Sunday, February 3, 2013

Happiness: Preview ""

Happiness: Preview ""
many days in the year as you make use of. One man gets only a week’s value out of a year while another man gets a full year’s value out of a week.”
Charles Richards

There are many important things in life.
Your family and friends. A hobby perhaps. Working out and staying healthy. Reading, learning and growing as person.
But finding the time for what is most important in life is not always easy. It sometimes feels like there aren’t enough hours in the day.

Saturday, February 2, 2013

" සාමුක්කංසික දේශනා"


 " සාමුක්කංසික දේශනා"


බුදුරදුන් වදාළ පිළිවෙළ කතා දියට වන් පුද්ගලයාට දිය ගලා යන පහළට පිහිනීම පහසු කාර්යයකි. දියෙහි උඩු අතට පිහිනීමට නම් යම් වීර්යයක්, ආයාසයක්, වෙහෙසක් දැරිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පර්යාප්ති (පෙලදහම දැනගැනීම), ප්‍රතිපත්ති (දැනගත් දහම ක්‍රියාවට නැඟීම) හා ප්‍රතිවේධ (ක්‍රියාවට නැඟීම තුළින් ප්‍රත්‍යක්‍ෂ කිරීම,) වශයෙන් ත්‍රිවිධ වෙයි. එකී ධර්මය අවබෝධකර ගැනීමට නම් ඉහත කී පරිදි දියෙහි උඩට පිහිනීම වැනි යම් වීර්යයක් දැරිය යුතුය. මේ දහම ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත ‘පිළිවෙළ කතා’ වශයෙන් හැඳින්විය හැකිය.


සදහම් මෙගහි යෑමට ශ්‍රාවකයා තුළ කැමැත්තක්, අවබෝධයක් ඇතිකිරීමට බුදුරජාණන්වහන්සේ මේ පිළිවෙළ කතා ක්‍රමය බොහෝ විට අනුගමනය කළ බව ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ලෝක සම්මත ධර්මයට ගරු කරමින්ම පරමාර්ථ දහමට තම අනුගාමිකයා පොළඹවා ඇති බව මේ කතා මාර්ගයෙන් සනාථ වේ. ඒ වන විට දේවවාදි නා අදේවවාදි ආගම් තුළින් ජනයා පෙළ ගස්වා තිබුණේ දිව්‍ය ලෝක සම්පත් හා බ්‍රහ්ම ලෝක සම්පත් අනුභවය සඳහාය. ඔවුනගේ ‘නිවන’ ද ඒවාම විය.

එහෙයින් බුදුරජාණන් වහන්සේ තම ධර්මය තුළින්, දීමෙන් (දානයෙන්) මෙම දිව්‍යලෝක සම්පත්තිය ලැබිය හැකි බවත් සමාධි භාවනාවෙන් බ්‍රහ්ම සම්පත් ලැබිය හැකි බවත් දේශනා කරමින්ම කාම, රූප, අරූප භව සම්පත්තීන්හි ආදීනව දේශනා කළ සේක. ආදීනව දේශනාව මගින්, තම අනුගාමිකයා කාමයන්ගෙන් මුදවා ගැනීමට නෙක්ඛම්ම දේශනාව කළ සේක. කාම සම්පත්තින්හි ආදීනව දැක නික්මුණු ශ්‍රාවකයාගේ සිත සාමුක්තංසික (ගැඹුරු) දේශනාවට මෙහෙයවන ලදී. මේ එක් එකක් පෙළදහමෙහි හා අටුවාවන්හි එන අයුරු මෙසේ පෙළගැස්විය හැකිය. ඒ පිළිවෙළ කතා නම්, 1.11 දාන කතා 2., ශීල කතා 3., සග්ග කතා 4., ආදීනව කතා , නෙක්ඛම්ම කතා,   සාමුක්කංසික දේශනා වශයෙනි.
මෙම කතා ගැන අප අසා ඇත්තෙමු.සමහර අයට ඉන් බැහර බුදු දහමක් නැත. ඒ තරමටම හුදෙක් ප්‍රතිලාභ සදහාම ආගම විශ්වාස කිරීමෙනි.එනිසා ඉන් බැහර දර්ශනයක් ලෙස බුදු සමය දක්නා කෙනෙකුට " සාමුක්කංසික දේශනා" ම වැදගත් වන හෙයින් ඒ ගැන පමණක් පහතින් උපුටා දැක්වීමි............
 (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සහකාර ලේකම් කේ.කේ. සුගතපාල)
(පෙළ ගැස්ම ආ.වි.)

මාර්ගයට පසුව නිරෝධය .... ?


දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.






බුදු දහමේ අත්‍යන්තවූ හරය ඇත්තේ එහිය. නමුත් එය මජ්ජිම නිකාය, දීඝ නිකාය වැනි වැඩිදෙනා අනුදත් තැනකට එක් නොකොට ඛුද්දක නිකාය වැනි එතරම් ප්‍රචලිත නොවුන තැනකට එක් කොට ඇත්තේ කාගේ වුවමනාවකටද? යි පාතේගම සුමනරතන හිමියන් විමසයි.එසේම එහි ඇති අන්ත දෙක "විදීම" පදනම් කොට ගත් එකක් බැවින් එම ද්වි අන්ත වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වනවා මිස එහි මැදින් යාමක් මධ්‍යම ප්‍රතිපදාව තුල අදහස් නො කෙරේ යනු උන්වහන්සේ ගේ අදහසයි.

 සිදුහත් තවුසා බුද්ධත්වයට පෙරම අෂ්ඨ සමාපත්ති ප්‍රගුණ කොට තිබුණි.අවු. 6 ක්ම දුෂ්කර ක්‍රියාවේම නියැළී සිටියා කීවොත් ඒ වැරදිය.විවිධ ගුරැවරැන් ලගට ගොස් ඔවුන ගේ දැනුම ගැන විමසීමත් කළේ එම වසර 6 ක කාලය තුලමය. එහෙත් තමා සෙව් දේ ඔවුන් ලග නොතිබූයෙන් ඒ සියල්ලම හැර දමන ලදී.තම ප්‍රඥාව තුළ එකී දෘෂ්ඨිවලින් මිදුන විට සත්‍ය දර්ශණය විය.එය අවබෝධය පිළිබද කාරණයක් මිස චින්තනයේ යෙදීමකින් ලත් දෙයක් නොවේ. චින්තනයේ යෙදෙන සැම විටකම ඊට නාම, රෑප හා බැදුණු " විදීම" එක්වේ.එවිට මම ඉස්මතුවේ.කොණ්ඩඤ්ඤ තවුසා දහම් මගට වැටුනේ ප්‍රඥාව,ශීලය,සමාධිය අනුපිළින් ගෙන නොවේ.එක්ව සමගාමීවය.

මේවා එකිනෙකෙන් වෙන් කොට දක්වන චින්තනයේ යෙදෙන භාවනාවක් විමුක්ති මාර්ගයට නැත.නිරෝධ සමාපත්තිය යනු අනාර්ය සමාධිය නොවේ.ප්‍රඥාවම පෙරටු කොටආර්ය ශීලයත්,ආර්ය සමාධියත් සමගාමීව වර්ධනය කොට සෝතාපන්න,සකෘදාගාමී,අනාගාමී අවසන රහත් ඵලයට පත්වේ. චතුරාර්ය සත්‍යය දැක්ම තුළද මාර්ගයට පසුව නිරෝධය මිස මුලින් නිරෝධය දක්වා පසුව මාර්ගය දැක්වීමද ආයුර්වේද යේ එන සිද්ධාන්ත අනුගමනය කිරීමක් බව උන් වහන්සේ සදහන් කරයි. මේවා කවදා කෙසේ , කාගේ, උවමනාවටදැයි අපටද නොතේරේ.
(ආනන්ද විජයරත්න .)

Friday, February 1, 2013

දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.



දම්සක් පැවතුම් සුතුරට කුඩම්මා ගේ සැළකිලි.



 

බුදු දහමේ අත්‍යන්තවූ හරය ඇත්තේ එහිය. නමුත් එය මජ්ජිම නිකාය, දීඝ නිකාය වැනි වැඩිදෙනා අනුදත් තැනකට එක් නොකොට ඛුද්දක නිකාය වැනි එතරම් ප්‍රචලිත නොවුන තැනකට එක් කොට ඇත්තේ කාගේ වුවමනාවකටද? යි පාතේගම සුමනරතන හිමියන් විමසයි.එසේම එහි ඇති අන්ත දෙක "විදීම" පදනම් කොට ගත් එකක් බැවින් එම ද්වි අන්ත වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වනවා මිස එහි මැදින් යාමක් මධ්‍යම ප්‍රතිපදාව තුල අදහස් නො කෙරේ යනු උන්වහන්සේ ගේ අදහසයි. සිදුහත් තවුසා බුද්ධත්වයට පෙරම අෂ්ඨ සමාපත්ති ප්‍රගුණ කොට තිබුණි.අවු. 6 ක්ම දුෂ්කර ක්‍රියාවේම නියැළී සිටියා කීවොත් ඒ වැරදිය.විවිධ ගුරැවරැන් ලගට ගොස් ඔවුන ගේ දැනුම ගැන විමසීමත් කළේ එම වසර 6 ක කාලය තුලමය. එහෙත් තමා සෙව් දේ ඔවුන් ලග නොතිබූයෙන් ඒ සියල්ලම හැර දමන ලදී.
තම ප්‍රඥාව තුළ එකී දෘෂ්ඨිවලින් මිදුන විට සත්‍ය දර්ශණය විය.එය අවබෝධය පිළිබද කාරණයක් මිස චින්තනයේ යෙදීමකින් ලත් දෙයක් නොවේ. චින්තනයේ යෙදෙන සැම විටකම ඊට නාම, රෑප හා බැදුණු " විදීම" එක්වේ.එවිට මම ඉස්මතුවේ.කොණ්ඩඤ්ඤ තවුසා දහම් මගට වැටුනේ ප්‍රඥාව,ශීලය,සමාධිය අනුපිළිවෙලින් ගෙන නොවේ.එක්ව සමගාමීවය.මේවා එකිනෙකෙන් වෙන් කොට දක්වන චින්තනයේ යෙදෙන භාවනාවක් විමුක්ති මාර්ගයට නැත.
නිරෝධ සමාපත්තිය යනු අනාර්ය සමාධිය නොවේ.ප්‍රඥාවම පෙරටු කොට ශීලයත්, සමාධියත් සමගාමීව වර්ධනය කොට සෝතාපන්න,සකෘදාගාමී,අනාගාමී අවසන රහත් ඵලයට පත්වේ. චතුරාර්ය සත්‍යය දැක්ම තුළද මාර්ගයට පසුව නිරෝධය මිස මුලින් නිරෝධය දක්වා පසුව මාර්ගය දැක්වීමද ආයුර්වේද යේ එන සිද්ධාන්ත අනුගමනය කිරීමක් බව උන් වහන්සේ සදහන් කරයි. මේවා කවදා කෙසේ , කාගේ, උවමනාවටදැයි අපටද නොතේරේ.

ආනන්ද විජයරත්න



දහම බටහිරට ගෙනයායුත්තේ.....?......?


අප බුදු දහම බටහිරට ගෙනයායුත්තේ තවත් එක් ආගමක් වශයෙන්ද?


 අද භෞතික ලෝකය පාලනයට අතගසා ඇති විද්‍යාඥයා - පාලකයා, යන අයගේ මනසට බුදු සමයේ හරය ඉතා ඉක්මණින්ම ගලා යාමට අවකාශ සලසා දිය යුතුව ඇත.එසේ නොවන්නට මට, ඔබට,අප සැමට, මිහිමත ආයුකාලය කෙටිවනු ඇත. දැනටමත් පෙර නිමිති පහළව ඇත.එක්තරා කංඩායමක ව්‍යාපෘතියක් තුළ කරන පර්යේෂණයක් මගින් පෘථිවි ගුරැත්වාකර්ෂණයට එල්ල කරන අති සියුම් ධ්වනි තරංග මගින් පෘථිවි ගර්භයේ ඇති කරවන කැළඹවීම් තුළ මහා පරිමාන භූ චලන ඇති කිරීමේ හැකියාව සාර්ථකව අත්හදා බැලේ. දැනටමත් සාර්ථකව සතුරැ කලාප ඉලක්ක කොට හානි පමුණුවා ඇත.මෙය ඉතාම භයානක පියවරකි.

 බුදු සමය අගයන රටක් හැටියට අපට කළහැකි ඉතාම හරවත් දෙය කුරැවල් වූ මනසින් යුතුව කරන මේවා දහමින් යහමගට ගෙන නැවැත්වීමයි. මෙය කළ යුත්තේ තවත් එක් ආගමක් ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදයෙන් නම් නොවේ.බෞද්ධ දර්ශණයේ හරපද්ධතියෙනි.මෙත්තාවෙනි. ලන්ඩන් විහාරාධිපති පූජ්‍ය දර්ශනපති කේ.සිරිධම්මානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ දැනටමත් එංගලන්තයේ දෙවන ආගම බුදු දහම බවයි. දහම් මධ්‍යස්ථාන 400 ක් ද එම මගට වැටුණු අය 2000ක් පමණ ද සිටින බවයි. ඇමෙරිකාවේ ද මධ්‍යස්ථාන 2000ක් ඇති බවයි.මා දන්නා පරිදි මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) ද බෞද්ධ මධ්‍යස්ථාන හා භාවනාමය වැඩ සටහන්ද වේ.එනිසා මෙය නොකළහැක්කක් නොවේ.

 විද්‍යාඥයාට ආගමක් තුළ සංයමයක් ඇවැසිවනවාක් මෙන්ම ආගමකටද විදෘත්මක පදනමක් නැතිවුව හොත් එය වියකී යයි.අද දේව විශ්වාසය වියකෙමින් තිබේ.මගුලට,මරණයට පල්ලිය සීමාව ඇතිබව පෙනේ.වියදම් ගෙවමින් පුද්ගලයන් නිවෙස් වලට යවා පත්‍රිකා බෙදමින් කරන දේශණ මම ද අසා ඇත්තෙමි. අප කවුරැත් දන්නා පරිදි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරක් කීවේ තමා ආගමක් තෝරා ගන්නේනම් ඒ බුදු සමය බවයි.විද්‍යාඥ ආතර් සී.ක්ලාර්ක් මහතාද බුදු සමයෙන් කළ හැකි දේ පිළිබදව අනාවැකි කියාඇත.එසේ නම් අප කළයුත්තේ කුමක්ද?


තවදුරටත් ඇදහිලි පුද පූජා ඇති ආගමකට නැඹුරැ වූ ස්වරෑපයක් ඇති බුදු සමයක් හදුන්වා දෙනවාද?එසේ නැතිව සැබෑ බුදු සමය "දර්ශණයක්" ලෙස ප්‍රචලිත කරනවාද? මේ සදහා අපට සම්පත් දායක වශයෙන් යොදාගත හැකි භික්ෂූන් වහන්සේලා ඕනෑ තරම් වැඩ සිටිති.

අද උන්වහන්සේලා දායක කාරකාදීන් ගේ මළගිය ප්‍රාණ කාරයන්ට පිංපෙත් පැමිණවිමේ දාන මාන වලට සීමාවී සිටිති. තම තමන් ගේ හැකියාව පෙන්වන්නට තරගයට කරන පිංකම් වලට උන්වහන්සේලා කැදවනු ලැබෙති.නැත්නම් දේශපාලක යන්ගේ එම හිතවතුන් ගේ ආසන පිරවීමට කැදවන්නන් බවට පත්ව සිටිති.

මේ තත්වය වහාම වෙනස් කොට හොද විදෙස් භාෂාමය හැකියාවන්ඇති භික්ෂු පරපුරක් බිහිකොට උන් වහන්සේලා රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෝ විදෙස්වලට ධර්ම ප්‍රචාරක කටයුතු සදහා යැවිය යුතුය. එම මාහැගි සත්‍ය දර්ශනය නොඅඩුව ලෝකයා වෙත ලබා දිය යුතුය.බුදු දහමේ සැබෑ සිසිලස වින්දනය කිරීමට සියලු සතවෙත මහා කරැණාවෙන්,මුදිතාවෙන් ඉඩකඩ මුදා හැරිය යුතුය.
 "සබ්බෙ සත්ථා භවන්තු සුඛිතත්ථා"


( ආනන්ද(Andaw) බටහිර ඕස්ට්‍රේලියාවේ සිට.)

දහම තහවුරැ වන " හොලෝ ග්‍රැ‍ෆි "


බුදු දහම තහවුරැ වන " හොලෝ ග්‍රැ‍ෆි " තාක්ෂණය


 TV එක තරම් අපට හුරැ නැතත් ප්‍රොජෙක්ටර් මගින් චිත්‍රපට ශාලාවල ත්‍රිමාණ දසුන් ප්‍රෙක්ෂකයා වෙත ගෙන එන මෙවලමක් මෙසේ හැදින්වේ.රෑප වාහිනියේ පැතලි තිරයක් මත දිස්වන රෑප කුමන කෝණයේ සිට නැරඹුවත් එහි වෙනසක් නැත.එහෙත් මෙහි විශේෂත්වය වන්නේ ඉදිරි පසින්,පසුපසින්,පැත්‍තෙන් සිට බලනවිට ස්වභාවිකවම බලන ලෙස දසුන් මැවීමයි. වින්දනය තවත් තීව්‍ර කිරීමට වාඩිවී සිටින අසුන මගින් දර්ශනයට අදාල චලනයන් , ගද, සුවද ආදිය මුසු කෙරේ. මේ තුළ ඔබට හැගීයන්නේ සැබවින්ම ඔබ එම දසුන් සමග සම්බන්ධ වී සිටින සෙයකි.රෑප අතගෑවාම නම් අතට හසු නොවේ.එයයි අඩුව. මම මේ ටික කියන්න අදහස් කෙළේ අප සිරැරේ ඉන්ද්‍රිය සමායෝජනයෙන් ද මොළය අපට මවා පෙන්වන්නේ මෙවන් නැති දෙයක් ඇති ලෙසටය. ඇසට එන ආලෝකය වර්ණ හා රෑප ලෙස කැමරාවේ සටහන් වන ලෙසට ඇසේ දෘෂ්ඨිවිතානයේ නාභිගතවේ.ඊට සම්බන්ධ ස්නායු මගින් ඒ ස්නායු ආවේදනයක් ලෙසට පරිවර්ථනය කොට මොළයේ දෘෂ්ඨික මධ්‍යස්ථානයට යැවේ.එහිදී පෙර මතකයන් හා විශ්ලේෂණය කරමින් එය "රතු රෝස මලක්" යැයි ඔබ ඉදිරියේ පවා පායි.හැබයි එම දසුන හොලෝ ග්‍රැෆි දසුන් හා අසමාන වන්නේ ඇල්ලූ විට පහස ද ගතට දැනෙන බැවිනි.මේ නිසා අප එය ඇත්තක් ලෙස දකිමු.හගිමු.



එකි ස්පර්ශය, ශ්‍රවණය, රසය, ගන්ධය, ගතට ලබාදෙන්නේ ද පෙර පරිදිම ස්නායු ආවේදන මගිනි.ඒවා තාවකාලිකව අඩපණ කොට(නිර්වින්දනය කොට) ශල්‍යකර්ම ආදිය කෙරේ. එසේ නම් මේ සියල්ල නැති දෙයක් ඇති ලෙසට පෙන්වන මායාවන් බව ඔබට වැටහෙනු ඇති.තම අතින් තමාගේම අත අල්ලන විට එය තිබෙන දෙයක් ලෙස දැනෙන්නේ ස්නායු විද්‍යුත් ගාමක බලය නිසාවෙනි. පුදුමය එය නොවේ තාක්ෂණික මෙවලම් නොදියුණු අවදියක තමාගේම දැක්මෙන්ම , අවබෝධයෙන්ම වටහාගෙන " සබ්බේ සංකාරා අනිච්ඡා" කීවේ අප සම්මුතියේ අදහන කාලය නමැති මායාව තුළ අදහන අදට අවුරැදු 2600කට පෙරවීමයි. එයයි බුද්ධත්වය.

 ආනන්ද විජයරත්න (Anadaw)

*දහම බැහරක නොවේ.

සනාතනික දහම



අද ලෝකයට අප ගෙන යා යුතුව ඇත්තේ,පුද,පූජා,ව්‍රත හා බැදුණු විශ්වාස වලින් යුතු ආගමක් නොව තමා පිළිබදව තමා විසින්ම ගවේෂණයකොට දැක හදුනා ගන්නා ආකාරයේ ස්වයං දර්ශණයකි.ඊට වඩාත්ම ගැලපෙන්නේ බෞද්ධ දර්ශණය බව විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් හා ආතර් සී.ක්ලාර්ක් වැනි බුද්ධිමතුන් සනාථ කොට ඇත.

 ප්‍රශ්ණයක්ව ඇත්තේ අප වැඩි දෙනා දන්නා බුදු දහම එහි මූලික හර පද්ධතියට හානියක් නොවන අයුරින් ජන විඤ්ඤාණයට ඒත්තු ගන්වන්නේ කෙසේද යන්නයි. බුදුසමයට පෙර පැවති දන්,සිල්,බාවනා,වැනි ආත්මය පෝෂණය කරන කාලික වේදාන්ත දහම එදා ප්‍රතික්ෂේප කළෝ බුදුරදහු ම ය.ඒ වෙනුවට උන්වහන්සේ කාලයට අසු නො වන කාවිසිනුත් විමසා දැකිය හැකි අනාත්ම දහමක් ලෝකයා ඉදිරියේ තැබුවද අද කාලයේ වැලිතලාවෙන් වැසි,ඒ වෙනුවට පෙර පැවැති වේදාන්ත දහම කලඑළි බැස ඇත්තේ හුදෙක් ඒ මත යැපෙන පිරිස් ගේ පැවත්මට අනුබල සපයන්නක් බැවිනි.

 එනිසා වර්තමාන පරපුරට මුලික බුදු දහමේ ඉගෙන් වෙන මමායනයෙන් තොර. අනාත්ම ලක්ෂණ වලින් යුතු අකාලික දහමක් හදුන්වා ගැන්මට මග හෙළිපෙහෙළි කිරීම මෙම කංඩායමේ අරමුණක්ව ඇත.ඉන් තමා ගේ මෙන්ම අනුන ගේ ද සිත් සතන්හි නිවි සැනසීම ඇතිකොට ජාති ,ආගම්, භේද දුරැකොට ලොවටම බුදු සමයේ අගනා පණිවිඩය යැවිම අප ඒකායන අරමුණයි. මෙය හුදෙක් ඔබ කොටු වි ඇති සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට මනස මෙහෙයවා තමා ගේ විමුක්තිය තමා විසින්ම පසිදගන්නා ක්‍රමවේදයක් බව වටහා ගනු ලැබෙත්වා!.

(ආනන්ද විජයරත්න)