“ උප්පාදෝ පඤ්ඤායති - වයෝ පඤ්ඤායති ඨිථත්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ,, උපතක් පනවමි… වයක් ( වැයවීමක් ) පනවමි – නිබද වෙනස්වීමක් ( සංස්කරණයක් ) පනවමි. ජීව අජීව සැමට එකලෙස බලපාන මෙම ධම්මතාව අප කෙනෙක් ඉපදුනා … කෙනෙක් මියගියා ලෙස දින යොදා ගෙන වයසත් ගණනය කරමු. උප්පාද + වය – ධර්මතාව තුළ යමක ඇතිවීම හා සමගම නැතිවීම ප්‍රකාශ වන අතර ඒ දෑ සංස්කරණය වෙමින් ගලායන සොබාවක් ද ඇත.
Sunday, May 26, 2013
+අවිජ්ජා + පටිච්ඡ සමුප්පාද දහම.
බෞද්ධයා විමුක්ති මග සොයාගත යුත්තේ හේතුඵල දහම තමා තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ස්වභාව ධර්මානු කූල ක්‍රියාවලියක් මගිනි.මෙය කරන්නෙක් හෝ කරවන්නෙක් නැත.ඉබේ සිදුවන මෙම ක්‍රියායාවලිය ක්ෂණයක් පාසා තමා තුළ ම ඇතිවි නැතිවී යයි.සම්මා සතියෙන් දකින්නාට මෙය ප්‍රඥා ඇසින් දැකගත හැක.
එසේ නොමැතිව පටිච්ඡ සමුප්පාදය යන්න අතීත / වර්තමාන / අනාගත, ඉපදීමක් පැවත්මක් , නැවත සම්මුති මරණයක් විඤ්ඤානය මවු කුසක බැස ගැනීමක් වැනි දෑ ගැන කතා කිරීම දහම විකෘත කිරීමකි.
Friday, May 24, 2013
ජීවිතේ ගංගාවකී -----> ---------->
ජීවිතේ ගංගාවකී
ජලයේ ස්වභාවය , දිය පහරේ ස්වභාවය, පහලට ගලා යාමයි.ඒ ගුරැත්ව බලය නිසයි.
එසේ ගලායන ගංගාවකට ඔබ ... මම...අපි බැස සිටිමු...
එසේ සිටින අපට නොයෙක් හැල හැප්පීම් වලට ඔරොත්තු දෙමින් මේ ගමන නිමා කළ යුතුව ඇත.අපි ජලපහරේ අනවබෝධයෙන් ගසා ගෙන ගියොත්.... යන දිහාවකට ඔහෙ ගියාදෙන් කියා නිසොල්මනේ සිටිය හොත් ඔබට ගමන නිම කිරීමට පළමු දිවියෙන් සමු ගන්න සිදුවනු ඇති.
එහෙත් සිහියෙන් යන්නා බාධක මග හරවා ගෙන තම ගමන නිසි ඉලක්කයකට තමාට ඇවැසි පරිදි ගෙන යයි.අවශ්‍ය දෑ කළමණාකරණය කරයි.
සමහරෙක් උඩු ගං බලා යන්න වෙර දරත්.(විභව තණ්හාවෙන්) නමුත් එද පහසු නොවේ.එහෙනම් පහසුව ගැනම සිතා පහළට ඔහේ යනවාද?. අප මේ දෙකම අතරයි ... අවබෝධයෙන් මේ ගමන යා යුත්තේ.
එහිදී ඥානවන්තයා නුවණින් බාධක මග හරවා ගනී.තම ඉලක්ක සපුරා ගනී. ජීවිතය සුවපත් කරගන්න ඔහු දනී.
දුකේම නොගිලී ... සැපේ ඇති ආදිනව දකින ඔහු මේ දෙකම ඥානාන්විතව අත්හැර දමයි.....අත්හැරීමේ සුවය .....හා දැඩිව අල්ලා ගැනීමේ දුක....... දැක වඩා යහපත් මාර්ගයකට අවතීර්ණ වෙයි. ඔබට ප්‍රාර්ථනා 100 ක්ද දුක්ද 100 කි. ප්‍රාර්ථනා 10 ක් නම් දුක් 10 කි.
මේ මග තම අත්දැකීමෙන්ම සාක්ෂාත් කර ගත් එකක් මිස අනුන්ගෙන් අසාගත්තක් එකක් නොකර ගනී.මේ දැක්ම ග්‍රහණය කළ කවරෙක් හෝ සුවපත් වනු ඇත.
ආනන්ද විජයරත්න
ආනන්ද විජයරත්න
Tuesday, May 21, 2013
මානවයා 0o0o0
මානවයා
"මිනිසාගේ බාහිර දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවට ද බුදු සමය මග හෙළි කොට ඇත.බුදු සමයේ විද්‍යාත්මක පදනම මානව හිතවාදිගුණයෙන් යුතු වන අතර නවීන විද්‍යාත්මක නිපදවීම් තුළ මානව හිතවාදී ගුණයක් නැත.නවීන විද්‍යාව තුළින් බාහිර අංශයේ හෞතික දියුණුව පමණක් දැකිය හැකිය. බුදු දහම අනුව අධ්‍යාත්මික දියුණුවෙන් තොරව ලබන සියඵ හෞතික සම්පත් විනාශ වේ. “යං කිංචි සමුධය ධමිමං සබ්බංතං නිරොධ ධමිමං” යන දේශනාවෙන් එය පැහැදිළි වේ. බුදුරාජනන් වහන්සේ විසින් දීර්ඝ නිකායේ අග්ගඤ්ඤි සුත්‍රයේ දක්වා ඇති විශ්වයේ සමිභවය පිළිබද විග්‍රහය ද නවින විද්‍යාඥයින්ගේ අවධනායට යොමු වී ඇත.සමස්ත විශ්වයේ ක්‍රියාවලියම බුදුරදුන් විසින් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පුනර්භවය ත්‍රී ලක්ෂණය යන සංකල්පය මගින් විග්‍රහ කරනු ලැබීය
Ananda Wijayaratna."
Subscribe to:
Posts (Atom)