Wednesday, July 31, 2013

ලබන ආත්මයේත් මගේ පුතා රියඅනතුරකට ලක්වී මියයයිද?

ලබන ආත්මයේත් මගේ පුතා රියඅනතුරකට ලක්වී මියයයිද?

අද දින රූපවාහිනී දහම් සාකච්ඡාවකදී දේශකයාණන් වහන්සේ නමකගෙන් මවක් විමසා සිටියේ පෙර ආත්මයේ මා විසින් කරන ලද පාපකර්මයක් හේතුකොට ගෙන මගේ දරුවා එවැන්නකට ගොදුරු වූ බව එක්තරා හිමිනමක් වදාළ බවත් නැවත සසරේ ඉපිදෙන වාරයක් පාසා මෙය නැවත නැවත සිදුවන බවත් , ඒ අනුව තමන් මෙයින් ගැලවීමට කළයුතු පිංකම් මොනවාද යන්නත්ය.ඇය ප්‍රශ්ණකළේ හැඩූ කදුලිනි. මේ අපේ යතිවරයාණන් වහන්සේ නමක් දරැවා මිය ගිය මවක් සැනසූ ආකාරයයි. මෙය එක්තරා ආකාරයක අන්තගාමී කර්ම විපාක පෙන්වා දීමේ ක්‍රමයකි. හොද වෙලාවට අද දින උපදෙස් දුන් හිමියන් ප්‍රකාශකළේ ඔය අම්මගෙයි මේ පුතාගෙයි සම්බන්ධය ආත්මයක් පාසා දිගින් දිගට වැල නොකැඩී යන එකක් නොව .... ඔය අම්මම නැවත නූපදිනා බවත් .......... පුතා ඔබගේම පුතා වේ යැයි ඇදහිය නොහැකි බවත්ය, සසරේ ඕනතරම් අම්මලා , පුතාලා බිහිවිය හැකි බවත්, තම පුතාට තිබෙන දැඩි බැදීම මනසින් අත්හැර සුවපත් වෙන ලෙසත්, සියලුම දෙනාට සමමෙත් සිතින් සමකරුණාවෙන් සළකන ලෙසත්ය.මෙවන් වැරැදි දේශණා නිසා තැවෙන අය තව කොපමණක් නම් හිතින් දුක් විදිනු ඇතිද?බුදුසමය ගිනිගත් සිත නිවන දහමක් මිස පත්තුකරන එකක් නොවේ. අංගුලිමාල වැනි සිය දහස් ගණන් මැරූ දාමරිකයෙකුට පවා වැරද්ද හදාගෙන සිත නිවාගන්න කියා දුන් එකකි.බුදුහිමියන් වදාළේ මිය ගොස් නැවත උපදින්නේ“ තමා නොවේ. වෙන කෙනෙක්ද නොවේ“යනුවෙනි.ඇයි ඒ “කෙනෙක්“ නැති බැවිනි. ඇත්තේ සංතතික දහමක් තුළ පවත්නා ධර්මතාවයක් පමණක් බැවිනි. “ ජාති “... ජරා .... මරණ..... යනු මෙම ධර්මතාවල වෙනස් වීමක් මිස හුදු පුද්ගල වෙනස් වීමක් නොවන්නේමය.ඔබ ගේ දැවෙන සිතට මෙය අමාපැන් පොදක්ම වේවා!
ආනන්ද විජයරත්න

Wednesday, July 17, 2013

කළණ මිතුරු

මහා කරුණාව

අහර බිදක් ඩැහගත් -

පුංචි හූණු යාලුවෙක්

යයි පුරුදු ගමනින් -

පරාලයක් තුළට වහලේ

කුතුහලයකි දැනවුනේ -

විමසීමි මදකට,,,,,,

අහා! හරි පුදුමයකි -

ඌ කෑමටික දෙයි - 

තව හූණු යාලුවෙකුට

විමසීමි තව දුරටත් -

වෙලා ඇති ඇබැද්දිය- 

බැහ ඌට පිටතට යන්ට -

පාදය සිරව ඇත ඇණයක

සිවු වසරකට පෙර

වහලය සකසද්දී - 

මා තින් සිදුව ඇත, එම වරද- 

මෙතුවක් කල් ඌ

දිවි රැකගෙන ඇත්තේ - 

තම සගයා සැපයූ කෑම වලිනි

පුදුමයි නේද

යාලුවාගෙ කරුණාව?
 
.............................
මිනිස් අපට හොද කණේ පහරකි

( සත්‍ය සිද්ධියක් - ජපානයෙනි )

Tuesday, July 16, 2013

තිලකුණු

තිලකුණු

“ලෝක ධම්මතා“ අවබෝධය යනු

1. අනිත්‍ය

2. දුක්ඛ

3. අනාත්ම 

යන මූලික ලක්ෂණ පිළිබදව මනා වැටහීමක් ලබා ගැනීමයි.

දැන් අප ඒ එක එකක් විමසා බලමු. අප දන්නා පරිදි මේ විශ්වයේ නිශ්චිතව පවත්නා කිසිම දෙයක් නැත. සෑම මොහොතකම නොනැවැතී මෙම වෙනස්වීම සීඝ්‍රයෙන් සිදුවේ. එම සීඝ්‍රතාවය නිසාම අපට ඒ අපගේ ඉන්ද්‍රිය මගින් ග්‍රහණය කළ නොහැක. එනිසා අපට යම් පැවැත්මක් ගැන දැනේ. උදාහරණයකට විදුලි බුබුලක දැල්වීම ගැන සිතන්න. අපට එය අඛණ්ඩව දැල්වෙන බවක් පෙනේ. සියුම් උපකරණයක ආධාරයෙන් පරීක්ෂා කළහොත් එය නිවෙමින් පත්තුවෙමින් පවතින බව දැකිය හැක. චිත්‍රපටයක රූපරාමු එකිනෙක ගෙන බලන විට සුලු සුලු වෙනස්කම් සහිත රෑප පෙළක් නෙතට දිස්වේ.එහෙත් ඒ නියමිත වේග පරාසයක ධාවනය කරන විට අපට දුවන, පනින , නටන , දසුන් තිරය මත දැකිය හැක.අප ගේ ජීවිතද පිළිසිද ගත් මොහොතේ සිටම වෙනස්වේ. එය වයසට යාමක් ලෙස අප දකිමු.ඇත්ත එය නොවේ.වෙනස්වීමකට ලක්වීමයි. සිතුවිලි පවා ක්ෂණයකුදු නොපැවතී වෙනස් වේ.මේ වෙනස්වීම ඇස, කණ, නාසය, දිව, සිරුර ,මන, යන සියලුම ඉන්ද්‍රියයන් ගේ අරමුණු ගැනීම අනුව සිදුවේ. එනිසාම මේ ඉන්ද්‍රිය අල්ලා ගැනීම් උපාධානස්කන්ධ වශයෙන් ගොනු කොට ඒවායේ නිත්‍ය පැවත්මක් හෝ කැමැත්ත පරිදි නොපැවතීම යන හේතු කාරනා මත පදනම්ව රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාන යන පංච උපාධානස් කන්ධයන්ම දුකක් බව බුදු හිමි වදාළහ. බුදු දහමෙහි "දුක්ඛ" යනු ගැඹුරු අරැතක් දෙන එකකි. එය අද ලඝු කොට ප්‍රකාශ කෙරේ.( අප්‍රියයන් හා එක්වීම.... ප්‍රියයන්ගෙන් වෙන්වීම...ආදී වශයෙන්...)
මේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.

පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.

දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.

සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි.
 සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේ
මේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.
පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.
දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.

සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේමේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.
සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේමේ ගැඹුරුතම අර්ථය පිළිබඳ විස්තර බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්කප්පවත්වන සූත්‍රයෙ” හි දුක පිළිබඳ ව සම්පිණ්ඩනය කර වදාළේ පඤ්ච උපාදනස්කන්ධයම දුකක් වශයෙනි.පඤ්ච උපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤා යන ස්කන්ධ පසෙහි එකතුවය. මේ පසෙහි එකිනෙකක් පිළිබඳව රූපය මමය මාගේ යැයි දැඩිව ගෙන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් සැලකීමට පටන් ගනියි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අනෙක් ස්කන්ධ හතර සම්බන්ධයෙන් ද, මම ය, මාගේ ය, යන හැඟීමෙන් දැඩිව ග්‍රහණය කොට මේ සියල්ල මමය මාගේ යැයි සිතා ඒ කෙරෙහි අභිනන්දනය කරයි. එය වෙනස් වූ විට නැසුණු (බිඳුණු) විට දුක හට ගනී.දුකත් පඤ්ච උපාදානස්කන්ධයත් දෙකක් නොවන බවත්, පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බවත් මෙයින් තේරුම් ගැනීමට පුළුවන. “මම” නමැති මේ සිතිවිල්ල මවාපාන පඤ්ච උපාදානස්කන්ධය කුමක් දැයි අවබෝධ වූ කළ මේ කාරණය මැනවින් වටහා ගැනීමට පුළුවන.සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. සත්වයා, පුද්ගලයා මම යන වචන වලින් කියවෙන්නේ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස්වන සුලු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණි. මෙම සිද්ධාන්තය අනුව දුකෙහි උපත පඤ්ච උපාදානස්කන්ධයේ උපතයි. ජාති, ජරා, මරණ වලින් ගම්‍ය වන දේ දුක යැයි බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. මව්කුසින් බිහිවීම (ජාතිපි දුක්ඛා) දුකක් වශයෙන් හැඳින්වීම විපරීතයකි. බෞද්ධ දර්ශනයට අනුව දුකෙහි උපත මමත්වයේ උපතයි. ජරා යන්නෙන් බුදුන් වහන්සේවදාළේ කායික වශයෙන් මහළු බවට පත් වීම නොව, මමත්වය නිසා මනසෙහි හටගන්නා විපරීතයකටය.

 මරණය දුකක් වන්නේ කායික වශයෙන් පණ යෑමට නොව, පඤ්ච උපාදානස්කන්ධයෙන් මමය මගේ යැයි අල්ලා ගෙන සිටින ලෝකය පණයන මොහොතේ දී අත හැරීමට තිබෙන අකමැත්ත නිසා මරණය දුකක් වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ කායික වශයෙන් නොව මනෝ විද්‍යාත්මක වශයෙනි. නාම – රූප ධර්මතාවන්ගේ නිරන්තර වෙනස්වීම බුදුරදුන්ට නතර කළ නොහැකි ය. බුදුවරුන් පහළ වූවත් නොවූවත් නාම රූප ධර්ම විෂයෙහි ක්‍රියාත්මක වන ඇති වෙමින්, නැතිවෙමින් පැවතීම ස්වභාවික ලෝකයේ ලක්‍ෂණයකි.

බුදුන් වහන්සේ මේ දුක් බැහැර කළේ බුදු වූ අවස්ථාවේ දී ය. පන්සාලිස් වසක් මමත්වයෙන් තොරව (නිෂ්පුද්ගල) ජීවත් වූ බුදුන් වහන්සේට ස්වීය සන්තානයෙහි විපරිණාමයක් හෝ පරිහානියක් නොවී ය. ජාති, ජරා මරණ නමැති දුක්, උපාදානය බැහැර කළ ආර්ය උත්තමයින්ට නැත. ආර්ය උත්තමයින් මරණයට පත්වන්නේ ද නැත. අවසානයේ දී සිදුවන්නේ කය අත හැරීමය. මරණයට පත්වන්නේ පුහුදුන් අයයි. නුවණින් අවබෝධයෙන් සොයා දැනගෙන ස්වකීය ජීවිතය ඇප කැප කිරීමෙන් මමත්වය බැහැර කර අජරාමර තත්ත්වයට පත්වීමට අපකාටත් පුළුවන.අනාත්ම (අනත්ථ) නිත්‍යත්ව සංඛ්‍යාත ආත්මය ස්කන්ධ පඤ්චකය තුළ හෝ ආයතන දොළොස තුළ හෝ ධාතු අටලොස තුළ හෝ නොමැති බැවින්, ආත්ම දෘෂ්ටිය ආධ්‍යාත්මික සංවර්ධනයට අහිතකර වූ විපරීතයකි. ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදා ගැනීම පිණිස ආත්ම කොටගත් නිත්‍ය වූ පදාර්ථයක් නොමැති බව මතු කොට දැක්වීම පිණිස අනාත්ම වශයෙන් ප්‍රකට වූ ධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ අනුව අනාත්මය යනු සක්කාය දිට්ඨිය බැහැර කොට ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටියට ගැනීමට ඇති ප්‍රායෝගික දේශනාවකි.
සත්‍ය මෙසේ වූවත්, බෞද්ධ ජනසමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ ආත්මවාදී සිතුම් පැතුම් අනුවය. ඒ ගැන පැහැදිලි වන්නේ ආත්මයෙන් ආත්මයට සසරෙහි යෑමට තිබෙන ආශාව නිසා නොයෙක් ප්‍රාර්ථනා ඇතුව කරනු ලබන පින්කම් වලිනි. මෙයින් සනාථ වන්නේ පුනරුප්පත්ති සංකල්පය අනුව, මිය යන පුද්ගලයාගේ ආත්මය මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන බව බොහෝ බෞද්ධයන්ගේ පිළිගැනීම වී ඇති බවයි.

මළවුන්ට පින් අනුමෝදනා කිරීමේ දී ද සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන්නේ, මිය ගිය පුද්ගලයාගේ ආත්මයම නැවත කොහේ හෝ උප්පත්තියක් ලබා ඇති හෙයින්. මේ අනුමෝදනා කරන පින ඔහුට ලබා ගත හැකි බවට ය. බුදුසමය තුළට ඉතා සියුම් ලෙස ආත්මවාදය පෑල දොරින් ඇතුල් කිරීමට කෙසේ හෝ තිරෝකුඩ්ඩ සූත්‍රය ද පෙළ පොතට ඇතුළත් කර තිබේ. අනාත්මය හා තම තමුන් කරන කුසල අකුසල කර්ම විපාක තම තමුන් විසින්ම විඳිය යුතු ය. තමාට පිහිට තමාය යන බුද්ධ වචනයත් සමග තිරෝකුඩ්ඩ සූත්‍රය පිළිගත හැකි දැයි විමසා බැලීම මැනවි. අනුව මෙලොවදීත් “මම” යනුවෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම්, ආත්මයක් නැත්නම්, පුනරුප්පත්තියක් නොමැතිනම් මැරුණු පුද්ගලයාම නැවත උපදින්නේ කෙසේද? බුදුන් වහන්සේ අනාත්ම ධර්මය දේශනා කළේ කුමන හේතුවක් නිසා ද? මේ ගැන සිතා බැලීමට බෞද්ධයා උනන්දුවිය යුතු ය.

ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය බුදුන් වහන්සේ අනාත්ම ධර්මයෙන් ලොවට අනාවරණය කළේ කරන්නෙක් කරවන්නෙක් නොමැතිව හේතු ප්‍රත්‍ය අනුව කෙරෙන සිදුවීමක් (වීමක්) ගැන ය. අනාත්ම ධර්මයේ මූලික අරමුණ ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදාගැනීමයි. බෞද්ධයකු තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ලක්‍ෂණය ගැන හොඳ අවබෝධයක් නිතැනින්ම තිබිය යුතු ය. බුද්ධිය වැඩි දියුණු කිරීම පිණිස ප්‍රගුණ කටයුතු මාර්ගය ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගය වැඩීම පිණිස ත්‍රිලක්‍ෂණය උපකාර වේ. 
නිවරැදිව දහම දක්නා කැමති කාගේත් අවධානයට ලක් වේවා!

(ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී,
බෝකුන්දර කුසලධම්ම හිමියනට උපහාරවේවා!)
නිවරැදිව දහම දක්නා කැමති කාගේත් අවධානයට ලක් වේවා!
(ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී,බෝකුන්දර කුසලධම්ම හිමියනට උපහාරවේවා!)

සිතට සීමා පවතීද?

බැලූ බැල්මට මෙවන් ප්‍රශ්ණයක් නැගීම පවා විහිලුවක් සේ ඔබට දැනෙනු ඇති. එහෙත් සත්‍යය නම් එවන් සීමා ඇති බවය.මහ පොළොවේ ඇති වැළි කැට ගණනය කළ හැකි බව අප අද විශ්වාස කරමු. එසේම සිතන්නටද සීමා ඇත. අපට යමක් ගැන සිතුවිල්ලක් ඇතිවන්න නම් ඒ ගැන පූර්ව දැනුමක් තිබිය යතුයි. ඔබ කිසිදිනක අසා නැති වචනයක් ඇසුවොත් ඔබට ඒ ගැන චිත්තරෑපයක් මැවෙන්නේ නැත. අප අසාගත් දැනුම උපයෝගි කරගෙන චින්තනයේ යෙදෙමු. 
දැනුම යනු ද අනෙක් අතට සිතේම බලයකි. යම් යම් ගණිත මිණිත න්‍යායයන් සිත මෙහෙයවා අධ්‍යයනය කොට සකස් කරගත් දේවල්ය.
සොබා දහම තුල සැගවුණ දේ අනාවරණය කැරෙනු හැර අපට අන් යමක් කළ නොහැක. අපට ඇවැසි නම් මිනිස් පිටපත් ගැසිය හැක. එහෙත් ඒ නව නිර්මාණයක් විය නොහේ.