“ උප්පාදෝ පඤ්ඤායති - වයෝ පඤ්ඤායති ඨිථත්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ,, උපතක් පනවමි… වයක් ( වැයවීමක් ) පනවමි – නිබද වෙනස්වීමක් ( සංස්කරණයක් ) පනවමි. ජීව අජීව සැමට එකලෙස බලපාන මෙම ධම්මතාව අප කෙනෙක් ඉපදුනා … කෙනෙක් මියගියා ලෙස දින යොදා ගෙන වයසත් ගණනය කරමු. උප්පාද + වය – ධර්මතාව තුළ යමක ඇතිවීම හා සමගම නැතිවීම ප්‍රකාශ වන අතර ඒ දෑ සංස්කරණය වෙමින් ගලායන සොබාවක් ද ඇත.
Sunday, May 26, 2013
+අවිජ්ජා + පටිච්ඡ සමුප්පාද දහම.
බෞද්ධයා විමුක්ති මග සොයාගත යුත්තේ හේතුඵල දහම තමා තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ස්වභාව ධර්මානු කූල ක්‍රියාවලියක් මගිනි.මෙය කරන්නෙක් හෝ කරවන්නෙක් නැත.ඉබේ සිදුවන මෙම ක්‍රියායාවලිය ක්ෂණයක් පාසා තමා තුළ ම ඇතිවි නැතිවී යයි.සම්මා සතියෙන් දකින්නාට මෙය ප්‍රඥා ඇසින් දැකගත හැක.
එසේ නොමැතිව පටිච්ඡ සමුප්පාදය යන්න අතීත / වර්තමාන / අනාගත, ඉපදීමක් පැවත්මක් , නැවත සම්මුති මරණයක් විඤ්ඤානය මවු කුසක බැස ගැනීමක් වැනි දෑ ගැන කතා කිරීම දහම විකෘත කිරීමකි.
Friday, May 24, 2013
ජීවිතේ ගංගාවකී -----> ---------->
ජීවිතේ ගංගාවකී
ජලයේ ස්වභාවය , දිය පහරේ ස්වභාවය, පහලට ගලා යාමයි.ඒ ගුරැත්ව බලය නිසයි.
එසේ ගලායන ගංගාවකට ඔබ ... මම...අපි බැස සිටිමු...
එසේ සිටින අපට නොයෙක් හැල හැප්පීම් වලට ඔරොත්තු දෙමින් මේ ගමන නිමා කළ යුතුව ඇත.අපි ජලපහරේ අනවබෝධයෙන් ගසා ගෙන ගියොත්.... යන දිහාවකට ඔහෙ ගියාදෙන් කියා නිසොල්මනේ සිටිය හොත් ඔබට ගමන නිම කිරීමට පළමු දිවියෙන් සමු ගන්න සිදුවනු ඇති.
එහෙත් සිහියෙන් යන්නා බාධක මග හරවා ගෙන තම ගමන නිසි ඉලක්කයකට තමාට ඇවැසි පරිදි ගෙන යයි.අවශ්‍ය දෑ කළමණාකරණය කරයි.
සමහරෙක් උඩු ගං බලා යන්න වෙර දරත්.(විභව තණ්හාවෙන්) නමුත් එද පහසු නොවේ.එහෙනම් පහසුව ගැනම සිතා පහළට ඔහේ යනවාද?. අප මේ දෙකම අතරයි ... අවබෝධයෙන් මේ ගමන යා යුත්තේ.
එහිදී ඥානවන්තයා නුවණින් බාධක මග හරවා ගනී.තම ඉලක්ක සපුරා ගනී. ජීවිතය සුවපත් කරගන්න ඔහු දනී.
දුකේම නොගිලී ... සැපේ ඇති ආදිනව දකින ඔහු මේ දෙකම ඥානාන්විතව අත්හැර දමයි.....අත්හැරීමේ සුවය .....හා දැඩිව අල්ලා ගැනීමේ දුක....... දැක වඩා යහපත් මාර්ගයකට අවතීර්ණ වෙයි. ඔබට ප්‍රාර්ථනා 100 ක්ද දුක්ද 100 කි. ප්‍රාර්ථනා 10 ක් නම් දුක් 10 කි.
මේ මග තම අත්දැකීමෙන්ම සාක්ෂාත් කර ගත් එකක් මිස අනුන්ගෙන් අසාගත්තක් එකක් නොකර ගනී.මේ දැක්ම ග්‍රහණය කළ කවරෙක් හෝ සුවපත් වනු ඇත.
ආනන්ද විජයරත්න

ආනන්ද විජයරත්න
Tuesday, May 21, 2013
මානවයා 0o0o0
මානවයා
"මිනිසාගේ බාහිර දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවට ද බුදු සමය මග හෙළි කොට ඇත.බුදු සමයේ විද්‍යාත්මක පදනම මානව හිතවාදිගුණයෙන් යුතු වන අතර නවීන විද්‍යාත්මක නිපදවීම් තුළ මානව හිතවාදී ගුණයක් නැත.නවීන විද්‍යාව තුළින් බාහිර අංශයේ හෞතික දියුණුව පමණක් දැකිය හැකිය. බුදු දහම අනුව අධ්‍යාත්මික දියුණුවෙන් තොරව ලබන සියඵ හෞතික සම්පත් විනාශ වේ. “යං කිංචි සමුධය ධමිමං සබ්බංතං නිරොධ ධමිමං” යන දේශනාවෙන් එය පැහැදිළි වේ. බුදුරාජනන් වහන්සේ විසින් දීර්ඝ නිකායේ අග්ගඤ්ඤි සුත්‍රයේ දක්වා ඇති විශ්වයේ සමිභවය පිළිබද විග්‍රහය ද නවින විද්‍යාඥයින්ගේ අවධනායට යොමු වී ඇත.සමස්ත විශ්වයේ ක්‍රියාවලියම බුදුරදුන් විසින් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පුනර්භවය ත්‍රී ලක්ෂණය යන සංකල්පය මගින් විග්‍රහ කරනු ලැබීය
Ananda Wijayaratna."
Sunday, February 3, 2013
Happiness: Preview ""
Happiness: Preview ""
many days in the year as you make use of. One man gets only a week’s value out of a year while another man gets a full year’s value out of a week.”
Charles Richards
There are many important things in life.
Your family and friends. A hobby perhaps. Working out and staying healthy. Reading, learning and growing as person.
But finding the time for what is most important in life is not always easy. It sometimes feels like there aren’t enough hours in the day.
many days in the year as you make use of. One man gets only a week’s value out of a year while another man gets a full year’s value out of a week.”
Charles Richards
There are many important things in life.
Your family and friends. A hobby perhaps. Working out and staying healthy. Reading, learning and growing as person.
But finding the time for what is most important in life is not always easy. It sometimes feels like there aren’t enough hours in the day.
Saturday, February 2, 2013
" සාමුක්කංසික දේශනා"
" සාමුක්කංසික දේශනා"
බුදුරදුන් වදාළ පිළිවෙළ කතා දියට වන් පුද්ගලයාට දිය ගලා යන පහළට පිහිනීම පහසු කාර්යයකි. දියෙහි උඩු අතට පිහිනීමට නම් යම් වීර්යයක්, ආයාසයක්, වෙහෙසක් දැරිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පර්යාප්ති (පෙලදහම දැනගැනීම), ප්‍රතිපත්ති (දැනගත් දහම ක්‍රියාවට නැඟීම) හා ප්‍රතිවේධ (ක්‍රියාවට නැඟීම තුළින් ප්‍රත්‍යක්‍ෂ කිරීම,) වශයෙන් ත්‍රිවිධ වෙයි. එකී ධර්මය අවබෝධකර ගැනීමට නම් ඉහත කී පරිදි දියෙහි උඩට පිහිනීම වැනි යම් වීර්යයක් දැරිය යුතුය. මේ දහම ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත ‘පිළිවෙළ කතා’ වශයෙන් හැඳින්විය හැකිය.
සදහම් මෙගහි යෑමට ශ්‍රාවකයා තුළ කැමැත්තක්, අවබෝධයක් ඇතිකිරීමට බුදුරජාණන්වහන්සේ මේ පිළිවෙළ කතා ක්‍රමය බොහෝ විට අනුගමනය කළ බව ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ ලෝක සම්මත ධර්මයට ගරු කරමින්ම පරමාර්ථ දහමට තම අනුගාමිකයා පොළඹවා ඇති බව මේ කතා මාර්ගයෙන් සනාථ වේ.
ඒ වන විට දේවවාදි නා අදේවවාදි ආගම් තුළින් ජනයා පෙළ ගස්වා තිබුණේ දිව්‍ය ලෝක සම්පත් හා බ්‍රහ්ම ලෝක සම්පත් අනුභවය සඳහාය. ඔවුනගේ ‘නිවන’ ද ඒවාම විය.
එහෙයින් බුදුරජාණන් වහන්සේ තම ධර්මය තුළින්, දීමෙන් (දානයෙන්) මෙම දිව්‍යලෝක සම්පත්තිය ලැබිය හැකි බවත් සමාධි භාවනාවෙන් බ්‍රහ්ම සම්පත් ලැබිය හැකි බවත් දේශනා කරමින්ම කාම, රූප, අරූප භව සම්පත්තීන්හි ආදීනව දේශනා කළ සේක.
ආදීනව දේශනාව මගින්, තම අනුගාමිකයා කාමයන්ගෙන් මුදවා ගැනීමට නෙක්ඛම්ම දේශනාව කළ සේක. කාම සම්පත්තින්හි ආදීනව දැක නික්මුණු ශ්‍රාවකයාගේ සිත සාමුක්තංසික (ගැඹුරු) දේශනාවට මෙහෙයවන ලදී. මේ එක් එකක් පෙළදහමෙහි හා අටුවාවන්හි එන අයුරු මෙසේ පෙළගැස්විය හැකිය. ඒ පිළිවෙළ කතා නම්,
1.11 දාන කතා
2., ශීල කතා
3., සග්ග කතා
4., ආදීනව කතා , නෙක්ඛම්ම කතා, සාමුක්කංසික දේශනා වශයෙනි.
මෙම කතා ගැන අප අසා ඇත්තෙමු.සමහර අයට ඉන් බැහර බුදු දහමක් නැත. ඒ තරමටම හුදෙක් ප්‍රතිලාභ සදහාම ආගම විශ්වාස කිරීමෙනි.එනිසා ඉන් බැහර දර්ශනයක් ලෙස බුදු සමය දක්නා කෙනෙකුට " සාමුක්කංසික දේශනා" ම වැදගත් වන හෙයින් ඒ ගැන පමණක් පහතින් උපුටා දැක්වීමි............
(2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති
ජනාධිපති මෙහෙයුම් කමිටුවේ
සහකාර ලේකම්
කේ.කේ. සුගතපාල)
(පෙළ ගැස්ම ආ.වි.)
මාර්ගයට පසුව නිරෝධය .... ?
දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.
බුදු දහමේ අත්‍යන්තවූ හරය ඇත්තේ එහිය. නමුත් එය මජ්ජිම නිකාය, දීඝ නිකාය වැනි වැඩිදෙනා අනුදත් තැනකට එක් නොකොට ඛුද්දක නිකාය වැනි එතරම් ප්‍රචලිත නොවුන තැනකට එක් කොට ඇත්තේ කාගේ වුවමනාවකටද? යි පාතේගම සුමනරතන හිමියන් විමසයි.එසේම එහි ඇති අන්ත දෙක "විදීම" පදනම් කොට ගත් එකක් බැවින් එම ද්වි අන්ත වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වනවා මිස එහි මැදින් යාමක් මධ්‍යම ප්‍රතිපදාව තුල අදහස් නො කෙරේ යනු උන්වහන්සේ ගේ අදහසයි.
සිදුහත් තවුසා බුද්ධත්වයට පෙරම අෂ්ඨ සමාපත්ති ප්‍රගුණ කොට තිබුණි.අවු. 6 ක්ම දුෂ්කර ක්‍රියාවේම නියැළී සිටියා කීවොත් ඒ වැරදිය.විවිධ ගුරැවරැන් ලගට ගොස් ඔවුන ගේ දැනුම ගැන විමසීමත් කළේ එම වසර 6 ක කාලය තුලමය. එහෙත් තමා සෙව් දේ ඔවුන් ලග නොතිබූයෙන් ඒ සියල්ලම හැර දමන ලදී.තම ප්‍රඥාව තුළ එකී දෘෂ්ඨිවලින් මිදුන විට සත්‍ය දර්ශණය විය.එය අවබෝධය පිළිබද කාරණයක් මිස චින්තනයේ යෙදීමකින් ලත් දෙයක් නොවේ.
චින්තනයේ යෙදෙන සැම විටකම ඊට නාම, රෑප හා බැදුණු " විදීම" එක්වේ.එවිට මම ඉස්මතුවේ.කොණ්ඩඤ්ඤ තවුසා දහම් මගට වැටුනේ ප්‍රඥාව,ශීලය,සමාධිය අනුපිළින් ගෙන නොවේ.එක්ව සමගාමීවය.
මේවා එකිනෙකෙන් වෙන් කොට දක්වන චින්තනයේ යෙදෙන භාවනාවක් විමුක්ති මාර්ගයට නැත.නිරෝධ සමාපත්තිය යනු අනාර්ය සමාධිය නොවේ.ප්‍රඥාවම පෙරටු කොටආර්ය ශීලයත්,ආර්ය සමාධියත් සමගාමීව වර්ධනය කොට සෝතාපන්න,සකෘදාගාමී,අනාගාමී අවසන රහත් ඵලයට පත්වේ.
චතුරාර්ය සත්‍යය දැක්ම තුළද මාර්ගයට පසුව නිරෝධය මිස මුලින් නිරෝධය දක්වා පසුව මාර්ගය දැක්වීමද ආයුර්වේද යේ එන සිද්ධාන්ත අනුගමනය කිරීමක් බව උන් වහන්සේ සදහන් කරයි. මේවා කවදා කෙසේ , කාගේ, උවමනාවටදැයි අපටද නොතේරේ.
(ආනන්ද විජයරත්න
.)
Friday, February 1, 2013
දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.
දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.
බුදු දහමේ අත්‍යන්තවූ හරය ඇත්තේ එහිය. නමුත් එය මජ්ජිම නිකාය, දීඝ නිකාය වැනි වැඩිදෙනා අනුදත් තැනකට එක් නොකොට ඛුද්දක නිකාය වැනි එතරම් ප්‍රචලිත නොවුන තැනකට එක් කොට ඇත්තේ කාගේ වුවමනාවකටද? යි පාතේගම සුමනරතන හිමියන් විමසයි.එසේම එහි ඇති අන්ත දෙක "විදීම" පදනම් කොට ගත් එකක් බැවින් එම ද්වි අන්ත වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වනවා මිස එහි මැදින් යාමක් මධ්‍යම ප්‍රතිපදාව තුල අදහස් නො කෙරේ යනු උන්වහන්සේ ගේ අදහසයි.
සිදුහත් තවුසා බුද්ධත්වයට පෙරම අෂ්ඨ සමාපත්ති ප්‍රගුණ කොට තිබුණි.අවු. 6 ක්ම දුෂ්කර ක්‍රියාවේම නියැළී සිටියා කීවොත් ඒ වැරදිය.විවිධ ගුරැවරැන් ලගට ගොස් ඔවුන ගේ දැනුම ගැන විමසීමත් කළේ එම වසර 6 ක කාලය තුලමය. එහෙත් තමා සෙව් දේ ඔවුන් ලග නොතිබූයෙන් ඒ සියල්ලම හැර දමන ලදී.
තම ප්‍රඥාව තුළ එකී දෘෂ්ඨිවලින් මිදුන විට සත්‍ය දර්ශණය විය.එය අවබෝධය පිළිබද කාරණයක් මිස චින්තනයේ යෙදීමකින් ලත් දෙයක් නොවේ.
චින්තනයේ යෙදෙන සැම විටකම ඊට නාම, රෑප හා බැදුණු " විදීම" එක්වේ.එවිට මම ඉස්මතුවේ.කොණ්ඩඤ්ඤ තවුසා දහම් මගට වැටුනේ ප්‍රඥාව,ශීලය,සමාධිය අනුපිළිවෙලින් ගෙන නොවේ.එක්ව සමගාමීවය.මේවා එකිනෙකෙන් වෙන් කොට දක්වන චින්තනයේ යෙදෙන භාවනාවක් විමුක්ති මාර්ගයට නැත.
නිරෝධ සමාපත්තිය යනු අනාර්ය සමාධිය නොවේ.ප්‍රඥාවම පෙරටු කොට ශීලයත්, සමාධියත් සමගාමීව වර්ධනය කොට සෝතාපන්න,සකෘදාගාමී,අනාගාමී අවසන රහත් ඵලයට පත්වේ.
චතුරාර්ය සත්‍යය දැක්ම තුළද මාර්ගයට පසුව නිරෝධය මිස මුලින් නිරෝධය දක්වා පසුව මාර්ගය දැක්වීමද ආයුර්වේද යේ එන සිද්ධාන්ත අනුගමනය කිරීමක් බව උන් වහන්සේ සදහන් කරයි. මේවා කවදා කෙසේ , කාගේ, උවමනාවටදැයි අපටද නොතේරේ.
ආනන්ද විජයරත්න
Subscribe to:
Posts (Atom)



