදසුන් වැඩීම හෙවත් විනිවිද දැක්ම



 ලෝකයේ ඇති තතු ඒ අයුරින්ම පසක් කර ගන්නට අපට උදව් වන්නේ පළමුව තමා කවරෙක්ද යන්න නැණ නුවණින් විමසා බැලිමයි.මෙය විදර්ශනයකි.භාවනා ඉරියව්වක සිටම මෙය කළයුතු යැයි භාවනා ප්‍රගුණ කරන අය සිතතත් එය එසේ නොවේ.(යටියන්තොට කල්‍යාණසිරි හිමි)
තමාට කැමති ඉරියව්වක සිට අවශ්‍ය වේලාවක ධර්ම කරැණු ගෙන මුල සිට අගට, අග සිට මුලට මෙනෙහි කිරීම විදර්ශනයයි.ඇත්ත ඇති සැටියෙන් වටහාගන්න කරන එම උත්සහය තුළ යථාභූත ඥානදර්ශනය පහලවේ. අපට ඇති මූලික ගැටලුව දුකය. දුක ඇතිවීම දුක්ඛ සමුදයයි. මේ පිළිබදව දම්සක් පැවතුම් සූත්‍රය තුළ ඇති කරැණු මහෝපකාරීවේ.පෙර නොඇසූ විරෑ අයුරින් තමාට දහම් ඇස පහළ විණ,නැණ , නුවණ, ප්‍රඥාව, ප්‍රඥාලෝකය පහළ විනැයි වදාළහ.එතෙක් නොදුටු තිබූ මෙම කරැණු උන්වහන්සේ ස්වයං අවබෝධය තුළ දැක විවරණය කළහ.එම සත්‍යය පිළිසිද දුටුවාහුය.දුකට හේතුව වශයෙන් වදාළේ ඉන්ද්‍රිය ඇසුරෙන් ජනිතවන දැඩිව අල්වා ගැනීම තුළ මිනිස් සංතානයේ ඇතිවන තණ්හාවයි.එය දැඩිව මනස සමග "හාව" බද්ධව පවත්නේ වෙයි. මෙකී තණ්+හාව, කාමතණ්හා, භව තණ්හා, විභව තණ්හා යැයි තෙවැදෑරැම් වේ.කාම තණ්හා යනු ඇස, කණ, නාසය, දිව, සිරැර, මන, යන ඉන්ද්‍රියයන්ට ගෝචරවන මිහිරියාවට ඇලී , ගැලී. සැප ම සොයමින් ඒ පසුපස ම හඹායාමයි.නැවත නැවත විදීමේ නොතිත් ආශාවයි.නන්දි රාගයයි.භව තණ්හා (ශාස්වත දෘෂ්ඨිය) යනු ආත්ම වශයෙන් ගෙන "මම" "මාගේ" ආත්මය වශයෙන් පිළිගෙන නැවත, නැවත, දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී ආත්මවල ඉපදීමට ඇති දැඩි කැමත්තයි.එය නැවත නැවත සිහිපත් කොට එකී සතුට ප්‍රාර්ථනයයි.විභව තණ්හා ( උච්චෙද දෘෂ්ඨිය) යනු නැවත ඉපදීමක් නැතයි සිතා මේ ජීවිතයේ උපරිම සතුට භුක්ති විදීමට පෙළැඹීම හා නැවත නැවත එහිම ගැලී සිටීම වේ.කාම/භව/විභව තණ්හා පිළිබද සැබෑ තත්වය ( යථාභූත ඥානදර්ශනය ) පිරිසිද දැක්ම "සත්‍ය ඥානය" වේ. මෙම දුක නැති කළ යුතුය යන සැබෑ උවමනාව "කෘත්‍ය"ඥානයයි , දුක සහ මුලින්ම උදුරා දැමීම තුළ " කෘත" ඥානයට පත්ව ඒ බව වදාළ සේක.බුද්ධ තත්වයට පත්වන්නහු මේ සත්‍ය,කෘත්‍ය,කෘත, යන ඥාන 3 ම එක්වර අවබෝධ කරත්. අප සම්බන්ධයෙන් ගලපා ගත්විට දුකට මුල උපත හෙවත් ඉපදීමයි.ඇස, කණ, නාසය, දිව, කය, මන. යන ඉන්ද්‍රිය පහළවීමයි.

වෙන විදිහකට කියනවා නම් සොබා දහමේ ක්‍රියාවලියට අනුගත වීමයි. බුදුවරයෙකුට වුව මෙම ධර්මතාවයම පොදුවේ. මෙසේ සත්වයෙක් ඉපදීම හේතු ඵල ධර්මතාවය මතම සිදුවන්නක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.එයම විශ්ව චලන ශක්තියයි.එය වැළකීමට අපට බැරිය. එසේ නම්අප නො ඉපද ඉන්න හේතුව තම තමාම සොයාගත යුතුය. තමන් යැයි කෙනෙකු සිටී යැයි පිළි ගැනීම හෙවත් අවිද්‍යාවම මීට මුල්වේ. එසේනම් මෙම අවිද්‍යාව හෙවත් මුලාවෙන් අප මිදෙන්නේ කෙසේද? එහෙමනම් අප සතු මෙම ඉන්ද්‍රි 6 හි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කළ යුතුය.එකක් අරගෙන විග්‍රහ කිරීම තුළින් සියල්ලම පිරිසිද දැකිය හැකි බැවින් උදාහරණයක් ලෙස "ඇස" අරගමු. ලදරැ අවධියේ වර්ණ සංඥා පමණක් හදුනා ගන්නා ඇස පසුව වයසින් මුහුකුරායත්ම දකින දේ පිළිබදව සංජානනයේ යෙදේ. ඇසත් මනසත් එකතුව දැනුම පෝෂණය වේ.වර්ණ ගැන මූලික හැදිනීම සම්මුතියෙන් අහුලා ගෙන සැබවටම නැති "රතු" පාටක් හදුනා ගනී. ඒ වෙන්කර දකී. මලක් හෝ මලක රෑපයක් දැක එය ද හදුනා ගනී.මේ දෙක එක් (සංජානනය) කොට රතු+මල දකී. එයට වැඩිහිටියෙක් "රෝස" යන නම දෙයි. දැන් ළමයා මේ සියල්ල කැටි කොට "රතු රෝස මල" එළිදක්වයි. පසුව "මගේ රතු රෝස මල" කෝ කියා ඔහු මව විමසයි. යෞවනයට පත්වක්ම ඔහු ආදරය ප්‍රකාශ කිරීමට ඇයට රතු රෝස මලක් තෑගි කළ යුතුය යන සංකල්පනාව සම්ප්‍රදාය තුළ ඇති කර ගනී.

සැබ වින්ම රතු කියා වර්ණයක් වේද? තමාගෙන්ම අසාගන්න.විද්‍යා දැනුමක් අද කුඩා ළමයෙකුට පවා ඇති නිසා ආලෝකයේ ඇති වර්ණ අතරින් උරා නොගෙන එකී වර්ණය තමා කෙරෙන් පිට කරයිද ඒ රතු පාටින් ඇසට දිස්වන බව වටහා ගෙන සිටී.ආලෝකය යනු කුමක් ද? සූර්යයා මතුපිට ඇති වායු අණු බිදීම තුළ අධික තාපයක් ඇතිවේ.එකී තාපය අභ්‍යවකාශය හරහා පෘථිවි වායු ගෝලය තරණය කරයි. එසේ පැමිණෙන තාපය වායු අණු වලින් නැවත පරාවර්ථනය කිරීම තුළ ආලෝකය ඇතිවේ.යම් කිසිවක් ඇහට යොමු කරන්නේ එම ආලෝකයයි.ආලෝකය පරාවර්ථනය නො කරන දේ නො පෙනේ.

 මෙලෙස මෙහි ඇති මුලාව එකිනෙක සිහිපත් කර දකින්න. මේ පිළිබදව සිහිය පවත්වා ගැනීම තුළ ඇසේ මායාව ඔබ දකී.(මනසින්)මෙහිදී දැනුම සමග මේ අරමුණු ගැටීම නිසා ඔබ කමැති සේ දකින දෙය තවෙකෙක් අප්‍රිය කරයි.මෙය හුදෙක් පුද්ගල භාවය මිස සත්‍ය නොවේ."මනෝමයා" යනු මනසේ මවන්නකි.ඇස හා එහි පෙනීම යන මේ ක්‍රියාවලිය ඔබ මුලාවට පත්කරයි.අන්ධයෙකුට මෙම රතු මල ගලපන්නේ කෙසේද? ( මගේ විදුහලේ අන්ධ සංගීත ගුරැවරියක සමග මම දිගු කලක් සේවය කොට ලත් අත් දැකීම් මට ඇත.ඇය චාරිකාවල අප සමග නිරතවෙයි.මගුල් උත්සව, අවමගුල් උත්සව වලට සහභාගී වෙයි.පිංතූර ඇල්බම් යන මේවා අපට වඩා හොදින් රස විදියි.

මෙයින් ගම්‍ය වන සත්‍යයක් ඇත.ඇස නැති තැන තවත් ඥාන ඉන්ද්‍රියයක් ක්‍රියාත්මක වන බවය.මූලික වර්ණ පවා බොහෝ විට 50% වඩා නිවැරැදිව ස්පර්ශයෙන්දකී.) මෙයත් සිතා බලන්න.ඇස සමග යමක් ගැටෙන පමණින්ම සංජානනයක් සිදු නොවන අවස්ථාද ඔබ අත් දැක ඇතයි සිතිය හැක. ඒ කවර නම් අවස්ථාවලද? සිතා බලන්න. හොදයි පෙර දිනයක මා බසයේ යද්දී ඈ කීප විටක්ම මා දෙස බැලූ බව අද ඇය දකින විටම මට පසක් විණි. දින කීපයක් මම මේ ගැන විමසමින් සිටියෙමි. දැන් මට ඇත්තේ සතුටකි. ඇයව දැන හදුනා ගන්නා අටියෙන් මීට කලින් ඔයා දැකල තියෙනවා වගේ මතකයි කියා හඩ අවදි කෙළෙමි.එතැනින් ඇරඹුණ මිතු දම පෙමකට පෙරලෙන්න වැඩිකල් ගත නොවුණි. පුදුමයකි. දිනෙක ඇය වෙනකෙකු සුරතේ වෙලී ඉදිරියේ දිස්වෙයි. මගේ සියොලග දහඩියෙන් තෙත්ව යයි.හද ගැස්ම වැඩිවනු දැනේ. සිරැර වෙව්ලනු දැනේ. මට මාවම පාලනය කරගන්න බැරි හැටි. මුෂ්ඨි ප්‍රහාරයක් දෙදෙනා වෙත මුදා හළෙමි.ඒත් මගේ දුක නිවුණාද? පළිගන්න තව තව හිත කියයි.එසේ කළොත් මට සිරගෙවල්වල තපින්න සිදුවන බවද පසෙක් වෙයි.මේ සියල්ල හුදු ඇස නිසාමද?

එහෙම නම් කලු කන්නාඩියක් පළදා ගෙන ඉන් මිදිය හැක.ඇසට වැට බදිනවාද?........ සිතට වැට බදිනවාද?....... මේ දෙකම ඔබට කළ නොහැක.ඇයි?........ ඇසේ කාර්ය හා ස්වභාවය එයයි. එවගේම සිතේ කාර්යය හා එහි ධර්මතාවහෙවත් සොබාව එයම බැවිනි.එහෙම නම් වරද ඇත්තේ කොහේද? සිතුවිලි ඔහේ ගලායන්න හරිනවාද? මෙතැන දී ඔබ සිත ගැන යමක් දන්නේද? එයද ඉන්ද්‍රියයකි.සිතක් ඇති නිසාම සිතන්නෙක් ද සිටී.ඒ අන් කවරෙක් නොව තමාමය.ඒ නිසා චින්තනය ඇතිවේ.

ඉන් නිදහස් වන්නේ කෙසේද? එසේ එයින් මිදෙන ආකාර ඒ ඒ පුද්ගලයන් ගේ නැණ නුවණ පදනම් කොට ගෙන විවිධ උපමා , රෑපක යොදා ගෙන අවු.45 ක්ම දේශණා කොට ඇත. ඒත් නුවණ ඇත්තා "ධම්ම' යන්න මනස් "සංඛාරයක්' බව අවබෝධ කරයි. ඉන්ද්‍රිය ආරම්මණ අල්ලා ගැනීම නිසා මෙම භවය සැකසෙන බවත්, විඤ්ඤාන බීජ හට ගන්නා බවත් දකී.ඇසෙන, පෙනෙන, දැනෙන, සිතන, යන මෙම ධම්මතාවයන්ට කතෘත්වයක් හෙවත් කරන්නෙක් ඈදා ගැනීම තුළ ඇසෙනවා..... පෙනෙනවා...... විදිනවා...... සිතනවා..... වැනි ක්‍රියා හෙවත් ක්‍රියාවලීන් බිහිකොට දුක් උපදවා ගනී. එසේ වන්නේ මෙම ඉන්ද්‍රිය මුලාවම නිසා බව තේරැම් ගැනීම, විදර්ශනය කොට අවබෝධ කිරීම, දැකීමකට පත්වීම තුල දුක මුලින්ම උදුරා දමා භවය නිරෝධ කළ හැක."

 “කම්මස්ස කාරකො නත්ථි ......
 විපාකස්සච වෙදකො
 සුද්ධ ධම්මා පවත්තන්ති ........
 ඒවෙතං සම්ම දස්සනං"

කර්ම කරන්නෙක් නැත .... විපාක විදින්නෙක් ද නැත....... ඇත්තේ සුද්ධ ධම්ම පමණි.           ( ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන) සම්මා දර්ශනය එයයි.

මෙම දර්ශනයට පත් වන්න විදර්ශනය හෙවත් විනිවිද දකින්න. එවිට මුලාව පහව යනු ඇත.එවිට මේ ලෝකය තුළ ඉන්ද්‍රිය වින්දනය, ආත්ම යෙන් ආත්මයට යන්න පිං පොදි සැකසීම, ඊලග ආත්මයක් නැතයි සිතා අසීමිත වින්දනය හැර පියා, අපාය, දිව්‍ය ලෝක , බුහ්ම ලෝක මනසින් අල්ලා නොගෙන අනාත්මය අවබෝධ කොට මේ දිවි ගමන තුළම සත්‍යයේ සැනසීම ලැබ දුක මුලිනුපුටා දමා, ඔබ සැම නිවී සැනසීමට පත්වේ.

ආනන්ද විජයරත්න


"කම්මස්ස කාරකො නත්තී -- කර්මරැස් කරන්නෙක් නැත.

අංගුලිමාට බල නොපෑ පෙර කර්මය අපට පමණක් බලපායිද? *****************************************

 "කර්ම" යනු ඒ ඒ පුද්ගලයන් විසින් කරන කියන සිතන, පතන දෙයින් ජනිතවන සුදු/කලු විපාක යැයි අප ඉගෙන ගෙන ඇත්තෙමු. මේ ජීවිතකාලයේදී අප සැප හෝ දුක් උදාකර ගන්නේ පෙර ජන්මයේදී කරන ලද පව් පිං වල විපාක නිසා බවද අදහමු.බුදු රදුන් වසර 6 ක් දුෂ්කර ක්‍රියා කොට දුක් වින්දේ ද එවන් කර්මයක් පලදී බව අදහන්නෝද සිටිති. ඒ අයම සමහර විට එය අරිය පරීක්ෂනයක් බවද සදහන් කරත්.මැද පිළිවෙතට එන්නට අවබෝධය ලැබුයේ එම නිශ්ඵල ව්‍යායාමය හරහාය. එහෙත් නිර්මල බුදු සමයේ දැක්වෙනුයේ ඊට හාත් පසින්ම වෙනස් උගෙන්වීමකි.

එහිදී
"කම්මස්ස කාරකො නත්තී -- කර්මරැස් කරන්නෙක් නැත. විපාකස්සච වෙදකො -- විපාක විදින්නෙක් ද නොවේ. සුද්ධ ධම්මා පවත්තන්ති -- සුද්ධ වූ ධර්මතාවයන් පමණක් පවත්නේ වෙයි. එවෙතං සම්ම දස්සනං " -- සම්‍යක් දර්ශනය එයයි.

 මෙය උපුටා දැක්වූ විට මෙය රහත් ස්වභාවය බව මිස පෘතග්ජන අපට ධම්ම මාර්ගයට පිවිසෙන දොරටුව නොවන බව ඇදහිලි, විශ්වාස, පුද පූජා ආගම සේ කරතබා ගත් උදවිය පවසත්. එක්කෝ ඔවුනට මෙය තේරැම් යන්නේ නැත.නැත්නම් තේරැම් ගන්නට උවමනාවක් නැත.නැත්නම් යන්නන්වාලේ සම්ප්‍රදායම කරපින්නා ගෙන පහසුවෙන් යන්න බලන නිසා වෙත්.නොඑසේව එයින් යැපීම් මාර්ග අවහිරවේය යන බියෙනි.

සුද්ධ ධර්ම මොනවාදැයි මෙහිලා ඔබට ගැටලුවක් ඇතිවිය හැක.දැන් අපි එය ඉතාම සරල ක්‍රමයකට තේරැම් ගන්න බලමු. . අප ජීවත්වන මෙම විශ්වය, ඝන, වායු, දුව, වැනි දේ භූතවීමෙන් ( එකිනෙක හා නොසෙල්වෙන සේ බැදීමෙන් ) හේතු ප්‍රත්‍ය ලෙස නිර්මිත වී ඇත.මෙයින් අප ජලය පමණක් ගෙන බැලුවත්, අප සිරැරෙන් 70% ක්ම ජලයයි.මිහිතලයද එසේමය.සියලු ජීව, අජීව, සැම දෙයක්ම ජලය, වායුව, හා ඒ නිසාම ඇතිවූ රසායන ද්‍රව්‍ය මත පවත්නේ වෙයි.සත්වයා ආහාර , පාන, ලෙස එකී රසායන ද්‍රව්‍යයන් ගෙන ඒ අනුසාරයෙන් තම සිරැර පවත්වා ගනිමින් ද, යම් යම් කාබනික දෑ පරිසරයට සිරැරෙන් මුදා හරිමින්ද ආහාර දාම ලෙස අන්‍යොන්‍ය සහයෝගිතාවයෙන් ජීවිතය ගෙවත්.

අප සිරැර එන්ජිමක් නොවන්නේ සිරැර හා ඇසුරැ කරන විඤ්ඤානයක් හෙවත් මනසක් මිනිසාට ඇති හෙයිනි.එවිට අපට ගැටලු වක් වන්නේ මෙම මනස සුද්ධ ධර්මතාවලට අයත් නොවන බවට කරන ප්‍රකාශයන්ය. ඉන්ද්‍රියවලට හසුවන ලෝකය රෑප ලෝකය ලෙසත්, මනස අරෑප ලෝකයට අයත් බවත් එසේ විග්‍රහ කෙරේ. මොළය ඉන්ද්‍රියයක් වන අතර අනෙක් ඇස, කණ, නාසය, දිව. හා කය යන ඒවා එක්ව සෑදුන ඉන්ද්‍රියායතන හරහා එන සංඥා මොළයේ ඇති දත්ත හෙවත් තොරතුරැ (මතකය) සමග සංජානනයවී තොරතුරැ වේගය වැඩි කොට මතකයක් නැති සිරැරෙන් බැහර ඇති මනසට ලබාදෙයි.එය එවිට චින්තන ශක්තිය ලබයි. විවිධ සංකල්ප. දහම් නිර්මාණය කරයි.සැලසුම් කරයි.මෙයට උපකාර වන්නේ අප ඇසුරැකරන කාමලෝකය තුළ ජනිතවන කෙලෙස්ය. කෙලෙස් යනු අප බාහිර සිරැර හා මනස හෙවත් අරෑප ලෝකය යා කරන පාලමයි.මේ පාලම සිදබිද දමන්නට කෙනෙක් සමත් වුවහොත් ලෝක දෙක වෙන්කළහැක. . ‍

බුද්ධකාලීන සමාජයේ විසූ ආලාරකාලාමාදීන් මෙය කරන්න උත්සහ කෙළේ සිත දියුණු කිරීමෙන්ය. එසේ කරන්නට කරන්නට සසර දිගුවිය. එය හරියට පැදුරේ වාඩිවී සිටිමින්ම එය හකුලන්න දරන වෑයම බදු විය.නමුත් මෙය කළ නොහැක්කක් බව අවබෝධයෙන්ම වටහාගත් බුදුපියා වදාළේ
"යේ සුප්ප යුත්තා මනසා දල්හේන නික්ඛාමිනො ගෝතම ශාසනම්හි" යනුවෙනි. එහි සරල අදහස දැඩි ලෙස බැදුනු මනස අතහැරිම හෙවත් මනසින් නික්මීම අධිගමයට පත්වන මාර්ගය බවයි.මනසින් නික්මුණ විට පුද්ගල සංඥාව බැහැරවේ. එය උන් වහන්සේ තේරැම් ගත්තේ අවුරැදු 6 ක් කළ වෑයමක ප්‍රථිඵලය වශයෙනි. එහෙත් එය ශ්‍රවණය කළ ශ්‍රාවක පිරිස් වහ වහා අවබෝධ කොට දහම් මගට බටහ.අධිගමයට පත්වූහ.එසේ පහසු වූයේ පවත්නා දෙයක් නැති බවත් සියලු ජීව, අජීව කොටස් හුදෙක් ධර්මතා ලෙස ගෙන තණ්හාව ක්ෂය කිරීමෙනි.තණ්හාව හෙවත් කාමලෝකයට සම්බන්ධ ඇලීම්. ගැටීම් හරහා සිතුවිලි හෙවත් චින්තන හටගනී.

මේ එකිනෙක ක්‍රියාවලීන් අප විග්‍රහ කරන්න හදන්නේ කාලය නමැති රාමුව තුළ සිටය.පට්ච්ඡ සමුප්පාද ධර්මය, හේතුඵලවාදය යන මේ සියල්ල කාල රාමුවකට හසුවේ.එය චක්‍රයක් ලෙස දකින්නේ එබැවිනි. . සත්‍ය දකින්නට කාල රාමුවෙන් එලියට ආ යුතුය.එය කරන්නට ජීව, අජීව, වශයෙන් ඇතිවී. පැවතී. විනාශව(
උප්පාද,තිථි, භංග) යන භෞතික යමක් නැති බව ප්‍රඥාවෙන් දැකිය යුතුය.කාලය යනු කුමක්ද යන්නත් මෙහිදී මදක් හෝ දැන සිටිය යුතුයැයි හගිමි.කාලය යන ධර්මතාව විශ්වයේ චුම්භක බලය මත සිදුවන්නකි.සියලුම මන්දාකිණි මෙම භ්‍රමණ බලයට හසුව ඇත. එසේම අප සිරැර, බාහිර පාරිසරක දෑ සියල්ලෙහි අණුක කොටස් එම න්‍යෂ්ඨීන් වටා භ්‍රමණය වේ.එම චලනයට සීඝ්‍රයෙන් හසුව සිටින සියල්ලට කාලය ඇත.අවකාශය ඇත.

බීජයක් පැලවී ගසක් වන්නට ගතවන කාලය අප ගණනය කරමු.ඇත්තටම සිදුවන්නේ කිමෙක්ද? සෑම ක්ෂණයකම ඒ විපරීත වීමකි.දිරායාමකි.මෙහි ඇති සීඝ්‍රතාවය අප ඉන්ද්‍රියවලට හසු නොවන්නේ ඒවා ඒ තරම්ම ප්‍රාථමික මට්ටමක ඇති බැවිනි.අපේ ඇසට ඇස වත් දැකිය නොහැක.ශරීරය තුළ දැකිය නොහැක.ඒවා සීමිත පරාසවල ක්‍රියාත්මක වේ.බිළිදෙකු පිළිසිද , බිහිව, මිය යන තුරැම සිදුවන එම විපරිනාමය අපට නොවැටහේ.අප මතකයෙන් කාලය අල්ලා ගෙන දැනුමෙන් ඔලු පුරවා ගෙන උපන් පුද්ගලයාම ජීවත්වන බවත්, ඔහුම වැඩී,ජරාවට පත්වී මියයන බවත් දකින්නේ මෙම ධර්මතාවය නොදැක ඒ සිරැර "මගේ" කර ගැනීමෙනි. ඒ නිසාම බුදු දහමට උප්පාද +තිථි+භංග කියන ත්‍රිත්වය පසුව එක්කොට ඇත.එනිසා උපත, විපත මැද පුද්ගලයාගේ රෑපයක් අප ප්‍රදර්ශණය කරවමු. .

 අප මේ තුළ කෙතරම් ගිලී සිටින්නේද යතහොත් මේ ධර්මතාවය පිළිසිද දුටු බුදු පියා පවා පුද්ගලයෙක් සේ සළකා වැදුම් පිදුම් ප්‍රාර්ථන කරමු. සිදුහත් කුමරැ ගේ මලගම සිදුවූයේ බුද්ධත්වයට පත්වීම සමගමය.බුදුන් මියගියා නොවේ.ඒ පරිනිර්වාණය වන්නේද එබැවිනි.උන්වහන්සේ ගේ ධර්මයද දක්නේ පොත් ගොඩක් වශයෙනි.සංඝ හෙවත් අර්හත්වය දකින්නේ ද සිවුරැ හැදි පිරිසක් ලෙසිනි. අරැමය මෙයයි.මෙම ධර්මතාවය තේරැම් ගැනීම පහසුය.සැකයක් නැත්තේ තමාම දකින බැවිනි.තමාට වැටහෙන බැවිනි. තමා තුළම පරීක්ෂාවට ලක්කොට දැකිය හැක.

මේ සදහා මූලික දැනුමක්, ගුරැවරයෙක් සිටීම සෑහේ. කාලි බැමිණිය සෝවාන් වි ඇත්තේ හේමවත, සාතාගිරි යන යකුන් දෙදෙන අහසේ දී මුණ ගැසී කරන දහම් සාකච්ඡාවකට කන් යොමු කිරීමෙනි.විශාල පොත පත දැනුමක් නොව විමර්ශණ දැක්මක් සෑහේ.සත් අවුරැදු දරැවෙක්ට පවා තේරැම් යන්නකි.ඊට පෙර කළ පව් පිං නොව ඇවඅසි වන්නේ හොද නැණසකි.ඒ නිසාම අංගුලි මාල අධිගමයට පත්විණි. කාලයට හසුවූ පුද්ගල බද්ධ දහමක් ප්‍රගුණ කරන අය අංගුලිමාල රහත්වූයේ අති දීර්ඝ සසරේ කරන ලද කුසල සම්භාරයන් නිසා බව කියන අතර කාලයෙන් ඉවතට ගිය අකාලික වූ දහමක් අපට දෙසූ බව අමතක කරත්. . මේ මොහොතේ දැක ඒ මෙහොතේම ප්‍රත්‍යක්ෂ කළ හැකි.එසේම පවුල් ජීවිතයක් වුව රකිමින් මෙම ධර්ම මාර්ගයට වැටිය හැකි බවට විශාකා චරිතය දෙස්දෙයි.

මෙය අමාරැවෙන් සීරැවට වාඩි වී හිත තදකරගෙන කරන සටනක් නොවේ.කළ යුත්තේ සුද්ධ ධර්මතාවයන් ගේ චලනයක් මිස ඉන් එහා දෙයක් නැති බව ගැඹුරින් වටහා ගැනීමෙනි.එම දර්ශණය විදසුන් හෙවත් විනිවිද දැක්මයි.ඥාන මාර්ගයයි.( මෙය දැනුම හරහා අටුවා ටීකා ඇදගෙන තර්ක කරන්නට නොවේ).තමා තුළට බහා වහ වහා අවබෝධ කොට මේ ජීවිතකාලයේදීම නිවන අවබෝධයටයි. අවශ්‍ය ඇත්තෝ තමා තුළට බහා විමසත්වා! බැහර කරත්වා!

ආනන්ද විජයරත්න

අප තේමාව

"නිහඩ සිත" කංඩායම නිදහස් චින්තනය අගය කරයි.


ලොව පවත්නේ ධම්මතාවයන් මිස වෙනත් කිසිදු සත්වයෙක්, හෝ ද්‍රව්‍ය නොවන බවත් හුදෙක් ඇත්තේ පවත්නාවූ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආදී සුද්ධ ධර්මතාවයන්ම පමණක් බව " කම්මස්ස කාරකො නත්ථි
විපාකස්සච වෙදකො
සුද්ධ ධම්මා පවත්තන්ති
එවෙතං සම්ම දස්සනං"......... යනුවෙන් වදාරා ඇත.
( විශුද්ධි මාර්ගය - 19 )

මෙයම තේමාව කොට සත්‍ය සොයන්නා මේ ආත්මයේම නිවී සැනසුන දිවියක් අත් දකිනු ඇත. සියල්ල තම සිත ප්‍රමුඛ කොට පවතී.
මනෝ පුබ්බංග මා ධම්මා .... යන්නෙහි අදහස එයයි.අප ඉන්ද්‍රිය මායාවෙන් ඉවත්ව මේ සත්‍යය පසක් කළ යුතුවේ....."කිං සච්ච ගවේෂී" .... සත්‍යය යනු කුමක්ද?යි ගවේෂණය කිරීමෙන් ඔබ සැමට මෙය ජීවිත කාලයේම අත්දැකිය හැක.ඒ සදහා සැම අපවටා ඒකරාශි වනු ඇතයි අපේක්ෂා කරමු.
ඔබ ගේ ඥානාන්විත අවධානය වෙතට පිදේ.
(ආනන්ද විජයරත්න)